අනුර හා ජර්මනිය..
අනුර ලංකාවේ ජනාධිපති වෙන්න කලින් ජර්මනිය ට ආව.එයාගේ චන්ද දායකයා හමුවෙන්න.දැන් පෙඩරල් ජනාධිපති හමුවෙන්න. මේ ගමන ගැන ලංකාවේ අනුර හිතවාදීන් විශාල ප්‍රචාරණයකින් කතා කරනවා.මට නම් වැදගත් වුණේ මගේ උපන් රටේ නායකයා මෙහි පොළවට පැමිණීම පමණයි. මේ ගමනේ අරමුණු ගැන කතා කරන්නට කලින් අනුර හමු වුනු පෙඩරල් ජනාධිපති ජර්මනියේ රාජ්‍ය ක්‍රමවේදයේ ව්‍යවස්ථාදායක,විධායක, අධිකරණ කියන කුළුණු තුනට අයත් කෙනෙක් නොවෙන බව වටහා ගැනීම වැදගත්.
ඔහු ව්‍යවස්ථාදායකය විසින් චන්දයකින් තෝරා ගන්නවා.වසර පහක කාලයකට. මුලික නිතිය කියලා අපි හඳුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 සිට 61 වගන්ති වලින් දක්වන පරිදි ජර්මනියේ නාමික ව ඉහලම ධුරය එයයි. එය රැජින රජකම් කලත් රට පාලනය නොකරන කතාව වගේ. 1972 ව්‍යවස්ථාවේ ජනාධිපති විලියම් ගොපල්ලව වගේ. හැබයි සාධාරණ චන්දයකින් පත්වෙනවා.ජර්මනිය ව්‍යවස්ථා සම්මත කලාම රැජින වගේ එයත් අත්සන් කරලා නිල වශයෙන් නීතිගත කරනවා. ජර්මනියේ මධ්‍යම ව්‍යවස්ථාදායකය කොටස් දෙකයි. Bundestag හා Bundesrat වශයෙන්. Bundestag වලට තේරී පත්වෙන්නේ මහා මැතිවරණයෙන්. පෙඩරල් රටක් නිසා Bundesrat වලට නියෝජිතයන් පත්වෙන්නේ පෙඩරල් වල ජනගහනය අනුව. උපරිමය 69 යි .ගොඩක් විට ජනගහනය අනුව එක පෙඩරලයකින් 3-5 අතර. Bundesrat මගින් වෙන්නේ ව්‍යවස්ථාමය ක්‍රියාකාරකම් අධීක්ෂණය වීම. පනත් සම්මත වීමේදී එහි බහුතරය වැදගත්. එහි විරෝධතාවයක් නැතිව සම්මත වන ව්‍යවස්ථාවනට නිල තත්ත්වය දෙන්නේ පෙඩරල් ජනාධිපති.
ඉතින් අනුර හමුවන්නේ ඔහුව.මුලික නීතියේ 55 වගන්තිය අනුව ඔහුට පැවරිලා තියෙන්නේ එදිනෙදා දේශපාලන නියෝජනයන්. උත්සව වලට යන්න, රාජ්‍ය නායකයෝ පිළිගන්න වගේ දේවල්. දැන් අපේ අගමැති මෙනවිය කරන වැඩ ටිකටත් වඩා අඩු වැඩ ටිකක්. අනුර ව චාන්සලර් වරයා හමුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ජර්මනිය පුරුද්දක් හැටියට වසර 70 ක් විතර ලංකාවත් එක්ක පවත්වන සම්බන්ධකම් හැරුණු විට වෙනත් අලුත් ගිවිසුම් .වෙළඳ හෝ රාජ්‍ය තාන්ත්‍රික ගිව්සුම් වලට එළඹෙන්නේ නැහැ. මම දකින්නේ මේ ගමන අනුරට වැදගත්.. අවස්ථා හතරකිදී සාර්ථක නොවුණු රාජ්‍ය නායකයකුට ගැලපෙන ඇඳුමට අනුරට එන්න පුළුවන් වුනා.ජර්මනියේ ජනාධිපති මොනවා නුදුන්නත් (එයාට් දෙන්න බැහැ ) අන්න ඒ තත්ත්වයට අනුර ඒ ගමනේදී ආපු එක චන්දෙ දීපු 68 ලක්ෂේට පොඩි ගැම්මක්.
අනුර ස්ටයින්මයර් එක්ක කතා කරනවා දැක්කා. ඒ කියන්නේ අනුරට ඉංග්‍රීසි බය නැතුව කතා කරන්න දැන් පුහුණුවක් ලැබෙනවා. ඇත්තටම ඒවා රටකට වැදගත්. අනෙක් අතින් විදේශ ඇමති හමුවෙලා තිබුනා පොඩි වෙලාවකට.එයත් සම්ප්‍රදායික එකක්. ලංකාව එක්ක ජර්මනිය සම්බන්ධකම් පවත්වනවා. හැබැයි භූ දේශපාලනිකව මධ්‍යස්තයි. ඔවුන් ගැටෙන්නේ ඉහල ඇමෙරිකානු රුසියානු යුරෝපියානු හා චීන භූ දේශපාලන තලයේ. ඔවුන් අවස්තානුකුලව ඉන්න ස්ථාවරය ට ලඟ ඔය කියපු රටවල කැමත්ත තමයි ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ, කොහොම නමුත් චාන්සලර් හමු වුනා නම් සල්ලි ටිකක් වත් ලැබෙයි. සිරිසේනට දීපු සල්ලි වලට මොනා කලාද දන්නේ නැහැ. විගණන කොමිටි වල ඒවා කියවුණාද ?
