News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම..

Jun 4, 2025 at 04:50 PM
|

‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.

පාප් සහ කතෝලික සභාව බයිබලයේ ඉගැන්වීමට පටහැනි ක්‍රියාවල යෙදෙමින් කිතු දහම අපවිත්‍ර කරන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව විය. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය නමින් හැඳින්වෙන්නේ එයයි. රට රටවලදී ලූතර්වාදය, කැල්වින්වාදය ආදි වශයෙන් විරෝධතාකරුවෝ අලුත් ක්‍රිස්තියානි සභා පිහිටුවාගත්හ. මේ හැම සභාවක්ම වැරදි ක්‍රියාවලින් ඉවත් වී පිරිසිදු බයිබල් වගන්ති අනුව ජීවත් වන ලෙස පාප්තුමාට කියා සිටි නමුත් එතුමා ඔවුන්ගේ චෝදනා භාර ගත්තේ නැත.

වැරදි කිරීම මෙන්ම කළ වැරදි නොපිළිගැනීමද බොහෝ මනුෂ්‍යයින්ගේ ස්වභාවයකි. මාලිමා රජයේ පළමු වැනි කතානායක අශෝක රන්වල හොර ආචාර්ය උපාධියක් භාවිත කරන බව ඔප්පු විය. ඔහු ඒ වරද නොපිළිගෙන ජපානයට ගොස් උපාධි සහතිකය ගෙනැවිත් ඉදිරිපත් කරන බව කීවේය. ආණ්ඩුව තවමත් නිහඬව හිතවතා ආරක්ෂා කරයි. මහින්ද ජයසිංහ සහ වසන්ත සමරසිංහ ඇමතිවරුන්ට හොරකම් පිළිබඳ චෝදනා තිබේ. අතීතයේ වැරදි කළවුන් සොයන ආණ්ඩුව වර්තමානයේ වැරදි කරන හිතවතුන් රකින බවට අදහසක් මහජනයාට ඇති වේ. පසුගිය දිනෙක මහජන සභාවකට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක හොරමැරකම් හා දූෂණය රටින් නැති කර දමන බවට කළ ප්‍රකාශය ඔවුන් සැනසවීමේ ප්‍රයත්නයකි.

වර්තමාන බටහිර යුරෝපය පාප්වරයාගේ අධිරාජ්‍යය වූයේය. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය ඇති වූයේ එහිය. ඒ විරෝධතා ව්‍යාපාරයට, ජර්මනිය, ඕලන්දය, වැනි රටවල පැවති කතෝලික සභාවේ බලය බිඳ දැමීමට හැකි විය. මෙය ලෝක බලවතකු වෙනස් කිරීමට කළ දරුණු සටනකි. එමනිසා පාප්ගේ හමුදාව විරෝධතාවය මර්දනය කිරීමට වෙහෙසුනි. එවිට ප්‍රොතෙස්තන්තවාදීන් අතිශයින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට ගත්හ. මෙම විරෝධතාව එංගලන්තයටත් පැතිර ගියේය. එහි වැසියෝ රජතුමාගේ නායකත්වයෙන් ‘එංගලන්ත සභාව’ නමින් ප්‍රොතෙස්තන්ත ආගමික සංවිධානයක් පිහිටුවා ගත්හ. එහිදී ඔවුන්ගෙන් හිංසනයට ලක්වූ කතෝලිකයන් පිරිසක් ඕලන්දයට පලාගොස් එතැනින් ඇමරිකාවට ගියහ. ‘පිල්ග්‍රිම්ස්’ යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන මෙම පිරිසට ආහාරපාන සහ රැකවරණය ලැබුණේ සුදු ජාතිකයන් අතින් වැනසෙමින් සිටි ස්වදේශිකයන් හෙවත් මුල් ඇමරිකානුවන්ගෙනි. ඒ වන විට උතුරු ඇමරිකාව එංගලන්තයේ යටත් විජිතයකි. එය ක්‍රිස්තියානි රටක් කිරීමට ඉංග්‍රීසින්ට හැකි විය.

