හඳුන් ලාට වඩා දුප්පත් නිර්මාල් ලා..
සුනිල් හඳුනෙත්ති ඇමතිවරයා ආර්ථික සමුළුවකට ගොස් සිදුවී ඇති අකරතැබ්බ ගැන බොහෝ දෙනා දන්නවනේ.ඒක හඳුනෙත්තිගේ දුර්වල ඉංග්‍රීසි භාෂා භාවිතය සමච්චලයට ලක් කරන්න ලැබුණු අවස්ථාවක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි බස නොදැනීම ගැටලුවක් නොවුනත් ඉංග්‍රීසි බස නොදන්නා බව නොදැනීම ගැටලුවක් තමයි. විසේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ වන වෘත්තීන් වලදි, අවස්ථාවලදි.
ලෝකයේ ඉංග්‍රීසි බස හසුරුවන්න්නේ 22% පමණ ප්‍රමාණයක්.ආර්ථික අතින් දියුණු රටවල් විශාල ප්‍රමාණයක ඉංග්‍රීසි භාවිතයක් නැති තරම්. හැබැයි ඔවුන් උවමනා තරමින් ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වනවා.ඒ ඔවුන් ඉංග්‍රීසි බස නොදන්නා බව දන්න නිසා.අද වෙද්දි භාෂා වෙනස්කම් අන්තර් සන්නිවේදනයට සිදු කරන බාධාව අහෝසි වෙමින් යන කාලයක්. විශේෂයෙන් නූතන තාක්ෂණ වෙනස්කම් නිසා. භාෂා පරිවත්කයෙක් නොමැතිව වුනත් භාෂා දෙකකින් සන්නිවේදනය බාධාවකින් තොරව එක් භාෂාවකින් කරනවා මෙන්ම කරගෙන යන්න තව තාක්ෂණිකව යන්න තියෙන්නේ ඉතා කෙටි දුරයි.ඒ නිසා ඉංග්‍රීසි හෝ වෙනත් භාෂා කුසලතාවයකට ලැබිල තියෙන ඉඩ අනාගතයේදී සම්පූර්ණයෙන් අහෝසි වෙන තත්වයක් තමයි තියෙන්නේ.එය ඉතා නුදුරේදීම සිදු වෙයි...
එතනට යනකන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ජාත්‍යන්තරය සමග සිදුකරන සන්නිවේදනයන්වලදි විශේෂයෙන් රජයක් විදියට නියෝජනය කරද්දි භාෂා පරිවර්තකයෙක්ගේ සහය ලබාගන්න එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. චීනය,රුසියාව,ප්‍රංශය,ජර්මනිය,ජපානය,ඉරානය,තුර්කිය,බ්‍රසීලය වගේ දැවැන්ත රටවල්වල දැවැන්ත නායකයින් එය කරමින් තිබෙද්දි අපිට එයට අවශ්‍ය ධෛර්‍ය නැත්තේ අපිට ඉංග්‍රීසි බස ගැන තියෙන හීන මානය ද?
හඳුනෙත්ති සහභාගි වුන සම්මුඛ සාකච්චාව එවැනි භාෂා පරිවර්තකයෙක් යොදාගන්න අපහසු එකක් නම් කරන්න තිබුන හොඳම වැඩේ ඔහු එයට සහභාගී නොවී එයට සුදුස්සෙකු සහභාගි කරවීම.ඕක තේරුම් ගන්න "රොකට් සයන්ස්" දැනගන්න ඕන නෑ..
ඒක කියන්න හදපු අදහසට අතුරු කතාවක්.
