News Category
From Date
To Date
Maximum Number of Result

දියුණු රටවල ශිෂ්ට ඩ්‍රයිවර්ලා වාහන එළවන හැටි

Sep 9, 2025 at 10:24 AM
|

👉 2022 වසරේ සංඛ්‍යා ලේඛන අනුව බීමතින් රිය පැදවීම නිසා අමෙරිකාවේ සෑම විනාඩි 39කටම එක් පුද්ගලයෙක් මරණයට පත් වී තිබේ. බීමත් රිය අනතුරු නිසා ඒ වසරේ එරට වාර්තා වූ මරණ සංඛ්‍යාව 13524කි. එය මුළු මාරක අනතුරු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස 32%කි. පසුගිය වසර 10 තුළ සෑම වසරකම 11000ක පමණ ප්‍රමාණයක් බීමත් රිය පැදවීම් නිසා මරණයට පත් වී තිබේ.
👉 ස්වීඩනයේ 2022 වසර තුළ බීමතින් රිය පැදවීම නිසා වරදකරුවන් වූ සංඛ්‍යාව 9774කි. මත්ද්‍රව්‍ය භාවිතා කොට රිය පැදවීම සම්බන්ධ වරදකරුවන් වූ සංඛ්‍යාව 12050කි. 2022 වසරේ ස්වීඩනය තුළ මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ 113475ක් සහ මත්පැන් ආශ්‍රිත අපරාධ 13657ක් වාර්තා වී තිබේ.
👉 කැනඩාවේ 2021 වසර තුළ බීමත්ව රිය පැදවීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 459කි. 2021 වසරේදී එරට තුළ බීමත් රියදුරන්ගේ බලපත්‍ර අත්හිටුවීම් 78480ක් වාර්තා වේ.
👉 ප්‍රංශයේ 2000 - 2022 යන කාලය අතර බීමතින් රිය පැදවීම්වලට වරදකරුවන් වන සංඛ්‍යාව වසරකට ලක්ෂයකට ආසන්න අගයකි. 2022 වසරේදී මේ අගය 70998කි. 2019 වසරේදී පුද්ගලයන් 1052ක් බීමත් රිය අනතුරු නිසා මරණයට පත්ව ඇති අතර, එය මුළු මාරක අනතුරු ප්‍රමාණයෙන් 32% ප්‍රතිශතයකි.
👉 නෝර්වේ රාජ්‍යයේ 2020 වර්ෂය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් 25%ක් බීමත්කම නිසා සිදුවී ඇති අතර, 2022 වසරේ බීමත් රිය පැදවීම් සම්බන්ධව වරදකරුවන් වූ සංඛ්‍යාව 11651කි.
👉 ඔස්ටේ්‍රලියාවේ 2022 වසරේ සිදුවූ මාරක අනතුරුවලින් 21%ක් සිදුව ඇත්තේ මත්පැන් භාවිතය හේතුවෙනි. මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මාර්ග අනතුරු පිළිබඳ පර්යේෂණ ආයතනය පෙන්වා දෙන ආකාරයට සාමාන්‍යයෙන් එරට වාර්ෂික මාරක අනතුරුවලින් සීයට 30%ක් පමණ බීමත්කම හා සම්බන්ධය.
👉 දකුණු කොරියාවේ 2023 වසර තුළ බීමත් රිය පැදවීම්වලට වරදකරුවන් වූ සංඛ්‍යාව 130150කි. 2018 - 2022 අතර කාලය තුළ බීමත් රිය පැදවීම් නිසා 1348ක් මරණයට පත්ව 134890ක් තුවාල ලබා තිබේ.
👉 දකුණු අප්‍රිකාව ලෝකයේ බීමත් රිය අනතුරු සම්බන්ධ නරකම වාර්තා සහිත රටක් වන අතර, එරට සිදුවන මාරක අනතුරුවලින් 58%ක් මත්පැන් භාවිතය හා සම්බන්ධය. එරට ජනගහනයෙන් සෑම ලක්ෂයකටම 25.1ක් වාර්ෂිකව බීමත් රිය අනතුරුවලින් මිය යන බව WHO's globle status report on road safety for 2015 වාර්තාව පෙන්වා දෙයි.
