රටේ දේශපාලන බලවේග හෝ කණ්ඩායම් එකට හිටගෙන එකම දිශානතියකින් වැඩ කරපු අවස්ථාවන්...
හැමතැනම පෝස්ට්ස් දැක්කා මේ අවස්ථාවෙ එකට එකතු වුනාට කවදාවත් දේශපාලන බලවේග එකම අරමුණක් වෙනුවෙන් එකතුවෙලා නෑ කියලා.
පහල තියෙන්නෙ රටේ දේශපාලන බලවේග හෝ කණ්ඩායම, එකට එකතු වෙලා හෝ එකට හිටගෙන හෝ එකම දිශානතියකින් වැඩ කරපු අවස්ථාවන්...
1. වර්ෂ 1987 දී ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) පළවා හැරීමට ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය, දෙමළ කොටි සංවිධානය කෙලින්ම ඉන්දීය හමුදාවට ප්‍රහාර එල්ල කරමින් ද, නිළ නොවන වශයෙන් ත්‍රස්තවාදීන්ට අවි සපයමින් එක්සත් ජාතික පක්ෂ රජය ද ක්‍රියාකල බව පැවසේ.
2. රනිල් වික්‍රමසිංහ සහ එරික් සෝල්හයිම් ගේ 2002 ඊනියා සාම ගිවිසුම හරහා රට දෙකඩ කිරීම වැලැක්වීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක්වී රනිල් වික්‍රමසිංහ රජය පරාජයට පත් කලහ.
3. වර්ෂ 2004 සුනාමියේදී සියලු දේශපාලන පක්ෂ ඉතිහාසයේ ප්‍රථම වරට එකට එක්ව ක්‍රියාකල අතර දෙමළ කොටි සංවිධානය විසින් ද ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශ කරන ලදී. එවකට ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධව ක්‍රියාකල කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය හා (මම කරාපිටියේ ශිෂ්‍යයෙකු නොවූවද) කොළඹ සිට ගොස් වෛද්‍ය ශිෂ්‍යයෙකූ ලෙස මම ද එක් වී සහන කටයුතු වලට සක්‍රීය ලෙස දායක වූයෙමි.
4. වර්ෂ 2008 දී දෙමළ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරන සටන නවතන්නට පවා හේතු විය හැකි ලෙස මහින්ද රාජපක්ෂ රජය පෙරලන්න්ට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක් විය. නමුත් එම පක්ෂ දෙකේම සමහර මන්ත්‍රීවරු ඊට එරෙහිව මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කිරීමට ඔහු හා එක්වූයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවිය. මගේ මතකය අනුව ජනතා විමුක්ති පෙරමුණේ රිදී සීනුව ලෙස එවකට ඔවුන් සැලකූ විමල් වීරවංශගේ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ගේ වෙන්වීම් සිදූවීයේ මේ වකවානුවේ දිය. වර්ෂ 2008 ජනවාරි මම ද නාවික හමුදා නිළධාරියෙකු ලෙස සිව්වන සහ විජයග්‍රාහී සිව්වන ඊළාම් යුද්දයට දායක වීමේ ගෞරවනීය අවස්ථාව ලබා ගතිමි.
5. වර්ෂ 2015 දී මහින්ද රාජපක්ෂගේ රජය පෙරලීමට ජනතා විමුක්ති පෙරමුණ වක්‍රාකාරයෙන් එක්සත් ජාතික පක්ෂය හා එක්විය.
6. වර්ෂ 2018 දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරට පත්කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීය ලෙස එකසත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළේය.
7. වර්ෂ 2021 දී කොරෝනා වසංගතය ආරම්භවූ විට රට වසා දමන්නට රජයට බල කරමින් ආර්ථික අර්බුධ ඇතිකිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය එකට එක්විය. මේ දීර්ඝකාලීන රට වසා තැබීම රටේ ආර්ථිකයට මරු පහරක් වූ අතර ඒ සඳහා රැකියාවට නොයා ගෙදර නිදාගෙන වැටුප් ලබා ගැනීමට රහ වැටී උන් රාජ්‍ය සේවකයෝ ද මේ දේශපාලන පක්ෂ හා එක් වූහ. මේ සමයේ මම ජාතික රෝහලේ සේවය කරමින් කොරෝනා රෝග පාලනයට සක්‍රීයව දායක වුනෙමි.
8. වර්ෂ 2022 දී ගෝඨාභය රාජපක්ෂ ගේ රජය පෙරලීම සඳහා කල කුමන්ත්‍රණයේදී එය ආරම්භ කල අවස්ථාවේ එය හෙලා දකිමින් එයට එරෙහිව කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණ, පසුව කුමන්ත්‍රණය සාර්ථක වන බව වටහා ගැනීමෙන් පසු, ජාතික හරිත පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය හා එක්ව ඊට සහභාගී වී කුමන්ත්‍රණය සාර්ථක වූ පසු එය තමන්ගේ වික්‍රමයක් ලෙස විදහා පාමින් අනෙකුත් පක්ෂ සූක්ෂමව පසෙකට කරන ලදී.
වෛද්‍ය කෝසල තෙන්නකෝන්
උපුටාගැනීම අවසන්...
පහළ වීඩියෝවේ යටත් විජිත මහතා උසේන් බෝල්ට් මෙන් දිව යන්නේ පාර්ලිමේන්තුවේ පැවති අවුරුදු උත්සවයක ධාවන තරඟයකට නොව රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම ආරක්ෂා කර දීම උදෙසායි. රනිල් වෙනුවෙන් ලේ පවා හැලූ අයෙක් ලෙස ඒ මහතා ඉතිහාසගත වී ඇත.
#සුහාරා
(අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..