News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් විද්‍යාපීඨවලට ඇතුලත් වීමට බලා සිටින දරුවන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙලා - ගුරු අධ්‍යාපනසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මිරිහාන

Sep 17, 2025 at 05:18 PM
|

රජය ගෙන ඒමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් නිසා විද්‍යාපීඨවලට ඇතුලත් වීමට බලා සිටින දරුවන් විශාල සංඛ්‍යාවක් බරපතල අසාධාරණයක් සිදුව තිබෙන බව ගුරු අධ්‍යාපනසේවා සංගමයේ ප්‍රධාන ලේකම් විද්‍යාපීඨ ජේෂ්ඨ කථිකාචාර්ය ධම්මික මිරිහාන මහතා පවසයි.

පහත දැක්වෙන්නේ ඒ මහතා මේ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි.

වත්මන් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විද්‍යා පීඨයන්ට ඇතිකරන බලපෑම කොයිවගේද?

2023 හා 2024 විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමට ගැසට් කිරිමට නියමිතව තිබූ පාඨමාලා යෝජිත ප්‍රතිසංස්කරණ සමඟ ගලපා ගැසට් කරන ලෙසට බලධාරින් විසින් අමාත්‍යංශයේ අදාළ අංශවලට දැන් වූ බව අපට දැන ගන්නට ලැබුනා. මේ තත්ත්වය තුළ දැනටමත් කල් ගොස් ඇති මෙම බඳවා ගැනීම් තවත් කල් යන්නට ඉඩ තියෙනවා  . ඇත්තටම මේ ආකාරයට පීඨවල පාඨමාලා විෂයන් ප්‍රතිසංස්රණ තුළින් හඳුන්වා දෙන විෂයන් අනුව නම් කිරීම අවශ්‍ය වන්නේ නෑ. අලුතින් හඳුන්වා දී ඇති විෂයන්ට අදාළ වන අන්තර්ගතය අනුව දැනය ගැසට් කරන විෂයන් යටතේ මූලික සංකල්ප ටික ගුරුවරයාට ඉගැන්වුවාට පසුව මොන ප්‍රතිසංස්කරණය ආවත් ඒවාට අනුව විෂයට අදාළ නිපුනතා අනුවර්ථනය කරගෙන   දරුවන්ට උගන්වන්න විද්‍යාපීඨ ගුරුවරුන්ට   පුලුවන්. මොකද උසස්පෙළ ගනිත,විද්‍යා,කළා,වානිජ්‍ය සහ තාක්ෂණවේදී  විෂය ධාරා යටතේ විභාග  සමත් වූ දරුවන් තමයි අපි ඒ ඒ පාඨමාලා සඳහා විද්‍යාපීඨවලට බදවා ගන්නේ. උදාහරණයක් ලෙස යෝජිත ප්‍රතිසංස්කරණ තුළ ධිවර කර්මාන්තය පිළිබඳ මොඩියුලයක් තිබෙනවානේ. එහි අන්තර්ගතය අනුව මේ කොටස විද්‍යා පාඨමාලාවට ද සමාජ විද්‍යා පාඨමාලාවට ද අයත් වන්නේ යන්න තීරණය කර එම මොඩියුලය ඉගැන්වීම පිළිබඳ ක්‍රම විද්‍යාව ශික්ෂණලාභින්ට ඉගැන්වීම ගුරු අධ්‍යාපනඥයාගේ රාජකාරියයි. 

එහෙනම් විද්‍යා පීඨවලට ඇතුලත් වෙන්න බලා සිටින ළමයින්ව ඇයි බදවා ගන්නේ නැත්තේ?

අපිත් ආණ්ඩුවට බලකරන්නේ 2023 – 24 උසස්පෙළ සමත් ළමයින් බලාගෙන සිටිනවා විද්‍යාපීඨවලට ඇතුලත් වෙන්න. ඒ අයට ඇතුලත් වීමට අදාල ගැසට්ටුව එළිදක්වන්න කියලයි අපි කියන්නෙත් . අලුතින් විද්‍යාපීඨවලට ළමුන් බඳවා ගැනීමේ ගැසට් එක ඉදිරිපත් කරන්න තිබුණේ පසුගිය සතියේ. නමුත් අධ්‍යාපන බලධාරින්  කියලා තියෙනවා දැන්ම ඒ ගැසට් එක දාන්න එපා කියලා.ඒ සඳහා යෝජිත  ප්‍රතිසංස්කරණ අනුව විෂය නම් කිරීම ජාතික අධ්‍යාපන ආයතනයට බාර දීලා තියෙනවා. අපිට සැකයක් තියෙනවා නව විෂයන් පිළිබඳ ස්ථිර අදහසක් ඔවුන් තුළවත් පවතීද කියලා.

