News Category
From Date
To Date
Maximum Number of Result

ටිල්වින් පොඩි එකාගේ කිරි ටිකත් බීලා ගියා..

Sep 20, 2025 at 10:46 AM
|

ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්‍රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන් අරන්.ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ඇතුලේ තිබුණ විශ්වාසනීයභාවය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ලොක්කෝ එකිනෙකාට හොරෙන් රහසේම ගේමක් ගහගෙන කියලා පහල බලවේග අතර සංවාදයක් හැදිලා.

මේ අර්බුදය විසඳාගන්න ජවිපෙ අභයන්තර වශයෙන් ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. විවිධ පැහැදිලි කිරීම් පහලට කරනවා.මේ තත්වය ජවිපෙ නොවෙන කෙනෙකුට ලොකුවට දැනෙන්නේ නෑ.හැබැයි මාලිමාවට ඡන්දය දුන්න අය කිසිකෙනෙක් හිතන්න නැතිව ඇති මෙයාලා මෙහෙම මජර විදිහට හම්බ කරලා ඇති කියලා. මේක තනිකරම අලි බබා සහ හොරු හතලිහ වගේ ඊට වැඩිය ලොකු හොර මුලක්.දැන් ඇත්තටම ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්නේ මේ කෝටිපතියෝ ටිකයි එයාලගේ කුලී ලියන්නෝ ටිකයි විතරයි.

ජවිපෙ වෙනුවෙන් අවංකව පෙනී හිටිය බලවේගය දැන් අතුරුදහන්.නායකයෝ සහ ඩෝබිලා විතරක් ඉතිරිවෙලා.ජවිපෙ නායකයන්ගේ වත්කම් හෙලිවීමත් එක්ක එයාලා ඉස්සෙල්ලාම කිව්වේ අපි හොරු නොවෙන නිසා අපේ වත්කම් සහ බැරකම් අපිම කෙලින්ම ලියලා දුන්නා කියලයි.ඇත්තටම ඒක උනේ එහෙම නෙවෙයි.2023 අවුරද්දේ සම්මත කරපූ දුෂණ විරෝධී පනතට අනුව මේක කඩකින් බැරි නීතියක්.ඒ පනත නිසා මෙයාලගේ වංචාව සහ බොරුව අතටම අහුවුනා.

ඒකේ ගෞරවය යන්නත් ඕනිත් රනිල්ට.කොහොම හරි දැන් මෙයාලා ඔප්පු කරන්න ඕනි තමන් මේ මුදල් උපයාගෙන තියෙන්නේ සාධාරණ විදිහකට කියලා.ඒ වගේම ජවිපෙ නායකයන් කීපදෙනෙක් ළඟ වත්කම් විදිහට ක්‍රිප්ටෝ තියන බවත් සදහන් කරලා තිබුණා.ඒක එක්තරා මට්ටමකට නීති විරෝධී.මේවා ගැන පරීක්ෂණ කරන්න ඕනි.ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕනි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ කොමිෂම.දැනටමත් ඒ ගැන පැමිණිලි කරලා තියනවා.

හැබැයි මාලිමාවේ ශාඛා සමිති දෙකක් බවට පත්වෙලා තියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් විදිමත්ව ඒ පරීක්ෂණ කරයි කියලා හිතන්න බෑ.ඒක නිසා ඒ පරික්ෂණ අනාගත රජයක් යටතේ සිද්ධ කරන්න වෙනවා.හැබැයි මෙතනදී දේශපාලන වශයෙන් ගන්න පියවර කීපයක් තියනවා.මෙයාලාගෙන් ගොඩ දෙනෙක් මීට කලින් දිගටම මැතිවරණවලට ඉදිපත්වෙලා තියනවා. මෙයාලා මැතිවරණ කොමිසමට සහ වෙනත් ආයතනවලට වත්කම් සහ බැරකම් ප්‍රකාශ දීලා තියනවා.

උදාහරණයක් විදිහට වසන්ත සමරසිංහ ගත්තොත් එයා දිගටම මෑතිවරණවලට ඉදිරිපත් වෙලා තියනවා.ඒ හැම අවස්ථාවකම වත්කම් සහ බැරකම් ප්‍රකාශ දෙන්න ඇති.ඒ කියන්නේ වසන්ත ඔය කියන අවුරුදු 28 පුරාවට එයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මෑතිවරණ කොමිෂමේ තියනවා. තොරතුරු දැන ගැනීමට පනත යටතේ මේවා ගන්න පුළුවන්.ඒවා මගින් වසන්ත නීතියෙන් වැරදිකාරයෙක් කරන්න බැරි උනත් ඒවා සන්සන්දනය කරලා එයා වත්කම් උපයාගෙන තියන විදිහ ගැන අදහසක් රටට හදන්න පුළුවන්.

එතකොට ඔය කෝටි 27.5 කොහොමද උපයාගත්තේ කියලා දැන ගන්න පුළුවන්.එයාට පවුලෙන් ආපු වත්කම් මොනවද?එයා උපයා ගත්ත වත්කම් මොනවද?නෝනාගෙන් හම්බවුනේ මොනවද කියලා බලන්න පූළුවන්.නීතිමය ක්‍රියාමාර්ග ගන්න උනත් වසන්තයේ ඒ පැරණි වත්කම් සහ බැරකම් ප්‍රකාශ වැදගත් වෙනවා. එතකොට බොහොම පැහැදිලිවම පේනවා වසන්ත දේපල සහිතව දේශපාලනයට ආපූ කෙනෙක්ද නැත්තං වසන්ත දේශපාලනයට ඇවිත් වත්කම් උපයා ගත්ත කෙනෙක්ද කියන එක තහවුරු කරගන්න පුළුවන්.

