වම මරන මෙහෙයුමක්..
පීනෂේගේ මර්දනය චිලී රටට විතරක් සීමාවුණේ නෑ. දකුණු ඇමෙරිකාවේ රටවල් මහ ගොඩකත් ඇමෙරිකාවේත් මේ දඩයම සිද්දවුණා. ඇත්තෙන්ම, ඒක චිලියේ හමුදා ජුන්ටාව විතරක් මූලිකවෙලා ක්‍රියාත්මක කරපු මෙහෙයමකුත් නෙවෙයි. චිලී බුද්ධි අංශයට අමතරව බොලිවියා, ආර්ජෙන්ටිනා, උරුගුවේ, බ්‍රසීල සහ පැරගුවේ රටවල්වල බුද්ධි අංශ මේ මෙහෙයුමට සම්බන්ධ වුණා. වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන්ව දඩයම්කිරීම වෙනුවෙන් ආරම්භ කරපු මේ හමුදා ක්‍රියාන්විතය හැඳින්වුණේ “කොන්ඩෝ මෙහෙයුම” (Operation Condor) කියන නමින්. “කොන්ඩෝ” කියලා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඉන්න විශාල රාජාලි වර්ගයක්. අපේ පහසුව සළකලා අපි මේ ක්‍රියාන්විතයට “රාජාලි මෙහෙයුම” කියලා කියමු.
1975 නොවැම්බර් 28 වැනි දා, චිලී රටේ සන්තියාගෝ අගනුවර දී “රාජාලි මෙහෙයුම” නිල විදිහට ආරම්භ කළා. ඒ ආරම්භක රැස්වීමට උඩින් කියපු රටවල් නියෝජනය කරපු බුද්ධි අංශ නිලධාරියෝ 50 දෙනෙක් සහභාගී වෙලා හිටියා. මෙහෙම රටවල් ගොඩක් එකතු කරන්න හැකියාවක් ඕගස්ටෝ පීනෂේට නෑ. ඉතින් මේ මහා මෙහෙයුම සංවිධානය කරන්න ඉතාමත් රහසිගත විදිහට ඇමෙරිකාවත් සම්බන්ධ වුණා. (මේ ඇමෙරිකානු සම්බන්ධය පස්සේ හෙළිදරව්වෙලා තියෙනවා). ප්‍රංශය පවා මේ වැඩේට හවුල්වුණා කියලා කියනවා.
වාමාංශික දේශපාලනය දකුණු ඇමෙරිකා කලාපයෙන් ම අතුගාලා දාන එක තමයි 1975 – 1983 කාලයේ ක්‍රියාත්මක කරපු රාජාලි මෙහෙයුමේ අරමුණ වුණේ. මේ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දි දකුණු ඇමෙරිකාවේ රටවල් විශාල ප්‍රමාණයක (පැරගුවේ, බ්‍රසීලය, බොලිවියාව, උරුගුවේ, චිලී, පේරු, ඉක්වදෝර්, ආර්ජෙන්ටිනා) හමුදා පාලන ඇති කරලා තිබීමත් විශේෂයක්. මේ රාජාලි මෙහෙයුමෙන් ආර්ජෙන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, චිලී, ඉක්වදෝරය, පැරගුවේ, පේරු, උරුගුවේ කියන රටවල්වල වාමාංශික දේශපාලනයේ නිරතවෙච්ච හැට දාහක්, අසූ දාහක් අතර පිරිසක් මරා දාපු බව වාර්තාවෙලා තියෙනවා.
