News Category
From Date
To Date
Maximum Number of Result

විභාග නොලියා දරුවන්ට ජීවිතේ විඳින්න කියමුද?

Aug 11, 2025 at 01:36 PM
|

👉 ඔයා විශිෂ්ට කවි හිතක් තියන මිනිහෙක්. අනික ඔයා දකුණු පළාතේ... ඔයා මොකටද මේ කෙහෙල්මල් වෛද්‍ය උපාධියක් වෙනුවෙන් නැහෙන්නේ... විසි කරන්න ඔය උපාධි පැත්තකට... යන්න දකුණේ ධීවර ජනතාවගේ සුවඳ විඳින්න... ගිහින් කවි ලියන්න.

👉 මේක බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුණාට ඇත්තටම විහිළුවක් නෙමෙයි. මේක කාලෙකට කලින් මගේ මිත්‍ර වෛද්‍ය ශිෂ්‍යයෙකුට ලංකාවේ ප්‍රසිද්ධ කවියෙක් දීපූ අපූරු උපදේශයක්. 

👉 විභාග ක්‍රමය සහ අධ්‍යාපනය දිහා කවි මනසින් බලලා කරන විකාර සහගත රැඩිකල් විග්‍රහයන් සම්බන්ධව මේ කතාව හොඳ උදාහරණයක්. 

👉 පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ...  විභාග පාස් වෙනවාට වඩා ජීවිතේ විඳින එක වැදගත්... ලෝකේ හැමදාම සුපිරි චරිත බිහිවුණේ පන්තියේ අන්තිම පේළියෙන්... ගණන් විද්‍යාව ඉගෙන ගන්නවාට වඩා රස වින්දනය දන්න ගහකොළවල සුවඳ අඳුනන ළමයි මාරයි... හැබෑ දක්ෂකම් විභාග සහතිකවලින් මනින්න බෑ... වගේ සීයට දහයක විතර සත්‍යයක් සහිත භයානක බොරු සමාජගත කරන එක මේ වගේ ඊනියා රැඩිකල් චරිත නිතිපතා කරන දෙයක්. 

👉 මේ කටයුත්තට ලංකාවේ කලාකරුවෝ කියන අය දක්වන දායකත්වය ඉතා විශාලයි. සුනිල් එදිරිසිංහ ගායනා කරන ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරේ එනවා කියන ගීතයත් මේකට එක උදාහරණයක්. 

👉 අද මේ ගැන සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වෙලා තියෙන්නෙත් කලාකාරිනියකගේ අපූරු ප්‍රකාශයක් නිසා. 

👉 ඉතින් ඒ අනුව අධ්‍යාපනය ලබන වයසේ ඉන්න තරමක් විචාරශීලී මනසක් සහිත, වෙනස් අදහස් සහිත දරුවන්ට මේ අදහස්වලින් වෙන්නේ විශාල හානියක්. මම මෙහෙම කියන්නේ මටත් ඉගෙන ගන්න කාලේ මේ වගේ විකාර අදහස්වල බලපෑම තදින් දැනුණු නිසා. 

👉 විභාග ක්‍රමවල ප්‍රශ්න ගැටලු සීමාකම් තියනවා කියන එක ගැන කිසිම විවාදයක් නෑ. විභාග විතරක් නෙමෙයි මිනිස්සු ඕනම දෙයක් කරන්න හදාගත්ත ඕනෑම ක්‍රමවේදයක ගැටලු සීමාකම් තිබෙනවා. පරිපූර්ණ පරමාදර්ශී ක්‍රමවේද මුකුත් ලෝකේ නෑ. 

👉 හැබැයි අධ්‍යාපනයෙන් දක්ෂතා සහිත අය තෝරාගන්න, ඉදිරියට යන්න, ඔවුන්ව නිශ්චිත වෘත්තියක් හෝ වෙනත් දෙයකට පුහුණු කරන්න, විධිමත් අධ්‍යාපනය විභාග ක්‍රමය, හැදියාව, විනය, කැපකිරීම් වගේ දේවල් බෙහෙවින්ම වැදගත් වෙනවා. 