ඊළඟට ඒ වත්කම් සාධාරණව උපයපු ඒවද කියලා වත්කම් බැරකම් ප්‍රකාශ සංසන්දනය කරලා අදහසක් ගන්න පුළුවන්.ඒ වැඩේ වසන්ත ඇතුළු සියලු දෙනාටම කරන්න පුළුවන්.රනිල් කරලා ගිය වැඩේ නිසා ලේසියෙන් බේරෙන්න ජවිපෙ නායකයින්ට බෑ.දැන් ජවිපෙ නායකයන්ට ජවිපෙ ඇතුලේ නියම සත්‍යවාදීන් විදිහට තවදුරටත් පෙනී ඉන්න බෑ.ඒ සදාචාරමය බලය දැන් එයාලට නෑ. සාමාන්‍යයෙන් ජවිපෙ සාමාජිකයා කියන්නේ අයියලා කියන ඕනිම දෙයක් විශ්වාස කරන ගිරා පෝතකයෝ මල්ලිලා නංගිලා සෙට් එකක්.

දැන් ඒ අයියලාටම සීයාගේ පනතට අනුව තමන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරන්නවෙලා.මේ ප්‍රසිද්ධ කරලා තියන වත්කම්වලත් බරපතල අඩුපාඩුකම් තිබෙනවා.විශේෂයෙන්ම වාහන සහ රත්‍රන් සම්බන්ධව ඒ සැකය තියනවා.මේක ජවිපෙ සාමාජිකයා කිසිසේත්ම බලාපොරොත්තු වුන තත්වයක් නෙවෙයි.ඒක නිසා ජවිපෙ නායකයින් කරපූ කියපු බොරු ඔක්කොම නැවත රිවයින් වෙන්න පටන් ගන්නවා.

උදාහරණයක් විදිහට ටිල්වින් දිස්තික් කමිටු කැඳවන්න හරි දිස්ත්‍රික් ක්‍රියාකාරී සාකච්ඡාවකට ආවට පස්සේ අනිත් ඔක්කොටෝම තේ දෙද්දී ටිල්වින්ට විතරක් හොරෙන් කිරි එකක් හදලා දෙනවා.ඒක හේතුව තමයි ටිල්වින් එක්ක එන සඟයා ඒ ගෙදර අයට හොරෙන් කියනවා ටිල්වින් අයියා තේ බොන්නේ නෑ.ගෑස්ටික් තියනවා කිරි විතරයි බොන්නේ කියනවා.එතකොට අර ගෙදර මිනිස්සු ගෙදර පොඩි එකාට තියන කිරි ටික හරි ටිල්වින්ට හදලා දෙනවා.මේවා ඒ මිනිස්සු දුන්නේ කොච්චර ගෞරව භක්තියකින්ද?

අද මේවා දිහා පවා ඒ මිනිස්සු බලන්නේ වපර ඇහෙන්.ටිල්වින් ඇවිත් පොඩි එකාගේ කිරි ටිකටත් කෙලලා ගියා කියලා පහල සමාජිකයේ දැන් කියනවා.ඇත්තටම ජවිපෙ ඇතූලේ සෝමවංශගෙන් පස්සේ ආදර්ශ නැතිවුනා.අද ජවිපෙ ඉන්න නායකයෝ ජවිපෙ හිටපු නායකයන් එක්ක සන්සන්දනය කරද්දී මේවා ඔක්කොම දේශපාලන පරඬැල් බව තේරුම් ගන්න පුළුවන්. විජේවීර එක්ක.ගමනායක එක්ක.ශාන්ත බණ්ඩාර එක්ක.

සමන් පියසිරි එක්ක.නිශ්මි,බාලේ,ත්‍රිමා එක්ක. සෝමවංශ එක්ක මෙයලා සන්සන්දනය කලොත් ඇඩෙනවා.ජවිපෙ නැතිව වෙනත් පක්ෂවල හිටපු නායකයෝ එක්ක සන්සන්දනය කරන්න පුළුවන්ද?ඩීඑස්,ඩඩ්ලි,බණ්ඩාරනායක.සිරිමාවෝ,එන්එම්, කොල්වින්......ඔය කාත් එක්ක සන්සන්දනය කලත් මේවා දේශපාලන පරඬැල්ම තමයි.මෑතකාලින ආදර්ශමත් දේශපාලනඥයන් උන ලක්මන් කදිරගාමර්,මංගල සමරවීර,කරූ ජයසූරිය වගේ අයත් එක්ක සන්සන්දනය කලත් එන්නේ අර උත්තරයම තමයි.

ජවිපෙ ආධ්‍යාත්මික නායකයා විදිහට ඉන්නේ ටිල්වින්.රටේ රාළ නං ටිල්වින් සමාන කරන්නේ පාතාල මැරයෙකුට.පහුගිය දවස්වල යක්කල පෙටුගාමී කාර්යාලයට පැනලා ටිල්වින්ගේ පාතාලය ක්‍රියාත්මක උන හැටි ඔයාලා දකින්න ඇති. ටිල්වින්ගේ පාතාලයෙන් බැටකාපු කෙනෙක් විදිහට ටිල්වින් පාතාල නායකයෙක් විදිහට හැදින්නුවේ නැත්තං ඒක රටේ රාළ කරන ලොකු දේශපාලන වැරද්දක්.ඇත්තටම ජවිපෙ කියන වැදගත් දේශපාලන පක්ෂය එක්තරා තැනකදී දේශපාලන මංකොල්ලකරුවන් කණ්ඩායමක් අතට පත්වුනා.

ඊට වැඩිය වෙනස් විග්‍රහයක් ජවිපෙ ගැන හෝ ජවිපෙ නායකයන් ගැන රටේ රාළට නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

(අන්තර් ජාලයෙන් උපුටා ගැණිනි.)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.