News Category
From Date
To Date
Maximum Number of Result

වම මරන මෙහෙයුමක්..

Sep 21, 2025 at 11:09 AM
|

පීනෂේගේ මර්දනය චිලී රටට විතරක් සීමාවුණේ නෑ. දකුණු ඇමෙරිකාවේ රටවල් මහ ගොඩකත් ඇමෙරිකාවේත් මේ දඩයම සිද්දවුණා. ඇත්තෙන්ම, ඒක චිලියේ හමුදා ජුන්ටාව විතරක් මූලිකවෙලා ක්‍රියාත්මක කරපු මෙහෙයමකුත් නෙවෙයි. චිලී බුද්ධි අංශයට අමතරව බොලිවියා, ආර්ජෙන්ටිනා, උරුගුවේ, බ්‍රසීල සහ පැරගුවේ රටවල්වල බුද්ධි අංශ මේ මෙහෙයුමට සම්බන්ධ වුණා. වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන්ව දඩයම්කිරීම වෙනුවෙන් ආරම්භ කරපු මේ හමුදා ක්‍රියාන්විතය හැඳින්වුණේ “කොන්ඩෝ මෙහෙයුම” (Operation Condor) කියන නමින්. “කොන්ඩෝ” කියලා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඉන්න විශාල රාජාලි වර්ගයක්. අපේ පහසුව සළකලා අපි මේ ක්‍රියාන්විතයට “රාජාලි මෙහෙයුම” කියලා කියමු.

1975 නොවැම්බර් 28 වැනි දා, චිලී රටේ සන්තියාගෝ අගනුවර දී “රාජාලි මෙහෙයුම” නිල විදිහට ආරම්භ කළා. ඒ ආරම්භක රැස්වීමට උඩින් කියපු රටවල් නියෝජනය කරපු බුද්ධි අංශ නිලධාරියෝ 50 දෙනෙක් සහභාගී වෙලා හිටියා. මෙහෙම රටවල් ගොඩක් එකතු කරන්න හැකියාවක් ඕගස්ටෝ පීනෂේට නෑ. ඉතින් මේ මහා මෙහෙයුම සංවිධානය කරන්න ඉතාමත් රහසිගත විදිහට ඇමෙරිකාවත් සම්බන්ධ වුණා. (මේ ඇමෙරිකානු සම්බන්ධය පස්සේ හෙළිදරව්වෙලා තියෙනවා). ප්‍රංශය පවා මේ වැඩේට හවුල්වුණා කියලා කියනවා.

වාමාංශික දේශපාලනය දකුණු ඇමෙරිකා කලාපයෙන් ම අතුගාලා දාන එක තමයි 1975 – 1983 කාලයේ ක්‍රියාත්මක කරපු රාජාලි මෙහෙයුමේ අරමුණ වුණේ. මේ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දි දකුණු ඇමෙරිකාවේ රටවල් විශාල ප්‍රමාණයක (පැරගුවේ, බ්‍රසීලය, බොලිවියාව, උරුගුවේ, චිලී, පේරු, ඉක්වදෝර්, ආර්ජෙන්ටිනා) හමුදා පාලන ඇති කරලා තිබීමත් විශේෂයක්. මේ රාජාලි මෙහෙයුමෙන් ආර්ජෙන්ටිනාව, බොලිවියාව, බ්‍රසීලය, චිලී, ඉක්වදෝරය, පැරගුවේ, පේරු, උරුගුවේ කියන රටවල්වල වාමාංශික දේශපාලනයේ නිරතවෙච්ච හැට දාහක්, අසූ දාහක් අතර පිරිසක් මරා දාපු බව වාර්තාවෙලා තියෙනවා.

