News Category
From Date
To Date
Maximum Number of Result

කලුකැලේ නඩුවේ චුට්ටෙ මියගියා..

Oct 4, 2025 at 12:38 PM
|

2014 පමණ සුදු කිලිටු සරමක් සහ කමිසයක් ඇදගෙන දෙපාවලට පාවහන් නොපලදන ගැමියෙකු මගේ කාර්යාලයට එන්නෙ බේරුම්කරණ නඩුවක නොතීසියක් අතින් දරාගෙන. ඔහු කන්න ණයක් ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකින් අරගෙන වගා කරපු කුඹුරු කෑල්ල ගංවතුරට යටවෙලා ණය ගෙවා ගන්න බැරිවුන ගොවියෙක් බව උපදෙස් මගින් වැටහී ගියා. දැන් තවත් ගිණිගොඩක් හිත මතට පාත්වෙලා. සාමාන්‍ය නඩුවකටත් වඩා මුදල් වැයවන බේරුම්කරණ නඩුවක් අර බිලියන ගණන් ලාභ උපයන සමාගම මේ ගොවියට කොළඹදී ගොනුකරලා.

මම නඩුව භාරගත්තා.වසර තුනක් විතර චුට්ටේ මාස තුනකට පාරක් පාන්දර 3ට දිඹුලාගලින් කොලඹ එන බස් එකේ නැගල කොළඹ එනවා.යනකොට මම අත මිට මොලවන රුපියල් 500 කොලේ අරගෙන හවස බස් එකේ නගිනවා.බොහෝ දවස්වල වී ටිකක් කොටන් ඇවිත් වාහනේට දාලා සතුටු වෙනවා.

ඒ අතර මම කලුකැලේ ඔහුගේ කුඹුරේ ගහක් මත හදපු පැලේ රැයක් ගත කරන්නෙ අලි බලන්න උවමනාවට.මට ඒක විනෝදයක් උනාට හවස 6 පනින කොට විස්සක තිහක අලි රංචුවක් වැටවල් කඩාගෙන ගමට එන විදිය මම අත් වින්දා. ගමේ ආරක්ෂකයා උනේ චුට්ටේ.කිසිම බයක් නැතුව කෑගහල අලි එලවල ගම ආරක්ෂා කරන්න මූලික උනේ චුට්ටෙ.චුට්ටෙ අසමත් වුනු දවසක ගැඹිනි මවක් ඇයගේ වයස අවුරුදු 6 වෙච්ච දියණිය එක්කම අලියෙක් පාගල මැරෙනවා.

මේ පීඩාව දරාගන්න බැරුව චුට්ටෙ වගාවට දාන්න ගෙනාපු වල්නාශක කුප්පියක් අරන් කලුකැලේ බස් නැවතුම්පොළ උඩට නැගලා උපවාසයක් කරනවා.ඒ විදියෙ උපවාස ගොඩක් කරලා යන්තම් කලුකැලේට අලිවැටක් දිනාගන්න චුට්ටෙට පුලුවන් වෙනවා.උපවාස චුට්ටෙ කියලා චුට්ටෙට නමකුත් පටබැදෙනවා.

දශක තුනකටත් වඩා රටට බත් දීපු ගොවියෙක් වෙච්ච චුට්ටෙගෙ ගෙදර පොලොන්නරුව නටඹුන් වලට දෙවෙනි නෑ.ඒ සූරාකෑම ගැන චුට්ටෙ මා එක්ක දිගටම කතා කලා.පසුව චුට්ටෙට ඒ කතාබහ තම ගම්මාන වලට ගෙනියන්න ඕන උනා. ඒ වෙනුවෙන් දිඹුලාගල,වැලිකන්ද, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, අරලගන්විල, මාදුරුඔය, දඹුල්ල, ගල්නෑව,මීගලෑඡව වගේ ගොවි ගම්මාන වල රැස්වීම් සංවිධානය කලා.ඒ හැම එකකම ප්‍රධාන කථිකයා විදිහට මාව එක් කරගෙන යනවා. අන්තිමට චුට්ටෙ මූලික වෙලා පුලුවන් වෙනවා. ඒකාබද්ධ ගරවිජන ව්‍යාපාරය කියලා ව්‍යපාරයකුත් ආරම්භ කරන්න. ඒක හරහා වැලි කන්දේ කරපු ලොකු උදිඝෝෂණයකින් පස්සේ 2018 අවුරුද්දේදී පුළුවන් වෙනවා වී වලට ස්ථාවර මිලක් කරගන්න.

වගා හානි වලට වන්දි ගන්න, සමාගම් මගින් ගොවියාට සිදුවන අසාධාරණවලට විරුද්ධ වෙන්න, මහ මෝල් හිමියන්ගේ සූරා කෑමට විරුද්ධ වෙන්න චුට්ටෙ මූලික කරගෙන විශාල ව්‍යාපාරයක් මේ ප්‍රදේශවල  දියත් කරගන්න පුළුවන් වෙනවා. ඒ හැම එකදිම කිලෝ මීටර් ගණන් නිරුවති දෙපයින් ඇවිදින චුට්ටෙගෙ ශක්තිය විශ්වාස කරන්න බැරි තරම් එකක්. මේ තරම් පොඩි මිනිහෙක්ට ඒ තරම් ශක්තියක් ආවේ කොහොමද කියන එක හිතද්දී පෙරලූ නැවුම් පස ,ගොවි රජ්ජුරුවෝ  රුසියානු සාහිත්‍යය පොත් මට මතක් වෙනවා.

