කලුකැලේ නඩුවේ චුට්ටෙ මියගියා..
2014 පමණ සුදු කිලිටු සරමක් සහ කමිසයක් ඇදගෙන දෙපාවලට පාවහන් නොපලදන ගැමියෙකු මගේ කාර්යාලයට එන්නෙ බේරුම්කරණ නඩුවක නොතීසියක් අතින් දරාගෙන. ඔහු කන්න ණයක් ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකින් අරගෙන වගා කරපු කුඹුරු කෑල්ල ගංවතුරට යටවෙලා ණය ගෙවා ගන්න බැරිවුන ගොවියෙක් බව උපදෙස් මගින් වැටහී ගියා. දැන් තවත් ගිණිගොඩක් හිත මතට පාත්වෙලා. සාමාන්‍ය නඩුවකටත් වඩා මුදල් වැයවන බේරුම්කරණ නඩුවක් අර බිලියන ගණන් ලාභ උපයන සමාගම මේ ගොවියට කොළඹදී ගොනුකරලා.
මම නඩුව භාරගත්තා.වසර තුනක් විතර චුට්ටේ මාස තුනකට පාරක් පාන්දර 3ට දිඹුලාගලින් කොලඹ එන බස් එකේ නැගල කොළඹ එනවා.යනකොට මම අත මිට මොලවන රුපියල් 500 කොලේ අරගෙන හවස බස් එකේ නගිනවා.බොහෝ දවස්වල වී ටිකක් කොටන් ඇවිත් වාහනේට දාලා සතුටු වෙනවා.
ඒ අතර මම කලුකැලේ ඔහුගේ කුඹුරේ ගහක් මත හදපු පැලේ රැයක් ගත කරන්නෙ අලි බලන්න උවමනාවට.මට ඒක විනෝදයක් උනාට හවස 6 පනින කොට විස්සක තිහක අලි රංචුවක් වැටවල් කඩාගෙන ගමට එන විදිය මම අත් වින්දා. ගමේ ආරක්ෂකයා උනේ චුට්ටේ.කිසිම බයක් නැතුව කෑගහල අලි එලවල ගම ආරක්ෂා කරන්න මූලික උනේ චුට්ටෙ.චුට්ටෙ අසමත් වුනු දවසක ගැඹිනි මවක් ඇයගේ වයස අවුරුදු 6 වෙච්ච දියණිය එක්කම අලියෙක් පාගල මැරෙනවා.
මේ පීඩාව දරාගන්න බැරුව චුට්ටෙ වගාවට දාන්න ගෙනාපු වල්නාශක කුප්පියක් අරන් කලුකැලේ බස් නැවතුම්පොළ උඩට නැගලා උපවාසයක් කරනවා.ඒ විදියෙ උපවාස ගොඩක් කරලා යන්තම් කලුකැලේට අලිවැටක් දිනාගන්න චුට්ටෙට පුලුවන් වෙනවා.උපවාස චුට්ටෙ කියලා චුට්ටෙට නමකුත් පටබැදෙනවා.
දශක තුනකටත් වඩා රටට බත් දීපු ගොවියෙක් වෙච්ච චුට්ටෙගෙ ගෙදර පොලොන්නරුව නටඹුන් වලට දෙවෙනි නෑ.ඒ සූරාකෑම ගැන චුට්ටෙ මා එක්ක දිගටම කතා කලා.පසුව චුට්ටෙට ඒ කතාබහ තම ගම්මාන වලට ගෙනියන්න ඕන උනා. ඒ වෙනුවෙන් දිඹුලාගල,වැලිකන්ද, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, අරලගන්විල, මාදුරුඔය, දඹුල්ල, ගල්නෑව,මීගලෑඡව වගේ ගොවි ගම්මාන වල රැස්වීම් සංවිධානය කලා.ඒ හැම එකකම ප්‍රධාන කථිකයා විදිහට මාව එක් කරගෙන යනවා. අන්තිමට චුට්ටෙ මූලික වෙලා පුලුවන් වෙනවා. ඒකාබද්ධ ගරවිජන ව්‍යාපාරය කියලා ව්‍යපාරයකුත් ආරම්භ කරන්න. ඒක හරහා වැලි කන්දේ කරපු ලොකු උදිඝෝෂණයකින් පස්සේ 2018 අවුරුද්දේදී පුළුවන් වෙනවා වී වලට ස්ථාවර මිලක් කරගන්න.
වගා හානි වලට වන්දි ගන්න, සමාගම් මගින් ගොවියාට සිදුවන අසාධාරණවලට විරුද්ධ වෙන්න, මහ මෝල් හිමියන්ගේ සූරා කෑමට විරුද්ධ වෙන්න චුට්ටෙ මූලික කරගෙන විශාල ව්‍යාපාරයක් මේ ප්‍රදේශවල දියත් කරගන්න පුළුවන් වෙනවා. ඒ හැම එකදිම කිලෝ මීටර් ගණන් නිරුවති දෙපයින් ඇවිදින චුට්ටෙගෙ ශක්තිය විශ්වාස කරන්න බැරි තරම් එකක්. මේ තරම් පොඩි මිනිහෙක්ට ඒ තරම් ශක්තියක් ආවේ කොහොමද කියන එක හිතද්දී පෙරලූ නැවුම් පස ,ගොවි රජ්ජුරුවෝ රුසියානු සාහිත්‍යය පොත් මට මතක් වෙනවා.
