News Category
From Date
To Date
Maximum Number of Result

නින්ද කොච්චර වටිනවද?.. මේ ලිපිය කියවලාම බලන්න..

Jul 17, 2025 at 09:42 AM
|

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩද?

ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩලු නේද? 

තෙල් වැඩිය නොකන ඒත් මේ තත්වයන් තියෙන අය කොපමණ ඉන්නවාද? 

තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තෙල් අඩුවෙන්ම කන අයට තමයි මේ ලෙඩ අන්තිමට ඇවිල්ලා තියෙනනේ. වැඩිපුර පරිස්සම් වෙන්නේ එයාලනේ. ඉතිං තෙල් තියෙන තැනකින් වත් යන්නේ නැහැ. ඒත් කවදාවත් මේ ලෙඩේ හොද වෙන්නෙත් නැහැලු. සමහර අයගේ ජාන වලත් තියෙනවාලු. සාමාන්යයෙන් සොයාගන්න බැරි ලෙඩක් වැටෙන්නේ මේ ජාන කැටගරි එකට තමයි.

මෙයත් අපගේ ශරීරයේ ඇති ස්වභාවික ක්රියාවලියක් වැරදියට වටහා ගැනීමක් නිසා ඇතිවී තියෙන තත්වයක්. අපි මේ කාරණා එකින් එක දිග හැර බලමු.

ඔබ දන්නවාද ඌරා කියන සතා කන තෙල් මොනවාද කියලා. ඌ කන්නේ බොහෝ විට එළවලුනේ. මස් මාංශ කන්නෙත් නැහැනේ. ඒත් උගේ ශරීරයේ කොපමණ තෙල් තියෙනවාද? කොහෙන්ද මේවා ආවේ. ඒ සතා කන දේවල් උගේ ශරීරයේදී ඌට අවශ්ය ආකාරයට පෙරලල හදා ගන්නවා. 

අපිත් එහෙමයි. අපි මොනවා කෑවත් මේදය අවශ්ය නම් මේදය නිපදවනවා. එය වෙනස් කරන්න අපට බැහැ. අපි තෙල් සහිත ඒවා නොක ඉදලා ශරීරයේ ඇති මේදය අඩු කරගන්න හදනවා. වෙජිටේරියන් අයට ෆැටි ලිවර් අවේ කෙසේද කියා සොයා බලන්න. 

අපි කෙලින්ම මාතෘකාවට බහිමු. වටේ යන්නේ මොකටෙයි. අපි දැන් ඉස්සර වගේ නෙවෙයි. හරියට වස විස කනවා. වස විස කියන්නේ මොනාද? අපි කන යම් දෙයක් නිසා අපගේ ශරීරයේ යම් කොටසකට හානියක් කළ හැකි දේකට අපි කියනවා වස විස කියලා. දැන් අපි මේවා කන එක අනිවාර්යයි කියන එකත් දන්නවානේ. 

එලවලු ටිකේ කෘෂිරසායන, බොන වතුරේ ක්ලෝරීන්. ගෙදර ගේන ෆ්රයිඩ් රයිස් එකේ අජිනමොටෝ. කාල බොන පැණී බීම එකේ තවත් විෂ. රිෆයින් කරපු සීනි සහ පාන් පිටි වලත් විෂ එක්වෙලා තියෙනවා. මාගරින් වලත් තියෙනවා. ඒ මදිවට හවස දාන ෂොට් එකත් වස විස, දැන් මේ වස විස ඔක්කොම අපේ මුඛය ඇතුලට ගොස් ආමාෂයේ ටික වේලාවක් තිබිලා ටික ටික කුඩා බඩවැල තුලට ගමන් කරනවා. දැන් මේවා අංගුලිකා වලින් ටික ටික අවශෝෂනය කරනවා. මේ අතර අර විෂද තියෙනවා. දැන් මේ පෝෂ්ය කොටස් සහ විෂ ලේ වලට එක්වෙලා මුල්න්ම යනවා ෆිල්ටර් කරන්න. ඒ ෆිල්ටරය තමයි අක්මාව. 

අක්මාව කරන්නේ මෙකක්ද අර වස විෂ ටික තමන්ගාව තියාගෙන ඉතිරි අත්යවශ්ය කොටස් ටික රුධීරයට මුදා හරිනවා. දැන් අක්මාව බෝම්බයක් බැදගෙන ඉන්න කෙනෙක් වගේ. ඒත් කරන්න දේයක් නැහැ. එයාගේ කාර්ය්යනේ.