විද්‍යාපීඨයන්ට ළමයි බඳවා ගැනීමේ ගැසට්ටුව ප්‍රකාශයට පත්කරන්න ආණ්ඩුව ඇයි කල් මරන්නේ? මේ ගැටලුවට විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට ඔබලා අදහස කුමක්ද? 

දැනට ගැසට් කිරිමට නියමිත පවතින විෂයන්ට අනුව ළමයි ඇතුලත් කරගෙන   නව ප්‍රතිසංස්කරණය අනුව හඳුන්වා දෙන විෂයන් පිළිබඳ ස්ථිර අදහසක් ප්‍රකාශ වුනාට පසුව  එයින් හඳුන්වා දෙන අලුත්  විෂයන්ට අදාළ විෂය  කරුණු සහ ක්‍රම විද්‍යාව විද්‍යාපීඨ පාඨමාලාවලට ඇතුලත් කර එය ක්‍රමානූකුලව ශික්ෂණලාභින්ට උගන්වන එකයි තියෙන්නේ.බදවා ගැනීම් කල් දැමීමෙන් වෙන්නේ  ළමයින්ගේ වටිනා කාලය ආපස්සට යන එකයි. ජාතික අධ්‍යාපන ආයතනය හදිසියට මේ විෂයන් නම් කරන්නේ නැහැ. තව මාස 6 – 7ක් වත් අඩුම තරමින් ගතවෙයි. ඔවුන් දැනට ප්‍රතිසංස්කරණ යෝජනා ලෙස සමාජයට ඉදිරිපත් කර ඇත්තේ ස්ලයිඩ් 27 පමණක් තියෙන ප්‍රසන්ටේෂන් එකක් විතරයි. ඒ අනුව අධ්‍යාපනඥයන් ලෙස අපටවත් මේ ගැන නිශ්චිත අදහසක් නෑ.

විද්‍යාපීඨයන්ට ළමයි ඇතුලත් කර ගැනීම පමා වෙනවා කියන්නේ පාසල්වල දක්ෂ පුහුණු  ගුරු හිඟයක් මතුවෙනවා කියන එක නේද?

සත්‍යවශයෙන්ම සිදුවෙන් එයයි.රජයේ පාසල්වලට අවශ්‍ය ගුරුවරුන්ගෙන් සියයට 70ක් විතර ලබා දෙන්නේ විද්‍යාපීඨවලින්.  දැනට විද්‍යා පීඨවල පුහුණුව ලබන ළමයින්ගෙන් එක් කණ්ඩායමක් ඔක්තෝම්බර් 13 වෙනිදා පාසල්වලට අනුයුක්ත කරනවා. ඇතුලේ සිටින අනෙක් කණ්ඩායමක් ලබන වසරේ (2026)  ජූලි වන විට  පාසල් වලට ලබා දෙනවා.  බඳවා ගැනීම් කඩිනමින් සිදුකළේ නැති නම් ලබන වසරේ ජූලි වන විට  එක කණ්ඩායමක් වත් විද්‍යාපීඨ තුල නැහැ.

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ලබන වසරේ (2026) සිට ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නේද? විෂය නිර්දේශයක්වත් ලබා නොදී ඇති  පසුබිමක් යටතේ පුහුණු ගුරුවරුන් ලබා දෙන්නේ කෙසේද?

වසර 2026 සිට මෙය ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරන බව සඳහන් කරනවා.  දැන් මේ ගතවෙන්නේ  සැප්තැම්බර් මාසය.  මේ වසර අවසන් වෙන්න තවත් තියෙන්නේ මාස තුනයි. ඒ මාස තුනට පුලුවන්ද ගුරු ප්‍රජාව සහ විද්‍යාපීඨ ශික්ෂණලාභින් පුහුණු කරන්න.

