පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ..
මෙවර පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ.
මේක ඇතුළේ දරුණු මාෆියාවක් සහ තක්කඩි වැඩසටහනක් තිබෙන බව හෙළිදරව් වුණේ ඒ ගැන ලිව්වට පස්සේ.
මේ පොත යොවුන් පාසල් යන වයසේ පිරිමි ළමයි දෙන්නෙක් අතර බොලද ආදර කතාවක්.
මේක ප්‍රින්ට් කරන්න ලියපු පොතක් නෙවෙයි.
Wattpad කියලා ඇප් එකක් තියෙනවා.
මේ ඇප් එකේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් ලියන්න පුලුවන්.
මේ ඒ ඇප් එකට පොඩි ගෑනු ළමයෙක් ලියපු කතාවක්.
පොතක් ලියද්දී ඒකට යොදන මහන්සිය සහ මේ වගේ ඇප් එකකට දෛනිකව හෑලි එපිසෝඩ් ලියද්දි යොදන මහන්සිය වෙනස්. ප්‍රමිතිය වෙනස්.
ෆේස්බුක් එකෙත් ගෘප් හදන් මේ වගේ නවකතා ලියන ගෑනු ළමයි ඔබ ඕන තරම් දැකලා ඇති.
ඔවුන් ඒක විනෝදයට කරන වැඩක්. ඔවුන්ගේ ලේඛනය පොතක් වීමට බොහෝ දුරයි. මේත් ඒ වගේ වැඩක්.
සාමාන්‍යයෙන් 'ආදරය' කියන සංකල්පය පිරිමි සහ ගැහැනු දකින්නේ වෙනස් විදියට. ඒක ජීව විද්‍යාත්මක සාධකයක්.
පිරිමින්ට ආදරය 'ප්‍රොවයිඩ් කරන' , 'ආරක්ෂා' කිරීම සම්බන්ධ දෙයක්.
ගැහැණුන්ට ආදරය ඊට එහා ගිය ඉමෝෂනල් බැඳීමක්.
එතකොට ගැහැනියක් ලියන පිරිමි දෙන්නෙක්ගේ ආදරයක් වුනත් ලියවෙන්නේ ගැහැණු කෝනයෙන්. බොලද විදියට.
මේ බොලඳ ලිවීම් පොඩි උන් අතර සෑහෙන ජනප්‍රිය වීමට එයත් හේතුවක් වෙන්නට ඇති.
කොහොම නමුත් තමන් මේ සමාජයට කරන හානිය ගැන මේ පොඩි ගැහැණු ළමයට අදහසක් නැහැ.
මගේ අවංක විශ්වාසය ඇය, තමන් සමාජයට කරපු නරක බලපෑම ගැන දැනන් හිටියා නම් ඇය මේ වැඩේ පාර්ශවකරුවෙක් වෙන්නේ නැහැ.
මෙතන පැහැදිලිවම තක්කඩියා තමන්ගේ සතුට වෙනුවෙන් ගේ කතාවක් ඇප් එකකට ලියපු ගෑණු ළමයා නෙවෙයි.
මේ ඇප් වලට ගිහිල්ලා, වැඩිපුරම Views තියෙන හෑලි හොයාගෙන, ඒවා ලියපු ළමයින්ට රීච් කරලා, ඒවා ප්‍රින්ට් කරන තක්කඩි.
ඒ තක්කඩි අහිංසක නැහැ.
ඔවුන් තමන් කරන සමාජ හානිය පිළිබඳ හොඳින් දැනුවත්.
මේ පළවෙනි වතාවට සිදුවෙච්ච දෙයක් නෙවෙයි.
ගිය අවුරුද්දෙත් මේ වගේම Wattpad එකේ වැඩිම views තියෙන පාසල් දරුවන් දෙන්නෙක්ගේ සමලිංගික පෙම් කතාවක් ප්‍රින්ට් කරලා විකුණුවා.
මෙවර එතනට එහා ගිහින් මේ පොත ප්‍රින්ට් කරන ව්‍යාපෘතියට, විදෙස් තානාපති කාර්යාල වලට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන වලින් ආධාර පවා ලබා ගෙන තියෙනවා.
