විජිත හේරත් යනු එතෙක් මෙතෙක් බිහිවූ අසාර්ථකම විදේශ ඇමතිවරයායි..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඊයේ (06)ශ්‍රී ලංකාවට සම්බන්ධව 60-L 01 දරණ යෝජනාව කිසිදු ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම යෝජනාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 01 වන දින ඉදිරිපත් කරන ලද අතර යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයන් අතරට එක්සත් රාජධානිය,කැනඩාව, මලාවි,මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඇතුළත් වන අතර,අනෙකුත් අතිරේක අනුග්‍රාහකයන්ගෙන් වැඩි දෙනෙක් යුරෝපීය රාජ්‍යයන් වීම විශේෂත්වයකි.
යෝජනාව සම්බන්ධයෙන් ඡන්දයක් අවශ්‍යද යනුවෙන් කවුන්සිලයෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේදී,එයට ප්‍රතිචාර දක්වමින් කිසිදු රටක් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන්, මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශ කළේ අදාළ යෝජනාව ඡන්දයකින් තොරව සම්මත වූ බවයි.
යෝජනාව මගින් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කර ඇති ක්‍රියාදාමය තවත් අවුරුදු දෙකක කාල සීමාවකට දීර්ඝ කිරීමට තීරණය කර ඇත.මෙම දීර්ඝ කිරීමට අදාළ යෝජනාවට රටවල් 22ක් සම - අනුග්‍රාහකයන් ලෙස අත්සන් තබා සහයෝගය පළ කර ඇත.
ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාව බරපතල හුදකලා වීමකට ලක්වෙලා තියන බව පේනවා.
යෝජනාවට එරෙහිව අප වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු රටක් ඉදිරිපත් වී නෑ.
අඩුම වශයෙන් අපි වෙනුවෙන් බෙදීමක් ඉල්ලන්න මිතුරු රටක් හිටලා නෑ.
පහුගිය කාලවලදී අපේ රටේ නායකයන් ජාත්‍යන්තර සමූළුවලට සහභාගී වීම මඟහැරියා.
බ්‍රිකාස් සමුළුව,ෂැංහයි සහයෝගිතා සමුළුව ඒවායින් විශේෂයි.
යුරෝපා රටවල් අපට එරෙහි උනත් අනෙක් රටවල් අප වෙනුවෙන් පෙනී හිටියා.
මෙවර ජාත්‍යන්තර වශයෙන් කිසිදු මිතුරෙක් නැතිව අපි ජාත්‍යන්තර වේදිකාවේ අසරණ වෙලා.
මේ පීඩනය හමුවේ මේ නිවට ආණ්ඩුව යටත්වීම ඇති ඉඩ ගොඩක් වැඩියි.
ඉදරි වසර දෙකක කාලය ඇතුලත කරන ජාත්‍යන්තර බලපෑම් හරහා රෝම ප්‍රඥප්තියට උවද අත්සන් කිරීමට මේ නිවට ආණ්ඩුව පෙළඹීමට ඇති ඉඩ වැඩියි.
එහෙම උනොත් අපේ රණවිරුවන්ට දෙවියන්ගේම පිහිටයි.
ලෝකය දිනාගත්තා කියා කෑගගහපු ආණ්ඩුවේ තත්වය දැන් පේනවා,ලෝකය ඉදිරියේ අපි කළු රටක් බව කී ජනාධිපතිගේ මෝඩ කතාවලින් ලෝකය තුල හුදකලා රටක් බවට පත්වෙමේන් තියන බවට හොඳම උදාහරණය මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවයි.
ඇත්තටම අපිට දැන් deep state එකක් නෑ.
අපේ රටේ විදේශ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි.
RRMC.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..