News Category
From Date
To Date
Maximum Number of Result

" වරායෙන් පන්නපු කන්ටේනර් 323 තිබ්බෙ තායිලන්තයෙන් ගෙනා ප්‍රහාකරන්ගෙ ආයූධ.." අර්චුනා කිව්වේ ඇත්තද?

Jun 6, 2025 at 03:59 PM
|

අර්චුනා කිව්වෙ ඇත්තද...? බොරුද...? යන්න ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. එසේ නොමැතිව සාමාන්‍යය ජනතාව වන අපට ඒ පිළිබඳව තීන්දු, තීරණ නිගමන වලට ඒමට නොහැකිය. එහෙත් වර්තමාන ආණ්ඩුවෙන් ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වේයැයි සිතීම සැක සහිතය. අප එය අනාගත රජයකට බාර දෙමු.


එම ප්‍රකාශයෙ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මාස 08 ක " L " බෝර්ඩ් ආණ්ඩුවට මේ දක්වා එල්ල වූ බරපතල චෝදනාව එයයි. වසර 30 ක සාහසික ත්‍රස්තවාදී යුද්ධයකින් බැට කෑ රටක ත්‍රස්තවාදී සංවිධානයක අවි ආයූධ කන්ටේනර් 323 ක් ආණ්ඩුව මැදිහත් වී රේගුවෙන් පැන්නුවා නම් එය කිසිදා සමාව දිය නොහැකි අපරාධයකි.

මේ කන්ටේනර් 323 කතා වස්තුව අපි පෙළගස්වා බලමු....

➡️ 2025 ජනවාරි මුල් සතිය වන විට රේගුවට පිවිසෙන කන්ටේනර් රථ වල අස්වාභාවික තදබදයක් නිර්මාණය වෙනවා..

➡️ එය කන්ටේනර් රථ 100 ක 200 ක තදබදයක් නොව කන්ටේනර් රථ 4000 ක පමණ කිලෝමීටර් හත අටක අස්වාභාවික තදබදයක්..

➡️ මේ කන්ටේනර් තදබදය රටේ ප්‍රධානම ප්‍රවෘත්තිය විදියට සෑම මාධ්‍යයකම  ප්ලාන්ට් කරනවා..

➡️ ජනාධිපතිවරයා රේගුව සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්ණය විසඳීමට සෘජුවම මැදිහත් වෙනවා. 

➡️ මෙම කන්ටේනර් තදබදය නිසා වරායට ආපු නැව් 30 ක් පමණ හරවාගෙන ගිය බවට රේගු අධ්‍යක්ෂකවරයා සහ ඇමති බිමල් රත්නායක පවසමින් ඔවුන් මේ කන්ටේනර් තදබදයට ලොකු බරක් තියනවා.

➡️ කන්ටේනර් තදබදයට පිළියමක් ලෙස 2025 ජනවාරි 17 සහ 18 දිනවලදී කන්ටේනර් රථ 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව රේගුව නිෂ්කාශනය කරනවා. මෙය පැය දෙකක් වැනි කෙටි කාලයක් තළදි සිදු වූවායැයි චෝදනා එල්ලා වෙනවා.

➡️ " පරීක්ෂා කර බලන්න අවශ්‍යයි කියලා සිස්ටම් එකෙන් තීරණය කරපු රතු ලේබල් සහිත කන්ටේනර්ස් 323ක් මෙහෙම එළියට ගිහිල්ලා තියෙන්නේ." රේගු නිලධාරීන්ගෙ සංගමයෙ සභාපති අමිල සංජීව මාධ්‍යයට ප්‍රකාශ කරනවා..

මොනවාද මේ රතු ලේබල් සහිත කන්ටේනර් කියන්නෙ...

රේගුව විසින් රට තුලට එන කන්ටේනර් වර්ණ තුනකින් සලකුණු කිරීම කරන ක්‍රියාවලිය  ( Process) එක මෙසේය. එය ආවාට ගියාට සිදු කරන්නක් නොව සැලසුම් සහගතව මනා ලෙස සිදු කරන ක්‍රියාවලියකි.

වර්ණ අනුව එම වර්ගීකරණය සිදු කරනු ලබන්නේ Risk Management Unit එක මගිනි. එම අංශය මගින් වරායට ගෙන එනු ලබන කන්ටේනර් රතු ( Red), ඇම්බර්( Amber) සහ කොල (Green ) වශයෙන් කාණ්ඩ තුනකට වෙන් කරනු ලබයි.

එලෙස ලේබල් ගසා වර්ගීකරණය කිරීමට තීරණය කරනු ලබන්නේ පහත සඳහන් නිර්ණායකයන් මතය..

🔴 එම කන්ටේනර් ගෙන්වන රට 

🔴 එම කන්ටේනරයෙ අන්තර්ගත ද්‍රව්‍ය 

🔴 එම කන්ටේනර් ගෙන්වන ආයතන කලින් අසාදු ලේඛන ගත ( Black Listed) වී ඇද්ද..

🔴එම කන්ටේනර් ගෙන්වන සමාගම් සමග මීට කලින් යම් ප්‍රශ්ණගත සිදුවීම් සිදු වී ඇද්ද..

