News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රොතෙස්තන්ත බුද්ධාගම..

Jun 4, 2025 at 04:50 PM
|

‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.

පාප් සහ කතෝලික සභාව බයිබලයේ ඉගැන්වීමට පටහැනි ක්‍රියාවල යෙදෙමින් කිතු දහම අපවිත්‍ර කරන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව විය. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය නමින් හැඳින්වෙන්නේ එයයි. රට රටවලදී ලූතර්වාදය, කැල්වින්වාදය ආදි වශයෙන් විරෝධතාකරුවෝ අලුත් ක්‍රිස්තියානි සභා පිහිටුවාගත්හ. මේ හැම සභාවක්ම වැරදි ක්‍රියාවලින් ඉවත් වී පිරිසිදු බයිබල් වගන්ති අනුව ජීවත් වන ලෙස පාප්තුමාට කියා සිටි නමුත් එතුමා ඔවුන්ගේ චෝදනා භාර ගත්තේ නැත.

වැරදි කිරීම මෙන්ම කළ වැරදි නොපිළිගැනීමද බොහෝ මනුෂ්‍යයින්ගේ ස්වභාවයකි. මාලිමා රජයේ පළමු වැනි කතානායක අශෝක රන්වල හොර ආචාර්ය උපාධියක් භාවිත කරන බව ඔප්පු විය. ඔහු ඒ වරද නොපිළිගෙන ජපානයට ගොස් උපාධි සහතිකය ගෙනැවිත් ඉදිරිපත් කරන බව කීවේය. ආණ්ඩුව තවමත් නිහඬව හිතවතා ආරක්ෂා කරයි. මහින්ද ජයසිංහ සහ වසන්ත සමරසිංහ ඇමතිවරුන්ට හොරකම් පිළිබඳ චෝදනා තිබේ. අතීතයේ වැරදි කළවුන් සොයන ආණ්ඩුව වර්තමානයේ වැරදි කරන හිතවතුන් රකින බවට අදහසක් මහජනයාට ඇති වේ. පසුගිය දිනෙක මහජන සභාවකට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක හොරමැරකම් හා දූෂණය රටින් නැති කර දමන බවට කළ ප්‍රකාශය ඔවුන් සැනසවීමේ ප්‍රයත්නයකි.

වර්තමාන බටහිර යුරෝපය පාප්වරයාගේ අධිරාජ්‍යය වූයේය. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය ඇති වූයේ එහිය. ඒ විරෝධතා ව්‍යාපාරයට, ජර්මනිය, ඕලන්දය, වැනි රටවල පැවති කතෝලික සභාවේ බලය බිඳ දැමීමට හැකි විය. මෙය ලෝක බලවතකු වෙනස් කිරීමට කළ දරුණු සටනකි. එමනිසා පාප්ගේ හමුදාව විරෝධතාවය මර්දනය කිරීමට වෙහෙසුනි. එවිට ප්‍රොතෙස්තන්තවාදීන් අතිශයින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නට ගත්හ. මෙම විරෝධතාව එංගලන්තයටත් පැතිර ගියේය. එහි වැසියෝ රජතුමාගේ නායකත්වයෙන් ‘එංගලන්ත සභාව’ නමින් ප්‍රොතෙස්තන්ත ආගමික සංවිධානයක් පිහිටුවා ගත්හ. එහිදී ඔවුන්ගෙන් හිංසනයට ලක්වූ කතෝලිකයන් පිරිසක් ඕලන්දයට පලාගොස් එතැනින් ඇමරිකාවට ගියහ. ‘පිල්ග්‍රිම්ස්’ යන ඉංග්‍රීසි වචනයෙන් හඳුන්වන මෙම පිරිසට ආහාරපාන සහ රැකවරණය ලැබුණේ සුදු ජාතිකයන් අතින් වැනසෙමින් සිටි ස්වදේශිකයන් හෙවත් මුල් ඇමරිකානුවන්ගෙනි. ඒ වන විට උතුරු ඇමරිකාව එංගලන්තයේ යටත් විජිතයකි. එය ක්‍රිස්තියානි රටක් කිරීමට ඉංග්‍රීසින්ට හැකි විය.

