News Category
From Date
To Date
Maximum Number of Result

උවිඳුගේ youtube සාකච්ඡාවට මහාචාර්යවරයකුගෙන් පිළිතුරක්

Nov 27, 2023 at 01:10 PM
|

පසුගිය දා උවිඳු විජේවීර මහතා youtube නාලිකාවක් සමග පැවැත්වූ සංවාදයක දී එහි නිවේදකයා දිගින් දිගටම වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ හා එදා රෝහණ විජේවීරයන් විසින් නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ අතර සමානතා මතු කිරීමට දැරූ උත්සාහය පරාජය කරමින් පිළිතුරු දීමට උවිඳු විජේවීර සමත් වීම පිළිබඳව මහාචාර්ය එඩ්වර්ඩ්  එම් පෙරේරා මහතා මුහුණු පොතේ සටහනක් තබා තිබේ.

එම සටහන පහළින්...

මෙම සාකච්ඡාව මුළ සිට අග දක්වාම ඉතාමත් සාවධානව මම අසා සිටියා.

මුළු සාකච්ඡාව පුරාම ප්‍රශ්න අසන චතුරංග උත්සාහ කළේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ වූ රෝහණ විජේවීරට තිබූ පිළිගැනීම ඔහුගේ පුත් උවිඳු හරහා NPP හා අනුර කුමාරගේ බංකොලොත් JVP කණ්ඩායම්වලට ලබාදීමටයි. 

මා අපේක්ෂා කළාටත් වඩා හොඳින් උවිඳු පිළිතුරු දුන්නා පමණක් නොවෙයි අද ඇමරිකාවට සහ ඉන්දියාවට ගැතිකම් කරමින් බංකොලොත් ගෝලීය දේශපාලනයකට බඩගාමින් ප්‍රවේශයක් ලබා ගන්න උත්සාහ කරන NPP/JVP පිරිස් (සෘජුව නොකළත්) දේශපාලන වශයෙන් නිරුවත් කරන්නත් දක්ෂ වුණා. 

මා මේ සටහන තබන්නේ මාගේ සමීප  මිත්‍රයෙක් ව සිටි රෝහණ විජේවීරගේ පුත්‍රයා වන උවිඳු විජයවීරට දේශපාලන තල්ලුවක් දීමට නොව උවිඳු දෙවන පරපුරේ සාමාජිකයෙක් ලෙස සිතන පතන ආකාරය බොහෝ දුරට නිවැරදි බව කීමටයි.  71 අරගලයේ දී විජේවීරවත් පාවාදෙමින් CIA එකට දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කළ පොඩි අතුල සහ ලොකු අතුලට විශාල ජනතා ප්‍රසාදයක් ලබාදීමට දේශයේ හතුරන් ක්‍රියාකරන අතර විජේවීර විප්ලවය සූදානම් කළේ CIA කාරයෙක් ලෙසයි කියා ප්‍රචාරය කරන්න තරම් මේ ද්‍රෝහීන් සැහැසි වුණා.

මෙම සාකච්ඡාවෙන් චතුරංග බලාපොරොත්තු වුණු ඉලක්කය ඉටු වුණේ නැහැ. ඔහු මුළු කාලය තුළම හැසුරුණේ NPP/JVP වෙනුවෙන් කැපවුණු, විජේවීරගෙන් තොර JVP කණ්ඩායමේ මඩ පැල්ලම් පමණක් නොව ලේ පැල්ලම් ද සෝදා හරින්න කොන්ත්‍රාත්  ගත් පුද්ගලයෙක් ලෙසයි. 

හරකා නිතැතින්ම හැරෙන්නේ පොල් පැලය දෙසට වගේම

චතුරංග, වත්මන් තරුණ පරපුර කෙරෙහි උවිඳු තුළ ඇති මානුෂික ආකල්ප හා සානුකම්පිත බව සූරාගෙන එය වත්මන් දූෂිත JVP යට ආදේශ කිරීමට නිශ්ඵල උත්සාහයක යෙදුණා.

රෝහණ විජේවීරගේ ජවිපය තුළත් නරුමයන් නොසිටියා නොවෙයි.

පන්සිල් නො ගත්තේ අන්න ඒ පිරිසයි. 

නොකෙලෙස් පිටිසර ගම්වල තරුණ තරුණියන් මෙන්ම ගම්බද පන්සල් වල තරුණ සාමණේර හිමිවරුන් විජේවීරගේ දේශපාලන දර්ශනය ට ආකර්ෂණය වුණේ කිසිම පුද්ගලික වාසියක් බලාගෙන නොව ස්වයංපෝෂිත වූ නිවහල් ශ්‍රීලංකාවක් ගොඩ නංවා ගැනීමටයි. ඔවුන් පන් සිල් රැක්කා පමණක් නොව දුරාචාරයෙන් තම පරපුරේ සගයින්ව බේරා ගැනීමටත් කටයුතු කළා. මත්පැන් හා දුම් බීමෙන් තරුණ පරපුර ගලවා ගැනීමත් විජේවීරගේ එක් ප්‍රධාන බලාපොරොත්තුවක් වීම තුළින් ඔහු ලංකාවේ මත්පැන් නිෂ්පාදකයින්ගේ සහ දුම්කොළ සමාගම් වල වෛරයට ලක් වුණා.

ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මොන අඩුපාඩු කම තිබුනත් තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් හා දුම්පානයෙන් වළකා ගැනීමට සාර්ථක උත්සාහයක් දැරුවා.

උන්වහන්සේගේ මරණයටත් ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ රුසියාවේ ක්‍රිස්තියානි පල්ලියක් සෘජුවම සම්බන්ධ වී සිටියා.

කුලියාපිටියේ ලයනල් ජයතිලක  මන්ත්‍රීවරයා දුම්බීමෙන් හා මත්පැන් පානයෙන් වැළකෙන ලෙස තරුණ පරපුරට තරයේම අවවාද කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. එසේ කර, ඝාතනයේ වගකීම විජේවීරගේ JVP යට බැර කළා. 

R. ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දීමට විරුද්ධවූ JR ජයවර්ධනට පක්ෂපාතී UNP නායකයින් කිහිප දෙනෙක්ම වෙඩි තබා ඝාතනය කළේ ප්‍රේමදාසගේ සැළසුමක් මතයි. ඝාතකයා වූයේ විජය කුමාරතුංග ඝාතනය කළ රණසිංහ මයි. පාවිච්චි කලේ කළේ එකම අවියයි.

අද NPP/JVP යෝධ ශක්තියක් ලබා ඉදිරියට පැමිණ ඇත්තේ යුගයේ අවශ්‍යතාවක් වෙනුවෙන් කියා නැවත වතාවක් ඉතිහාසය ආපස්සට හරවන්න දේශයේම හතුරන් විදේශීය බලවතුන් හා ක්‍රිස්තියානි සංවිධාන සමග එකතුවී රටේ භෞමික  අඛණ්ඩ තාවයටත්, හෙළ සංස්කෘතිය ටත් බුදුදහමටත් එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. 

අවාසනාවකට මෙන්, විශ්‍රාමික රණවිරුවන් යැයි කියාගන්නා ක්‍රිස්තියානි බලවේගය විසින් මෙහෙයවන පිරිස් ජාතික ජන බලවේගයට එක්වී රට මුදා ගන්නා ආකාරය ගැන පුරසාරම් දොඩනවා.

නමුත් ඔවුන්, ඔවුන්ව මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගය එදා රණවිරුවන් නොකා නොබී මව්බිම වෙනුවෙන් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් කරද්දී, රටේ මුර දේවතාවුන් වූ අපේ සන්නද්ධ හමුදාවල සාමාජිකයින් ලොවට හදුන්වා දුන්නේ ලෝකයේ සිටින ම්ලේච්ඡතම යුද හමුදාව ලෙසින්.

 එපමණක්  නොවෙයි එම හමුදාව බෞද්ධ හමුදාවක් ලෙසත් ජාත්‍යන්තරය ඉදිරියේ හංවඩු ගසා තිබුණා. වත්මන් JVP නායකත්වය හෝ NPP රූකඩයන් අතරෙන් එක් අයෙක් හෝ අපේ මවුබිම, භෞමික අඛණ්ඩතාවය හෝ මිනීමරු එල්ටීටීඊ සංවිධානය පිටුපස හොල්මන් කළේ ලංකාවේ කතෝලික සභාව බව ලොවට හෙළි කරමින් ලිපියක් නොව  එක වගන්තියක් ලියූ බව හැකිනම් ඔප්පු කරන්න කියා

මා වෙස් මුහුණු බැඳගෙන දේශපාලන කරන කුහක තක්කඩි වංචනික පිරිස් වලට විවෘත අභියෝගයක් කරනවා.

ශ්‍රී ලංකාව සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් දරුණු සෝදාපාලුවකට ලක්වුණේ දේශීය හා විදේශීය අදෘශ්‍යමාන බලවේග වල නින්දිත කුමන්ත්‍රණයක් නිසා බව හෙළි කරන්න තරම් කොන්දක් පණ ඇති අයෙක් වත්මන් JVP එකේ සිටිනවාද කියා සොයා බළාම මීළඟ ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට සූදානම් වන ලෙස මා රටේ සියලුම ජනවාර්ගික කොටස් වලින් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

(මහාචාර්ය එඩ්වර්ඩ්  එම් පෙරේරා)



සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.