“රාජාලි මෙහෙයුම” ඉතාමත් සංවිධානාත්මක විදිහට කරගෙන ගිය ක්‍රියාන්විතයක්. දක්‍ෂිණාංශික දේශපාලනයට විරුද්ධවීමේ ඉඩක් තියෙන පුද්ගලයන්ගේ විස්තරාත්මක තොරතුරු ගබඩාවක් හදාගැනීම තමයි මේ යටතේ මුලින් ම කළේ. එහෙම අය සම්බන්ධවෙලා ඉන්න, ගෑවිලා ඉන්න දේශපාලන පක්‍ෂ, දේශපාලන කණ්ඩායම්, වෘත්තිය සමිති, ආගමික සංවිධාන වගේ හැම එකක් ම ආශ්‍රයෙන් මේ “හතුරෝ” හඳුනාගැනීම සිද්ද කළා. ඊ ළඟට, ප්‍රාදේශීය මට්ටමෙන් හඳුනාගත්ත “හතුරන්ට” පහරදීලා ඒ අය විනාශ කළා. තුන්වැනි අදියරේ දී තමයි තමන්ගේ රටවල්වලින් පැනලා වෙන රටවල්වලට ගිය අයව දඩයම් කළේ. ඒ දඩයම ඇමෙරිකාවටත් යුරෝපයටත් පැතිරිච්ච එකක්.

තමනුත් සම්බන්ධවෙලා හිටිය හින්දා ඇමෙරිකාව මුල් අදියර දෙකේ දී “රාජාලි මෙහෙයුම” විසින් කරන අපරාධ දැක්කේ නෑ වගේ හිටියා. ඒත් තුන්වැනි අදියරේ දී, ඒ මෙහෙයුමේ කටයුතු හින්දා තමන්ගේ “පිළිවෙළට සහ සාමයට” තුවාල වෙද්දි තවදුරටත් දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන්කමක් ඇමෙරිකාවට තිබුණේ නෑ. ඉතින් යම් යම් අවස්ථාවල රාජාලි මෙහෙයුමට බාධා කරන්න ඇමෙරිකාවට සිද්දවුණා.

ඒ කොහොම වුනත්, මේ මහා මෙහෙයුමට ඇමෙරිකාව දායකවෙච්ච විදිහ තවදුරටත් රහසක් නෙවෙයි. මුල් අදියරේ දී, තොරතුරු ගබඩාව හදන්න අවශ්‍ය පරිගණක ඇතුළු තාක්‍ෂණික පහසුකම් ලබාදීලා තියෙන්නේ CIA සංවිධානය විසින්. ඒ තාක්‍ෂණික උපකරණ මෙහෙයවන පිරිස් බලය සහ උපදේශන සේවාත් CIA සංවිධානය විසින් ම ලබාදීලා තියෙනවා. ඒ වගේ ම, තමන් විසින් එකතු කරගෙන තිබුණු විස්තරත් CIA සංවිධානය විසින් රාජාලි මෙහෙයුමට ලබාදීලා තියෙනවා. ඉතින් හඳුනාගත්ත “හතුරන්ගේ” නම්, ගම් ඇතුළු මූලික විස්තර; ඡායාරූප; මයික්‍රෝ-පටල; බුද්ධි වාර්තා; මානසික තත්ත්වයන් පිළිබඳ වාර්තා; අනුයුක්ත සංවිධාන පිළිබඳ විස්තර; පුද්ගලික සහ දේශපාලන ඉතිහාසය; පවුලේ සාමාජිකයන් සහ මිත්‍රයන් පිළිබඳ විස්තර එහෙම පරිගණක දත්ත ගබඩාවේ ඉතාමත් විධිමත් විදිහට එකතුවුණා. ඇමෙරිකාවේ උදව්ව නැතුව 1975 - 77 කාලේ මෙහෙම හපන්කමක් කරන්න පුළුවන්කමක් අදාළ හමුදා ආණ්ඩුවලට තියා ඒ කාලේ තිබ්බ දියුණුයි කියන රටවල්වලටවත් තිබුණේ නෑ.

ඊට අමතරව, මේ රාජාලි මෙහෙයුමට අදාළ ආරක්‍ෂිත සන්නිවේදන පද්ධතියකුත් තිබිලා තියෙනවා. පැනමා ඇල ආශ්‍රිතව පවත්වාගෙන යන ඇමෙරිකානු ආරක්‍ෂක කඳවුරක තමයි “කොන්ඩොර්ටෙල්” (Condortel) කියන ඒ සන්නිවේදන පද්ධතිය පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ.