ප්‍රොතෙස්තන්ත විප්ලයට හසු වූ පාප්වරයා සාමාන්‍ය ආගමික නායකයෙක් නොවේ. එතුමා හැමදේම නිර්මාණය කළ මැවුම්කාරයා වෙනුවෙන් පෘථිවිය පාලනය කරන්නා වූයේය. අති විශාල රෝම අධිරාජ්‍යයේ බටහිර කොටස ඍජුවම පාලනය වුයේ එතුමාගේ කතෝලික සභාවෙනි. පාප්ගේ නියමයෙන් ලංකාවට පැමිණි පෘතුගීසීන් සිංහල රටට ගෙනාවේ රෝමානු කතෝලික ආගමයි. (රෝම අධිරාජ්‍යයේ ආගම) පසු කලෙක ඔවුන් සමග සටන් කරන්නට වූ ප්‍රොතෙස්තන්ත ඕලන්දයින් නිසා ලංකාවට ප්‍රොතෙස්තන්ත නැතහොත් ක්‍රිස්තියානි ආගම ලැබුණි. පෘතුගීසි බලය තිබුණු පහත රට ප්‍රදේශවල සිංහලයන්ට වහකෝට්ටේ, ගල්ගමුව වැනි තැන්වල පදිංචියට යන්නට සිදු වූයේ ප්‍රොතෙස්තන්ත ඕලන්දකාරයින් ඔවුන්ට හිරිහැර කළ බැවිනි. පෘතුගීසීන්ගෙන් අප්‍රමාණ හිරිහැර ලැබූ බෞද්ධයින් රෝමානු කතෝලිකයන්ව බේරාගැනීමට ඉදිරිපත් වීම සිංහල බෞද්ධයන්ගේ මෝඩකම ප්‍රකාශ කරන ක්‍රියාවක් යැයි එදා විසූ කතෝලික දේවගැතිවරුන් සිතුවේ නම් පුදුම විය යුතු නැත. එවැනි මෝඩකම් කළ පෘතුගීසීන් ගැන කතෝලික දේවගැති ඉතිහාසයේ කිසිම තැනක නැත.

ඉස්ලාම් රාජ්‍යයේ නායකයා වූ කාලිෆ්ගේ ලෝකය ඇල්ලීමේ සටනට අසු වූ රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ (තුර්කියේ) කොන්ස්තන්තිනෝපලයත් ඉස්ලාම් හමුදාවට යටත් විය. මේ අතර යුරෝපය ඇල්ලීමට ගිය මුස්ලිම් හමුදාව දරුණු පරාජයකට ලක් වුයේ ‘කුරුස යුද්ධ’ වලිනි. කුරුසය රැක ගැනීමට කළ යුද්ධවලට නායකත්වය දෙමින් යුරෝපය ඉස්ලාම් හමුදාවෙන් බේරාගැනීමේ ගෞරවය පාප්වරයාට ලැබේ. ඒ, එතුමන් ක්‍රිස්තියානි හමුදාවට නායකත්වය සැපයූ බැවිනි. එම නිසා පාප්තුමා ආගමික නායකයකු මෙන්ම යුද නායකයෙකි. පාප්තුමා සෝවියට් සමූහාණ්ඩුව බිඳ දැමීමට මූලික වීම මෑත කාලීන සිදුවීමකි.