“රාජාලි මෙහෙයුම” ඉතාමත් සංවිධානාත්මක විදිහට කරගෙන ගිය ක්‍රියාන්විතයක්. දක්‍ෂිණාංශික දේශපාලනයට විරුද්ධවීමේ ඉඩක් තියෙන පුද්ගලයන්ගේ විස්තරාත්මක තොරතුරු ගබඩාවක් හදාගැනීම තමයි මේ යටතේ මුලින් ම කළේ. එහෙම අය සම්බන්ධවෙලා ඉන්න, ගෑවිලා ඉන්න දේශපාලන පක්‍ෂ, දේශපාලන කණ්ඩායම්, වෘත්තිය සමිති, ආගමික සංවිධාන වගේ හැම එකක් ම ආශ්‍රයෙන් මේ “හතුරෝ” හඳුනාගැනීම සිද්ද කළා. ඊ ළඟට, ප්‍රාදේශීය මට්ටමෙන් හඳුනාගත්ත “හතුරන්ට” පහරදීලා ඒ අය විනාශ කළා. තුන්වැනි අදියරේ දී තමයි තමන්ගේ රටවල්වලින් පැනලා වෙන රටවල්වලට ගිය අයව දඩයම් කළේ. ඒ දඩයම ඇමෙරිකාවටත් යුරෝපයටත් පැතිරිච්ච එකක්.
තමනුත් සම්බන්ධවෙලා හිටිය හින්දා ඇමෙරිකාව මුල් අදියර දෙකේ දී “රාජාලි මෙහෙයුම” විසින් කරන අපරාධ දැක්කේ නෑ වගේ හිටියා. ඒත් තුන්වැනි අදියරේ දී, ඒ මෙහෙයුමේ කටයුතු හින්දා තමන්ගේ “පිළිවෙළට සහ සාමයට” තුවාල වෙද්දි තවදුරටත් දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන්කමක් ඇමෙරිකාවට තිබුණේ නෑ. ඉතින් යම් යම් අවස්ථාවල රාජාලි මෙහෙයුමට බාධා කරන්න ඇමෙරිකාවට සිද්දවුණා.
ඒ කොහොම වුනත්, මේ මහා මෙහෙයුමට ඇමෙරිකාව දායකවෙච්ච විදිහ තවදුරටත් රහසක් නෙවෙයි. මුල් අදියරේ දී, තොරතුරු ගබඩාව හදන්න අවශ්‍ය පරිගණක ඇතුළු තාක්‍ෂණික පහසුකම් ලබාදීලා තියෙන්නේ CIA සංවිධානය විසින්. ඒ තාක්‍ෂණික උපකරණ මෙහෙයවන පිරිස් බලය සහ උපදේශන සේවාත් CIA සංවිධානය විසින් ම ලබාදීලා තියෙනවා. ඒ වගේ ම, තමන් විසින් එකතු කරගෙන තිබුණු විස්තරත් CIA සංවිධානය විසින් රාජාලි මෙහෙයුමට ලබාදීලා තියෙනවා. ඉතින් හඳුනාගත්ත “හතුරන්ගේ” නම්, ගම් ඇතුළු මූලික විස්තර; ඡායාරූප; මයික්‍රෝ-පටල; බුද්ධි වාර්තා; මානසික තත්ත්වයන් පිළිබඳ වාර්තා; අනුයුක්ත සංවිධාන පිළිබඳ විස්තර; පුද්ගලික සහ දේශපාලන ඉතිහාසය; පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන් පිළිබඳ විස්තර එහෙම පරිගණක දත්ත ගබඩාවේ ඉතාමත් විධිමත් විදිහට එකතුවුණා. ඇමෙරිකාවේ උදව්ව නැතුව 1975 - 77 කාලේ මෙහෙම හපන්කමක් කරන්න පුළුවන්කමක් අදාළ හමුදා ආණ්ඩුවලට තියා ඒ කාලේ තිබ්බ දියුණුයි කියන රටවල්වලටවත් තිබුණේ නෑ.
ඊට අමතරව, මේ රාජාලි මෙහෙයුමට අදාළ ආරක්‍ෂිත සන්නිවේදන පද්ධතියකුත් තිබිලා තියෙනවා. පැනමා ඇල ආශ්‍රිතව පවත්වාගෙන යන ඇමෙරිකානු ආරක්‍ෂක කඳවුරක තමයි “කොන්ඩොර්ටෙල්” (Condortel) කියන ඒ සන්නිවේදන පද්ධතිය පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ.
