ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා ජනප්‍රිය උපක්‍රමය නොහොත් ජාතිවාදි ලේබලයේ ඇත්තම කතාව..
ජාතිවාදියා යනුවෙන් හඳුන්වනවාට මම බිය නොවන බව පළමුවෙන් කිව යුතු ය. ඇතැමුන් හිතන්නේ “උඹ ජාතිවාදියෙක්” කියා කී විට මම බිය හෝ ලැජ්ජාව හෝ දෙක ම නිසා හෝ මගේ කට වසා ගනු ඇත කියා ය. නමුත් ඔවුන් වැරදි ය. ප්‍රතිවාදියා නිහඬ කිරීම සඳහා යොදා ගන්නා එම ජනප්‍රිය උපක්‍රමය මට අදාළ නැත. මන්ද සෑම මිනිසෙකු ම ජාතිවාදියෙකු වන බැවිනි.
“ජාති” යනු උපතයි. උපත අනුව සෑම මිනිසෙකු ම සමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව සෑම මිනිසෙකුම අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන සහ අසමාන යැයි කීමත් ජාතිවාදය යි. උපත අනුව මිනිසුන් සමාන හෝ අසමාන හෝ නොවේ යැයි කීමත් ජාතිවාදය යි. මන්ද ඒ සියලු අදහස් පදනම් වන්නේ “ජාතිය” මත නිසා ය. නමුත් මෙම උපත පිළිබඳ මූලික අර්ථයෙන් ඉදිරියට ගොස් එක් එක් අවස්ථානුරූපී සමාජ චර්යා අනුවත් බොහෝ විට ජාතිවාදය වර නැගේ.
අනෙකාට “ජාතිවාදියා” යැයි කියන්නා ද ඒ ප්‍රකාශයෙන් ම ජාතිවාදියෙකු වේ. එනම් තමා සහ අනෙකා අසමාන බව ප්‍රකාශකයා හඟවයි. එමෙන් ම තමා ජාතිවාදී නොවන බැවින් තමා “හොඳ හෝ උසස්” බවත් අනෙකා ජාතිවාදියෙකු බැවින් “නරක හෝ පහත්” බවත් එයින් කියැවේ. එය ජාතිවාදය යි. “ජාතිකවාදියා යනු ජාතිවාදියා ය” යනුවෙන් මා වසර කිහිපයකට පෙර කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. වත්මන් යුදෙව් මුස්ලිම් යුද්ධය පිළිබඳව මාගේ ලිවීමෙන් උරණ වූ ඇතැමුන් මා හට ජාතිවාදියෙකු නොවී ජාතිකවාදියෙකු වන මෙන් පවසයි. මා අදත් කියන්නේ එම වචන දෙකේ වෙනසක් නැති බව ය. හැකිනම් ඒවා වෙනස් යැයි තාර්කිකව ඔප්පු කරනු.
එක්තරා තරුණයෙකු අහිංසක ලෙස කීවේ එම වචන දෙක ඔහුට අහසට පොළොව මෙන් වෙනස් ය කියා ය. ඔහු උදාහරණයක් ලෙස කීවේ ඔහුගේ අම්මාට ඔහු ආදරය කරන බවත්, නමුත් ඔහු අනුන්ගේ අම්මලා පහත් නොකරන බවත් ය. ජාතිකවාදය සහ ජාතිවාදය එම උදාහරණයට සමාන බව ඔහුගේ අහිංසක අදහස යි. එවිට මා ඇසුවේ “ඔබ ඔබේ අම්මාට ආදරය කරන තරමට ම අනෙක් සියලු අම්මලාටත් ආදරය කරනවා ද?” කියා ය. ඔහු “නැත” කීවේ ය. එයින් ම ඔහුගේ තර්කය බිඳේ. එනම් ඔහු තමන්ගේ අම්මා සහ අනුන්ගේ අම්මලා වෙනස් කොට දකියි. එපමණක් නොවේ, අනුන්ගේ අම්මලාට නොදක්වන ආදරයක් ඔහු තමන්ගේ අම්මාට දක්වයි. එය ජාතිවාදය යි. ජාතිවාදය යනු ජෛව පරිණාමයේ මූලික ලක්ෂණයකි. එය සතුන් තුළ පමණක් නොව, ශාක, ෆන්ගයි, බැක්ටීරියා සහ ජෛව/අජෛව වයිරස් දක්වා පවතින ජානගත යථාර්ථයකි. ජාතිවාදය නොමැතිව පරිණාමය විය නොහැකි ය.