වර්තමාන ජාත්‍යන්තර දේශපාලන ගැන දැනුමැත්තන් ඉතිහාසයේ පළමු වරට ක්‍රිස්තියානි බලය පවත්නා ඇමරිකාවේ කාදිනල්වරයෙකුට පාප් තනතුර ලැබුනේ ඇයි දැයි සිතති. ඒ ඇතැමුන් දකින ලෙසට මෙය ට්‍රම්ප්ගේ බදු ක්‍රමය නිසා අසරණ වූ බටහිර යුරෝපයට අවශ්‍ය වූ දෙයකි. නමුත් සමහර ශ්‍රී ලාංකිකයින්ට මේ බව නොවැටහේ. සිංහලයන්ට ගැරහීමට ඇතැමුන් භාවිත කළ වචනයකින්ම සිද්ධිය පැහැදිලි කළොත්, කොදිව් මනසට ජාත්‍යන්තර ක්‍රියා නොවැටහේ. ඔවුන් සිතුවේම පාප් තනතුර කාදිනල් මැල්කම් රංජිත්ට ලැබේය කියාය. දෙමළ ඩයස්පෝරාව ඒ බලාපොරොත්තුවෙන් කටයුතු කළ සංවිධානයකි.

ලෝකයේ බොහෝමයක් රටවල පාප්වරයාගේ නායකත්වය නොපිළිගන්නා ක්‍රිස්තියානි කණ්ඩායම් සිටිති. පෙන්තකොස්ත, සැල්වේෂන් ආමි, යොහෝවාස් විට්නසස්, සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්, බෝන් එගේන්, මිරකල් ඩෝම් ආදි වශයෙන් විවිධ නම්වලින් පෙනී සිටින ඒ කල්ලි සියල්ලකම හරය ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානිවාදයයි. මේ හැම කල්ලියකම නිජබිම ඇමරිකාව බව පෙනේ. ඇමරිකාවේ ජීවත් වීමට හෝ ඉගෙනීමට හෝ යන බොහෝ දෙනෙකුට ක්‍රිස්තියානි ආගමික කල්ලියකට සම්බන්ධ වීමට සිදු වන බව අප්‍රකට කරුණකි. එනිසා ඇමරිකාවට ගිය ඩලස් අලහප්පෙරුම ක්‍රිස්තියානි කණ්ඩායමකට සම්බන්ධ වූයේ නම් එය සාමාන්‍ය සිදුවීමකි. එහි ඇත්ත කුමක් වෙතත් ඔහුගේ භාර්යාව ප්‍රදීපා ධර්මදාස ගැයූ ‘දූවිල්ලෙන් හැදුන ලියේ’ සින්දුවෙන් ව්‍යංගයෙන් කියවෙන්නේ බයිබලයේ සඳහන් මැවුම්කාරයා මනුෂ්‍යයින් නිර්මාණය කළ පුවතයි. විකිපේඩියාහි සඳහන් ලෙසට ඇය මොරටුව රාවතාවත්තේ උපන්නියකි.

ගනනාථ ඔබේසේකර ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලැබූ ලාංකිකයෙකි. ඔහුට ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම බලපෑම් කළ බව සිතන්නට හේතු තිබේ. සිංහල සමාජය ගැන විග්‍රහ කරමින්, බ්‍රිතාන්‍ය පාලන සමයේ අගභාගයේ ලංකාවේ බිහි වූ ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් ගැන සඳහන් කරමින් ඔහු ලියු පොතපත ඊට නිදසුනකි. ‘ප්‍රොතෙස්තන්ත’ යනු ආගමක් නොව, සටන්කාමී, ප්‍රචණ්ඩ ආගමික වැඩපිළිවෙළකි. පෙර සඳහන් කළ පරිදි එහි විවිධ කණ්ඩායම් සිටිති. එහෙත් ගනනාථ ඇමරිකාවේ වෙසෙන මහාචාර්යවරයෙකු නිසා, ඇතැමුන් ඔහු ඉදිරිපත් කළ වැරදි අදහස දැක්කේ වටිනා අදහසක් ලෙසටයි. එය ලංකාවේ උගතුන්ට ගිල්ලවීමට වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