ප්‍රොතෙස්තන්ත විප්ලයට හසු වූ පාප්වරයා සාමාන්‍ය ආගමික නායකයෙක් නොවේ. එතුමා හැමදේම නිර්මාණය කළ මැවුම්කාරයා වෙනුවෙන් පෘථිවිය පාලනය කරන්නා වූයේය. අති විශාල රෝම අධිරාජ්‍යයේ බටහිර කොටස ඍජුවම පාලනය වුයේ එතුමාගේ කතෝලික සභාවෙනි. පාප්ගේ නියමයෙන් ලංකාවට පැමිණි පෘතුගීසීන් සිංහල රටට ගෙනාවේ රෝමානු කතෝලික ආගමයි. (රෝම අධිරාජ්‍යයේ ආගම) පසු කලෙක ඔවුන් සමග සටන් කරන්නට වූ ප්‍රොතෙස්තන්ත ඕලන්දයින් නිසා ලංකාවට ප්‍රොතෙස්තන්ත නැතහොත් ක්‍රිස්තියානි ආගම ලැබුණි. පෘතුගීසි බලය තිබුණු පහත රට ප්‍රදේශවල සිංහලයන්ට වහකෝට්ටේ, ගල්ගමුව වැනි තැන්වල පදිංචියට යන්නට සිදු වූයේ ප්‍රොතෙස්තන්ත ඕලන්දකාරයින් ඔවුන්ට හිරිහැර කළ බැවිනි. පෘතුගීසීන්ගෙන් අප්‍රමාණ හිරිහැර ලැබූ බෞද්ධයින් රෝමානු කතෝලිකයන්ව බේරාගැනීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධයන්ගේ මෝඩකම ප්‍රකාශ කරන ක්‍රියාවක් යැයි එදා විසූ කතෝලික දේවගැතිවරුන් සිතුවේ නම් පුදුම විය යුතු නැත. එවැනි මෝඩකම් කළ පෘතුගීසීන් ගැන කතෝලික දේවගැති ඉතිහාසයේ කිසිම තැනක නැත.

ඉස්ලාම් රාජ්‍යයේ නායකයා වූ කාලිෆ්ගේ ලෝකය ඇල්ලීමේ සටනට අසු වූ රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ (තුර්කියේ) කොන්ස්තන්තිනෝපලයත් ඉස්ලාම් හමුදාවට යටත් විය. මේ අතර යුරෝපය ඇල්ලීමට ගිය මුස්ලිම් හමුදාව දරුණු පරාජයකට ලක් වුයේ ‘කුරුස යුද්ධ’ වලිනි. කුරුසය රැක ගැනීමට කළ යුද්ධවලට නායකත්වය දෙමින් යුරෝපය ඉස්ලාම් හමුදාවෙන් බේරාගැනීමේ ගෞරවය පාප්වරයාට ලැබේ. ඒ, එතුමන් ක්‍රිස්තියානි හමුදාවට නායකත්වය සැපයූ බැවිනි. එම නිසා පාප්තුමා ආගමික නායකයකු මෙන්ම යුද නායකයෙකි. පාප්තුමා සෝවියට් සමූහාණ්ඩුව බිඳ දැමීමට මූලික වීම මෑත කාලීන සිදුවීමකි.

වර්තමාන ජාත්‍යන්තර දේශපාලන ගැන දැනුමැත්තන් ඉතිහාසයේ පළමු වරට ක්‍රිස්තියානි බලය පවත්නා ඇමරිකාවේ කාදිනල්වරයෙකුට පාප් තනතුර ලැබුනේ ඇයි දැයි සිතති. ඒ ඇතැමුන් දකින ලෙසට මෙය ට්‍රම්ප්ගේ බදු ක්‍රමය නිසා අසරණ වූ බටහිර යුරෝපයට අවශ්‍ය වූ දෙයකි. නමුත් සමහර ශ්‍රී ලාංකිකයින්ට මේ බව නොවැටහේ. සිංහලයන්ට ගැරහීමට ඇතැමුන් භාවිත කළ වචනයකින්ම සිද්ධිය පැහැදිලි කළොත්, කොදිව් මනසට ජාත්‍යන්තර ක්‍රියා නොවැටහේ. ඔවුන් සිතුවේම පාප් තනතුර කාදිනල් මැල්කම් රංජිත්ට ලැබේය කියාය. දෙමළ ඩයස්පෝරාව ඒ බලාපොරොත්තුවෙන් කටයුතු කළ සංවිධානයකි.