“ජාතික” යනු අහවල් ජාතියේ හෝ අහවල් ජාතියට අයත් යන අර්ථයයි. National යනු nation යන්නට අයත් යන අදහසයි. Nation යන්නෙහි අර්ථය උපත ය. Nativity යන්න ජේසුගේ උපතට යෙදේ. Natal යනු උපත හා සම්බන්ධ යනුයි. එපමණක් නොවේ Natural යන්නෙහි ගැබ්ව තිබෙන්නේත් උපන් හැටි හෙවත් ස්වභාවික අර්ථයයි. එනම් ජාතිවාදය සහ ජාතිකවාදය අතර අර්ථමය වෙනසක් නොමැත. මෙයට සමාන සිංහල වචන ජන, ජාන, ජාති ආදිය යි. ජනගහනයක් යනු සමාන ජාතියේ මිනිසුන්ගේ ගහනයකි.
නමුත් බොහෝ විට ජාතිවාදියා යන්නට සමාන ව භාවිත කෙරෙන ඉංග්‍රීසි වචනය Racist ය. එම වචනයට බොහෝ දෙනා බිය වෙති. බොහෝ දෙනා එම වචනය අවියක් ලෙස භාවිත කරයි. නමුත් එම වචනයේ අර්ථයක් උපත ම ය. වාග් විද්‍යාඥයන්ට අනුව එය යුදෙව්වන්ගේ හීබෘ බසෙහි Rosh සහ/හෝ අරාබි බසෙහි Ra’s යන්නෙන් නූතන ඉංග්‍රීසියට බිඳුනකි. Race යන වචනය කාලයක් විද්‍යාත්මක නාමකරණයක් ලෙස භාවිත විය. කොකේසියානු, අප්‍රිකානු, මොන්ගෝලියානු ආදි වශයෙන් මිනිසා තවත් “වර්ග” කළ හැකි යැයි මතයක් තිබිණි. නමුත් එම අදහස වහල්වාදයට සහ නාසිවාදයට උඩගෙඩි දීමක් වූ බැවින් පසුව එය විද්‍යා නාමකරණයෙන් ඉවත් විය. ජාන විද්‍යාවේ දියුණුවත් සමග අද ජීවත් වන සියලු මිනිසුන් Homo sapiens යන විශේෂයට අයත් යැයි ද මිනිසුන් අතර තිබෙන ජානමය කළු සුදු, උස මිටි ආදි වෙනස්කම් සුවිශේෂී ලෙස වර්ග කිරීමට අවශ්‍ය නැතැයි ද එකඟ විණි. ඔබ කෙනෙකුට racist යන අර්ථයෙන් බනිනවා නම් සැබැවින්ම බැනිය යුත්තේ “වර්ගවාදියා” කියා ය. නමුත් එය සැබැවින් ම අදාළ වන්නේ අර සමේ පැහැය අනුව ආදියෙන් කරන වර්ග කිරීමට ය. ඔබ වර්ගවාදියෙකු නොවේ නම් ඔබ සුදු හමක් ඇති මිනිසුන්ට “සුද්දන්” යැයි කිව නොහැකි ය. අප්‍රිකානුවන්ට “කල්ලන්” කියා කිව නොහැකි ය. කොටින්ම කිසිදු වාර්ගික අදහසකින් කිසිවෙකුට සැලකිය නොහැකි ය. නමුත් ඔබට එය කළ නොහැකි ය. එබැවින් ඔබත් නිතැතින් වර්ගවාදියෙකු වේ.
