
" වරායෙන් පන්නපු කන්ටේනර් 323 තිබ්බෙ තායිලන්තයෙන් ගෙනා ප්‍රහාකරන්ගෙ ආයූධ.." අර්චුනා කිව්වේ ඇත්තද?
අර්චුනා කිව්වෙ ඇත්තද...? බොරුද...? යන්න ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. එසේ නොමැතිව සාමාන්‍යය ජනතාව වන අපට ඒ පිළිබඳව තීන්දු, තීරණ නිගමන වලට ඒමට නොහැකිය. එහෙත් වර්තමාන ආණ්ඩුවෙන් ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේයැයි සිතීම සැක සහිතය. අප එය අනාගත රජයකට බාර දෙමු.
එම ප්‍රකාශයෙ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මාස 08 ක " L " බෝර්ඩ් ආණ්ඩුවට මේ දක්වා එල්ල වූ බරපතල චෝදනාව එයයි. වසර 30 ක සාහසික ත්‍රස්තවාදී යුද්ධයකින් බැට කෑ රටක ත්‍රස්තවාදී සංවිධානයක අවි ආයූධ කන්ටේනර් 323 ක් ආණ්ඩුව මැදිහත් වී රේගුවෙන් පැන්නුවා නම් එය කිසිදා සමාව දිය නොහැකි අපරාධයකි.
මේ කන්ටේනර් 323 කතා වස්තුව අපි පෙළගස්වා බලමු....
➡️ 2025 ජනවාරි මුල් සතිය වන විට රේගුවට පිවිසෙන කන්ටේනර් රථ වල අස්වාභාවික තදබදයක් නිර්මාණය වෙනවා..
➡️ එය කන්ටේනර් රථ 100 ක 200 ක තදබදයක් නොව කන්ටේනර් රථ 4000 ක පමණ කිලෝමීටර් හත අටක අස්වාභාවික තදබදයක්..
➡️ මේ කන්ටේනර් තදබදය රටේ ප්‍රධානම ප්‍රවෘත්තිය විදියට සෑම මාධ්‍යයකම ප්ලාන්ට් කරනවා..
➡️ ජනාධිපතිවරයා රේගුව සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්ණය විසඳීමට සෘජුවම මැදිහත් වෙනවා.
➡️ මෙම කන්ටේනර් තදබදය නිසා වරායට ආපු නැව් 30 ක් පමණ හරවාගෙන ගිය බවට රේගු අධ්‍යක්ෂකවරයා සහ ඇමති බිමල් රත්නායක පවසමින් ඔවුන් මේ කන්ටේනර් තදබදයට ලොකු බරක් තියනවා.
➡️ කන්ටේනර් තදබදයට පිළියමක් ලෙස 2025 ජනවාරි 17 සහ 18 දිනවලදී කන්ටේනර් රථ 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව රේගුව නිෂ්කාශනය කරනවා. මෙය පැය දෙකක් වැනි කෙටි කාලයක් තළදි සිදු වූවායැයි චෝදනා එල්ලා වෙනවා.
➡️ " පරීක්ෂා කර බලන්න අවශ්‍යයි කියලා සිස්ටම් එකෙන් තීරණය කරපු රතු ලේබල් සහිත කන්ටේනර්ස් 323ක් මෙහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ." රේගු නිලධාරීන්ගෙ සංගමයෙ සභාපති අමිල සංජීව මාධ්‍යයට ප්‍රකාශ කරනවා..
මොනවාද මේ රතු ලේබල් සහිත කන්ටේනර් කියන්නෙ...
රේගුව විසින් රට තුලට එන කන්ටේනර් වර්ණ තුනකින් සලකුණු කිරීම කරන ක්‍රියාවලිය ( Process) එක මෙසේය. එය ආවාට ගියාට සිදු කරන්නක් නොව සැලසුම් සහගතව මනා ලෙස සිදු කරන ක්‍රියාවලියකි.
වර්ණ අනුව එම වර්ගීකරණය සිදු කරනු ලබන්නේ Risk Management Unit එක මගිනි. එම අංශය මගින් වරායට ගෙන එනු ලබන කන්ටේනර් රතු ( Red), ඇම්බර්( Amber) සහ කොල (Green ) වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කරනු ලබයි.
එලෙස ලේබල් ගසා වර්ගීකරණය කිරීමට තීරණය කරනු ලබන්නේ පහත සඳහන් නිර්ණායකයන් මතය..
🔴 එම කන්ටේනර් ගෙන්වන රට
🔴 එම කන්ටේනරයෙ අන්තර්ගත ද්‍රව්‍ය
🔴 එම කන්ටේනර් ගෙන්වන ආයතන කලින් අසාදු ලේඛන ගත ( Black Listed) වී ඇද්ද..
🔴එම කන්ටේනර් ගෙන්වන සමාගම් සමග මීට කලින් යම් ප්‍රශ්ණගත සිදුවීම් සිදු වී ඇද්ද..
