News Category
From Date
To Date
Maximum Number of Result

අනුර - ටිල්වින් යුගයේ ජවිපෙ හොඳම ව්‍යාපාරිකයා සහ ඩීල්කරුවා කවුද?

Jul 29, 2025 at 07:35 AM
|

යහපාලන රජය සමයේ ජවිපෙ වසන්ත සමරසිංහ තමන් ස්ථානගත කර ගත්තේ පිරිසිඳු, දූෂණ විරෝධියෙකු විදියට.

මේ රටේ බොහෝ දෙනෙක් ඒ බව පිළිගත්තා.

ඔවුන් සැබැවින්ම වසන්ත, පිරිසිඳු මිනිසෙකු යැයි විශ්වාස කළා. ඔහු දූෂණ විරෝධියෙකු යැයි විශ්වාස කළා.

නමුත් ඇත්ත වසන්ත සමරසිංහ, ජවිපෙ සාර්ථක ව්‍යාපාරයක් ලෙස ගොඩනැංවූ අනුර - ටිල්වින් යුගයේ එහි හොඳම ව්‍යාපාරිකයා සහ ඩීල්කරුවා.

ජවිපෙ වෙනුවෙන් විශාල සමාගම් සහ එහි හිමිකරුවන් සමග 'ඩීල්' කළේ වසන්ත.

එම සමාගම් වල යූනියන් පිහිටුවා, වැඩ වර්ජනය කරන බවට හිමිකරුවන් බිය ගන්වා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේ වසන්ත.

එය දෙආකාරයක හොරකමක්.

ප්‍රථමයෙන් එය ව්‍යාපාර හිමිකරුවන්ගෙන් ලබා ගන්නා කප්පමක්.

දෙවැන්න සැබැවින්ම ඒ කප්පම් මුදල් ලබා ගත් පසු, ව්‍යාපාර හිමිකරුවන්ට සහ හාම්පුතුන්ට සේවකයන්ට ලබාදිය යුතු වැටුප් වැඩිවීම් සහ වෙනත් අයිතිවාසිකම් ලබා නොදී සිටීමට හැකි වුණා.

ජවිපෙ වෘත්තීය සමිති ඒ කප්පාදු නොදැක්කා සේ සිටියා.

අවසානයේ ජවිපෙ වෘත්තීය සමිති ඇති කළ සෑම ආයතනයකින්ම කප්පම් මුදල් ගලා ගියේ හිමිකරුවන්ගේ පොකට්ටුවෙන් නොවෙයි, සේවකයන්ගේ පොකට්ටුවෙන්. 

ධම්මික පෙරේරා, නිමල් පෙරේරා වැනි මහා පරිමාණ ව්‍යාපාරිකයන් පවා බිය ගන්වා ඔවුන් ජවිපෙ ආධාරකරුවන් කරගත්තේ වසන්ත.

රතුපස්වල සිදුවීමෙන් ඔවුන් ධම්මික ට තමන් කවුරුන්දැයි පෙන්වූවා.

එතැන් පටන් ධම්මික ජවිපෙට නිසි කප්පම් මුදල ගෙවීමට වග බලා ගත්තා.

එතැන් සිට ධම්මික පරිසරයට / ජලයට තබා රටට කුමන විනාශය කළත් ජවිපෙ නොදැක්කා සේ සිටියා. 

(දැන් නම් ධම්මික ලා, නිමල් ලා ජවිපෙ හොඳම මිතුරන්) 

මේ ගණුදෙනු වලින් සැලකිය යුතු මුදලක් වසන්ත සමරසිංහ පුද්ගලික පරිහරණයට තබා ගත්තා.

එය ඔහුගේ කොමිස් මුදල. පක්ෂයත් ඒ පිලිබඳව දැනුවත් ඇති.

ඇමතිවරයෙකු වීමට පෙර සිටම මේ කප්පම් ගණුදෙනුවෙන් ඔහු සුපිරි ධනවතෙකු වුණා. කිසිඳු පාරම්පරික ධනයක් නොතිබූ, රැකියාවක් නොකළ වසන්ත බත්තරමුල්ල ජයන්තිපුර විශාල ඉඩමක් මිලට ගෙන විශාල ගොඩනැගිල්ලක් ඉදිකළා. 

මාලිමා රජයේ නායකයන් වූ අනුර - ටිල්වින්, වැඩිපුරම 'ඩීල්' කිරීමට අවශ්‍ය වන අමාත්‍යංශය වසන්තට භාර දෙන්නේ ඔහුගේ එම දක්ෂතාවය නිසා.

ගණුදෙනු කතා කරමින්, නියමිත කොමිස් මුදල ලබා ගැනීමට පක්ෂයේ කාටත් වැඩි දක්ෂතාවයක් වසන්තට තිබෙනවා. 

