අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ
මේ අපේ රටේ වෛද්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් සරසවි සිසුන් ඔවුන්ගේ උද්ඝෝෂණවලදී කියන සටන් පාඨයයි.
ත්‍රිමා විතාරණ සහ වෙනුර සැබැවින්ම මේ රටට ආදර්ශයක් විය යුතු වෛද්‍ය සිසුන් ය.
අනාගතයේ දක්ෂ වෛද්‍ය වරුන් වීමට ඉතාමත් ඉහළ දක්ෂකම් පැ එම සිසුන් අවසානයේ දී නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම වෙනුවෙන් තම තරුණ ජීවිතය තරුණ කාලයේදීම පූජා කරන ලද සිසු විරුවන් ගණයට අයත් වේ.
අද උද්ඝෝෂණවලදී එම සිසුන්ගේ සටන් පාඨය කිව්වත් වර්තමානයේ දී එවැනි සිසුන් සිටී ද යන්න බරපතල ප්‍රශ්නයකි.
ඉහත කාරණාව ගෙනහැර පෑවේ අද වන විට සබරගමුව වෛද්‍ය පීඨයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිදුව ඇති සහ සිදුවීමට නියමිත ගැටළු සම්බන්ධයෙනි.
ත්‍රිමා වෙනුර සටන් කළේ නිදහස් අධ්‍යාපනය වනසන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිවය.
එහෙත් අද වන විට (සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරය නොවේ) ඇතැම් සිසුන් පෞද්ගලික උපාධි කඩ දමා හෝ තම උපාධිය බේරා ගැනීමේ වෑයමක නිරතව සිටින බව අද වන විට සබරගමුව වෛද්‍ය පීඨය ඇසුරෙන් පෙනී ගොස් ඇති බැවිනි.
SLIT වෛද්‍ය උපාධි ආයතනයේ විෂය නිර්දේශය සැකසූ ජේෂ්ඨ මහාචාර්ය ළමාබදුසූරිය සබරගමුව වෛද්‍ය පීඨයේ නියෝජිතයා ලෙස සබරගමුව වෛද්‍ය පීඨය විසින් පත්කර ඇත.
වෛද්‍ය අධ්‍යාපනයෙ අවම ප්‍රමිතීන් අඩුකර සබරගමුව වෛද්‍ය පීඨයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අත් මිරිකා උපාධිය ලබා දීමේ සූක්ෂම වැඩපිළිවෙලක් ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පවතී.
එවිට ස්ලිට් සහ ලයිසියම් ආයතන වලට සබරගමුව පෙන්වා තම වැඩේ ඉටුකරගත හැක.
තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙයට ඉඩදීම වත්මන් සිසු පරපුරේ වගකීම නොවේ.
ත්‍රිමා වෙනුර ඔබ පැතූ ලෝකය මෙතුවක් කල් ආරක්ෂා වී තිබූ නමුදු ආත්මාර්ථකාමීයින් පිරිසක් විසින් එය පාවා දෙමින් ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?