News Category
From Date
To Date
Maximum Number of Result

මාලිමාවට කඩේ ගිය මහාචාර්යවරයෙකුගෙ අනුවේදනීය පාපොච්චාරණය... NPP ආණ්ඩුව : කුක්කන් බැඳ තබනු! වාචාලයන් මෙල්ල කරනු...! - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්..

Oct 3, 2025 at 06:56 AM
|

(උපුටා ගැනීම )

ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය. මේ සටහන ඒ ගැනයි. සටහන තබන්නේ ද විශේෂ දිනයකයි. 2025.09.30.  මුළු රටේම රාජ්‍ය විශ්වවිද්‍යාල NPP රජයට එරෙහිව එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාවට නැංවූ දිනයකි.

මේ සටහන තබන මම, මගේ කුළුඳුල් ඡන්දයේ සිට බොහෝ අවස්ථාවල JVPය හෝ NPPය හෝ ඔවුන්ගේ නියෝජනය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අයෙක්මි. එය වෙනස් වූයේ ‌ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මහින්දට ඡන්දය දීමෙන් පමණි. කිසිදු දේශපාලනික පක්ෂයකට සෘජුව සම්බන්ධ නොවූ නමුත් අරගලයෙන් පසු NPP සාමාජිකත්වය ලබාගත් අතර කොට්ඨාස සභා පිහිටුවීම්, ජන හමු ආදි ගණනාවකට සහභාගි වූයෙමි. කිහිප වතාවක් NPP වේදිකාවටද ගොඩවීමි.ඒ වෙනුවෙන් ඡන්දය ලබා ගැනීම උදෙසා මැදිහත්වීමි. වසරකට විදේශගත වීමට තිබූ අවස්ථාව දින කිහිපයකට පමා කරගත්තේ අනුර සහෝදරයාට ඡන්දය දී යාමට අවශ්‍ය වූ නිසාය. ඔහුගේ ජයග්‍රහණය මා දැනගත්තේ තායිලන්තයේ ස්වර්ණ භූමි ගුවන් තොටුපළහි දීය. කෙසේ වෙතත් ඒ කිසිවක් මා උදෙසා කිසිවක් ලබාගැනීමට නොවේ. රට උදෙසාමය.

ජනාධිපතිවරයා පත් වී මාස පහ, හයකට පසුව නැවතත් මා නිවාඩුවකට ලංකාවට පැමිණ ගිය අවස්ථාවේදී රටෙහි කිසිදු දැනෙන වෙනසක් ඇතිවී තිබුණේ නැත. පොලිස්කාරයන් යොදවා කඩිමුඩියේ වාහනවල කෑලි ගැලවීම වැනි සිල්ලර වැඩ ටිකක් පමණි. ආණ්ඩුවට තවදුරටත් කාලය දිය යුතුය යන අදහසින් නිහඬව සිටියෙමි. පළාත් පාලන මැතිවරණය අවස්ථාවේදී මෙරට සිටියේ නැති උනත් දන්නා කියන අයගේ ඡන්දය ලබාදීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත් එම අවස්ථාවේදී ඡන්දදායක මහජනතාව රජයට ලබා දී තිබුණු පණිවුඩයද දැක ගතිමු.

විදේශගත වූ කාර්යය සමාප්ත කොට නැවත මා මෙරටට පැමිණියේ ජනාධිපතිවරයාගේ පදවිප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට ආසන්න කාලයේ ය. සැබැවින්ම වසරක කෙරුවාව ගැන සෑහීමකට පත්විය හැකිද?

හොරු ඇල්ලීම්මේ උත්සාහය, නාස්තිය හා දූෂණය අවම කිරීම, ක්ලීන්ශ්‍රී ලංකා වැඩසටහන, දේශපාලනඥයන් අනිසි සැප භුක්ති නොවිඳීම සහ මහජන මුදල් අවභාවිත නොකිරීම වැනි ඇතැම් දේහි සාධනීය ලක්ෂණ ඇතත් සෑහීමකට පත්විය නොහැකි කරුණු කාරණා ද ගන්නාවක්ම පවතී.