දැන් අක්මාව මේ ටික සල්ෆර් අංශු සමග එක් කරල බැදලා අක්මාවෙන් පිටකරනවා. දැන් මේවා අපගේ බහිශ්රාවීය පද්ධති මාර්ගයෙන් පිට කල හැකියි. මේසල්ෆර් නිසා තමයි අපගේ දහදිය එහෙම දුගද හමන්නේ. ඒ කියන්නේ දහදිය ගද අය දැනගත යුතුයි තමන්ගේ ආහාර වල වස විෂවැඩි බව. ඒ නිසා අපේ දෛනික ආහාර වේලට යම් සල්ෆර් නැත්නම් ගෙන්දගම් සහිත ආහාරයක් එක් කරගන්න අපි දැනගන්න ඕනි. මොනවද ඒ ආහාර.

ගෝවා.

නොකෝල්.

රාබු.

බ්රොකෝලි.

කෝලිෆ්ලවර්.

සුදුලූණු.

මේ වගේ ආහාර සල්ෆර් බහුලයි. මේවගේ යම් සමාන බවක් දකින්නේ නැද්ද? මේවා නරක් වුනාම ගදයි නේද? ඒ සල්ෆර් නිසා. මේන්න මේ මිනරල් එක් අපි අනිවාර්යයෙන් ආහාරයට එක් කර ගත යුතුයි. 

තෛරොයිඩ් ගැටලු තියෙන අය ගෝවා වෙනුවට සුදුලුණු චීස් වගේ ඒවාගෙන් මේ තම ගැටලුව නිරාකරණය කරගත යුතු වෙනවා.

දැන් ඉතින් වහ කෑවට ගැටලුවක් නැහැ. මොකද අක්මාව ඒ ටික තියාගන්නවා පස්සේ සිරුරින් බැහැර කරනවා. හරි ශෝක් නේද? වැඩේ තියෙන්නේ අක්මාවත් වැඩ කරන්නේ අකුරට. එයා තමන් සන්තකයේ තියෙන විෂ ඉවත් කරන්නේ රාත්රී කාලයේ අපි නින්දේ ඉන්නවා නම් විතරයි. ඒකත් රෑ 11 ත් පාන්දර 2ත් අතර අපි තද නින්දේ ඉන්න ඕනි. නැත්නම් මොකද වෙන්නේ. අක්මා මේකා හෙටවත් නිදා ගනීවි නේ කියලා අර විෂ ටික තියාගෙන ඉන්නවා. අනේ මේ මෝඩයා මේක දන්නවා යෑ. පහුවදාත් පාන්දර තුන විතර වෙනකම් නිදි වරනවා. මේ විදිහට අක්මාව තුව වස විෂ එකතු වෙනවා. ඉතිං අක්මාවෙන් කෙරෙන වැඩ කරන්න බැහැ.

මේ විෂ කියන්නේ මොනවාද? විෂ කියන්නේ අපගේ ශරීරයේ සෛල වලට යම් හානියක් කල හැකි විනාෂයක් කල හැකි රසායනිකයකට. කෘමියන්ව විනාෂ කරන්නේ මේ ආකාරයෙන්මයි. උන්ගේ ශරීරයේ සෛල වලට හානි සිදු කර උන්ව මරා දමනවා. දැන් මේවා අපේ ශරීරයට ඇවිල්ලා. ප්රශ්නය තියෙන්නේ දැන්මේ බෝම්බට තියෙන්නේ අක්මාවේ. 

අක්මාවේ සෛල වලට මෙයාල දැන් ටික ටික හානි කරනවා. අක්මාවත් ඉන්නවා විද දරාගෙන රෑ වෙනකම් විතරයිනේ උඹට නටන්න පුලුවන් කියලා. ඒත් රෑටක් අපේ අය ඒ විවේකය දෙන්නේ නැහැ අක්මාවට. ඉතිං පහුවදාටත් අර සංතෑසියමයි. එදා ගන්න ආහාර වල තියෙන වස විෂ ටිකත් දැන් එකතු වෙනවා. දැන් හානිය ඩබල්.

අපේ සිරුරේ තියෙනවා හරි අපූරු උපක්රමයක්. අපේ සිරුරේ යම් පඨකයටකට හානියක් වුනොත් ඒ තැනට ප්ලාස්ටර් එකක් දාන ක්රමයක්. මා මින් පෙර ලියා ඇති කොලෙස්ටරෝල් සම්න්ධ ලිපි කියවලා තියෙනවා නම් මෙය තේරුම් ගන්න ලේසියි. දැන් මේ හානි වුන තැන්වලටත් ඒ ප්ලාස්ටර් එක දානවා. මොකද නැත්නම් තවත් හානි වෙනවානේ. අන්න ඒ ප්ලාස්ටර් එකට තමයි ෆැටි ලිවර් කියන්නේ. මේවා අපි කන කෑම වල තියෙන ෆැට් එක නෙවෙයි. කන කෑම වල තියෙන විෂ නිසා අපගේ සිරුරෙන්ම නිපදවන ෆැට් එක.