එතනදී මේ තක්කඩි 'ශ්‍රී ලංකාව LGBTQ ප්‍රජාව නොසලකා හරිනවා ය, මේ වගේ පොත් ප්‍රින්ට් කරලා පොඩි දරුවන්ට විකිණීමෙන් ඒ නොසලකා හැරීම වෙනස් වෙනවා ය' කියලා සුද්දොන්ට ප්‍රසන්ට් කරලා.
සාමාන්‍යයෙන් NGO පොඩි ළමයි ටාගට් කරලා කරන වැඩ වලට කැමතියි.
ඩිස්නි, නෙට්ෆ්ලික්ස් ලව්වා පවා LGBTQ නැරෙටිව් එක පුෂ් කෙරෙව්වේ මේ සංවිධාන.
ඉතින් ඔවුන් මේ වගේ ව්‍යාපෘති වලට උඩින්ම කැමතියි.
පොතේ පිටකවරයට දේදුණු වර්ණ යොදා ගැනීම පවා, මේ පොත් වලට ආධාර දෙන එම්බසි සතුටු කරන්න කරපු වැඩක්.
මේ පොතක් විකුණුනේ 3750 කට.
කර්තෘ භාගය 10% යි. ඒ කියන්නේ එක පොතකින් අර යූස් වෙන ගෑනු ළමයට යන්නේ රුපියල් 375 යි. (ඒකත් දෙන්නේ පරක්කු කරලා, වාත කරලා, කල් අරන්)
එතකොට පොතේ ප්‍රකාශකයාට ලැබෙන මුදල 3375 ක්.
පළමු පොත් දහසේ සම්පූර්ණ වියදම ඔවුන්ට අධාරයක් ලෙස ලැබුණා නම් මේ තක්කඩියාගේ ශුද්ධ ලාභය 337,500 යි.
නමුත් මෙවැනි NGO සංවිධාන, මෙවැනි සාර්ථක ව්‍යාපෘති වලට ඔවුන්ගේ මුදල් ඒකක වලින් යූරො දහදාහක් විතර වෙන් කරනවා.
ඒක රුපියල් වලින් නම් මිලියන තුන හමාරකට (ලක්ෂ 35) අධික මුදලක්.
නමුත් මේ පොත අවම වශයෙන් පිටපත් 20,000 කට වඩා විකිණුන බව කියනවා.
එතන දී ප්‍රකාශකයා විශාල මුදලක් රැස් කරගත්තා. ඔහුගේ ඉලක්කය මුදල්.
ඒ අර්ථයෙන් තක්කඩියන් සාර්ථකයි.
මේ පොත බහුතරයක් මිලට ගත්තේ වයස අවුරුදු 15 - 21 වයසේ ළමයි.
දෙමාපියන්ට මේ පොතේ අර්ථය පිළිබඳ අදහසක් නැති නිසා දෙමාපියන්ම මේ පොත දරුවන්ට අරන් දුන්නා.
මේවා කියවන පිරිමි ළමයි සමරිසි ආදරය වීරත්වයක් සහ අභිමානයක් විදියට දකිනවා.
මේ වයස ලිංගිකත්වය පිළිබඳ කුතුහලයෙන් සිටින වයසක්. එහිදී ඔවුන් කුතුහලය සහ මේ පොත් වලින් ලබා දෙන හැඟීම් නිසාම සිය සහකරුවන් ලෙස පිරිමින්ම තෝරාගත හැකියි.
පැහැදිලිවම මෙතනදී සිදුවෙන්නේ ප්‍රවර්ධනයක්.
එය අනාගතයේ විශාල සමාජීය සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුල් විය හැකි වැඩක්.
දැනටමත් ශ්‍රී ලංකාවේ සමාජ රෝග වාහකයන් අතර ඉහළම ප්‍රතිශතය සිටින්නේ සමරිසි පිරිමි.
මෙය කුඩා පාසල් දරුවන් අතර ප්‍රචාරය වීමෙන් සිදුවිය හැකි සමාජීය සහ සෞඛ්‍ය ගැටලු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.
- සචින් රත්වත්තේ
(මුහුණු පොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