1. මහ මහජනතාව ලබා දුන් අතිවිශාල ජනවර්ම නිසා උද්දාමයට පත්ව පොදු මහජනතාවත් විරුද්ධ බලවේගත් නොතකා හැර අහංකාරීව වහසි දොඩන දේශපාලඥයන් කිහිප දෙනෙකුම දුටුවෙමු. අප මාලිමාවට ඡන්දය දුන්නේ එවැනි අපේක්ෂාවකින් නොවේ.

2. අනුමණ්ඩල පත් කිරීම, අධ්‍යක්ෂවරුන් පත්කිරීම වැනි අවස්ථාවල ද ගැටළු රාශියක් පවතී. මහින්ද යටතේත්, ගෝඨා යටතේත්, රනිල් යටතේත්, මෛත්‍රිපාල යටතේත් අනුමණ්ඩලවල කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් අපට ඇත. එහෙත් ඒ කිසිදු අවස්ථාවක නොපැවැති ආකාරයෙන් දේශපාලනික අගතිගාමීත්වයක් වර්තමානයේ නිරීක්ෂණය වේ. මේ සම්බන්ධව දැනට දිගට නොකියමි. මාලිමා වේදිකාවේ සිට ඒ වෙනුවෙන් කටයුතු කළ අයට වරදාන හා වරප්‍රසාද හැටියට විවිධ තනතුරු ලබාදුන් අවස්ථා රැසක් නිරීක්‍ෂණය වී ඇත. කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව පත් කළ එවැනි අධ්‍යක්ෂ තනතුරු ආදියෙන් දැනට සැලකිය යුතු පිරිසක් ඉල්ලා අස්වී ඇති බවද පැහැදිලිය. මේ හැම එකක් දෙසම පුළුල්ව දැකිය යුතුවේ.

3. මාලිමාවේ ඇතැම් දේශපාලනඥයන් අදටත් තමා ලද දේශපාලන බලයටත් වඩා සමාජ මාධ්‍යයේ ළාමක ප්‍රචාරකවාදී දේ විශ්වාස කරන බවක් පෙනේ. සමාජ මාධ්‍යවල හුවා දක්වන දේ හැරුණු කොට සැබවින්ම ඔවුන් අතින් මේ වන තුරුත් රට හා ජනතාව වෙනුවෙන් ඵලදායී යමක් සිදුවී නැත.

4. මාලිමාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් පොදු ජන සමාජයේ අපේක්ෂා කළ පරමාදර්ශී භාවය ශීඝ්‍රයෙන් විඳවැටීමට පටන් ගැනිණ. එය ආචාර්ය පට්ටම්වලින් ඇරඹී වත්කම් බැරකම් ප්‍රකාශනයේදී තීව්‍ර විය. වත්කම් තිබීම හොඳ දෙයක් නමුත් බලයට පත්වන තුරු මාධ්‍ය හමුවේ ප්‍රකට කළ ව්‍යාජ ප්‍රතිරූපය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය ප්‍රශ්න කරමින් සිටි.

5. ඇහුම්කන් නොදෙන උද්දච්ච ස්වභාවය මාලිමාවේ බලධාරීන්ගේ ඇති අගතිගාමී ලක්ෂණයකි. බලය ලබා දෙන තුරු දේශපාලඥයන් මහජනතාවගේ පසු පසින් යාමත් බලය ලද පසු මහජනතාවට ඔවුන් පසුපස යාමට සිදුවීමක් පූර්ව කාලයේ පටන් හුරු පුරුදු තත්ත්වයකි. දැනටත් එයින් වෙනස් දෙයක් සිදුවී නැත.

6. බලය  ලැබීමට පෙරාතුව අගමැති හරිනි විශ්වවිද්‍යාලය අවට පැවැත්වූ කුඩා රැස්වීම් හා සුහද හමු ගණනාවක් මතකය. ජනාධිපතිවරයා සූම් මගින් හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට සාකච්ඡා ලබා දුන් අවස්ථා මතකය. එහෙත් දැනට තත්වය නම් ඔවුන්ගේ රජය විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්නවලට වත් විසඳුම් ලබා දීමට තරම් වගවීමක් ප්‍රකට නොකිරීමයි. විශ්වවිද්‍යාල පද්ධතියේත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තියේත් ඇති කළ ගැටලු ඊට හොඳම නිදසුනකි.