🔴 එම කන්ටේනර ගෙන්වන ආයතනය අලුත් හෝ පැරණි සමාගමක්ද
🔴 එම කන්ටේනර් සැක සහිතද යන කරුණු මතය.
එම වර්ගීකරණයෙන් පසුව..
🔴 රේගු දත්ත පද්ධතිය හරහා පරික්ෂාවට ලක්කිරීම,
🔴 ස්කෑන් පරික්ෂාවට ලක්කිරීම,
🔴භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයටම ලක් කිරීම
🔴 භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම
යන ක්‍රමවේද භාවිත කරමින් කන්ටේනර් නිෂ්කාශනය සිදු කරනු ලබනවා..
රතු ලේබල් සහිත කන්ටේනර් භෞතික සහ ස්කෑන් යන පරීක්ෂණ ද්විත්වයටම ලක් කළ යුතු වෙනවා. එය Red Channel නමින් හඳුන්වනවා.
ඒ කන්ටේනර් නිෂ්කාශනයෙ ටෙක්නිකල් පැත්ත...
➡️ රතු ලේබල් සහිත කන්ටේනර් පිට කිරීමට විරුද්ධව රේගු නිලධාරීන් වර්ජනයක් දියත් කරනවා..
➡️ ඒ සඳහා කඩිනම්න් මැදිහත් වෙන ජනාධිපතිවරයා රේගු නිලධාරී සංගමය සමග සාකච්ඡා කරනවා.
➡️ මෙම ප්‍රශ්ණගත කන්ටේනර් රථ තුළ පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහමැතිවරණයේ දි ආණ්ඩුවට උදව් කළ, ඊට ප්‍රතිඋපකාරයක් ලෙස බස්නාහිර පලාතේ ආණ්ඩුකාර තනතුරට පත් කළ එක්ස්පෝ ලංකා සමාගමෙ සභාපති හනීෆ් යුසුප්ගෙ කන්ටේනර් තිබ්බ බවට සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වෙනවා.
ආයූධ සහිත කන්ටේනර් රේගුවෙන් පැන්නීමට අවධානය වෙනතක යොමු කිරීමට ඔහු සහ ඔහුගෙ සමාගමෙ නම පාවිච්චි කරාද...?
➡️ මුදා හැරපු ප්‍රශ්ණ ගත රතු ලේබල් කන්ටේනර් 323 එක්ස්පෝ ලංකා සමාගමේ කන්ටේනර් නොතිබූ බවට රේගු අධ්‍යක්ෂක ජනරාල් P.B.S.C නෝනිස්ගෙ අත්සනින් යුතු ලිපියක් නිකුත් වෙනවා.
➡️ මෙම රතු ලේබල් සහිත කන්ටේනර් 323 සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රේගු නිලධාරීන්ගෙ සංගමය අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කරනවා.
➡️ මෙම කන්ටේනර් සම්බන්ධයෙන් CID යට පැමිණිලි කළ ඩෑන් ප්‍රියසාද්ව ඝාතනය කරනවා. එහි වගකීම ඩුබායි පාතාල කල්ලියක් බාර ගන්න බවට හඬපටයක් මාධ්‍යයට මුදා හරිනවා
➡️ මෙම කන්ටේනර් 323 නිදහස් කිරීමට උපදෙස් දුන්නෙ තමන් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
රේගුව පවතින්නෙ මුදල් අමාත්‍යාංශය යටතෙ වන අතර මුදල් අමාත්‍යාංශය යටතෙ තියෙන රේගුවෙ කන්ටේනර් මුදාහරින ලෙස බිමල් රත්නායක උපදෙස් දුන්නෙ කොහොමද...?
(බිමල් රත්නායක යනු පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහ මැතිවරණයේදි අනුරගෙ සහ ජාතික ජන බලවේගයෙ උතුරු පලාතෙ මැතිවරණ මෙහෙයුම් බාරව කටයුතු කරපු සංවිධායකවරයා.)
➡️ "එම නිදහස් කළ කන්ටේනර් වල වගකීම රජය බාර ගන්නවා " යැයි වරාය නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.
➡️ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් මේ කන්ටේනර් 323 පිළිබඳව පරීක්ෂණ කිරීමට කමිටුවක් පත් කරනවා
ජනවාරි මාසයේදි පරීක්ෂා නොකර නිෂ්කාශනය කළ කන්ටේනර් තුළ තිබ්බෙ මොනවා දැයි මාස 05 කට පමණ පසුව දෙන වාර්තාවක වලංගුතාව ප්‍රශ්ණයකි.
➡️ " වරායෙන් පැන්නු කන්ටේනර් සම්බන්ධ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තමන් ඉල්ලා සිටියත් "ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි”. යනුවෙන් රේගුව තමාට ලිඛිතව දන්වා ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තියලා පවසනවා.