🔴 එම කන්ටේනර ගෙන්වන ආයතනය අලුත් හෝ පැරණි සමාගමක්ද 

🔴 එම කන්ටේනර් සැක සහිතද යන කරුණු මතය.

එම වර්ගීකරණයෙන් පසුව..

🔴 රේගු දත්ත පද්ධතිය හරහා පරික්ෂාවට ලක්කිරීම,

🔴 ස්කෑන් පරික්ෂාවට ලක්කිරීම, 

🔴භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයටම ලක් කිරීම

🔴  භෞතික හා ස්කෑන් යන පරික්ෂා ද්විත්වයට ලක් නොකර නිදහස් කිරීම 

යන ක්‍රමවේද භාවිත කරමින් කන්ටේනර් නිෂ්කාශනය සිදු කරනු ලබනවා..

රතු ලේබල් සහිත කන්ටේනර් භෞතික සහ ස්කෑන් යන පරීක්ෂණ ද්විත්වයටම ලක් කළ යුතු වෙනවා. එය Red Channel නමින් හඳුන්වනවා.

ඒ කන්ටේනර් නිෂ්කාශනයෙ ටෙක්නිකල් පැත්ත...

➡️ රතු ලේබල් සහිත කන්ටේනර් පිට කිරීමට විරුද්ධව රේගු නිලධාරීන් වර්ජනයක් දියත් කරනවා..

➡️ ඒ සඳහා කඩිනම්න් මැදිහත් වෙන ජනාධිපතිවරයා රේගු නිලධාරී සංගමය සමග සාකච්ඡා කරනවා.

➡️ මෙම ප්‍රශ්ණගත කන්ටේනර් රථ තුළ පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහමැතිවරණයේ දි ආණ්ඩුවට උදව් කළ, ඊට ප්‍රතිඋපකාරයක් ලෙස බස්නාහිර පලාතේ ආණ්ඩුකාර තනතුරට පත් කළ එක්ස්පෝ ලංකා සමාගමෙ සභාපති හනීෆ් යුසුප්ගෙ කන්ටේනර් තිබ්බ බවට සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වෙනවා.

ආයූධ සහිත කන්ටේනර් රේගුවෙන් පැන්නීමට අවධානය වෙනතක යොමු කිරීමට ඔහු සහ ඔහුගෙ සමාගමෙ නම පාවිච්චි කරාද...? 

➡️ මුදා හැරපු ප්‍රශ්ණ ගත රතු ලේබල් කන්ටේනර් 323 එක්ස්පෝ ලංකා සමාගමේ කන්ටේනර් නොතිබූ බවට රේගු අධ්‍යක්ෂක ජනරාල් P.B.S.C නෝනිස්ගෙ අත්සනින් යුතු ලිපියක් නිකුත් වෙනවා.

➡️ මෙම රතු ලේබල් සහිත කන්ටේනර් 323 සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රේගු නිලධාරීන්ගෙ සංගමය අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණිලි කරනවා.

➡️ මෙම කන්ටේනර් සම්බන්ධයෙන් CID යට පැමිණිලි කළ ඩෑන් ප්‍රියසාද්ව ඝාතනය කරනවා. එහි වගකීම ඩුබායි පාතාල කල්ලියක් බාර ගන්න බවට හඬපටයක් මාධ්‍යයට මුදා හරිනවා 

➡️ මෙම කන්ටේනර් 323 නිදහස් කිරීමට උපදෙස් දුන්නෙ තමන් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.  

රේගුව පවතින්නෙ මුදල් අමාත්‍යාංශය යටතෙ වන අතර මුදල් අමාත්‍යාංශය යටතෙ තියෙන රේගුවෙ කන්ටේනර් මුදාහරින ලෙස බිමල් රත්නායක උපදෙස් දුන්නෙ කොහොමද...?

(බිමල් රත්නායක යනු පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහ මැතිවරණයේදි අනුරගෙ සහ ජාතික ජන බලවේගයෙ උතුරු පලාතෙ මැතිවරණ මෙහෙයුම් බාරව කටයුතු කරපු සංවිධායකවරයා.)

➡️ "එම නිදහස් කළ කන්ටේනර් වල වගකීම රජය බාර ගන්නවා " යැයි වරාය නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.

➡️ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් මේ කන්ටේනර් 323 පිළිබඳව පරීක්ෂණ කිරීමට කමිටුවක් පත් කරනවා 

ජනවාරි මාසයේදි පරීක්ෂා නොකර නිෂ්කාශනය කළ කන්ටේනර් තුළ තිබ්බෙ මොනවා දැයි මාස 05 කට පමණ පසුව දෙන වාර්තාවක වලංගුතාව ප්‍රශ්ණයකි.

➡️ " වරායෙන් පැන්නු කන්ටේනර් සම්බන්ධ විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතෙ තමන් ඉල්ලා සිටියත් "ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි”. යනුවෙන් රේගුව තමාට ලිඛිතව දන්වා ඇතැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තියලා පවසනවා.