මෙතනදි හඳුනෙත්තිගේ ඉංග්‍රීසි බස හැසිරවීම ගැන බොහෝ දෙනා උසුළු විසුළු කළත් ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතන ද? හඳුනෙත්තිලා සිංහල බසෙන් වත් එහෙම බුද්ධිමය ප්‍රභාවක් පෙන්නුම් කරල තියෙනව ද? විශේෂයෙන් ආර්ථික කාරණයේදී? පසුගිය කාලය පුරාම හඳුනෙත්තිලාගේ ප්‍රකාශ අරගෙන බැලුවම නම් එහෙම එකක් පේන්න නෑ. විශේෂයෙන් ආර්ථික කාරණයට අදාළව ඔවුන්ට තිබෙන්නේ ඔය ඉංග්‍රීසි බසටත් වඩා ළාමක ප්‍රාථමික අදහස් ටිකක්. යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ අදහස් දක්වන්නේ ඉංග්‍රීසි බසෙන් විතරක් නෙවෙයි. බොහෝ විට ඉංග්‍රීසියටත් වඩා ඕක ළාමකව කරමින් ඉන්නේ සිංහලෙන්.උවමනා නම් ඕනෑතරම් ඒක සහතික කරන්න පුළුවන් ප්‍රකාශ දුසිම් ගණන් උපුටා දක්වල පෙන්නත හැකි.
ඔවුන්ගේ ඒ ප්‍රාථමික දැක්ම වහගෙන ඉන්නේ දූෂණ විරෝධී සළුවෙන්. අද වෙද්දි බොහෝ නොහැකියාවන් ඒ සළුවෙන් ආවරණය කරගන්න පුළුවන් අවස්ථාවක් ඔවුන් නිර්මාණය කරගෙන ඉන්නවා.
හඳුන්ගේ භාෂා නොහැකියාව ගැන විග්‍රහ කරන මහාචාර්‍ය නිර්මාල් දේවසිරි මහතා යෝජනා කරනව හඳුනෙත්ති වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මලී හේමච්න්ද්‍ර වැනි අයෙකු යැව්වා නම් මේ වගේ ආර්ථික සමුළුවක හොඳින් මුහුණ දෙනු ඇති බව.එය හැබෑවක් ද?
ලක්මලී හේමචන්ද්‍ර පසුගිය කාලය පුරා එවැනි විභවයක් තියෙන බව පෙන්නුම් කරලා තියෙනව ද? පොදු සමාජය සාමන්‍යයෙන් ඇය හඳුනාගෙන තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේදී අතිශය උද්ධච්ච, වගකීම් විරහිත, ඕනෑම බොරුවක් කිව හැකි,සරල මතවාදී ප්‍රතිප්‍රහාරයකින් පවා කිච වෙලා යන ඉතා දුර්වල සන්නිවේදිකාවක් විදියට.නිර්මාල් මේ ආර්ථික සාක්චාවට ලක්මලී යෝජනා කරන්නෙ හඳුන්නෙත්ති සමග සසඳද්දි ඇයට තිබෙන ඉහළ ඉංග්‍රීසි භාෂා කුසලතාවය නිසා ම ද? ඇය ආර්ථික දැනුම අතින් හෝ එය සන්නිවේදනය කිරීම අතින් හඳුනෙත්තිටත් වඩා දුර්වලයෙක් බව තවත් දුර්වල සන්නිවේදකයෙක් වෙන නිර්මාල් දේවසිරි ට වැටහෙන්නේ නෑද්ද?
එසේ නැත්නම් නිර්මාල්ලා ට හඳුනෙත්තිලාට වඩා ලක්මලීලා - හරිණිලා දේශපාලනිකව කිට්ටු නිසා ද?. ඔවුන් එකම රෑනේ කුරුල්ලො-කිරිල්ලියො (ජවිපෙ ම අය ඉස්සර ඔවුන් ගැන කිව්ව විදියට කිව්වොත් විජාතික රෑනේ ).ඔවුන් දීර්ඝකාලයක් විජාතික ව්‍යාපෘති වල සක්‍රීය වැඩ කරපු අය.නිර්මාල් ලාට උවමනා අනුර වෙනුවට හරිණි ලාත්, හදුනෙත්තිලා වෙනුවට ලක්මලීලාත් ඉදිරියට ගන්න ද?
ඇත්තටම හඳුනෙත්තිලා ට වඩා දුප්පත් , හඳුනෙත්ති වෙනුවනට ලක්මලී යෝජනා කරන නිර්මාල්ලා නොවේ ද?
-යටියන ප්‍රදීප් කුමාර
2025/06/30
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..