2018 අවුරුද්දේත් අලි ප්‍රශ්නය ආයෙත් උත්සන්න වෙනවා. චුට්ටේ ගමේ මිනිස්සුත් එකතු කරගෙන දිඹුලාගල කළු කැලේ හන්දියේ පාර වහලා ලොකු උද්ඝෝෂණයක් කරනවා. පස්සේ චුට්ටෙ ඇතුළු කීප දෙනෙක් පොලිසිය අත්අඩංගුවට අරන් බන්ධනාගාර ගත කරනවා. දවස් දහයකට පස්සේ ඇප ඉල්ලීමක් කරලා ඇප ලබාගන්නවා. එතනදි පොලිසිය මේ අය රිමාන්ඩ් කරන්න අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් පාවිච්චි කරනවා. ඒ සම්බන්ධයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පවරනවා.ඒ නඩුවේ තීන්දුව පහුගිය ජූනි මාස තුන්වෙනිදා ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ එහෙම පුද්ගලයන්ව අසාධාරණ විදිහට බන්ධනාගාර ගත කරන්න නීතියේ ප්‍රතිපාදන පාවිච්චි කිරීම මානව හිමිකම් කඩවීමක් කියලා. ඒ විතරක් නෙවෙයි පොලිසියට ,නීතිපතිවරයාට, විනිසුරුවරුන්ගේ ආයතනයට මේ සම්බන්ධයෙන් නිර්දේශ හදන්න කියලත් නියෝග කරනවා. මහේස්ත්‍රාත්තුමන්ලා පොලිසිය කිවූ පලියට මිනිසුන් බන්ධනාගාරගත කිරීම සිදුකළ නොකළ යුතුයි කියලත් තීරණය කරනවා. අලි ප්‍රශ්නය බැරෑරුම්ව තේරුම් අරන් කෝදාගොඩ විනිස්චයකාරතුමා ඒකට මාස හයක් ඇතුලත විසදුම් දෙන්න කියලා බලධාරීන්ට නියෝග කරනවා.
මේ තීන්දුවේ ඇත්ත අයිතිකාරයා චුට්ටේ. මේ පුංචි මිනිහට පුළුවන් වෙනවා මුළු රටේම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට බලපාන නඩු තීන්දු පවා ගන්න තැනට පත්වෙන්න. හැබැයි ඒ තීන්දුවේ සතුට බෙදාගන්න මම යනකොට චුට්ටේ පෙනහළු පිළිකාවකට ගොදුරක් බවට පත්වෙලා. චුට්ටේට ෆිල්ටර් තියෙන සිගරට් බොන්න පුළුවන් කමක් තිබුණේ නෑ. හැමදාම බිව්වේ බීඩි. මම ඉස්සර විහිළුවට වාහනේට නගින කොට කියනවා බීඩි ගඳ හින්දා බහින්න කියලා. නමුත් චුට්ටලගේ ජීවිතවල පොඩි හරි සතුටක් වින්දේ ඔය වගේ දේවල් වලින්. අන්තිමට ඒ නිසාම චුට්ටෙට පෙනහළු පිළිකාවක් උරුම උනා. පිළිකාව හැදිලා තියෙද්දි හැමදාම කිව්වේ මම ඉක්මනටම හොඳ වෙලා ආයෙත් සටන් කරන්න පාරට එනවා කියලා.
ඒත් චුට්ටේ ආයේ නැවත එන්නේ නෑ. කළු කැලේ වගේ දුප්පත් අහිංසක ගම්මානවල මේ වගේ දැවැන්ත වනස්පතියන් කොච්චර ඇද්ද. ඔවුන්ගේ ජීවිත පොළොවට පස්වන්නේ අවසානයේ කිසිදු වටිනාකමක් නැතුව. හැබැයි ඔවුන්ගේ ශ්‍රමය සූරකන ප්‍රාග්ධන හිමියෝ හැමදාම යහතින් වැජඹෙනවා. මේක තමයි දිළිඳු බවේ විෂම චක්‍රය.
මේ ආණ්ඩුවෙත් ආර්ථික ප්‍රතිපත්තියත් පෝසතුන් කොච්චර පොහොසත් වුනක් කමක් නෑ. දුප්පතුන්ට තවත් දුප්පත් වෙන්න බෑ කියන එක කියලා ජනාධිපතිවරයා පොළොන්නරුවේ රැස්වීමකදීම කිව්වා.එබඳු ප්‍රකාශයක් කිසිදු ලෙසකින් යථාර්ථයක් නොවන බව දේශපාලන ආර්ථික විද්‍යාව කියවන ඕනම කෙනෙකුට තේරුම් යා යුතුයි. පොහොසතුන් වඩ වඩාත් පොහොසත් වන ප්‍රමාණයට සමානුපාතිකව දුප්පතුන් වැඩිවන බවත් පීඩිතයින් වැඩිවන බවත් යන්න අනුලෝම සමානුපාතිකයක්.
චුට්ටෙට දැන් මිනිස්සු නිවන් සුව පතයි. හැබැයි ජීවත්ව සිටියදී ඔහුට නිවන ස්වර්ගය ලබාදෙන්න නොහැකි වෙච්ච සමාජයක අපි ඉන්න. චුට්ටේ වගේ සිය දහසක් මිනිසුන්ට නිවන ඔවුන් ජීවත්වන කාලය තුළ උදා කරගන්න නම් චුට්ටේ බලාපොරොත්තු ඒ සාධාරණ යුක්ති සහගත ලෝකය උදා කරන්න අපිට තව බොහෝ දේවල් කරන්න සිදුවේවි.
- සුභ ගමන් චුට්ටෙ
(අන්තර්ජාලායන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..