ලබන වසරේ සිට 1 වසර සහ 6 වසර සඳහා මෙම නව ප්‍රතිසංස්කරණ  මෙය ක්‍රියාත්මක කරනවා. ඒ සදහා අපි විද්‍යාපීඨවලින් ගුරුවරුන් ලබා දිය යුතුයි. නමුත් තාම අපි ට විෂය නිර්දේශයක්වත් නැතිව ගුරුවරුන් පුහුණ කිරීමට නොහැකි වී තිබෙනවා.ජාතික අධ්‍යාපන ආයතනය දැනට පවතින විද්‍යාපීඨ පාඨමාලාවල විෂය නිර්දේශයවත් 2011 පසුව සංශෝධනය කර නැහැ. 

ආණ්ඩුව ගෙන එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුල තිබෙන මෙවැනි අඩුපාඩු විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට ඔබලා රජය පෙන්වා දීමක් කළේ නැතිද?

පි- මේ ඉතා කණගාටුදායක් තත්තවයක්. විද්‍යාපීඨ ආචාර්යවරුන් විදිහට අපි කැමතියි මෙහි තිබෙන අඩුපාඩු පෙන්වලා . අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඒත් අධ්‍යාපන බලධාරීන් ඒවාට සවන් දෙන්නේ නැහැ. විද්‍යාපීඨ පීඨාධිපතිවරුන්ව අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් පීඨාධිපතිවරුන්ට කරුණු දක්වන්න අවස්ථාව දිලා නැහැ. ඔවුන්ට සිදුවෙලා තියෙන්නේ කියන දේ අහගෙන නැවත් හැරිලා එන්න විතරයි. 

ඔබ කියන විදිහට අධ්‍යාපන බලධාරීන් , අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයින්ට ඇහුම්කම් දීමක් වෙන්නේ නැතිද?

අපිට පැහැදිලිව පේන විදිහට ඇහුකම්දිම සිදුකරන්නේ නැහැ. එහෙම කරනවා නම් දැනට ගෙනත් තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අඩුපාඩු බොහෝමයක් තියෙනවා. ඒවා නිවැරදි කර ගන්න පුලුවන්නේ.  අඩුම තරමින් මෙවැනි ප්‍රතිසංස්කරණයක් ගේන්න කලින් එය පාසල්වලට ගැලපෙනවාද කියලා දැනගන්න නියමු ව්‍යාපෘතියක් කල යුතුයි. නමුත් එහෙම එකක්වත් කරලා නැහැ.

මීට කලින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ගෙනාවා. ඒ තුල නියමු ව්‍යාපෘති තිබුණාද?

1997දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙනාවා.  1998දී ගම්පහ පාසල් 100ක් තෝරාගෙන අධ්‍යාපන අමාත්‍යංශය ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන කොමිෂන් සභාව කියන ආයතන තුනම එකතු වෙලා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කලා. එහිදී සාර්ථක විචල්ලයන්  තෝරාගෙන අසාර්ථක  විචල්ලයන් ඉවත් කරලා තමයි එදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේ.

නීතීඥයාට වැරදුනොත් අඩි 6ක් උඩ, දොස්තරට වැරදුණොත් අඩි 6ක් යට නමුත් ගුරුවරයෙකුට වැරදුණොත් සමස්ත දරු පරපුරකගේම විනාශය. මම හිතන්නේ ජාතික අධ්‍යාපන ආයතනය අපේ දරුවන්ගේ අනාගතය සමඟයි සෙල්ලම් කරන්නේ.

ඒ කියන්නේ  ආණ්ඩුව ගෙනවිත් ඇති අධ්‍යාපන ප්‍රතිසංසකරණයට මහමොළකරුවෙක් හෝ කණ්ඩායමක් නැතිද?

මම දන්නා පරිදි එවැනි මහමොළ කරුවෙක් නැහැ. වසර 1972 දී 1997 ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විද්වත් මණ්ඩලයක් හිටියා. නමුත් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තුල එහෙම මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් නැහැ.  කොහොම නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී (2019)  ආචාර්ය උපාලි සේදර මහතා ගෙනා  අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ද මේ ගෙන යන්නේ කියලා අපට හිතෙනවා. මොකද ඒ ප්‍රතිසංස්කරණයක් තුල තිබු බොහෝ කරුණු මෙහි අන්තර්ගතයි.

කොහොම නමුත් 2023 – 24 වසර වල උසස් පෙළ සමත් දරුවන් කොපමණ සංඛ්‍යාවක් විද්‍යාපීඨයන්ට ඇතුලත් වෙන් බලාගෙන සිටිනවාද?