7. ඒ කාලයේ දුරකථනයෙන් කතාකර අතන මෙතන රැස්වීම්වලට ආරාධනා කළ සහෝදරයන් කිසිවෙකු වත් දැන් කතාකරන්නේ නැත. එසේ කතා කරන්නට වුවමනාවක් ද නැත. එහෙත් ගැටලුවට විසඳුම් ලබාදිය යුතුවේ. ඇත්තට නිදිගත් තැනැත්තන් අවදි කරවිය හැකි වුවත් බොරුවට නිදි ගත්තවුන් අවදි කරවිය හැකි නොවෙයි. අද කරුණු පැහැදිලි කළ යුතුව ඇත්තේ අපටත් වඩා හැමදේම හොඳින් දත් එවකට වෘත්තිය සමිතියේ ප්‍රමුඛයන් වූ පුද්ගලයන්ටයි. ඔවුන් අපට වඩා හොඳින් හැමදේම දන්නා නමුත් නොදන්නවා සේ පසුවෙති.

8. ඇතැම් වෘත්තිකයන් දැනට වෘත්තීය ක්‍රියාකාරකම්වලින් ඉවත්ව ආණ්ඩුව ආරක්‍ෂා කිරීමේ සහ එහි කුණුසේදීමේ කටයුතුවල පමණක් නිරතව සිටිති. ඔවුහු වට්සැප් සමූහ ආදියේ ස්වයං වින්දනය කරමින් පසු වෙති. ඇතැමුන් තවදුරටත් තානාන්තර පතා වෘත්තිය සංගම ආදියේ බලය පවා දෙමින් සිටිනවා දැයි සැක සිතේ. කෙසේ වෙතත් 2025.09.30 දින සංකේත වැඩවර්ජනය සඳහා කිසිදු භේදයකින් තොරව ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවල සියලු ආචාර්යවරුන් සම්බන්ධ වීම රජය හරිහ හැටි කියවා ගත යුතු තත්ත්වයකි. 

9. තම පෞද්ගලික සුඛ විහරණ කැපකොට තමා ඉපයූ මුදල් පවා ජනතා විමුක්ති පෙරමුණ උදෙසා මිඩංගු කොට අද ජීවිකාව පවා පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති පැරණිතම, ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගැන මම දනිමි. එවැන්නන් ගැන නොතකා, එවැන්නන්ගේ අදහස් උදහස් වලට පවා අවධානයක් යොමු නොකොට ඉතාම මෑත කාලයේ එක් වූ ළාමක පිරිස් පෙරට ගෙන සිදු කරන්නාව වූ අපරිණත දේශපාලනික කටයුතු පිළිබඳ අපට අවබෝධයක් ඇත.

10. 2025 09.30 දින වර්ජනය මුල්කොට අදහස් පළ කළ එක් කුක්කෙකු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සේවාව පදනම් කොටගත් අදහසක් වශයෙන්, විශ්වවිද්‍යාලවලට විශේෂ තත්ත්වයක් ලබා නොදිය යුතු බවත් ඒවාද පාසල්වලම දිගුවක් වූ හුදු අධ්‍යාපන ආයතන වශයෙන් සැලකීම ප්‍රමාණවත් බවත් පැවසූ බවක්ද දැනගන්නට ලැබිණ. ඒ ගැන පසුව ලියමි.

 වසරක්ම නිහඬව සිට මේ කියා ඇත්තේ නොකියාම බැරි තැනය. දැනට දිගට නොකියමි. NPP ආණ්ඩුව කුක්කන් බැඳ තැබීමටත්, අපරිණත වාචාලයන් මෙල්ල කිරීමටත් කටයුතු කළ යුතුවේ. එසේ නැතහොත් හඳුන්නෙත්ති ඇමතිවරයා කියූ “බිග් කුච්චෙන්” සියැසින් ම දැක ගැනීමට ලැබෙනු ඇත. රජයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම මහජනතාව පෙරටත් වඩා සැහැසි ලෙස නිසි ප්‍රතිචාර දක්වනු ඇත.

බිහේෂ් ඉන්දික සම්පත්,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,

කැලණිය විශ්වවිද්‍යාලය.

2025.09.30

උපුටා ගැනීම අවසන්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.