2018 අවුරුද්දේත් අලි ප්‍රශ්නය ආයෙත් උත්සන්න වෙනවා. චුට්ටේ ගමේ මිනිස්සුත් එකතු කරගෙන දිඹුලාගල කළු කැලේ හන්දියේ පාර වහලා ලොකු උද්ඝෝෂණයක් කරනවා. පස්සේ චුට්ටෙ ඇතුළු කීප දෙනෙක් පොලිසිය  අත්අඩංගුවට අරන් බන්ධනාගාර ගත කරනවා. දවස් දහයකට පස්සේ  ඇප ඉල්ලීමක් කරලා ඇප ලබාගන්නවා. එතනදි පොලිසිය මේ අය රිමාන්ඩ් කරන්න අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පවරනවා.ඒ නඩුවේ තීන්දුව  පහුගිය ජූනි මාස තුන්වෙනිදා ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ එහෙම පුද්ගලයන්ව අසාධාරණ විදිහට බන්ධනාගාර ගත කරන්න නීතියේ ප්‍රතිපාදන පාවිච්චි කිරීම මානව හිමිකම් කඩවීමක් කියලා. ඒ විතරක් නෙවෙයි පොලිසියට ,නීතිපතිවරයාට, විනිසුරුවරුන්ගේ ආයතනයට මේ සම්බන්ධයෙන් නිර්දේශ හදන්න කියලත් නියෝග කරනවා. මහේස්ත්‍රාත්තුමන්ලා පොලිසිය කිවූ පලියට මිනිසුන් බන්ධනාගාරගත කිරීම සිදුකළ  නොකළ යුතුයි කියලත් තීරණය කරනවා. අලි ප්‍රශ්නය බැරෑරුම්ව තේරුම් අරන් කෝදාගොඩ විනිස්චයකාරතුමා ඒකට මාස හයක් ඇතුලත විසදුම් දෙන්න කියලා බලධාරීන්ට නියෝග කරනවා.

මේ තීන්දුවේ ඇත්ත අයිතිකාරයා චුට්ටේ. මේ පුංචි මිනිහට පුළුවන් වෙනවා මුළු රටේම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට බලපාන නඩු තීන්දු පවා ගන්න තැනට පත්වෙන්න. හැබැයි ඒ තීන්දුවේ සතුට බෙදාගන්න මම යනකොට චුට්ටේ පෙනහළු පිළිකාවකට ගොදුරක් බවට පත්වෙලා. චුට්ටේට ෆිල්ටර් තියෙන  සිගරට් බොන්න පුළුවන් කමක් තිබුණේ නෑ. හැමදාම බිව්වේ බීඩි. මම ඉස්සර විහිළුවට වාහනේට නගින කොට කියනවා බීඩි ගඳ හින්දා බහින්න කියලා. නමුත් චුට්ටලගේ ජීවිතවල පොඩි හරි සතුටක් වින්දේ ඔය වගේ දේවල් වලින්. අන්තිමට ඒ නිසාම චුට්ටෙට පෙනහළු පිළිකාවක් උරුම උනා. පිළිකාව හැදිලා තියෙද්දි හැමදාම කිව්වේ මම ඉක්මනටම හොඳ වෙලා ආයෙත් සටන් කරන්න පාරට එනවා කියලා. 

ඒත් චුට්ටේ ආයේ නැවත එන්නේ නෑ. කළු කැලේ වගේ දුප්පත් අහිංසක ගම්මානවල මේ වගේ දැවැන්ත වනස්පතියන් කොච්චර ඇද්ද. ඔවුන්ගේ ජීවිත  පොළොවට පස්වන්නේ අවසානයේ කිසිදු වටිනාකමක් නැතුව. හැබැයි ඔවුන්ගේ ශ්‍රමය සූරකන ප්‍රාග්ධන හිමියෝ හැමදාම යහතින් වැජඹෙනවා. මේක තමයි දිළිඳු බවේ විෂම චක්‍රය. 

මේ ආණ්ඩුවෙත් ආර්ථික ප්‍රතිපත්තියත් පෝසතුන් කොච්චර පොහොසත් වුනක් කමක් නෑ. දුප්පතුන්ට තවත් දුප්පත් වෙන්න බෑ කියන එක කියලා ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීමකදීම කිව්වා.එබඳු ප්‍රකාශයක් කිසිදු ලෙසකින් යථාර්ථයක් නොවන බව දේශපාලන ආර්ථික විද්‍යාව කියවන ඕනම කෙනෙකුට තේරුම් යා යුතුයි. පොහොසතුන් වඩ වඩාත් පොහොසත් වන ප්‍රමාණයට සමානුපාතිකව දුප්පතුන් වැඩිවන බවත් පීඩිතයින් වැඩිවන බවත් යන්න අනුලෝම සමානුපාතිකයක්.

චුට්ටෙට දැන් මිනිස්සු නිවන් සුව පතයි. හැබැයි ජීවත්ව සිටියදී ඔහුට නිවන ස්වර්ගය ලබාදෙන්න නොහැකි වෙච්ච සමාජයක අපි ඉන්න. චුට්ටේ වගේ සිය දහසක් මිනිසුන්ට නිවන ඔවුන් ජීවත්වන කාලය තුළ උදා කරගන්න නම් චුට්ටේ බලාපොරොත්තු ඒ සාධාරණ යුක්ති සහගත ලෝකය උදා කරන්න අපිට තව බොහෝ දේවල් කරන්න සිදුවේවි.

- සුභ ගමන් චුට්ටෙ

(අන්තර්ජාලායන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.