මේ වන විට වසර දෙකේම දරුවන් 8000කට  ආසන්න පිරිසක් බලාගෙන සිටිනවා. මේ අයව බදවා ගැනීම දිනෙන් දින තවත් කල් ගියොත් මේ ළමයි විද්‍යාපීඨයන්ට ඇතුලත් නොවී වෙනත් විකල්පයන් සොයාගෙන යයි. අනික මෙතැන තිබෙන තවත් බරපතලම දේ තමයි උසස් පෙණ සමත්ව විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූ දරුවන් පවා විශ්ව විද්‍යාල අතහැර දමා විද්‍යාපීඨයන්ට ඇතුළු වීමට බලාගෙන සිටියා. එවැනි දරුවන්ට බරපතල අසාධාරණයක් වෙනවා.

ඔබ කියන විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් බලාපොරොත්තු වුණ  ඉලක්ක ඉටුවෙලා නැතිද?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සමාජයේ ඉල්ලීම් කිහිපයක්  තිබුණා එකක් තමයි ශිෂ්‍යත්ව විභාගායේ බර අඩුකරන්න. අනික් එක තමයි පොත්වල බර අඩුකරන්න කියලා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුල අපොස සාපෙළ මට්ටමේ දී  විෂයන් 7 සීමා කරලා තවත් මොඩියුල විෂයන් 17ක් ළමයින්ට හදුන්වා දී තිබෙනවා. පෙලපොත් 9 ක් ගෙන ගිය දරවාට දැන් මොඩියුලර් 17ක පොත් ගෙනයන්න සිදුවෙනවා.6 වසරේ ඉදලා 11 වසර දක්වා  මේ මෙඩියුලර් 17 ඉගෙන ගන්න අවශ්‍යයයි. මොඩියුලර් වලටත් දැන් පොත් මුද්‍රණය කරලා අවසන් බව කියනවා .

අනික මෙහි තිබෙන බරපතල කම තමයි මේවා ළමයා තනියම හදාරන්න බව දන්වලා තියෙන එක.මේ ක්‍රමය හොදයි කොළඹ පාසල්වලට . දුෂ්කර පාසල්වල දරුවන්ට ළඟ ඉදලා කියලා දෙන දේවත් තේරුම් ගන්න හැකියාවක් නැති බහුතරයක්  ළමයින් ඉන්නවා.තවත් කාරණයක් තමයි විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගයට අමතරව පාසල් පාදක තක්සේරුවට වැඩි ප්‍රමුඛතාවයක් දීම. තාම අපේ රටේ ගුරුවරුන් පුද්ගලබද්ධ සාධක නොමැතිව තීරණ ගනියි ද කියන ප්‍රශ්නය අත්දැකීම් ඇසුරින් අපට පැන නගිනවා.

ඒ වගේම අපේ රටේ තිබෙන බරපතළම ගැටලුවක් තමයි රජයේ පාසල්වල දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් වසර 13ක් කැප කිරීම. හැබැයි අපේ රටේම ලන්ඩන් සිලබස් අනුව පෞද්ගලික පාසල්වල  ඉගෙන ගන්න ව්‍යාපාරිකයන්ගේ, මැති ඇමතිවරුන්ගේ දරුවන් වසර 11කින් පාසල් අධ්‍යාපනය හමාර කරලා විශ්වවිද්‍යාලවලට යනවා.  මේ විෂමතාවය නැති කරන්න මේ ප්‍රතිසංස්කරණවලින් කටයුතු කරලා නැති බව පේනවා. යම් බටහිර රටක අධ්‍යාපන ක්‍රමයක් දිහා බලලා මේක හොඳයි මේකේ ඩොලර් උපයන්න උගන්වනවා, කෘතිම බුද්ධිය තමයි උගන්වන්න අවශ්‍ය වගේ අදහස් අධ්‍යාපන බලධාරින් අවධාරණය කරනවා. ප්‍රතිසංස්කරණ එන්නටත් පෙර අපේ තරුණ පරපුර කෘතිම බුද්ධිය පිළිබඳ දැනුවත්. අපි අනාගත පරපුරට උගන්වන්න අවශ්‍ය මොන දියුණු තාක්ෂණය ආවත් මනුෂ්‍යකම නැති නොකර ගෙන ජීවත් වෙන්න. ඒ සඳහා මේ ප්‍රතිසංස්කරණ අවධානය යොමු කරලා තියෙනවද කියන එක සොයා බැලීම වැදගත්. 

 සාකච්ඡාව - ශ්‍රියානි විජේසිංහ


සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.