රාජාලි මෙහෙයුමෙන් වාමාංශික නායකයෝ විශාල පිරිසක් ඝාතනය කෙරුණා. ඒ හැම කෙනෙක් ගැන ම කියන්න ඉඩක් නෑ. ඒත් මේ මෙහෙයුම මාර්ගයෙන් ඇමෙරිකාවේ දී ඝාතනය කරපු ඕලැන්ඩෝ ලෙටලියර් ගැන නම් යමක් කියන්න ඕන.
1973 සැප්තැම්බර් 11 වැනි දා, ඕගස්ටෝ පීනෂේගේ නායකත්වයෙන් හමුදා ජුන්ටාව විසින් චිලියේ පාලන බලය අල්ලගනිද්දි සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමැතිවරයා විදිහට කටයුතු කරමින් හිටියේ ලෙටලියර්. හමුදා කුමන්ත්‍රණය වෙලාවේ ඔහු ජුන්ටාවේ අත්අඩංගුවට පත්වුණා. මාස 12 කට වැඩි කාලයක් විවිධ කඳවුරුවල රඳවාගෙන ඔහුට වදහිංසා පමුණුවන්න ජුන්ටාව කටයුතු කළා. ඒත් ජාත්‍යන්තර වශයෙන් ඇතිවෙච්ච බලපෑම් හින්දා ඔහුව දිගට ම හිර කරගෙන ඉන්න පුළුවන්කමක් හමුදා ජුන්ටාවට තිබුණේ නෑ. ඉතින් 1974 සැප්තැම්බර් මාසයේ දී ඔහුව නිදහස් කළා. හැබැයි ඒ කොන්දේසියක් පිට. නිදහස් කරපු ගමන් ම රටින් යන්න ඕන කියන එක තමයි ඒ කොන්දේසිය.
ඉතින් මුලින් ම තමන්ගේ පවුලේ අයත් එක්ක වෙනිසියුලාවට ගිය ලෙටලියර් 1975 දී ඇමෙරිකාවට සංක්‍රමණය වුණා. ඔහු එහි දී “ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය” කියන බුද්ධි මණ්ඩපයේ සාමාජිකයෙක් බවට පත්වුණා. ඔහු ඒ ආයතනය වේදිකාවක් කරගෙන ඉතාමත් තදින් “චිකාගෝ බෝයිස්ලා” හඳුන්වලා දීපු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන්න පටන්ගත්තා. ඊට අමතරව, ඔහු පීනෂේගේ හමුදා ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන පුද්ගලයෙක් බවටත් පත්වුණා.
ඉතින් මෙහෙම විරුද්ධවාදියෙක් යහතින් ජීවත්වෙනවා දකින්න ඕනකමක් පීනෂේගේ ආණ්ඩුවට තිබුණේ නෑ. 1976 සැප්තැම්බර් 10 වැනි දා, පීනෂේගේ ආණ්ඩුව විසින් ලෙටලියර්ගේ චිලී පුරවැසිකම අහෝසි කළා. ඊට දවස් 11 කට පස්සේ, (1976 සැප්තැම්බර් 21 වැනි දා), ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී කාර් බෝම්බයක් පුපුරවලා ඔහුව මරලා දාන්න පීනෂේගේ ආණ්ඩුව කටයුතු කළා.
පීනෂේ විසින් ඕලැන්ඩෝ ලෙටලියර් ඝාතනය කිරීමේ නියෝගය ලබාදීපු බව CIA සංවිධානය දැනගෙනයි හිටියේ. 1978 අප්‍රේල් 28 වැනි දා, CIA සංවිධානය විසින් නිකුත් කරපු රහසිගත වාර්තාවක තමයි ඒ බව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් “රාජාලි මෙහෙයුම” ඇමෙරිකාවේ දී පවා “හතුරන්” දඩයම් කළේ චිලියේ ඕනකමට විතරක් නෙවෙයි කියන කාරණයත් හොඳට ම පැහැදිළිවෙනවා.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..