දැන් මේක මෙහෙම කිව්වට ටිකක් දැනුම් තේරුම් තියෙන අයට මේක ගැටලුවක්. ඒ නිසා තවත් ටිකක් විග්රහ කරන්න වෙනවා. මේ විෂ කියන ඒවා ක්රියා කරන්නේ කෙසේද මේවා වැඩ කරන්නේ ෆ්රී රැඩිකල් ආකාරයට. නැත්නම් මුක්ථ ඛණ්ඩක විදිහට. මේවා ධන අයන ලෙසයි පවතින්නේ. ඉතිං මෙම ධන අයන යම් මාධයයකට ආවම ඒ මාධ්යයේ ඇති ඍණ අයන සමග එක්වෙලා ස්ථායි වෙන්න බලනවා. මෙන්න මේ ක්රියාවලියේදී අදාල ස්ථානයේ ඇති පරමාණු අස්ථායි වෙලා එම අස්ථායී බාවය නැති කරගන්නට වෙර දරණවා. මේ අයුරින් මේක චේන් එකක් ආකාරයට අපගේ ශරීරය තුල ක්රියාත්මක වෙනවා. මෙයයි අක්මාව තුලත් වෙන්නේ.

මේ ක්රියාවලිය ධමණියක් ඇතුලත වුවහොත් එතනටත් ෆැට් එක ඇවිල්ලා කවර් කරගන්නවා. ඒකට අපි කියනවා කොලෙස්ටරෝල් කියලා. මේ කතාවම අක්මාවේ වුනාම කියනවා ෆැටි ලිවර් කියලා. එකම හේතුවක් නිසා හටගන්නා වර්ග දෙකක්.

මේ මුක්ථ කණ්ඩක සොයන්නේ මොනවාද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන. ඉතිං හත්දෙයියනේ අපි ඉලෙක්ට්රෝන ආහායට ගත්තා නම් ඉවරයිනේ නේද? ඒත් ඉතිං කරන්ට් වයර් එකක් කටේතියා ගන්න ඇයි නේද? මොකක්ද මේකට තියෙන පිලිතුර. මේ ධන අයන වලින් සිදු කරන ක්රියාවලියට අපි කියනවා ඔක්සිකරණය කියලා. අපේ පරිසරය මේකට හරියන විකල්පයක් නිර්මානය කරලා තියෙනවා. ඒකට කියනවා ප්රතිඔක්සිකාරක කියලා. ප්රති ඔක්සිකාරක සහිත ආහාර අපි දෛනික ආහාර වේලට එක් කරගත්තා නම් දැන් ඉතිං ඒ ගැටලුවත් ඉවරයි නේද? එයාල සොයන්නේ ඉලෙක්ට්රෝන නම් ඉලෙක්ට්රෝන වැඩියෙන් තියෙන ප්රතිඔක්සිකාරක සහිත ආහාර ලබාදුන්නා නම් වැඩේ අහවරයිනේ. නේද? ඒත් ඉතිං අපි දැනගෙන ඉන්න ඕනි මොනවාද මේ ආහාර කියලා.

ප්රති ඔක්සිකාරක ප්රමාණය මණින ඒකකයක් තියෙනවා ORAC ( Oxygen Radical Absorbance Capacity ) කියලා. අන්තර්ජාලය පරීක්ෂා කර බලන්න ORAC අගය වැඩි ආහාර මොනවාද කියලා. ඔබට පුදුම හිතෙයි අපේ රටේ තමයි ලොව හොද ORAC අගයක් තියෙන ආහාර තියෙන්නේ. අපට සාමාන්යයෙන් දවසකට ORAC points 20,000 ක පමණ අගයක් ඇති ආහාර ප්රමාණයක් ගන්න ඕනි. ඒ මොකටද අර අපි දෛනිකව ගන්නා වස විෂ වල ඇති ෆ්රී රැඩිකල් ටික උදාසීන කරගන්න. දැන් ෆැටි ලිවර් හෝ කොලෙස්ටරෝල් ඇති අයෙක්කරන්න තියෙන්නේ මොකක්ද? මේ අගය ටිකක් වැඩි කරලා ගන්න එකයි.

