මහමඟ යදියකු වන්නට තරම් දෛවයේ සරදමට ලක්වූ ප්‍රවීණ ගීත රචක සී.වීරසේකර..
රුක්මණී දේවිගේ පළමු ගීතය වන,රූපසිංහ මාස්ටර් සමග ගැයූ 'සිරි බුද්ධගයා විහාරේ'ඇතුළු ගීත රාශියක් ලියා ජීවිතයේ අවසාන කාලයේ මහමඟ යදියකු වන්නට තරම් අවාසනාවන්ත ලෙස දෛවය සරදම් කළ ප්‍රවීණ ගීත රචක සී.වීරසේකර හෙවත් චන්ද්‍රසේන වීරසේකර සූරීන් තමයි මේ සේයාරුවෙහි ඉන්නේ.
ග්‍රැමෆෝන් ගායක එම්.කේ.වින්සන්ට් ගැයූ 'ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම් සමනල කන්දේ'
,ආචාර්ය සුජාතා අත්තනායක ගැයූ 'සාදු දන්ත දා වඳිම් සාර ශාන්ති ශ්‍රී පතාලා'(එය මුලින් ම ගායනා කර තිබුණේ සුජාතා අත්තනායකගේ මව වන විමලා කාන්තා මහත්මියයි),රුක්මණී දේවි සමග සුසිල් ප්‍රේමරත්න ගායනා කළ 'පෙම් ලෝක රාජිණී-පුෂ්පා සුරංගනී' සහ 'මනහර ගීත ගයාලා නැළවිලා-සනසනු මා පෙම් පාලා',සුසිල් ප්‍රේමරත්න සහ සූරියරාණි ගැයූ 'සනසනු මා ප්‍රේම සයුරෙ ගිලිලා'සහ තවත් ගීත ගොන්නක් රචනා කළ ගීත රචකයායි ඔහු.චන්ද්‍රසේන වීරසේකරයන් උපන්නේ 1912 කොළඹ දී.
සී.වීරසේකර,චන්ද්‍රසේන වීරසේකර,ගිල්බට් මාස්ටර් එකල ඔහු හැඳින් වූ නම් කීපයක් බව සඳහන් වෙනවා. කුඩා කාලයේ ඔහු තුළ තිබුණු ගායන හැකියාව නිසා ලැබුණු අහඹු අවස්ථාවක් හේතුවෙන් ඔහුට ටවර් නාට්‍යවල ළමා නළුවකු වශයෙන් කටයුතු කරන්නත් අවස්ථාවක් ලැබී තිබුණා.එමෙන් ම ඔහුට නාට්‍ය රචනයට ද අවස්ථාවක් ලැබීමෙන් 'දෑවැද්ද,හාරලක්ෂය,වීදිය බණ්ඩාර,සිංහල නළඟන' ආදි ලෙස නාට්‍ය ගණනාවක් ලියා නිෂ්පාදනය කළ බව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සඳහන් කරනවා.ග්‍රැමෆෝන් ගී ඉතා ජනප්‍රිය යුගයේ වීරසේකරයන් ග්‍රැමෆෝන් නාටක ද ලියූවෙක්.
ඔහු දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටියට ගීත 11ක් සහ සැඟවුණ පිළිතුර චිත්‍රපටියට ගීත 12ක් ලියූ මුත් චිත්‍රපටි දෙකෙන් ම සී.වීරසේකර නම කැපී තිබුණා.
සිය 'ගේය කාව්‍ය කර්තෘවරු' කෘතියෙහි සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙතුමාගේ ජීවිතයේ අවසාන කාලය ගැන ලියා තිබෙන අනුවේදනීය සටහන මෙහෙමයි.'රෙදි කෝට් ඇඳ,කෝට් සාක්කුවේ මලක් ගසා ගෙන පිළිවෙළකට උන් වීරසේකර ඒ ඇඳුම් වැරහැලි වන තෙක් ඉබාගාතේ ඇවිද්දේ ය.'
-'ගේයකාව්‍ය කර්තෘවරු' කෘතියෙන් වීරසේකරයන් ගැන තවත් විස්තර කියවාගත හැකියි.- චන්ද්‍රසේන වීරසේකරයන් 1972 දී අප අතරින් සමුගන්නවා.
MAHARU TV Youtube චැනලයේ Facebook පිටුවෙහි ඔහු ගැන මෙසේ සඳහන් කරන්නේ ඔහුගේ මෙහෙවරට ගෞරවයක් දැක්වීමේ සහ ගී අසා ඇතත් රචකයා කවුරු දැයි සොයන්නවුන් වෙනුවෙන් තොරතුරක් ලබා දීමේ අරමුණෙන්.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..