ලෝකයේ බොහෝමයක් රටවල පාප්වරයාගේ නායකත්වය නොපිළිගන්නා ක්‍රිස්තියානි කණ්ඩායම් සිටිති. පෙන්තකොස්ත, සැල්වේෂන් ආමි, යොහෝවාස් විට්නසස්, සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්, බෝන් එගේන්, මිරකල් ඩෝම් ආදි වශයෙන් විවිධ නම්වලින් පෙනී සිටින ඒ කල්ලි සියල්ලකම හරය ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිවාදයයි. මේ හැම කල්ලියකම නිජබිම ඇමරිකාව බව පෙනේ. ඇමරිකාවේ ජීවත් වීමට හෝ ඉගෙනීමට හෝ යන බොහෝ දෙනෙකුට ක්‍රිස්තියානි ආගමික කල්ලියකට සම්බන්ධ වීමට සිදු වන බව අප්‍රකට කරුණකි. එනිසා ඇමරිකාවට ගිය ඩලස් අලහප්පෙරුම ක්‍රිස්තියානි කණ්ඩායමකට සම්බන්ධ වූයේ නම් එය සාමාන්‍ය සිදුවීමකි. එහි ඇත්ත කුමක් වෙතත් ඔහුගේ භාර්යාව ප්‍රදීපා ධර්මදාස ගැයූ ‘දූවිල්ලෙන් හැදුන ලියේ’ සින්දුවෙන් ව්‍යංගයෙන් කියවෙන්නේ බයිබලයේ සඳහන් මැවුම්කාරයා මනුෂ්‍යයින් නිර්මාණය කළ පුවතයි. විකිපේඩියාහි සඳහන් ලෙසට ඇය මොරටුව රාවතාවත්තේ උපන්නියකි.

ගනනාථ ඔබේසේකර ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලැබූ ලාංකිකයෙකි. ඔහුට ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම බලපෑම් කළ බව සිතන්නට හේතු තිබේ. සිංහල සමාජය ගැන විග්‍රහ කරමින්, බ්‍රිතාන්‍ය පාලන සමයේ අගභාගයේ ලංකාවේ බිහි වූ ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ගැන සඳහන් කරමින් ඔහු ලියු පොතපත ඊට නිදසුනකි. ‘ප්‍රොතෙස්තන්ත’ යනු ආගමක් නොව, සටන්කාමී, ප්‍රචණ්ඩ ආගමික වැඩපිළිවෙළකි. පෙර සඳහන් කළ පරිදි එහි විවිධ කණ්ඩායම් සිටිති. එහෙත් ගනනාථ ඇමරිකාවේ වෙසෙන මහාචාර්යවරයෙකු නිසා, ඇතැමුන් ඔහු ඉදිරිපත් කළ වැරදි අදහස දැක්කේ වටිනා අදහසක් ලෙසටයි. එය ලංකාවේ උගතුන්ට ගිල්ලවීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

පශ්චාත් යටත් විජිත සමය යනුවෙන් විලාසිතා වචනයකින් හඳුන්වන බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසාන කාලයෙහි ලංකාවේ බුදුසසුන පිළිබඳව ගනනාථ ඉදිරිපත් කළ අදහස හොඳ ලණුවකි. ඒ ලණුව ගිල්ල පුද්ගලයින්ට වැරදි අදහස් ඇති වීම වැළැක්විය නොහැකිය. ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධයින් යුරෝපයේ මෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් බවට අදහසක් ලෝකයට කාන්දු කිරීමට ගොතන ලද යෙදුමකි. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය නිසා යුරෝපය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරුණු බව දන්නා බටහිර වැසියෝ, ‘ප්‍රොටෙස්ටන්ට් බුඩිසම්’ යැයි ඇසූ පමණින් ලංකාව (විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්) ගැන වැරදි චිත්‍රයක් මවා ගනිති. ඔවුන්ට හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධයින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට මගින් විරුද්ධවාදීන් මර්දනයට පෙළඹෙන පිරිසක් බවයි. ක්‍රිස්තියානි දේවස්ථානවලට පීඩා කරන බෞද්ධයන් ගැන ලියවුන ලිපි අන්තර් ජාලයේ තිබේ. සටන් කරන භික්ෂූන් ගැන කියවෙන වීඩියෝ චිත්‍රපටි, සීඑන්එන් වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාළිකාවල විකාශනය වේ. සිංහල බෞද්ධයන් දෙමළ ජනයාට අඩන්තේට්ටම් කරන, ඔවුන්ට අසාධාරණකම් කරන පිරිසක් යැයි බටහිරුන් විශ්වාස කරන්නට මේවාත් හේතුය.

පානදුරාවාදයෙන් කෙළවර වූ ආගමික වාද විවාද, ඇමරිකානු ජාතික ඕල්කොට්ගේ පැමිණීම, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම, බෞද්ධ ඉංග්‍රීසි පාසල් පටන් ගැනීමේ සිට ඉරිදා බෞද්ධ දහම් පාසල් ඇති වීම තෙක් වූ සිදුවීම්, ධර්මපාලතුමා ජාතිය ඇමතීම, අමද්‍යප ව්‍යාපාරය, බෞද්ධ පොත් හා පත්තර ප්‍රකාශයට පත් වීම, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුරය බේරාගැනීම ආදී හැම දෙයක්ම එකට කළවම් කරගන්නවුන්ට, ‘බෞද්ධ ප්‍රොතෙස්තන්තවාදය නමින් හැඳින්වෙන්නේ ලංකාවේ සිදු වූ අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් යැ’යි සිතෙන්නටද ඉඩ තිබේ. එහෙත් එය වැරදි, මෝඩ සිතුවිල්ලකි.