දැන් කෙනෙක් අහන්න පුලුවන් මේවා වැඩි වුනොත් මොකද වෙන්නෙ කියලා. ඔබ නිවසට විදුලිය ගන්නා විට කොළ පාට වයර් එකක් පොලොවට යට කරනවා දැකලා තියෙනවාද? අපි ඒකඑ කියනවා Earth වයර් එක කියලා. මේක තියෙන්නේ වැඩි විදුලියක් ආවොත් පොලොවට එක් කරන්න. ඒ කියන්නේ වැඩියෙන් ඉලෙක්ට්රෝන තියෙනවා නම් ඔබට පොලොවේ පය ගහලා ඇවිදින්න විතරයි තියෙන්නේ. නිකන්ම වැඩේ කෙරෙනවා. හරිම සරලයි. දවසකට ORAC අගය ලක්ෂ දෙකක් ගත්තත් ගැටලුවක් නැහැ. අපි සිංගප්පූරුවේ මේවාගේ අයට දෙන සප්ලිමන්ට් එකක් තියෙනවා 100%ක් ස්වභාවික. එහි ORAC අගය දවසකට ගන්නා මාත්රාව තුල 180000 ක් තියෙනවා. ඉතිං කොලෙස්ටරෝල් ෆැටිලිවර් පලාතක තියෙන්නේ නැහැ. පහත පින්තූරයේ තියෙන ආහාර වල ORAC අගය දෙස බලන්න. එහි ඇති සහ නොමැති අපට ඉතාමත් පහසුවෙන් ලබා ගත හැකි ආහාර කිහිපයක් දක්වන්නම්.

කුරුදු කුඩු. 100g ක ඇති ORAC points ගණන 240,000

වියලිමුරුංගා කොළ කුඩු. 100g ක ඇති ORAC points ගණන 157,000

කිඩ්නි බීන් කප් එකක ඇති ORAC points ගණන 17,500

ග්රීන් ටී කප් එකක ඇති ORAC points ගණන 3,000

දැන් ඔබම ගණන් හදලා බලන්න 20000 කියන්නේ මොනතරම් පහසු අගයක්ද කියලා.

මේ ගැටලුව ඇතිකරණ තවත් එක් මාර්ගයක් තමයි වේදනා නාශක. වේදනා නාශක වල තියෙන ඇසිටොමිනොෆින් වලින්ද මේ කාර්ය්යම කෙරෙනවා. ඒ කියන්නේ අක්මාවට හානි වෙනවා. ඉතිං ඒ තත්වය නැති කරගන්නට නම් වේදනා නාශක වලින් මිදෙන්නට වෙනවා. අවශ්ය නම් මේ ගැන දීර්ඝවකතා කල හැකියි.

තවත් කාරණාවක් තමයි ෆැට් බර්නිං මේනියා එක. මහත වැඩියි කියලා සතියෙන් දෙකෙන් කෙට්ටුවෙන්න යන අය ඉන්නවා නේද? අන්න ඒ අය මේ ටික කිහිප සැරයක් කියවා ගන්න.

වස විෂ ජලයේ දියවෙන්නේ නැහැ. ඒවා බොහෝ විට මේදයේ තමයි දිය වෙන්නේ. අපි කන අහාර වල තියෙන විෂ අක්මාවේ විතරක් නොව සිරුරේ මේද පටක වලත් තැන්පත් වී තියෙන්නට පුලුවන්. අක්මාවට තමන්ගේ වැඩ කොටස හරියට කරගන්න බැරි වුනාම වස විෂත් ලේ වලට එක් වෙනවා. ඉතිං ඒ විෂ සිරුරේ ඇති වෙනත් මේද පටක වල තැන්පත් වෙනවා. ඉක්මනින් කෙට්ටු වෙන්න හදන අය පරිවෘතීය ක්රියා වේගවත් කර මේදය දවාලන්නට කරන උත්සාහයේදී මේ විෂ නැවතත් රුධිරයට එක්වෙනවා. ඉතිං නැවතත් මේ විෂ අක්මාව වෙත ගෙනයනවා ඉවත් කරන්නට. දැන් සතියක් දෙකක් වගේ කෙටිකාලයක් ඇතුලත විෂාල විෂ තොගයක් අක්මාව වෙත එනවා. මේනිසා අක්මාවට විෂාල ලෙසට හානි වෙනවා. එවැනි අය තම අක්මාවේ තත්වය චෙක් කරගත්තාට කමක් නැහැ.

ඉතාමත් දිග මාතෘකාවක් ඉතාමත් කෙටියෙන් කතා කලේ. තවත් කෙනෙකුගේ නිරෝගීතාවය වෙනුවෙන් මේ ලිපි ෂෙයාර් කර ඒඅයටත් දැනුම බෙදා දෙන්න.

ස්තුතිය පෝෂණවේදී - නයන  තේනුවර.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.