පශ්චාත් යටත් විජිත සමය යනුවෙන් විලාසිතා වචනයකින් හඳුන්වන බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසාන කාලයෙහි ලංකාවේ බුදුසසුන පිළිබඳව ගනනාථ ඉදිරිපත් කළ අදහස හොඳ ලණුවකි. ඒ ලණුව ගිල්ල පුද්ගලයින්ට වැරදි අදහස් ඇති වීම වැළැක්විය නොහැකිය. ප්‍රොතෙස්තන්ත බුද්ධාගම යනු ශ්‍රී ලංකාවේ බෞද්ධයින් යුරෝපයේ මෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් බවට අදහසක් ලෝකයට කාන්දු කිරීමට ගොතන ලද යෙදුමකි. ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය නිසා යුරෝපය ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පිරුණු බව දන්නා බටහිර වැසියෝ, ‘ප්‍රොටෙස්ටන්ට් බුඩිසම්’ යැයි ඇසූ පමණින් ලංකාව (විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්) ගැන වැරදි චිත්‍රයක් මවා ගනිති. ඔවුන්ට හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධයින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට මගින් විරුද්ධවාදීන් මර්දනයට පෙළඹෙන පිරිසක් බවයි. ක්‍රිස්තියානි දේවස්ථානවලට පීඩා කරන බෞද්ධයන් ගැන ලියවුන ලිපි අන්තර් ජාලයේ තිබේ. සටන් කරන භික්ෂූන් ගැන කියවෙන වීඩියෝ චිත්‍රපටි, සීඑන්එන් වැනි ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාළිකාවල විකාශනය වේ. සිංහල බෞද්ධයන් දෙමළ ජනයාට අඩන්තේට්ටම් කරන, ඔවුන්ට අසාධාරණකම් කරන පිරිසක් යැයි බටහිරුන් විශ්වාස කරන්නට මේවාත් හේතුය.

පානදුරාවාදයෙන් කෙළවර වූ ආගමික වාද විවාද, ඇමරිකානු ජාතික ඕල්කොට්ගේ පැමිණීම, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීම, බෞද්ධ ඉංග්‍රීසි පාසල් පටන් ගැනීමේ සිට ඉරිදා බෞද්ධ දහම් පාසල් ඇති වීම තෙක් වූ සිදුවීම්, ධර්මපාලතුමා ජාතිය ඇමතීම, අමද්‍යප ව්‍යාපාරය, බෞද්ධ පොත් හා පත්තර ප්‍රකාශයට පත් වීම, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අනුරාධපුරය බේරාගැනීම ආදී හැම දෙයක්ම එකට කළවම් කරගන්නවුන්ට, ‘බෞද්ධ ප්‍රොතෙස්තන්තවාදය නමින් හැඳින්වෙන්නේ ලංකාවේ සිදු වූ අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළක් යැ’යි සිතෙන්නටද ඉඩ තිබේ. එහෙත් එය වැරදි, මෝඩ සිතුවිල්ලකි.

බටහිර යුරෝපයේ පැතිරුන ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයෙන් සිදු වූයේ පාප් සහ කතෝලික සභාවට විරුද්ධ බිහිසුනු අරගලයක් ඇති වීමයි. එය මෙහෙයවූවන් කළේ ක්‍රිස්තියානි ආගමිකයා බයිබලයෙන් ප්‍රකාශ වන මූලධර්මය වෙත ගෙන යෑමයි. මෙය ඉදිරියට නොව ආපසු යෑමකි. කතෝලික සභාව හා සංසන්දනය කරන විට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය කරන්නේ බැතිමතා ආපසු දැක්කීමකි. කතෝලික ආගම පරිනාමය වූවකි. යේසුස් වහන්සේගේ හා මරියතුමියගේ ප්‍රතිමා නිදසුන් දෙකකි. පරණ බයිබලයට අනුව ප්‍රතිමා වන්දනාව වරදක් නමුදු, කතෝලික සැදැහැවත්තු මේ ප්‍රතිමාවලට වන්දනා කරති. කතෝලික සභාව ප්‍රතිමා වන්දනාවට එළඹෙන්නේ ඉතා දිගු කාලයක් තිස්සේ හෙමින් හෙමින් හින්දු, බෞද්ධ, ග්‍රීක හා රෝම වන්දනා සිය ආගමට එකතු කරගැනීමෙනි. බයිබලයේ පිහිටා ආපසු යන ප්‍රොතෙස්තන්තවාදියෝ රූප වන්දනාව වරදක් සේ දකිති.

