ඇමෙරිකාවේ මිනිස්සු 90%ට වැඩි පිරිසක් LG BT ක්‍රියාකාරකම් සහ වෝක් සංස්කෘතිය ප්‍රතික්ෂේප කරලා.. ඒත් ලංකාවේ..?
අපේ රටේ අතිබහුතරයක් මිනිස්සුන්ට ඉංග්‍රීසි භාෂාව නොහැකි වීම පිළිබඳව මම දුක් වෙන තැනක් තියෙනවා.
ඒ රට පණ්ඩිතයො කියනවා වගේ ලෝකය ජය ගන්න තියෙන බාධාවක් නිසා නෙවෙයි.
මේ මොහොතේ LG BT ප්‍රමුඛ වෝක් සංස්කෘතියට එරෙහිව යුරෝපයේ සහ ඇමෙරිකාවේ මිනිස්සුන්ගේ සටන පිළිබඳ අපේ රටේ මිනිස්සු අප්ඩේට් නැතිවීම ගැන.
ඉංග්‍රීසි භාෂාව බැරියර් එකක් නොවුනා නම් අපේ රටේ මිනිස්සුන්ට ලෝකේ වෙන දේ දැනගන්න තිබුනා. නමුත් එවැන් තත්ත්වයක් නැති නිසා අපේ රටට ඊළගට එල්ල වෙන දැවැන්ත තර්ජනයක් ගැන අපේ රටේ මිනිස්සු අප්ඩේට් නෑ.
ඒ වගේම රැඩිකල්, බෞද්ධ විරෝධි, NGO සල්ලි ලබන සුලුතර කල්ලිය අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම පාවිච්චි කරලා ම්නිස්සු බ්‍රේන් වොෂ් කරමින් ඉන්නවා.
දැන් යුරෝපයේ සහ ඇමෙරිකාවේ සාමාන්‍ය මිනිස්සු 90%ට වැඩි පිරිසක් LG BT ක්‍රියාකාරකම් සහ වෝක් සංස්කෘතිය දැඩිව ප්‍රතික්ෂේප කරමින් යනවා.
මෙතෙක් කාලයක් වෝක් සංස්කෘතිය ප්‍රවර්ධනය කරපු බිස්නස් අද බිංදුවටම වැටිලා.
LG BT ක්‍රියාකාරකම් දරුවන්‍ට පෙන්නපු ඩිස්නි එක සතියෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 40ක් නැති කරගත්‍තා. ට්‍රාන්ස් මොඩ්ල් කෙනෙක් ඇඩ් එකකට ගත්තු බඩ් ලයිට් බියර් බිංදුවටම වැටිලා.
කොටින්ම මේ ඊනියා ප්‍රයිඩ් මන්ත් එකේ ඇමෙරිකාව සහ යුරෝපයේ මිනිස්සු දැඩිව වෝක් සංස්කෘතිය හුදකලා කරමින් පරාජය කරමින් ඉන්නවා.
හැබැයි ලංකාවේ ?
තාම ප්‍රයිඩ් පැරේඩ්ස් යනවා.
මම දැක්කා ඊනියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙකුගේ පෝස්ට් එකක කමෙන්ට් තීරුවේ පොඩි දරුවෙකුගේ අම්මා කෙනෙක් තමන්ගේ වයස අවුරුදු හතරක කුඩා දරුවා කාන්තා ඇඳුමක් ඇදන් ඉන්නවා සමරනවා.
ලංකාවටත් රැල්ල හමමින් තිබෙන බව පැහැදිලියි.
මේ රැල්ල ස්ථාපිත කරන මිනිස්සුන්ගේ තර්ක කිහිපයක් තියෙනවා.
1) මේ මිනිස්සු ඉපදුනේ මේ විදියට.
බොරු.. බොහෝ වෙලාවට මේ දේවල් සමාජයේ ඇසුරු කිරීම් නිසා පැතිරෙන දේවල්. බොහෝ වෙලාවට විකෘතින්. උපතින් හිමිවෙන දේවල් නෙවෙයි.
2) විද්‍යාව.
සමලිංගිකත්වය 1971 වෙනතුරු මානසික රෝගයක් ලෙසට සැලකුනා.
ප්‍රබල කැම්පේන් එකකට පස්සෙ 1971 DHS (The Demographic and Health Surveys) එකෙන් සමලිංගිකත්වය රෝගයක් නොවන දෙයක් විදියට පිළිගත්‍තා.
