හඳුන්නෙත්ති World Economic Forum එකේ නාපු නෑම..
ඇත්තටම කිව්වොත් හඳුන්නෙත්ති...
World Economic Forum එකේ නාපු නෑමට ,
ඒ මිනිහට බැනලවත් හිනාවෙලාවත් වැඩක් නැහැ කියලා හිතෙනවා.
Game Change කියල...
Movie එකක් තියෙනවා 2008 ඇමරිකානු ජනාධිපතිවරණය පාදක කරගෙන හදලා තියෙන.
ඒකෙදි පෙන්නන විදියට Vice Presidential Debate එකේදි බොහෝ දුරට අහන්න නියමිත ප්‍රශ්න වලට උත්තර...
කට පාඩම් කරවලා තමයි සාරා පේලින් විවාදයට යවන්නෙ.
දැන් මෙතනත් වුණේ ...
ඒ වගේම කේස් එකක්.
අපේ පොර කොළ කෑලි ටිකක My Self ගැන රචනාවක් වගේ එකක් ලියාගෙන...
ෆුල් කොන්ෆිඩන්ස් පිට වැඩේට ගියාම ,
ඒ උත්තර වලට හරියට ප්‍රශ්න අහන්න...
වැඩසටහන මෙහෙයවන මනුස්සයා දැනගන්න එපැයි .
එහෙම නොවුණම..
කොහෙද යන්නෙ ඇහුවම මල්ලෙ පොල් කියලවත් කියාගන්න බැරුව වෙනම ලෝකෙක උත්තර දෙන එක අහන්නත් දෙයක් යැ.
මේක ඉතින්...
හඳුන්ගෙ විතරක් අවුලක් කියන්නත් බෑ.
දැන් අර ඇමති කෙනෙක්‍ට අදාළ රාජකාරිය මොකක්ද කියලා නොදැන ,
ඊයෙ පෙරේදා සිමෙන්ති අන අන හිටපු බදුල්ලෙ සමන්තයව හරි ,
ටික කාලෙකට කලින් වැවක බැහැලා වැව සුද්ද කරපු ඇමතියා හරි ,
අර නට් බෝල් වෙන්න කසිප්පු ගහලා වගේ Voice Cut දෙන අර සරත්ද මොකක්ද කියන නියෝජ්‍ය ඇමතියා හරි...
කෝට් එකක් අන්දලා World Economic Forum එකට යැව්වොත් මොකක් වෙයිද.?
ඒකම තමයි...
මේ වෙලා තියෙන්නෙ.
මේ මිනිස්සුන්ට ගැළපෙන තැන තමයි මේ රටේ මිනිස්සු දශක ගාණක් ඒ මිනිස්සුන්ව තියලා තිබ්බෙ.
පාර්ලිමේන්තුවට වද්ද ගත්තෙ එකයි දෙකයි.
මුළු ප්‍රාදේශිය සභාවට නගර සභාවටම උපරිම එක මන්ත්‍රී කෙනයි.
ඉතිහාසයේ කවම කවදාවත් දේශපාලන බලය නොලැබිය යුතුව තිබුණු...
දන්න එකම දේ වැඩක් කරනකොට බාල්දි පෙරලන එකයි සිංහලෙන් මයික් පලන එකයි පමණක් වුණු....
කඩාකප්පල්කාරී කල්ලියකට රටක් බාර දීලා
ආහ් දැං රට කරපං...
කියලා භාර දුන්නම ඒ මිනිස්සු මීට වඩා මොනා කරන්නද..?
ඉස්පිරිතාලෙකට පැනපු වඳුරෝ රංචුවක් වගේ ඒ තියෙන උපකරණ ඔබ ඔබ චෑස් චෑස් ගගා හැම තැනම වසුරු හල හල හතර අතේ දුවන එක ඇරුණම....
මේ ජෝකර්ලා කල්ලිය මේ මාස 9ට කරපු එක වැඩක් තියෙනවද මොනාහරි..?
හඳුන්ගෙ කේස් එක ගත්තොත් ඉංග්‍රීසි කියන්නෙ දෙවන භාෂාවක් කියන එක වෙනම කතාවක්.
හැබැයි අඩුම තරමේ...
වැඩසටහන මෙහෙවන කෙනා අහන ප්‍රශ්නය මොකක්ද කියලවත් නොතේරෙන්න තරම් අවබෝධයක් නැහැ කියන්නෙ ,
මොන තරම් බරපතල තත්වයක්ද.
අමතක කරන්න එපා...
මේ අය මේ නියෝජනය කරන්නෙ ජාතික ජන බලවේගයවත් ජනතා විමුක්ති පෙරමුණවත් නෙවෙයි
එහෙම වුණානම් අපිට මේවා ගැන ගාණක්වත් නෑ.
මේ අය මේ නියෝජනය කරන්නෙ...
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය..!!!
© | - Pramith Ganearachchi✍️
(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..