ඊයා අනුර!
ජනාධිපති ලේකම් තමන්ගේ නිල රථය බිරිඳට ලබා දී එය අහඹුවකින් අනතුරට ලක්වි දූෂිත භාවිතාව රටට හෙළිවන විට, විදුලිබල ඇමති තමන්ගේ තැරැව්කාර සමාගමට ටෙන්ඩරය ලබා දීමට මුළු ටෙන්ඩර් ක්‍රියාවලියම දූෂිත ලෙස වෙනස් කරන විට, කන්ටේනර් 343හේ වංචාව ගැන කිසිදු පරීක්ෂණයක් නොකරන විට, කැබිනට් ඇමතිවරයෙකුට සිතාසි එවූ විනිසුරු මාරුකර යවන විට, පොලිස් ලේකම්ට තිබෙන චෝදනා බලය යොදා නීති පොතෙන් ඉවත් කර ඔහු නීති ග්‍රහණයෙන් ගැලවෙන විට ආණ්ඩුව කියන්නේ සැමට නීතිය පොදු බවයි. මේ තරම් කුහක කතාවක් තවත් තිබේ ද?
වත්මන් ආණ්ඩුව මේ වන විටත් පාලනය සඳහා වන සුජාතභාවය අහිමි කරගෙන තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. විශේෂයෙන් ම ඔවුන් බලයට පැමිණියේ අන් සියලු ආණ්ඩුවලට වඩා බොහෝ ඉහළින් නීති සහ සදාචාර සීමාව තබා නිසා, මේ වන විටත් එල්ල වී ඇති චෝදනා හමුවේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය. එහෙත් මෙවන් වංචනික කණ්ඩායමකින් අප එවැන්නක් අපේක්ෂා නොකරන අතර, අප මේ අමතන්නේ, මොවුන් විසින් වෛරයේ සතපවා සිය ඡන්දය මංකොල්ල කෑ සාමාන්‍ය ජනතාවටයි.
රනිල් වික්‍රමසිංහට එරෙහිව අපට අද ද බොහෝ චෝදනා තිබේ. යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ මහබැංකු වංචාව වැනි දේට අපි තාමත් එරෙහි ය. එහෙත් එම ආණ්ඩුව ගෙනාවේ සහ පවත්වාගෙන යෑමට ප්‍රමුඛම දායකත්වය ලබා දුන්නේ ජවිපෙ බව කිසිවෙකුට රහසක් නොවේ. එහෙත් එවක සුනිල් හඳුන්නෙත්තිගේ නායකත්වය සහිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ නිර්දේශය වූයේ රනිල් මහබැංකු වංචාවට වගකිව යුතු නොවන බවයි. දැන් ඔවුන් මරණයෙන් නැගිට මෙන් අපෙන් අසන්නේ, මහබැංකු හොරා හිරේ දැමීමට උබලා විරුද්ධ වන්නේ ඇයි ද කියාය.
පිළිතුර නම් රනිල්ව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහබැංකු වංචාව සඳහා නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් සිදුවීම වැනි සිදුවීම් වර්තමාන ජනාධිපතිවරයා මේ වන විටත් සිදු කර තිබේ. ඔහු තම මව බැලීමට අනුරාධපුර ගියේ සපුරා රජයේ මුදලිනි. එහි සමස්ත වියදම ගණනය කළහොත්- ආරක්ෂක-නවාතැන්-ප්‍රවාහන- එය ලක්ෂ 100 ඉක්මවනු ඇත. එවැනි තව ගමන් කීයක් නම් ජනාධිපති අනුර යෑමට ඇති ද?
අප මේ ප්‍රශ්න කරන්නේ, ජවිපේ ම තර්කයට අනුව යමින්ය. නීතිය සැමට එකම නම්, රනිල්ට ඇකැප දෙය අද ද අනුර විසින් ද කරමින් ඉන්නේ ඇයි ? ඊට නීතිය බාධාවක් නොවන්නේ ඇයි? ඒ මතු නොවේ, ජනාධිපති ලේකම්ගේ සිට- කැබිනට් ඇමතිවරු දක්වා ඉහත දූෂිත ක්‍රියා සහ ගණුදෙනුවලට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?
අප ඉතා පැහැදිලි ව කියා සිටින්නේ, මාලිමා ආණ්ඩුව විසින් ජනතාව අතර පංති වෛරය අවුළුවා මේවා වැඩිකල් පවත්වාගෙන යා නොහැකි බවයි.
අද මේ වන විට අනුරගේ මේ ක්‍රියාව ජාත්‍යන්තරයේ පවා දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඉන්දියාවේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ප්‍රකාශ කර තිබුණේ විවාදාපන්න සුළු චෝදනා නගමින් හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන රඳවා තැබීම වැනි වෛරී ක්‍රියාවලින් වැළකෙන ලෙසය.
මේ සියල්ල මගින් පෙනී යන්නේ, ජනතාව පිට බදු පිට බදු අය කරමින්, ආර්ථික පරාසයේ කිසිදු කොටසකට කිසිදු සහනයක් නොදෙමින් ඔවුන්ව දක්වාගෙන යා හැකි දුර සීමිත ය. ආණ්ඩුවට වසරක් ගෙවෙන තැන වන විට ජනතාවගේ ඉවසීමේ සීමාව අද්දරටම දැන් ලඟා වී තිබේ. තාමත් ආණ්ඩුව සමග ඇත්තටම ඉන්නේ, මුදල් ගෙවා පවත්වාගෙන යන එහි මඩසේදුම් බලකාය පමණක් බව සමාජ මාධ්‍ය දෙස බලන විට පෙනේ. ඒ බව දැනී දැන් දැන් ඒ බිය ආණ්ඩුවට දැනී ඇති සෙයකි. එහෙත් ඊට විසඳුම අත්අඩංගුවට ගැනීම් වැනි නාටක හරහා තම කාඩරය වෙත ලබා දෙන තාවකාලික විනෝදය ලෙස දකින්නේ නම්, එය ලොකුම දේශපාලන වරදවා ගැනීමකි.
(-මහින්ද පතිරණගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..