ඔබ කුකුළු මස් නොකා මාළු කනවා නම් ඔබ විශේෂවාදියෙකි. කුකුළු මස් නොකා ඌරු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. ඌරු මස් නොකා බලු මස් කනවා නම් ද විශේෂවාදියෙකි. බලු මස් නොකා හරක් මස් කනවා නම් ද විශේෂවාදියෙකි. මෙයට කියන්නේ Speciesism කියා ය. මිනිසාට වඩා සතුන් පහත් කර සැලකීමත්, එක් එක් සත්ත්ව විශේෂ එකිනෙකින් උස් පහත් කොට සැලකීමත් මෙයින් අදහස් කෙරේ.
ඉහත කථා කළ සියල්ල පොදුවේ “ජාතිවාදය” ට අයත් වේ. එනම් ජාති අනුව සැලකීම ය. බයියන් ටොයියන් ලෙස වෙන් කිරීමත් ජාතිවාදය යි. මාලිමාවුන් සාන්තුවරයන් ලෙසත් අනෙක් සියලු පාක්ෂිකයන් හොරුන් ලෙසත් සැලකීමත් ජාතිවාදය යි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ශ්‍රී ලාංකික, ඉන්දියානු, ඇමරිකානු, චීන, ඊශ්‍රායල්, ඉරාන ලෙස සැලකීමත් ජාතිවාදය යි. බෞද්ධ හින්දු කතෝලික ක්‍රිස්තියානු ඉස්ලාම් ලෙස සැලකීමත් ජාතිවාදය යි. ඕනෑම වර්ගීකරණයක් ජාතිවාදීය. එබැවින් ජාතිවාදී නොවන කිසිවෙකු නොමැත. මේවාට බය නලින් ද සිල්වා වැන්නවුන් "ජාතිකත්වය" නමින් තවත් බොරු වචනයක් හද ගත්තේ ය. එය අර්ථශුන්‍ය යෙදුමකි.
බුදුන් වහන්සේ දේශනා කළේ මවක් සිය එකම පුතුට කරුණාව දක්වන්නේ යම් සේ ද සියලු සත්ත්වයන් ට ඒ හා සමානව කරුණාව දක්වන්න ට කියා ය. දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින මවක් එම එක් එක් දරුවන්ට පවා සලකන්නේ සුළු හෝ වෙනස්කම් ඇතුව ය. ඇතැමුන් වැඩිමල් පුතාට ටිකක් වැඩියෙන් ආදරේ ය. ඇතැමුන් බාලයාට ටිකක් වැඩියෙන් ආදරේ ය. “එකම පුතෙකු” කීවේ ඒ නිසා ය. නමුත් මෙයත් සර්ව සමානාත්මවාදයක් නොවේ.
උපතින් වසලයෙකු (පහත්) හෝ බ්‍රාහ්මණයෙකු (උසස්) නොවූවත්, ක්‍රියාවෙන් වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ වන බව බුදුන් වහන්සේ ම දේශනා කර තිබේ. එනම් ක්‍රියාව අනුව හෝ මිනිසුන් උස් පහත් වන බව බුදුන් ද කියා ඇත. මේ ලෝකයේ හටගන්නා සියල්ල එකිනෙකින් වෙනස් ය. එය සත්‍යයකි. එක්කෝ ඔබ ඒ සියලු උත්පාදනයන්ට එක හා සමානව සැලකිය යුතු ය. නැතිනම් අනුන්ගේ ජාතිවාදීකම ගැන විනිශ්චය කිරීමට ඔබට කිසිදු හැකියාවක් නොමැත. සියලු මිනිසුන් ජාතිවාදීන් ලෙස සැලකීම වඩාත් සමානාත්මවාදීය. මම බෞද්ධ සිංහල ජාතිය විශේෂ කොට සලකමි. ධර්මය ඔබට මග වේවා!
- එරන්ද ගිනිගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..