"ලංකා 1” බස් රථය..
ලංකා 1” බස් රථය (23ශ්‍රී5812) ගැනයි.
මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.
නමට එක එක්කෙනාගේ සම්බන්ධයක් නැති නමක් යෝජනා විය යුතුයි කියා කවුරුත් කීවා. පසුව කාගේත් කැමැත්ත ඇතිව “ලංකා-1” කියල බස් එක නම් කළා.
අපි ඒ බස් එක මැයි පෙළපාලියටත් අරගෙන ගියා. මට මතක හැටියට ඒ 1972 දී. අපි බස් එකේ මංගල ගමන දාගත්තේ කතරගම යන්න. බස් එක හදද්දී කිසිම විවේකයක් නැතුව වැඩ කළ අපට දැන් විවේකයක් තියෙනවා. මේ අතරතුර මම විවාහ වුණා. විවාහයෙන් පස්සේ මම බිරිඳත් එක්ක මුලින්ම ගියේ කතරගම. මම මාතර ඉඳල අනිල් මුණසිංහ මහත්තයට ටෙලිෆෝන් කර දැනගත්තා බස් එක මාතරට එන වෙලාව. ඒ වෙලාවට අපි දෙන්නා මාතරට ඇවිත් බස් එකට එකතු වුණා. මේ තියෙන්නේ කතරගමදී ගහපු පින්තූර.
ඊලඟට අනිල් මුණසිංහ මහත්තයයි, ලෙස්ලි ගුණවර්ධන මහත්තයයි, මැතිනිය එක්ක සාකච්ඡා කරලා “ලංකා -1” වර්ගයේ බස් වේරහැර හදන්න තීරණය කළා. ඒකට අවශ්‍ය පහසුකම් සහිත ආසියාවේ දෙවන විශාලතම කර්මාන්ත ශාලාව වේරහැර තිබුණ. එතකොටත් වේරහැර වටිනාකම රුපියල් කොටි 35 ක් විතර. අපට අවශ්‍ය කාර්මික ඥානය සහ තවත් ආධාර සමාජවාදී රටවල් වලින් ලැබුණා.
ඉතින් ඇයි මෙච්චර පහසුකම්, ධෛර්ය්‍ය, රජයේ අනුග්‍රහය හෙම තියෙද්දිත් බස් තැනීම එක බස් එකකට සීමා වුණේ..?
මේවා ඔක්කොම සූදානම් කරගෙන කර්මාන්තයක් හැටියට බස් තැනීම පටන් ගන්න හදනකොටම 1977 දී ජේ. ආර්. බලයට පත්වුණා. ඒකයි වුණු නස්පැත්තිය. ඊට පස්සේ අපිව ලංකාව පුරා සීසීකඩ මාරු කරලා දැම්මා. ජාතික සේවක සංගමයේ මැර බලය බලවත් වුණා. විවෘත්ත ආර්ථිකය යටතේ ලං.ග.ම. ලෝක බැංකු නියෝග වලට යට වුණා. ආයිත් අර 1958ට කලින් තුබුණ වගේ බස් මුදලාලිලා බිහිවුණා...!
1977 එ. ජා. ප. ය බලයට පත්වීමෙන් පසු බස් තැනීමේ කර්මාන්තය මුළුමනින්ම ඇනහිටියා...! ඔහු එසේ කීවේ වේදනාවෙනි.
විවෘත්ත ආර්ථිය යටතේ ලං.ග.ම., ප්‍රා. ග.ම. වී,ජනතා සන්තක වී රිම් එකෙන් යන තත්වයට පත්වනතුරු වේදනාවෙන් බලාසිටි ඔහු 1991 ජනතාකරණය වූ ලංගම රොඩ්ඩෙන් ඉවත් විය. ඉවත්වන විට ඔහු විසින් ලබාගෙන ගෙවා නිම කර තිබූ ණය මුදල් තුනක් වෙනුවෙන් වැල් පොලිය කපාගෙන ඉතුරු සොච්චම ඔහු අතට දී තිබුණි. වසර 30 ක් සේවය කළ ලං.ග.ම. සේවකයන්ට උපහාර පිදීමේ දී ඔහුට පිළිගන්වා තිබූ තිලිණයක මෙසේ සඳහන් වෙයි. “1958-1988” තිස් වසරක සේවයට උපහාර” එය ඔහු වැනි තවත් සේවකයන් බොහෝ දෙනෙකුට තිලිණ කළ හිස් පිඟානකි.
අවසන් වශයෙන් රත්මලාන ඩිපෝව සතුව තිබී 1995 වසරේ වෙන්දේසි වී ඇත. ඒම බස් රථයේ ජායාරුපයක් මේ සමග අමුණා ඇත. පසෙකින් හිටපු සභාපති අනිල් මුණසිංහ මහතාද වේ
ජායාරුපය 📸 විනෝද් මුණසිංහ මහතා සතුය
"ලංකා බස් කවය"
උපුටා ගැනිමකි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..