වරායෙ බහාලුම් තදබදය අවම කිරීමටනම් මුලින්ම කළ යුතුව තිබුනෙ කොල ලේබල් සහ ඇම්බර් ලේබල් සහිත බහාලුම් නිදහස් කිරීමය. පැය කිහිපයක් ඇතුලත රතු ලේබල් සහිත බහාලුම් මුදා හැරීමට තිබූ තදියම කුමක්ද..?

එම කන්ටේනර් තුල මත්ද්‍රව්‍ය, ආයූධ, බෙහෙත් වර්ග සහ තහනම් දෑ අඩංගු නොවන බවට රේගු අධ්‍යක්ෂකවරයා පවසනවා.

පරීක්ෂාවකින් තොරව නිෂ්කාශනය කල කන්ටේනර් තුළ තිබූ දෑ පිළිබඳව එහෙම සහතිකයක් දෙන්නෙ කොහොමද..?

මත්ද්‍රව්‍ය, ආයුධ හෝ තහනම් භාණ්ඩ ගෙන්වන ආයතන එම කන්ටේනර තුළ එවැනි දේ ඇතැයි එම කන්ටේනර් වල බැනර් ගසා ගෙන් එන්නෙ නැත. හොර බඩු ගෙන්වන්නෙ ද නීත්‍යනුකූලව ගෙන්වන බඩු අස්සෙය.

රේගුවෙන් පැන්නු මෙම කන්ටේනර් පිළිබඳව පාර්ලිමේන්තුව තුළදි පවා ප්‍රශ්ණ කරත් ආණ්ඩුව ඊට උත්තර නොදී මග හරිනවා.

මේ සියලු කාරණා මැද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා එම කන්ටේනර් තුළ තිබ්බෙ අවි ආයූධ බවත් එය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර දෙමළ ඩයස්පෝරාව සමග කළ සාකච්ඡා වල පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙසත් සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ මීලඟ ජර්මන් සංචාරයද එම ඩයස්පෝරා සාකච්ඡා වල දිගුවක් බව අර්චුනා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායකගෙ විදෙස් සංචාරයන් අතරතුර ඩයස්පෝරාව සමග සාකච්ඡා කළ බවට සමාජ මාධ්‍යයේ චෝදනා එල්ල උනා.

ජනාධිපතිවරයා මුලින්ම රණවිරු දිනය වර්ජනය කරේ සහ රණවිරුවන්ට සාමාන්‍ය සෙබළුන් ලෙස හැඳින්වීම කරේ ඩයස්පෝරාවේ බලපෑම මත බවත් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක් උනා.

එවැනි පසුබිමක මම මේ සටහනින් කරන්නෙ කන්ටේනර් 323 ජාතක කතා වස්තුවෙ මුළ, මැද සහ අග කරුණු වාර්තා කිරීම පමණයි. ඒ පිළිබඳව නිගමනය කිරීම සබුද්ධික ඔබට බාරය.

සුපුරුදු ලෙසම මාලිමාවෙ ඩෝබි බලකාය ප්‍රස්තුතය අත්හැර අර්චුනාට සහ මේවා කතා කරන අපට නෙලන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට මුවා නොවී පුළුවන් නම් එලියට ඇවිත් කියපන් යැයි කොචොක් කරති. කියපු පුද්ගලයා සහ කියපු තැන පිලිබඳව නොව කියපු දෙයෙහි 1% ක්වත් සත්‍යයක් තිබේදැයි කියා පමණක් විමසා බලන්න. ඒ 1% පමණක් වුවත් මේ රට නැවතත් අගාධයකට ඇද දැමීමට ප්‍රමාණවත්ය.

කොන්ද පණ ඇති විපක්ෂයක් තිබුනා නම් ආණ්ඩුව ගෙදර යැවීමට අර්චුනාගෙ මෙම ප්‍රකාශය සහ කන්ටේනර් 323 පිළිබඳ සිද්ධිය වුවත් ප්‍රමාණවත්ය. 

අනුරගෙ වාසනාවට දැන් ඇත්තෙ ගැමුණු කුමාරයා උණු බත් කෑවා සේ එහෙන් ටිකයි මෙහෙන් ටිකයි කොහෙන් හරි එදාවේල මාතෘකාවක් අල්ල ගෙන දායක සභාව චූන් කරන දැක්මක් නැති තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරන බෙදී විසිරුණු නපූංසක විපක්ෂයකි.

අර්චුනාගෙ මෙම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් පමණක් වේවායි රටක් ලෙස අප ප්‍රාර්ථනය කළ යුතුය. 

ඒ මක්නිසාද යත් 1971 සිට වසර 54 ක් ත්‍රස්තවාදි කණ්ඩායම් දෙකක් මෙරට ජනතාවට දුන් පිඩනය සහ බිය, මෙරට ආර්ථිකයට සිදු කල පාඩුව අපට මතකය. එවැනි ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් අතට නැවතත් කන්ටේනර් 323 ක නොව ඉන් 10% ක ආයූධ පත් වුවහොත් ඇතිවන තත්වය සිතාගැනීමටත් නොහැකිය.


නිලන්ත සත්සර ගමගේ ✍️

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.