අනුර ජර්මනිය ට ඇවිත් ගියාට වැඩක් වෙන්නේ එම්බසිය පුරවැසියන්ට නිසි ලෙස වැඩ කරනවනම්. ආපසු හරවා යැවීම , හා ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කෝඳුරු හත් පට්ට ඉල්ලීම, මේ ප්‍රශ්නය දමිල සරණාගත භාවයේ ඉන්න අය මුහුණ දෙන එකක්. අනුර ඇවිත් ඒ මිනිසුන්ට ඒ වැඩ ටිකවත් කරලා දෙනවනම් විදේශ විනිමය එවන අයට සහනයක්. ජර්මනියේ ලාංකිකයන් කිව්වම දමිල ප්‍රජාවට වැඩි අවධානයක් තිබෙනවා. ලංකාවේ කියපු ගමන් අපෙන් අහන්නෙත් දෙමළද කියලා.ඒ කාලයක් තිස්සේ දමිල ප්‍රජාව මේ සමාජය එක්ක බද්ධ වෙලා තිබෙන විදිය අනුව. ඒ නිසා එන තානාපතිලා වැඩ කරන්නේ දෙමල අය එක්ක. ඔවුන්ව බාගෙන අල්ලාගෙන වාසි දෙමින් තමන්ගේ වැඩ කරගන්න පිරිසක් ඉන්නවා. ලංකාවේ විදේශ සේවය කියන්නේ සතුටුදායක එකක් නෙවෙයි. ජර්මනියටත් එය අදාලයි.
අනුර ආපු වෙලාවේ කඳවුරු වල හිරවෙලා ඉන්න තමන්ගේ පුරවැසියන්ට ජංගම සේවයක් තියලා කතා කරලා යන්න හැකි වුනා නම් ආව ගමනේ ප්‍රයෝජනයක් තිබෙනවා. ඇත්තටම මේ වගේ අලුත් වැඩක් නොවෙන ගමනකට ඔහු එන්නේ දමිල කොටි ඩයස්පෝරාව ඍජුව උනන්දු කරන නිසා. එය ඔහුගේ ගමනේ අන්තර්ගතයෙන් පැහැදිලියි.
කොහොම නමුත් මාලිමාව හා සෝදන්නෝ හා ඔසවන්නෝ කියන තරම් දෙයක් අනුරට ජර්මනියේ අද වුණේ නැහැ. ඔහු ආවේ රටට උදව් ගන්න නිල වශයෙන් ඉල්ලන්න නෙවෙයි. ඒ නිසා ඔහුගේ ගමනේ ප්‍රතිපල බලා ඉන්න ඕන ලංකාවේ ඉඳලා. විදුලි බිල වැඩි වෙලා.ජනතාවට ජීවත්වෙන්න බැහැ. මම ලංකාවේ හිටපු දවස් වල මිනිස්සු කන බොන විදිය දැකලා දුක හිතුණා.උදේට බේකරිය ළඟ පාසල් දරුවන්ගේ කෑම පෙට්ටියට දෙමාපියෝ දාන දේ දැකලා දුක හිතුණා. අනුර කොහේ ගියත් මිනිස්සු බඩගින්නේ නම්, දරුවෝ මන්ද පෝෂණයෙන් නම්, අනුර වගේ පිරිමි ටිකක් පිට රටවල සැපට ඉන්න ගමන් අනුරට ආවැඩුවා කියලා රට යහපත් වෙන්නේ නැහැ. ඒ පිරිමි ටික ලජ්ජා වෙන්න ඕන, එයාලගේ පිරිමිකම් ගැන. මොකද කුසගින්න, දකින්න එයාලට පොළවට යන්න බැරි නිසා.
ලංකාවේ මිනිස්සු පරදැල් වගේ. කට්ටිය අනුරව උඩ දාගෙන බඩගින්න හංග ගන්නවා. අනුරට මම කැමති නැති හේතු ගොඩක් අතරේ ඔහු ස්ත්‍රී විරෝධී වීම ප්‍රධාන එකක්. ස්ටයින්මයෙර් කියන්නේ තමන්ගේ වකුගඩුව දීලා බිරිඳව සුවපත් කරගත්ත කෙනෙක්. ඉතා හරයාත්මක ලෙස අනුන්ට දොස් නොකියා කතා කරන ප්‍රමාණික උගතෙක් හා ප්‍රසන්න කෙනෙක්. අනුර එක්ක එයා තිබ්බම මුලිකවම අනුර ට ඒ සුදුසුකම් කිසිවක් නැහැ. ඒත් අනුරට චන්දෙ දෙන්නේ ජර්මන් චන්ද දායකයා නෙවෙයි. අනුරට චන්දෙ දෙන්නේ අනුරගේ ඇන්දිලි වලට රැවටෙන අය. ඔව්හු ඔවුන්ගේ නායකයා ගැන ආඩම්ම්බර වෙති. ඒ පිරිමි ටික නම් අද මාරම සතුටකින් ඇති.
picture is from internet.
Subhashini Wipflerගේ වෝලයෙනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..