බටහිර යුරෝපයේ පැතිරුන ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයෙන් සිදු වූයේ පාප් සහ කතෝලික සභාවට විරුද්ධ බිහිසුනු අරගලයක් ඇති වීමයි. එය මෙහෙයවූවන් කළේ ක්‍රිස්තියානි ආගමිකයා බයිබලයෙන් ප්‍රකාශ වන මූලධර්මය වෙත ගෙන යෑමයි. මෙය ඉදිරියට නොව ආපසු යෑමකි. කතෝලික සභාව හා සංසන්දනය කරන විට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය කරන්නේ බැතිමතා ආපසු දැක්කීමකි. කතෝලික ආගම පරිනාමය වූවකි. යේසුස් වහන්සේගේ හා මරියතුමියගේ ප්‍රතිමා නිදසුන් දෙකකි. පරණ බයිබලයට අනුව ප්‍රතිමා වන්දනාව වරදක් නමුදු, කතෝලික සැදැහැවත්තු මේ ප්‍රතිමාවලට වන්දනා කරති. කතෝලික සභාව ප්‍රතිමා වන්දනාවට එළඹෙන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ හෙමින් හෙමින් හින්දු, බෞද්ධ, ග්‍රීක හා රෝම වන්දනා සිය ආගමට එකතු කරගැනීමෙනි. බයිබලයේ පිහිටා ආපසු යන ප්‍රොතෙස්තන්තවාදියෝ රූප වන්දනාව වරදක් සේ දකිති.

විරෝධතා (ප්‍රොටෙස්ට්) මගින් දහම හෝ සසුන හෝ පිරිසිදු කිරීම බෞද්ධ සිරිත නොවේ. බෞද්ධයන් ඒ සඳහා යොදාගන්නේ සංගායනාවයි. නැතිනම් වාද කිරීමයි. තර්ක ශාස්ත්‍රය භාරතයේ පැවති ශිල්පයකි. තර්කය භාවිත කරමින් වාද කරමින් ජයග්‍රහණය කළ භික්ෂු භික්ෂුණීන් ගැන බොහෝ කතා බෞද්ධ ඉතිහාසයේ ඇත. මිලින්ද ප්‍රශ්නය වාදයෙන් බෞද්ධයන් දිනූ හැටි කියැවෙන කතා පොතකි. පානදුරාවාදය යනු ප්‍රොතෙස්තන්ත අරගලයක් නොව, ශාස්ත්‍රීය වාදයකි.

ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික කර්නල් ඕල්කොට් පරම විඥානාර්ථ ව්‍යාපාරය අරඹමින් ප්‍රොතෙස්තන්ත බුදුදහමක් බිහි කළ කතාව ඇත්තක් නොවේ. එය තනිකරම කෛරාටික ප්‍රබන්ධයකි. පරම විඥානාර්ථවාදීන් ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වූ පිරිසකි. ඔවුන්ගේ පැමිණීම සිංහල බෞද්ධයන් මෙල්ල කිරීමට නොහැකිව සිටි යටත් විජිත ආණ්ඩුවට වාසියක් වූයේය. ඕල්කොට්ගේ පරම විඥානාර්ථ වැඩපිළිවෙළ ප්‍රයෝජනයට ගෙන, කාලයක් තිස්සේ ගොඩනැගුණ සිංහල ජාතික ව්‍යාපාරය අච්චාරුවක් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට හැකි විය. බෞද්ධ අධ්‍යාපන ක්‍රමය නැති වී සිංහලයින්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය භාරගන්නට සිදු වූයේ ඕල්කොට් මෙහෙයුමෙනි. ඒ නිසා ලංකාවේ සිංහල වෙළෙඳ බලය මෙන්ම කොළඹ විසූ සිංහලයින්ගේ ඉඩකඩම් ටිකත් ඔවුන්ට අහිමි විය. මෙය දීර්ඝව පැහැදිලි කළ යුතු සැබෑ ඉතිහාස පුවතකි.

ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා එහි සමාජ විද්‍යාඥයෙකු වූ ගනනාථ ඔබේසේකර කාලයක් ඇමරිකාවේ ජීවත් වී ලංකාවේ දී මිය ගියේය. ඔහු ප්‍රොතෙස්තන්ත බුදුදහම නමැති මතය ගොඩනැංවීමට වෙහෙසුනේය. ඒ මතය තහවුරු කිරීමට බොහෝ ලිපි ලේඛන ප්‍රසිද්ධ වී තිබේ. මහාචාර්ය සෞම්‍ය ලියනගේ මාලිනී ෆොන්සේකාගේ අවමංගල උත්සවයේදී පැවැත්වූ කතාවෙන් පැහැදිලි වන්නේ ගනනාථගේ මිත්‍යාව ලංකා සමාජයේ තහවුරු කරන්නට අලුත් පිරිසක් සූදානම් බවයි.

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා අන්තර්ජාලයට මුදාහල ලිපියක මෙසේ සඳහන්ව තිබුණි. ‘මෙම කතාවේ හරය නොව ආකෘතිය ගැන බැලුවහොත් එය උපක්‍රමශීලිව ජනතාවගේ අවිඥානික මනසට බලහත්කාරයෙන් පටවන ලද නව දේශපාලන සංස්කෘතිය විසින් නිර්මාණය කරන ලද සංකේතමය නියැදියක් ලෙස වුව සැලකීමේ වරදක් නැත.’

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම මාලිමා ආණ්ඩුවේ පරමාර්ථයකි. ‘උගතුන් ලවා රට පාලනය කරවනවා’ යන අදහස ජනතාව තුළ ඇති කිරීම ඔවුන්ගේ උත්සාහයකි. සෞම්‍ය ලියනගේ මහාචාර්යවරයෙකි. උගත්කම පිළිබඳ ඔහුට අභියෝගයක් නැත. මාලිනීගේ අවමංගල සභාවේ ආරාධිත කතාව පැවැත්වීමට ප්‍රධාන සුදුසුකම ඒ උගත්කමයි. නමුත් ඔහු මාලිනී ගැන අලුත් කිසිවක් නොකීවේය. ඔහු මාලිනී ගැන ප්‍රමාණවත් දැනුමක් ඇතිව සිටියෙකු බව නොපෙනේ. මාලිනී යනු ලංකාවේ චිත්‍රපටි ඉතිහාසයේ කොටසකි. සෞම්‍ය ලියනගේ ඒ ඉතිහාසය හමුවේ අතදරුවෙකි. නොමේරූ බාලයෙකි. ඒ නිසා කොලයක ගාම්භීර වචන ටිකක් ලියාගෙන හරසුන් කතාවක් කරන්නට ඔහුට සිදු විය. මහාචාර්ය සුචරිත ගම්ලත් ඒ කාලයේ සිටි මෙවැනි උගතුන්ව හැඳින්වූයේ ‘පපඩම් උගතුන්’ නමිනි. පපඩම පිම්බී ඇති දෙයකි. නමුත් එහි මැද හිස්ය. හරයක් නැත.

මාක්ස්-ලෙනින්වාදීන් වශයෙන් ප්‍රසිද්ධ මෙවැනි පපඩම් උගතුන් කරන්නේ බරපතල වරදකි. මාක්ස්, ලෙනින් සහ මාඕ සේතුං මහ ඉහළින් වර්ණනා කළ ගොවියා හා කම්කරුවා රාජ්‍ය පාලනයෙන් පළවාහැරිම ඔවුන්ගෙන් සිදු වේ. මාලිනීගේ අවමංගල සභාවේ සිදු වූයේත් එවැන්නකි. මාක්ස්-ලෙනින් වාදයට අනුව රට පාලනය කළ යුත්තේ වැඩකරන ජනතාව මිස උගතුන් නොවේ. මාලිනීගේ දේහයට ගෞරව දැක්වීමට වැස්සට තෙමි තෙමී දිගු පෝලිම්වල සිටියේ ඇගේ රසික රසිකාවියන් මිස ප්‍රභූන් නොවේ. අනුර කුමාර ජනාධිපතිවරයා මෑතක සංචාරයට ගිය වියට්නාමයේ කොමියුනිස්ට් පාලනය පිහිටු වූ හෝ චි මිං හෝටලයක පිඟන් සේදූ කම්කරුවෙකි.

අනාගතයේ දී ලාල්කාන්ත වැනි ආචාර්යවරුන් නොවන සහෝදරවරුන්ට ’සියලු නූගතුනි එක්වව්. උගතුන් පන්නා බලය අතට ගනිව්’ කියන්නට සිදු වුනොත් එය පුදුම විය යුතු කාරණයක් නොවේ. එය ලෝක ධර්මයයි. ඊට පෙර ලාල්කාන්තලා පන්නා උගතුන් බලය තමන් අතට ගන්නටත් පුළුවන.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.