විරෝධතා (ප්‍රොටෙස්ට්) මගින් දහම හෝ සසුන හෝ පිරිසිදු කිරීම බෞද්ධ සිරිත නොවේ. බෞද්ධයන් ඒ සඳහා යොදාගන්නේ සංගායනාවයි. නැතිනම් වාද කිරීමයි. තර්ක ශාස්ත්‍රය භාරතයේ පැවති ශිල්පයකි. තර්කය භාවිත කරමින් වාද කරමින් ජයග්‍රහණය කළ භික්ෂු භික්ෂුණීන් ගැන බොහෝ කතා බෞද්ධ ඉතිහාසයේ ඇත. මිලින්ද ප්‍රශ්නය වාදයෙන් බෞද්ධයන් දිනූ හැටි කියැවෙන කතා පොතකි. පානදුරාවාදය යනු ප්‍රොතෙස්තන්ත අරගලයක් නොව, ශාස්ත්‍රීය වාදයකි.

ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික කර්නල් ඕල්කොට් පරම විඥානාර්ථ ව්‍යාපාරය අරඹමින් ප්‍රොතෙස්තන්ත බුදුදහමක් බිහි කළ කතාව ඇත්තක් නොවේ. එය තනිකරම කෛරාටික ප්‍රබන්ධයකි. පරම විඥානාර්ථවාදීන් ඉන්දියාවෙන් ප්‍රතික්ෂේප වූ පිරිසකි. ඔවුන්ගේ පැමිණීම සිංහල බෞද්ධයන් මෙල්ල කිරීමට නොහැකිව සිටි යටත් විජිත ආණ්ඩුවට වාසියක් වූයේය. ඕල්කොට්ගේ පරම විඥානාර්ථ වැඩපිළිවෙළ ප්‍රයෝජනයට ගෙන, කාලයක් තිස්සේ ගොඩනැගුණ සිංහල ජාතික ව්‍යාපාරය අච්චාරුවක් කිරීමට බ්‍රිතාන්‍ය පාලකයින්ට හැකි විය. බෞද්ධ අධ්‍යාපන ක්‍රමය නැති වී සිංහලයින්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය භාරගන්නට සිදු වූයේ ඕල්කොට් මෙහෙයුමෙනි. ඒ නිසා ලංකාවේ සිංහල වෙළෙඳ බලය මෙන්ම කොළඹ විසූ සිංහලයින්ගේ ඉඩකඩම් ටිකත් ඔවුන්ට අහිමි විය. මෙය දීර්ඝව පැහැදිලි කළ යුතු සැබෑ ඉතිහාස පුවතකි.

ඇමරිකාවේ උසස් අධ්‍යාපනය ලබා එහි සමාජ විද්‍යාඥයෙකු වූ ගනනාථ ඔබේසේකර කාලයක් ඇමරිකාවේ ජීවත් වී ලංකාවේ දී මිය ගියේය. ඔහු ප්‍රොතෙස්තන්ත බුදුදහම නමැති මතය ගොඩනැංවීමට වෙහෙසුනේය. ඒ මතය තහවුරු කිරීමට බොහෝ ලිපි ලේඛන ප්‍රසිද්ධ වී තිබේ. මහාචාර්ය සෞම්‍ය ලියනගේ මාලිනී ෆොන්සේකාගේ අවමංගල උත්සවයේදී පැවැත්වූ කතාවෙන් පැහැදිලි වන්නේ ගනනාථගේ මිත්‍යාව ලංකා සමාජයේ තහවුරු කරන්නට අලුත් පිරිසක් සූදානම් බවයි.

