අඩ සියවසක නිම්වළල්ල..
මෙරට පළමුවන සිංහල කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගත වූයේ 1947දීය. එය පළමු සිංහල චිත්‍රපටය වූ සේම පාසල් සිසුන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද පළමු හා එකම සිංහල චිත්‍රපටය ලෙස නිම්වළල්ල චිත්‍රපටය ඉතිහාස ගතය.
1970 දී නිම්වළල්ල නිර් මාණය කළේ රන්ජිත් ලාල් විසිනි. තරුණ අසහනය, සමාජ ස්ථරයන්හි නොගැලපීම හා යොවුන් ප්‍රේමය පදනම් කර ගනිමින් නිර් මාණය කෙරුණු එම චිත්‍රපටයට මේ නොවැම්බරයට 55වසරක් සපිරෙයි.
55 වසරකට පෙර නිම්වළල්ල නිර් මාණය කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුන් පිරිසකි. එහි අපූරු කතාවක් තිබේ. රන්ජිත් ලාල්, ප්‍රේමකීර් ති ද අල්විස්, ආතර් නම්මුනි ද සොයිසා, චන්ද්‍ර ශ්‍රී මුදන්නායක, ආනන්ද නිලවීර හා ඒ. ඩී. රන්ජිත් කුමාර ආනන්දයේ එකට උගත් සිසුවෝය. පාසල් වියේදී කෙසේ හෝ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ උණක් ඔවුනට වැළදී තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ‘වෙර‘ නමින් කෙටි චිත්‍රපටයක් බිහිවීමය. එහි කතාව ප්‍රේමකීර් ති ද අල්විස්ගේ විය. එහි තේමා ගීතය ලිව්වේ ද ඔහුය. රන්ජිත් ලාල් අධ්‍යක්ෂණයෙන්, ගායනයෙන් හා සංගීත නිර් මාණයෙන් එයට දායක විය. එහි කලා අධ්‍යක්ෂවරයා වූයේ ඒ. ඩී. රන්ජිත් කුමාරය. ඩිල්මන් ජයරත්න කැමරාකරණයෙන් එක් විය. එම චිත්‍රපටයෙන් නිරූපනය වූයේ කම්කරුවන් හා පීඩිතයන් පිරිසකගේ ජීවන අරගලයයි.
වෙර නමැති කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් පන්නරය ලද රන්ජිත් ලාල්ගේ ඊළග වෑයම වූයේ කෙසේ හෝ වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමය. ඒ සදහා සුදුසු කතාවක් ලියන ලෙස ඔහු භාර දුන්නේ ඒ වන විටත් ආනන්දයේ ඉගෙනුම බලමින් සිටි සුනිල් මාධව ප්‍රේමතිලකටය. ඔහු පාසල් අධ්‍යාපනය ලබන අවදියේම සිළුමිණ පුවත්පතේ ලේඛකයකු ලෙස කටයුතු කළේය. සුනිල් මාධව අපූරු කතාවක් ලීවේය. එහි තිරනාටකය ලීවේ ආනන්දයේම සිසුවකු වූ පසුව දක්ෂ මූර් ති ශිල්පියකු වූ අසෝක ඩයස් වීරසිංහය. ඒ.ඩී. රන්ජිත් කුමාර කලා අධ්‍යක්ෂවරයා විය
චිත්‍රපට උණෙන් සිටි මේ කොලු රංචුවට වෙනත් පාසල් දෙකක ශිෂ්‍යයන් දෙදෙනෙක් ද එක්ව සිටියහ. ඉන් එක් අයෙක් කෑගලු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඩිල්මන් ජයරත්නය. අනෙක් සිසුවා නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටි සුනිල් ආරියරත්නය. ඩිල්මන් කැමරා අධ්‍යක්ෂණයෙන්ද, සුනිල් ගීත රචනයෙන්ද නිම් වළල්ලට එකතු වූහ. එවක ප්‍රේමකීර් ති ද අල්විස් ආනන්දයෙන් සමුගෙන ගුවන් විදුලියට එක්ව සිටි බැවින් ඔහුට එම චිත්‍රපටයට එක්විය නොහැකි විය. චිත්‍රපටයේ මුල් නම වූයේ ‘යළිත් වසන්තය‘ යන්නයි. පසුව එය‘ නිම්වළල්ල‘ ලෙසින් වෙනස් කෙරිණි.. සිරිසේන විමලවීරයන්ගේ නව ජීවන චිත්‍රාගාරයේ නිර්මාණය කෙරුණු අවසන් චිත්‍රපටය වූයේ නිම්වළල්ලය.
චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම හා කළමනාකාරීත්වය බාර වූයේ ආතර් නම්මුනි ද සොයිසාටය. චන්ද්‍ර ශ්‍රී මුදන්නායක ඔහුගේ සහය කළමනාකරු විය. සහාය අධ්‍යක්ෂවරුන් වූයේ පසුකලෙක ලේක්හවුසියේ සභාපති වූ බන්දුල පද්මකුමාර සහ ආනන්ද නිලවීරය. සංස්කරණය එවක සාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ලාල් දිසානායකට පැවරිණි. සත් සමුදුර, වෙස්ගත්තෝ වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේ ලාල්ලේ පියා වූ දොස්තර ලීනස් දිසානායකය. එහෙයින් පාසල් අවදියේ සිටම ලාල්ටද සිනමාව පිළිබද මනා අවබෝධයක් තිබිණි. තවත් ආනන්ද සිසුන් දෙදෙනකු වූ මහින්ද අල්ගමට (චන්ද්‍ර මඬුලු යට සුරංගනාවෝ, රුක් අත්තන මල මුදුනේ වැනි ගීත ලියූ ප්‍රවීණ ගීත රචක) ගීත රචනයත් පසු කාලයේ දෙසතිය සගරාවේ සංස්කාරකවරයා හා ප්‍රවීණ ගීත රචකයකු වූ ගාමිණී විජේතුංගට ප්‍රචාරක කටයුතුත් බාර විය. මහින්ද ලියු නිසයුරු මුතුලැල් ගීතය ගායනා කළේ සී ටී ප්‍රනාන්දු ය
පාසල් සිසුන්ගේම තේමාවක් ඇසුරින් නිර්මාණය වූ නිම්වළල්ලේ ප්‍රධාන චරිත නිරූපනය කළේ ජානකී කුරුකුලසූරිය, ස්වර් ණා මල්ලවාරච්චි, රුක්මණී දේවි, සිරිල් වික්‍රමගේ, පියදාස ගුණසේකර, දේවිකා කරුණාරත්න සහ ජේ.බී.එල්. ගුණසේකරය ඔවුනට අමතරව, එවක ආනන්දයේ ශිෂ්‍යයන් වූ නිමල් හෙට්ටිආරච්චි, ( පසුව මහාචාර්ය) රත්නසිරි රාජපක්ෂ, (පසුව කොළඹ නගරාධිපති) නාලන්දයේ ශිෂ්‍යයකු වූ තිස්ස විජේසුරේන්ද්‍ර, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසු අමරසිරි කලංසූරිය යන පිරිස එයට එක්වූහ.
ප්‍රධාන චරිතය සදහා තෝරා ගැනුණේ කිසි දිනෙක වේදිකා නාට්‍යයක හෝ රඟ පා නොසිටි නිශ්ශංක අමරසිංහය. එම චිත්‍රපටය තුළින් මනා රංඟන හැකියාවක් ප්‍රකට කළ නිශ්ශංක ඉන්පසු කිසිදු චිත්‍රපටයක රගපෑවේ නැත. චිත්‍රපටයට දායක වූ බොහෝ දෙනෙක් එයට එක් වූයේ නොමිලයේය.
එවන අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් මංගල දර් ශනය පැවැත්විණි. එම චිත්‍රපටය සියලු දෙනා විසින්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙස ඇයගෙන් සහතිකයක්ද රන්ජිත් ලාල්ට ලැබිණි.
චිත්‍රපටය ආදායම් අතින් ඉහළ මට්ටමක නොපැවතියද වියදම් පියවා ගැනීමට සමත් විය. චිත්‍රපටයේ නිෂ්පාදකයා වූයේද රන්ජිත් ලාල්ය. ඇත්තටම පාසල් සිසුවකු වූ ඔහුට මුදල් තිබුණේ නැත ඒ සදහා මුදල් දුන්නේ ඔහුගේ පියා වූ මිනුවන්ගොඩ පීල්ලවත්තේ ඩේවිඩ් සිල්වා මහතාය.
නිම්වළල්ල නිර්මාණය කිරීමෙන් පසු රන්ජිත් ලාල් යළි වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළ ද පසුව රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ කාලයේ අගනා වාර් තා චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළේය. සිනමාව හා සංගීතය පිළිබඳ ඉතා පුළුල් අවබෝධයකින් යුතු ඔහු තම දැනුමෙන් වැඩක් ගත්තේද යන්න සැක සහිතය.
55 වසරකට පෙර නිම්වළල්ලෙන් උපන් බොහෝ දෙනෙක් පසුකාලීනව විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා නම රැන්දූ පුද්ගලයන් බවට පත් වූහ. ඇතැමෙක් අද ජීවතුන් අතර නැත.
නිම්වළල් පිළිබඳ ව එවක දිනමිණ කතුවරයා ව සිටි එස් සුබසිංහ මහතාගේ සඳහනකින් මෙය අවසන් කළ යුතුයැයි සිතමි.
‘සුනිල් මාධව ප්‍රේමතිලක ලියා ඇති කතාව තිරය මත කියාපෑමට රන්ජිත් ලාල් සිනමා මාධ්‍ය නිසියාකාරව උපයෝගී කරගෙන ඇති අන්දම පිළිබඳව සලකා බලන විට නිම්වළල්ල සිංහල සිංහල චිත්‍රපටයකැයි හදුන්වනවාට වඩා එය සිනමාත්මක චිත්‍රපටයකැයි හැදින්වීම මැනවයි මට සිතේ. චිත්‍රපට කතාව විකාශය වීමට රන්ජිත් කුමාරගේ පසුබිම් නිර් මාණය මහත් රුකුලක් වී තිබේ. අධ්‍යක්ෂ රන්ජිත් ලාල්, කතා රචක සුනිල් මාධව ප්‍රේමතිලක කැමරාව මෙහෙය වූ ඩිල්මන් ජයරත්න යන අයගේ හැකියාව මතින් ප්‍රකට වන්නේ ඔවුන් ලාබාල තරුණයන් පිරිසක් ලෙස නොව ජීවිතය පිළිබද පුළුල් අත්දැකීම් සහිත විවේක බුද්ධිය හා අවබෝධ ඥානයෙන් යුතුව සමාජ ප්‍රශ්න දෙස සානුකම්පිතව බලන වයොවෘද්ධයන් කිහිප දෙනෙකු ලෙසිනි.“
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප හිමිකම - ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා සතුය.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..