👉 ඒ ක්‍රමය තුළ අනිවාර්යෙන්ම පීඩනයක් තියනවා තමයි. අඩු වැඩි වශයෙන් ඒක ලෝකේ කොහෙත් එහෙමයි. ඔව් ඇත්ත. පීඩනයක් නැතුව මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බෑ. 

👉 මිනිස්සු ඉගෙන ගත්තත්, රස්සාවක් කළත්, සමාජ කටයුතු කළත්, කලා කටයුතු කළත්, කුඹුරු කෙටුවත්, පාර අතුගෑවත් මේ හැම එකකම පීඩනයක් තියනවා. පීඩනයක් නැතුව, කැපකිරීමක් නැතුව, වෙහෙස මහන්සයක් නැතුව, ආතතීන් දරාගන්නේ නැතුව මිනිස්සුන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් ලෝකේ නෑ. 

👉 පීඩනයක්, කැපකිරීමක් නැතුව මිනිස්සු තනි තනිව හෝ සමාජයක් වශයෙන් හෝ කිසිම ජයග්‍රහණයක් ලබාගෙන නෑ. එහෙම දුක්ගැහැට දරාගන්න පුළුවන් මිනිස්සු නිසා තමයි ලෝකය මේ තරම් වෙනස් වෙලා තියෙන්නේ. 

👉 අනික ජීවිතයේ සතුට, තෘප්තිය කියන එක හැදෙන්නෙත් ජීවිතේ අභියෝගවලට මුහුණ දෙමින්, පීඩාවන් දරාගනිමින්, ඒවා පරාජය කරමින් ඉදිරියට යන එකේ මිසක්, කිසිම පීඩනයක් නැතුව, කොන්දේසි විරහිත නිදහසක් යටතේ කකා බිබී ජීවිතේ විඳින එක තුළ නෙමෙයි. 

👉 එහෙම ජීවිතේ විඳින්න පුළුවන් මිනිස්සු ලෝකේ ඉතා විරලයි වගේම හැමෝටම නම් එහෙම හිතන්න කොහොමවත් හැකියාවක් නෑ. අනික එහෙම ජීවිතේ විදින්න පුළුවන් සුල්තාන් කෙනෙකුගේ පුතෙක් වුණත් එහෙම ජීවත් වෙන්න කැමති නෑ. ඒ නිසා එහෙම පුතාලත් මොකක් හරි ගැටෙන්න ප්‍රශ්නයක් හොයා ගන්නවා. කොන්දේසි විරහිත නිදහසකින් ලෝකේ කිසිම මිනිහෙකුට කිසිම තේරුමක් නෑ.

👉 මොකද මිනිහා කියන්නෙම ස්වභාවයෙන්ම ප්‍රශ්න අභියෝග එක්ක ගැටෙන්න කැමති කෙනෙක්. එහෙම නැතුව මිනිහා කියන්නේ කූඩුවක දාලා හදන සතෙක් වගේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ගැටුම්, අභියෝග, දුෂ්කරතා එක්ත තමයි ජීවිතේ සතුට, අභිමානය උපදින්නේ. ඒවා එක්ක තමයි මිනිස්සු පෞද්ගලිකව වගේම සමාජීය වශයෙනුත් ජයග්‍රහණ ලබාගන්නේ...

👉 ඒ නිසා විභාග පැත්තක තියලා සින්දු අහන්න, ගහකොලවල සුවඳ විඳින්න, ඇළේ දොළේ නාන්න, ෆිල්ම් බලන්න, කවි ලියන්න, සමාජ අත්දැකීම් ගවේෂණය කරන්න, පොදු ජනයාගේ  හදගැස්මට කන්දෙන්න වගේ විකාර කතා කවුරු හරි කියනවා නම් ඒක තමයි ළමයින්ට ඉගෙන ගන්න වයසේදි කරන්න පුළුවන් ලොකුම හානිය. ඒ හානියේ බලපෑමට වැඩියෙන්ම ලක්වෙන්නේ නිකම් ළමයි නෙමෙයි විචාරශීලී මනසක් සහිත ළමයි. 