👉 සුප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවියට අනුව 2015 වසරේ බීමතින් රිය පැදවීම් නිසා සිදුවන මරණ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ඉහළම රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානය දකුණු අප්‍රිකාවට හිමිවී තිබේ. පිළිවෙළින් කැනඩාව, අමෙරිකාව, ඔස්ටේ්‍රලියාව, ප්‍රංශය, ඉතාලිය, එක්සත් රාජධානිය, දකුණු කොරියාව, ජර්මනිය, රුසියාව, ඉන්දියාව, චීනය එහි සෙසු ස්ථාන හිමිවී තිබේ.
👉 මේ කාරණා අප මෙහි පෙන්වා දෙන්නේ කුමක් සඳහාද?
👉 මෙහි අරමුණ බටහිර රටවල් අන්තිම නරක බව හෝ හොඳ දේවල් කිසිවක් ඒ රටවල නැතැයි කීම නොවේ.
👉 එසේම මෙහි අරමුණ බටහිර රටවලට වඩා ලංකාවේ සියලු දේ හොඳ යැයි කීමද නොවේ.
👉 එසේත් නොමැති නම් බටහිර වැරදි පෙන්වා ලංකාවේ වැරදි මෝඩකම් සාධාරණීකරණය කිරීමද නොවේ.
👉 මෙහි එකම අරමුණ ලංකාවේ බොහෝදෙනා යටත්විජිත හීනමානය මත පදනම්ව බටහිර ලෝකය පිළිබඳ සිතේ මවාගෙන සිටින පැතලි සිහින ලෝකවල සැබෑ තත්ත්වය පෙන්වා දීම පමණි.
👉 ලංකාවේ බොහෝදෙනා සිතන ආකාරයට බීමත් අශීලාචාර රියදුරන් හා අශීලාචාර මිනිසුන් ඇත්තේ ලංකාව වැනි නොදියුණු ගෝත්‍රික රටවල් තුළ පමණි.
👉 ඔවුන්ට අනුව සුදු හම ඇති දියුණු බටහිර රටවල්වල ඇත්තේ රහසින්වත් වැරදි නොකරන, ශිෂ්ටත්වය, නීතිය ඉහළින්ම අගයන දෙවිදේවතාවුන් වැනි මිනිසුන් සහිත සමාජයකි.
👉 ඔවුන් මත්පැන් පානය කළද, පාරේ ගමන් කළද ඒ සෑම දෙයක්ම කරනුයේ ඉහළින්ම නීති රකිමින් බව ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති.
👉ලංකාවේ රිය අනතුරු වැනි දේවල් ගැන සංවාද ඇති වන සෑම අවස්ථාවකම පාහේ ලංකාවේ බොහෝ රැඩිකල් මහත්වරුන්ගේ වෝල් පිරී යනුයේ බටහිර රටවල විනීත රියදුරන් ගැන ගුණ වර්ණනාවලිනි.
👉 එහෙත් සැබෑ ලෝකය යනු ඒ ආකාරයට කළු සුදු ලෙස දෙකට බෙදිය හැක්කක් නොවේ.
👉 රටක නීති රාමුව, නීතිය ක්‍රියාත්මක වන ආකාරය, මිනිසුන්ගේ හැදියාව ආදිය ගැන කුමන සම්මුතීන් ගොඩනගා තිබුණද ඒ සෑම තැනකම ජීවත් වන්නේ මිනිසුන් මිස අමුතු සත්ත්ව කොට්ඨාස නොවේ.
👉 එහෙයින් ඒ ඕනෑම තැනක අඩු වැඩි වශයෙන් වැරදි අඩුපාඩු සිදුවීම වැළැක්විය නොහැක්කකි.
👉 අප කළ යුත්තේ ඒවා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මිස යටත්විජිත හීනමානය ප්‍රදර්ශනය කරමින් සුදු ඩ්‍රයිවර්ලාගේ ශිෂ්ටත්වය ගැන උදම් ඇනීම නොවේ.
(මෙහි දැක්වෙන සියලු සංඛ්‍යාලේඛන එම රටවල අදාළ වාර්තා සහිත වෙබ් අඩවි හා ඊට අදාළ පිළිගත් මූලාශ්‍රවලින් ලබාගෙන ඇත. පින්තූරයේ දැක්වෙන ප්‍රස්ථාරය statiscca වෙබ් අඩවියෙන් ලබාගත්තකි.)

උපුටා ගැනීම - https://www.facebook.com/nextpage.srilanka

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.