මයික් කන්නන් වූ සුනිල් හඳුන්නෙත්ති ලාට සුලු අමාත්‍යංශ ලැබෙද්දී, නලීන් හේවගේ ලා නියෝජ්‍ය ඇමති ලා වෙද්දී, හොරු ඇල්ලීමට පමණක් ප්‍රසිද්ධ වූ වෙනත් කිසිඳු විෂයකින් ජනතා ආකර්ෂනය නොතිබූ වසන්තට පොලිස් අමාත්‍යංශය නොදී, විශාලම අමාත්‍යංශයක් හිමි වූයේ ජනතාව නොදන්නා, අනුර ලා දන්නා වසන්ත සමරසිංහ ගේ මේ දක්ෂතාවය නිසා.

වර්තමාන රජයේ වැඩිම මුදලක් උපයන ඇමතිවරුන් අතර පෙරමුණේ සිටින්නේ වසන්ත.

විදේශයන්ගෙන් හාල්, ලුණු ගෙන ඒමේ සිට වෙළඳ අමාත්‍යංශයෙන් කෙරෙන බිලියන ගණන් ගණුදෙනු සියල්ල සිදු වන්නේ වසන්ත සමරසිංහ ගේ මදක් ඇද එහෙත් තියුණු දෑස් වල නීරික්ෂණයට යටත්වයි.

ඒ ගණුදෙනු වලින් හුවමාරු වන මුදල් සම්භාරයෙන් කොමිස් කොටස නතර වන්නේ ඔහුගේ මේසය මතයි. 

.................. .................. ........................

2000 වසරේ චන්ද්‍රිකා රජය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරෙනවා.

මේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් බොහෝ දෑ මිලට ගැනීමට එකඟ වෙනවා.

එමෙන්ම ඉන්දියාවත් ශ්‍රී ලංකාවෙන් විවිධ සේවා සහ අපනයන මිලට ගන්නවා.

එම ගිවිසුමට අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ වාර්ශිකව ඇඟලුම් මිලියන අටක් මිලට ගත යුතුයි.

එනම් ඇඟලුම් ඒකක. සිංහලෙන් කිව්වොත් ඕනෑම ආකාරයක ගාමන්ට් පීසස්. කලිසම් නම් කලිසම්, ගවුම් නම් ගවුම්, යට ඇඳුම් නම් යට ඇඳුම්. සම්පූර්ණ ඇඟලුම් ගණන මිලියන අටක් විය යුතුයි.

සාමාන්‍යයෙන් මේ ගිවිසුම යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලුම් කරන්නේ මහා පරිමාණ අඩු මිල බල්ක් නිෂ්පාදන නොවෙයි.

අවම මිල ඩොලර් පහක්වත් වන ශ්‍රී ලංකාවේ නිපදවන ඉතා උසස් තත්ත්වයේ නිමි ඇඳුම්.

බල්ක් නිෂ්පාදන ඉන්දියාවේ පවතිනවා. ශ්‍රී ලංකාව 'ස්පෙෂලයිස්' වී තිබෙන්නේ 'ප්‍රමිතියෙන් උසස්' , 'හයි එන්ඩ්' ඇඟලුම් සඳහායි.

ඒ අනුව මේ ගණුදෙනුවේ සමස්ථ වටිනාකම ඩොලර් මිලියන 40 - 50 ඉක්මනවා.

එනම් රුපියල් කෝටි 1500 කට අධික මුදලක්. 

එමෙන්ම ඕනෑම අර්බුධකාරී අවස්ථාවක පවා ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රයට ස්ථිර ව්‍යාපාර අවස්ථාවක් තිබෙනවා.

මේ ඇනවුම කළමනාකරණය කරන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ අමාත්‍යංශය මගින්.

නමුත් මෙතෙක් ඉතිහාසයේ වෙළඳ අමාත්‍යංශය, ඉන්දීය රජය සහ ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තකරුවන් අතර පාලම වූවා මිසක, මෙම ගනුදෙනුවට සක්‍රීයව මැදිහත් වුණේ නැහැ.

කිසිඳු රජයක ඇමතිවරයා ඊට මැදිහත් වුණේ නැහැ.

මෙතෙක් කාලයක් ඉන්දියාවෙන් ලැබෙන මිලියන 8ක මේ ඇඟලුම් ඇනවුමේ කොටස් මෙරට කර්මාන්තකරුවන් අතර බෙදුනේ ඔවුන්ගේ විශාලත්වය, ඇනවුමට අවශ්‍ය දෑ නිපැයීමට ඔවුන්ට ඇති හැකියාව වැනි සාධක මතයි.

ඒ සඳහා ස්වාධීන සංගමයක් ද පිහිටුවා තිබෙනවා. මෙතෙක් කාලයක් මේ සංගමය මගින් ඉතාම සාධාරණව සහ සැමට කන්දෙමින් එම ඇඟලුම් ඇනවුම බෙදා දුන්නා.

කොටින්ම ඒ සඳහාත් නිසි ක්‍රමවේදයක් ඇති කර තිබුණා. ( පිට පිට වසර දෙකක දී එකම කර්මාන්තකරුවන්ට විශාල අවස්ථා  නොලැබෙන ලෙස)

නමුත් ඉතිහාසයේ ප්‍රථම වරට මේ ඇනවුම බෙදාදීම සඳහා මෙවර වෙළඳ අමාත්‍යවරයා මැදිහත් වී තිබෙනවා. 