ඒක කළේ දේශපාලන සහ මානව හිමිකම් කැම්පේන් එකකට පස්සෙ මිසෙක විද්‍යාත්මක පරීක්ෂණ වලට පස්සෙ නෙවෙයි.
හොදට තේරුම් ගන්න.
අද විද්‍යාව සහ DHS තනිකර දේශපාලනික උපාංග.
DHS ප්‍රධාන ෆන්ඩර් US AID එක.
විද්‍යාව කියලා ඔබට මාධ්‍ය වලින් දෙන්නේ ආගියුමන්ට් එකේ එක පැත්තක කතාව විතරයි.
ආගියුමන්ට් එකේ අනිත් පැත්තේ කතාව සහ ෆැක්ට්ස් සෙන්සර් කිරීම මොවුන් ඉතා දරුණුවට කරනවා.
LG BT තත්ත්ව අසාමාන්‍ය, රෝග යැයි කියූ මහාචාර්යවරු , විද්‍යාඥයො බහුතරයක් මොවුන් කැන්සල් කළා.
ඔවුන්ගේ මතය නිහඩ කළා.
අද විද්‍යාව වැඩ කරන්නෙ එහෙමයි
අද විද්‍යාව කියන්නෙත් පරම සත්‍ය නෙවෙයි. සෙන්සර් කරපු දේශපාලනික ටූල් එකක්.
හොදම උදාහරණය, දැන් ටික කාලයකට කලින් DHS එකෙන් ළමා දුෂකයො උපතින්ම එන මානසික තත්වයක් විදියට පිළිගත්තා.
පස්සේ විරෝධය මැද ඒක අත්වැරදීමක් කියලා කිව්වා.
ඒක අත්වැරදීමක් නෙවෙයි. මේ වෝක් සංස්කෘතියේ "ප්‍රොග්‍රෙස්" කියලා සමාජයේ විකෘතීන්, අපරාධ සාමාන්‍යකරනීකරන කරන හැටි.
මෙතන කිසිම විද්‍යාවක් නෑ. එක පැත්තක ආගියුමන්ට් එකක් සහ දේශපාලනයක් විතරයි තියෙන්නෙ.
මේ මොහොතේ ඇමෙරිකාවේ දෙමාපියන්, වෝක් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ඇමෙරිකානු පාසල් මණ්ඩල ප්‍රතික්ෂේප කරමින් යනවා.
දරුවන්ට සමලිංගිමත්වය, ට්‍රාන්ස් වගේ සංකල්ප උගන්නන ගුරුවරු පාසල් වලින් එලවමින් යනවා.
අද ඇමෙරිකාවේ ජනප්‍රියතම දේශපාලකයො වෙන්නේ මේවට විරුද්ධව කතා කරන රොන් ඩිසැන්ටිස් ලා ට්‍රම්ප් ලා.
ඇමෙරිකාවේ වැඩිම පිරිසක් බලන කථිකයො වෙන්නෙ මේවට විරුද්ධව කතා කරන බෙන් ශැපීරෝ ලා, මැට් වෝල්ෂ් ලා, මයිකල් නෝල්ස් ලා, ඇන්ඩෘ ටේට් ලා. ජෝර්ඩාන් පීටර්සන් ලා.
ඇමෙරිකාවේ මිනිස්සු මේ සංකල්ප වැඩ කරන විදිය තේරුම් අරන් අවසන්.
ශ්‍රී ලංකාවත් ඉතා දරුණු කඩාවැටීමක, ආක්‍රමණයක මුල ඉන්නේ.
ඒ සඳහා සියලූම නෛතික සහ සමාජීය පසුබිම සැකසෙමින් තියෙනවා.
මෙහි අව්සාන ඉලක්කය ඔබේ දරුවන්. එමගින් විකෘති වෙච්ච, දුර්වල පරම්පරාවක් හදන එක මොවුන්ගේ ඉලක්කය.
අද ලෝකයේ හොදම ජනගහන පාලන අවිය මේ.
ඔබට කළ හැකි එකම දේ දැනුවත් වීම් විතරයි.
මේ සියල්ල විකෘතින්. මානසික රෝග.
මේවා උපතින්ම ගේන සාමාන්‍ය තත්ත්ව නෙවෙයි.
බොරු දේශපාලනික විද්‍යාවට ඔබව රවට්ටන්න දෙන්න එපා.
මේවා පැතිරෙන්නෙ මේවා ප්‍රවර්ධනය කරන තරමට.
මේවා හැංගිලා, හංගලා තියෙනතුරු සමාජය රට ආරක්ෂිතයි.
- උපුටාගැනීමකි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..