වරායෙ බහාලුම් තදබදය අවම කිරීමටනම් මුලින්ම කළ යුතුව තිබුනෙ කොල ලේබල් සහ ඇම්බර් ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමය. පැය කිහිපයක් ඇතුලත රතු ලේබල් සහිත බහාලුම් මුදා හැරීමට තිබූ තදියම කුමක්ද..?
එම කන්ටේනර් තුල මත්ද්‍රව්‍ය, ආයූධ, බෙහෙත් වර්ග සහ තහනම් දෑ අඩංගු නොවන බවට රේගු අධ්‍යක්ෂකවරයා පවසනවා.
පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කල කන්ටේනර් තුළ තිබූ දෑ පිළිබඳව එහෙම සහතිකයක් දෙන්නෙ කොහොමද..?
මත්ද්‍රව්‍ය, ආයුධ හෝ තහනම් භාණ්ඩ ගෙන්වන ආයතන එම කන්ටේනර තුළ එවැනි දේ ඇතැයි එම කන්ටේනර් වල බැනර් ගසා ගෙන් එන්නෙ නැත. හොර බඩු ගෙන්වන්නෙ ද නීත්‍යනුකූලව ගෙන්වන බඩු අස්සෙය.
රේගුවෙන් පැන්නු මෙම කන්ටේනර් පිළිබඳව පාර්ලිමේන්තුව තුළදි පවා ප්‍රශ්ණ කරත් ආණ්ඩුව ඊට උත්තර නොදී මග හරිනවා.
මේ සියලු කාරණා මැද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා එම කන්ටේනර් තුළ තිබ්බෙ අවි ආයූධ බවත් එය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර දෙමළ ඩයස්පෝරාව සමග කළ සාකච්ඡා වල පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙසත් සඳහන් කරනවා.
ජනාධිපතිවරයාගේ මීලඟ ජර්මන් සංචාරයද එම ඩයස්පෝරා සාකච්ඡා වල දිගුවක් බව අර්චුනා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායකගෙ විදෙස් සංචාරයන් අතරතුර ඩයස්පෝරාව සමග සාකච්ඡා කළ බවට සමාජ මාධ්‍යයේ චෝදනා එල්ල උනා.
ජනාධිපතිවරයා මුලින්ම රණවිරු දිනය වර්ජනය කරේ සහ රණවිරුවන්ට සාමාන්‍ය සෙබළුන් ලෙස හැඳින්වීම කරේ ඩයස්පෝරාවේ බලපෑම මත බවත් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක් උනා.
එවැනි පසුබිමක මම මේ සටහනින් කරන්නෙ කන්ටේනර් 323 ජාතක කතා වස්තුවෙ මුළ, මැද සහ අග කරුණු වාර්තා කිරීම පමණයි. ඒ පිළිබඳව නිගමනය කිරීම සබුද්ධික ඔබට බාරය.
සුපුරුදු ලෙසම මාලිමාවෙ ඩෝබි බලකාය ප්‍රස්තුතය අත්හැර අර්චුනාට සහ මේවා කතා කරන අපට නෙලන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට මුවා නොවී පුළුවන් නම් එලියට ඇවිත් කියපන් යැයි කොචොක් කරති. කියපු පුද්ගලයා සහ කියපු තැන පිලිබඳව නොව කියපු දෙයෙහි 1% ක්වත් සත්‍යයක් තිබේදැයි කියා පමණක් විමසා බලන්න. ඒ 1% පමණක් වුවත් මේ රට නැවතත් අගාධයකට ඇද දැමීමට ප්‍රමාණවත්ය.
කොන්ද පණ ඇති විපක්ෂයක් තිබුනා නම් ආණ්ඩුව ගෙදර යැවීමට අර්චුනාගෙ මෙම ප්‍රකාශය සහ කන්ටේනර් 323 පිළිබඳ සිද්ධිය වුවත් ප්‍රමාණවත්ය.
අනුරගෙ වාසනාවට දැන් ඇත්තෙ ගැමුණු කුමාරයා උණු බත් කෑවා සේ එහෙන් ටිකයි මෙහෙන් ටිකයි කොහෙන් හරි එදාවේල මාතෘකාවක් අල්ල ගෙන දායක සභාව චූන් කරන දැක්මක් නැති තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරන බෙදී විසිරුණු නපූංසක විපක්ෂයකි.
අර්චුනාගෙ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් පමණක් වේවායි රටක් ලෙස අප ප්‍රාර්ථනය කළ යුතුය.
ඒ මක්නිසාද යත් 1971 සිට වසර 54 ක් ත්‍රස්තවාදි කණ්ඩායම් දෙකක් මෙරට ජනතාවට දුන් පිඩනය සහ බිය, මෙරට ආර්ථිකයට සිදු කල පාඩුව අපට මතකය. එවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් අතට නැවතත් කන්ටේනර් 323 ක නොව ඉන් 10% ක ආයූධ පත් වුවහොත් ඇතිවන තත්වය සිතාගැනීමටත් නොහැකිය.
නිලන්ත සත්සර ගමගේ ✍️
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