👉 ඒ නිසා ඔය කියන සේරම දේවල් කළාට කමක් නෑ හැබැයි ඒවා කරන්න ඕන අධ්‍යාපනයත් එක්ක සමබරතාවක් පවත්වා ගනිමින් මිසක් ඉන් පරිබාහිරව නෙමෙයි. 

👉 මොකද යොවුන් වියේදී ළමයි හිතනවා පන්තියේ ඉගෙන ගන්නවාට වැඩිය කෙල්ලෝ පස්සේ යන එක, ලව් කරන එක, පාරවල්වල රස්තියාදු වෙන එක, ගස් ගල් යට හැංගිලා අරක්කු සිගරට් බොන එක, යාළුවෝ මිත්‍රයෝ එක්ක ගමේ වළ බහින එක, මොකක් හරි මගෝඩි වැඩක් කරලා සතුටු වෙන එක වගේ දේවල් ජීවිතේට මාර වැදගත් සහ ඒවා ජීවිතේට මාර වටිනාකමක් එකතු කරන අත්දැකීම් කියලා. ඔවුන්ට මේ කලාකරුවන්ගේ ළාමක කතාවලින් ලැබෙන්නේ විශාල උත්තේජනයක්. 

👉 එහෙම රස්තියාදුකාර අත්දැකීම් තියන ළමයි, එහෙම අත්දැකීම් අඩු ඉගෙන ගන්න දක්ෂ ළමයින්ට හිනාවෙනවා උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි සමාජ දැනුම නෑ, ලොකේ  ගැන දන්නේ නෑ කියලා. 

👉 මම පාසල් කාලෙදි ඔය දෙපැත්තම තිබුණු කෙනෙක්. හැබැයි මට පවා සමාජ අත්දැකීම් නෑ කියලා එක එක රස කතා කියපු සමහර පාසල් මිත්‍රයෝ හිටියා. හැබැයි ඒ සමහරු ඕලෙවල්වත් පාස් කරගන්න බැරි වුණු අය. 

👉 ඇත්තටම උඹලාට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි වෙන මුකුත් නෑ කියන නූගත් මිනිස්සුන්ට තියෙන්නේ මොනවාද? එයාලාට  පොතේ පතේ දැනුමකුත් නෑ, සමාජ හෝ වෙන මොනවා හරි විශේෂ දැනුමකුත් නෑ. 

👉 එයාලට තියෙන්නේ ඕනෑම මෝඩයෙකුට පහසුවෙන් ලබන්න පුළුවන් තරුණ කාලේ රස්තියාදු ගහලා ගන්න අත්දැකීම් ටික විතරයි. ඒවා කොයි තරම් සීමාසහිත දේවල්ද කියලා තේරෙන්නත් මිනිහෙක් එතනින් එහා විවිධ සමාජතලවලට, විවිධ සංස්කෘතින් තුළට, ලෝක අත්දැකීම්වලට නිරාවරණය වෙන්න ඕන. එහෙම වෙන්න අපි වගේ අයට අවස්ථාව හම්බවෙන්නේ ඉගෙන ගන්න කාලේ ඒකට අවශ්‍ය කැපවීම විනය අපි තුළ තිබුණොත් විතරයි.

👉 ඒ නිසා අහසට ඉගිල්ලෙන්න නම් ටික කාලයක් බිත්තර කටුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. අත්තටු ශක්තිමත් වෙනකල් කූඩුව ඇතුළේ හිරවෙලා ඉන්න පුරුදු වෙන්න ඕන. ඒ පීඩනය දරාගන්නේ නැතුව, අහසේ දිග පළල දන්නේ නැතුව, එක පාරට ඉගිල්ලෙන්න හීන දැක්කොත් යන්න පුළුවන් දුර ඉතා සීමිතයි. 

👉 ඒ නිසා ඉගෙනගන්න වයසේ ඉන්න ළමයි මේ ව්‍යාජ රැඩිකල් චරිතවල විකාර රැඩිකල් කතාවලින් තමන්ගේ මනස අවුල් කරගෙන අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි අවසාන වශයෙන් මතක් කරන්න තියෙන්නේ.

ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.