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා අන්තර්ජාලයට මුදාහල ලිපියක මෙසේ සඳහන්ව තිබුණි. ‘මෙම කතාවේ හරය නොව ආකෘතිය ගැන බැලුවහොත් එය උපක්‍රමශීලිව ජනතාවගේ අවිඥානික මනසට බලහත්කාරයෙන් පටවන ලද නව දේශපාලන සංස්කෘතිය විසින් නිර්මාණය කරන ලද සංකේතමය නියැදියක් ලෙස වුව සැලකීමේ වරදක් නැත.’

නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම මාලිමා ආණ්ඩුවේ පරමාර්ථයකි. ‘උගතුන් ලවා රට පාලනය කරවනවා’ යන අදහස ජනතාව තුළ ඇති කිරීම ඔවුන්ගේ උත්සාහයකි. සෞම්‍ය ලියනගේ මහාචාර්යවරයෙකි. උගත්කම පිළිබඳ ඔහුට අභියෝගයක් නැත. මාලිනීගේ අවමංගල සභාවේ ආරාධිත කතාව පැවැත්වීමට ප්‍රධාන සුදුසුකම ඒ උගත්කමයි. නමුත් ඔහු මාලිනී ගැන අලුත් කිසිවක් නොකීවේය. ඔහු මාලිනී ගැන ප්‍රමාණවත් දැනුමක් ඇතිව සිටියෙකු බව නොපෙනේ. මාලිනී යනු ලංකාවේ චිත්‍රපටි ඉතිහාසයේ කොටසකි. සෞම්‍ය ලියනගේ ඒ ඉතිහාසය හමුවේ අතදරුවෙකි. නොමේරූ බාලයෙකි. ඒ නිසා කොලයක ගාම්භීර වචන ටිකක් ලියාගෙන හරසුන් කතාවක් කරන්නට ඔහුට සිදු විය. මහාචාර්ය සුචරිත ගම්ලත් ඒ කාලයේ සිටි මෙවැනි උගතුන්ව හැඳින්වූයේ ‘පපඩම් උගතුන්’ නමිනි. පපඩම පිම්බී ඇති දෙයකි. නමුත් එහි මැද හිස්ය. හරයක් නැත.

මාක්ස්-ලෙනින්වාදීන් වශයෙන් ප්‍රසිද්ධ මෙවැනි පපඩම් උගතුන් කරන්නේ බරපතල වරදකි. මාක්ස්, ලෙනින් සහ මාඕ සේතුං මහ ඉහළින් වර්ණනා කළ ගොවියා හා කම්කරුවා රාජ්‍ය පාලනයෙන් පළවාහැරිම ඔවුන්ගෙන් සිදු වේ. මාලිනීගේ අවමංගල සභාවේ සිදු වූයේත් එවැන්නකි. මාක්ස්-ලෙනින් වාදයට අනුව රට පාලනය කළ යුත්තේ වැඩකරන ජනතාව මිස උගතුන් නොවේ. මාලිනීගේ දේහයට ගෞරව දැක්වීමට වැස්සට තෙමි තෙමී දිගු පෝලිම්වල සිටියේ ඇගේ රසික රසිකාවියන් මිස ප්‍රභූන් නොවේ. අනුර කුමාර ජනාධිපතිවරයා මෑතක සංචාරයට ගිය වියට්නාමයේ කොමියුනිස්ට් පාලනය පිහිටු වූ හෝ චි මිං හෝටලයක පිඟන් සේදූ කම්කරුවෙකි.

අනාගතයේ දී ලාල්කාන්ත වැනි ආචාර්යවරුන් නොවන සහෝදරවරුන්ට ’සියලු නූගතුනි එක්වව්. උගතුන් පන්නා බලය අතට ගනිව්’ කියන්නට සිදු වුනොත් එය පුදුම විය යුතු කාරණයක් නොවේ. එය ලෝක ධර්මයයි. ඊට පෙර ලාල්කාන්තලා පන්නා උගතුන් බලය තමන් අතට ගන්නටත් පුළුවන.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.