ඒ අනුව මේ මිලියන අටක ඇනවුමෙන් කොටස් මිලියන 7.3 ක් එකම සමාගමකට ලබා දීමට වෙළඳ අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මින්පෙර කිසිඳු වතාවක කොටස් මිලියන 7.3 ක් එකම සමාගමකට ගොස් නැහැ.

එය සෙසු කර්මාන්තකරුවන්ට අසාධාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මින්පෙර කුඩා කර්මාන්තකරුවන්ට පවා මේ ඇනවුමෙන් යම් කෝටාවක් හිමි වුණා.

මේ කෝටාව මෙරට කර්මාන්තකරුවා සහ රැකියා සුරක්ෂිත කිරීම උදෙසා භාවිතා කළා මිසෙක එයින් ලාබ ඉපැයීමට MAS, හයිද්‍රාමනි වැනි විශාල සමාගම් පවා උත්සාහ කළේ නැහැ. 

ඔවුන්ට ඕනෑ තරම් ඇනවුම් යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් හිමි වුණා.

එම නිසා ඉන්දීය කෝටාව ඉතාම සාධාරණව යටි තලයට පවා බෙදී ගියා.

මින්පෙර එක සමාගමකට වාර්තා වූ වැඩිම කොටස් ගණන වූයේ MAS සමාගමට හිමි වූ මිලියන 1.3 ක කොටස් ගණනක්.

ඒ අනුව මෙවර සම්පූර්ණ ඇනවුමම පාහේ එක් සමාගමකට ලබා දී තිබෙන බව පැහැදිලියි. 

හොඳම දේ එය නොවෙයි.

ඉතිහාසයේ පළමු වරට මෙවර ඇනවුම ලැබෙන්නේ ශ්‍රී ලාංකේය සමාගමකට නොවෙයි.

මෙවර ඇනවුමෙන් කොටස් මිලියන 7.3 ක් හිමි වන්නේ ඉන්දීය සමාගමක් වන ආමන්ටේ සමාගමකට.

අමාන්ටේ සන්නාමය ශ්‍රී ලාංකේය සමාගමක් වන MAS ආයතනය විසින් ආරම්භ කළත්, 2021 කොවිඩ් සමයේ ඉන්දියාවේ මුකේෂ් අම්බානි ගේ රිලායන්ස් සමාගම විසින් එය මිලට ගත්තා.

දැන් එය 100% ඉන්දියානු සමාගමක්.

ඒ අනුව චන්ද්‍රිකා රජයේ ගිවිසුමක් අනුව ඉන්දියාවෙන් ලංකාවට ලැබෙනා ඇඟලුම් ඇනවුම, වසර 25 කට පසුව නැවත ශ්‍රී ලංකා රජය විසින්ම ඉන්දියාවට ලබා දෙනවා.

එය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මරු පහරක්.

මෙය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ 'පිනට' නොවෙයි.

අප ඉන්දියාවෙන් මිලට ගන්නා භාණ්ඩ නිසා. එම නිසා මේ ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවයේ අයිතියක්.

මේ ගණුදෙනුව නිසා රටට පැමිණීමට තිබූ ඩොලර් මිලියන ගණනක් අහිමි වෙනවා.

රටේ ඇඟලුම් සේවකයන්ට හිමි වීමට තිබූ රැකියාවක් / දීමනාවක් අහිමි වෙනවා.

අවසානයේ මෙය රටේ ආර්ථිකයටම සිදු වූ දැවැන්ත පාඩුවක්. 

උසස් ප්‍රමිතියේ යට ඇඳුම් කොටස් මිලියන 7.3 ක් යනු ඩොලර් මිලියන ගණනක ගණුදෙනුවක්.

එහි කොමිස් මුදල ඩොලර් ලක්ෂ ගණනක් වනවාට කිසිඳු සැකයක් නැහැ.

එයින් කොටසක් පැලවත්ත ජවිපෙ ගිණුමටත්, ඉතිරි කොටස වසන්ත සමරසිංහගේ විදෙස් බැංකු ගිණුමකටත් බැර වේවි.

වසර 76 ක සාපය යැයි කියූ චන්ද්‍රිකා ලා රටට ඩොලර් ගෙන ඒමට මාවත් විවර කර තිබිය දී,

දූෂණ විරෝධීන් යැයි හඳුන්වා ගත් වසන්ත සමරසිංහ ලා රටට පැමිණීමට නියමිත ඩොලර් පෙරලා ඉන්දියාවට ලබා දෙන්නේ මෙහෙමයි.

අතීත පාලකයන් හොරා කෑ ඩොලර් විදේශයන්ගෙන් ගෙන ඒමට, දූෂණ විරෝධීන්ට ඡන්දය ලබා දුන් ජනතාවගේ දෑස් ඉදිරිපිටම ඉතිහාසයේ කිසිදිනෙක සිදු නොවූ හොරකම්, වංචා මාලිමා රජය යටතේ සිදුවීම දෛවයේ සරදමක්.

-සචින්

(දේෂක කෝට්ටගේ ගේ මුහුණුපොතිනි.)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.