රාජාලි මෙහෙයුමෙන් වාමාංශික නායකයෝ විශාල පිරිසක් ඝාතනය කෙරුණා. ඒ හැම කෙනෙක් ගැන ම කියන්න ඉඩක් නෑ. ඒත් මේ මෙහෙයුම මාර්ගයෙන් ඇමෙරිකාවේ දී ඝාතනය කරපු ඕලැන්ඩෝ ලෙටලියර් ගැන නම් යමක් කියන්න ඕන.

1973 සැප්තැම්බර් 11 වැනි දා, ඕගස්ටෝ පීනෂේගේ නායකත්වයෙන් හමුදා ජුන්ටාව විසින් චිලියේ පාලන බලය අල්ලගනිද්දි සැල්වදෝර් අලියැන්දේ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමැතිවරයා විදිහට කටයුතු කරමින් හිටියේ ලෙටලියර්. හමුදා කුමන්ත්‍රණය වෙලාවේ ඔහු ජුන්ටාවේ අත්අඩංගුවට පත්වුණා. මාස 12 කට වැඩි කාලයක් විවිධ කඳවුරුවල රඳවාගෙන ඔහුට වදහිංසා පමුණුවන්න ජුන්ටාව කටයුතු කළා. ඒත් ජාත්‍යන්තර වශයෙන් ඇතිවෙච්ච බලපෑම් හින්දා ඔහුව දිගට ම හිර කරගෙන ඉන්න පුළුවන්කමක් හමුදා ජුන්ටාවට තිබුණේ නෑ. ඉතින් 1974 සැප්තැම්බර් මාසයේ දී ඔහුව නිදහස් කළා. හැබැයි ඒ කොන්දේසියක් පිට. නිදහස් කරපු ගමන් ම රටින් යන්න ඕන කියන එක තමයි ඒ කොන්දේසිය.

ඉතින් මුලින් ම තමන්ගේ පවුලේ අයත් එක්ක වෙනිසියුලාවට ගිය ලෙටලියර් 1975 දී ඇමෙරිකාවට සංක්‍රමණය වුණා. ඔහු එහි දී “ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය” කියන බුද්ධි මණ්ඩපයේ සාමාජිකයෙක් බවට පත්වුණා. ඔහු ඒ ආයතනය වේදිකාවක් කරගෙන ඉතාමත් තදින් “චිකාගෝ බෝයිස්ලා” හඳුන්වලා දීපු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන්න පටන්ගත්තා. ඊට අමතරව, ඔහු පීනෂේගේ හමුදා ආණ්ඩුවට විරුද්ධ ප්‍රධාන පුද්ගලයෙක් බවටත් පත්වුණා.

ඉතින් මෙහෙම විරුද්ධවාදියෙක් යහතින් ජීවත්වෙනවා දකින්න ඕනකමක් පීනෂේගේ ආණ්ඩුවට තිබුණේ නෑ. 1976 සැප්තැම්බර් 10 වැනි දා, පීනෂේගේ ආණ්ඩුව විසින් ලෙටලියර්ගේ චිලී පුරවැසිකම අහෝසි කළා. ඊට දවස් 11 කට පස්සේ, (1976 සැප්තැම්බර් 21 වැනි දා), ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී කාර් බෝම්බයක් පුපුරවලා ඔහුව මරලා දාන්න පීනෂේගේ ආණ්ඩුව කටයුතු කළා.

පීනෂේ විසින් ඕලැන්ඩෝ ලෙටලියර් ඝාතනය කිරීමේ නියෝගය ලබාදීපු බව CIA සංවිධානය දැනගෙනයි හිටියේ. 1978 අප්‍රේල් 28 වැනි දා, CIA සංවිධානය විසින් නිකුත් කරපු රහසිගත වාර්තාවක තමයි ඒ බව සඳහන් කරලා තියෙන්නේ. ඉතින් “රාජාලි මෙහෙයුම” ඇමෙරිකාවේ දී පවා “හතුරන්” දඩයම් කළේ චිලියේ ඕනකමට විතරක් නෙවෙයි කියන කාරණයත් හොඳට ම පැහැදිළිවෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.