සබරගමුව වෛද්‍ය පීඨයේ තරුණයන්, පාරට ඇද දැමු වයසක ඇත්තෝ
“වෛද්‍ය ක්ෂේත්‍රයෙන් රත්නපුරයට එන කිසිවෙකු ඉන් ආපසු නොයන බව” රත්නපුරයේ ඉතා ප්‍රසිද්ධ කියමනකි.
එයට හේතුව ඔවුන්ට ඉතා උසස් ජීවන තත්ත්වයක් එහිදී හිමි වන විශේෂ තරඟකාරී පෞද්ගලික රෝගී සත්කාර සේවයක් ඇති බවත් නොවේද?
මේ හේතුව නිසාම ඇතැමෙක් රත්නපුරයේ මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමට හෝ මහාචාර්ය ඒකක ඉදිවීමට කැමැත්තක් නොමැත.
එහෙත් ඉතා සුළු පිරිසක් හැර සබරගමුව පළාතේ විශාල පිරිසක් රත්නපුර රෝහල දියුණු වී එහි වෛද්‍ය පීඨයක් ඉදිවීම සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන්නේ එය ඔවුන්ගේ ජීවිතයට වඩාත් සුව දායක වෙන බැවිනි
මෑතක සිට රත්නපුර ප්‍රදේශයම කලබලකාරී තත්ත්වයක් පැන නැගී ඇත ඒ අන් කිසිවක් නිසා නොව සබරගමුව වෛද්‍ය පීඨය නිසාවෙනි.
එහි මහාචාර්ය ඒකකය ඉදිරි නොවීම සම්බන්ධයෙන් සිසුන් මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත ව සිටි. ඒ හේතුවෙන් දිනපතා විවිධ උද්ඝෝෂණ ද සංවිධානය වෙමින් පවතී
මෙය ඉතා දැඩිව බලපාන්නේ එහි අවසන් වසරේ සිසුන්ට ය
අතිශය තියුණු තරගකාරී විභාගයකින් සමත් ව සබරගමුව වෛද්‍ය පීඨයට තේරුණු සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියාමනයට අනුව අනාගතයේදී ඔවුන්ට උපාධිය ඇතත් පිළිගැනීමට ලක් නොවීමට සිදුවිය හැකි පසුබිමක් පවතීන බැවින් සිසුන් දිනපතා අරගල කරමින් ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ කරුණු සොයා බැලීමේදී පහත සඳහන් කරුණු හේතුවෙන් සබරගමුව වෛද්‍ය පීඨය ඉතා අවාසනාවන්ත තත්වයකට පත්ව ඇත.
මෙම පීඨය ආරම්භ වූයේ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කරමිනි.
එහෙත් එම හේතුව ඇතැමෙක් රුස්සන්නේ නැත විශේෂයෙන් ප්‍රදේශය ආශ්‍රිත පෞද්ගලික රෝහල් දෙකක සේවාව ඉටු කරනු ලබන වෛද්‍යවරුන් කැමතිම නැත.
සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස වෛද්‍ය නොවන මහාචාර්යවරියක් සිටින අතර ඇයට සබරගමුව වෛද්‍ය පීඨය දියුණු කිරීමේ කිසිදු වුවමනාවක් නැත. වෙනත් අරමුණු ද තිබිය හැක.
ඇය එම පීඨයේ සිසුන් වෙනුවෙන් වැඩ කරන බවක් පෙනෙන්නට නැත.
රත්නපුර ශික්ෂණ රෝහල බාර අධ්‍යක්ෂවරයා ද එවැනි අයෙක් වන අතර මේ දෙදෙනාම පසුගිය 15 වනදා කෝප් කමිටුවේ දී සිසුන් වෙනුවෙන් නොව තම ජාම බේරා ගැනීමට කතා කිරීම ඉන් පැහැදිලි වේ.
වයස හැට හැත්තෑව ඉක්ම වූ තවත් ආචාර්යවරුන් කොටසක් රජයේ සේවයෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය පීඨ වල වැඩ කිරීම සඳහා අවශ්‍ය පාර සැකසීම වෙනුවෙන් සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ඉදිකිරීම මේ වන විටත් අනියම් ආකාරයෙන් වළක්වා ඇති බවද වාර්තා වේ.
මෙහි ඇතැමෙක් මෙම සිසුන්ට විවිධාකාරයේ යෝජනා කරමින් මෙම සිසුන්ගේ ගැටලුව විසඳීම සඳහා නොව අවුල් කිරීම සඳහා ද කටයුතු කරන බව පෙනී යයි.
මීට පෙර යාපනය සහ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨවල මෙවැනිම ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ අතර එම වෛද්‍ය පීඨ වල සිසුන් රජයේ අනෙකුත් වෛද්‍ය පිඨ වලට අනුයුක්ත කර ඉන් අනතුරුව වෛද්‍ය සභාවේ පිළිගැනීමටද ලක්ව ඇතත් සබරගමුවේ සිසුන්ට එවැනි පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීමේදී සිසුන් භේද කර එම උත්සාහය විවිධ බොරු සිසුන්ට යෝජනා කරමින් එය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ ගනිමින් ඇත
කොතලාවල වෛද්‍ය පීඨය පිළිගැනීමට ලක් වන තෙක් එහි සිටි සිසුන් කොළඹ රාගම ජයවර්ධනපුර කරාපිටිය යන වෛද්‍ය පීඨවල ඉගෙන ගත් අතර මහචාර්ය ඒකකයක් නොමැති වීම ඔවුන්ගේ වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට හේතු වූයේ නැත
තවත් පිරිසක් මෙම සිසුන් උපයෝගී කරගනිමින් නඩු මගට බැසීමට ද කටයුතු කරමින් ඇත
එයද විශේෂයෙන් විමසිය යුතු බරපතළ තත්ත්වයකි
රජයේ අනිකුත් වෛද්‍ය පීඨ වලට ඇතුලත්ව එම වෛද්‍ය පීඨයන් හි මහාචාර්ය ඒකක තුළ තම උපාධිය සම්පුර්ණ කර ගැනීමටත් ඉන් අනතුරුව වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්වීමටත් සිසුන්ට හැකියාව තිබියදී එම සිසුන්ට වැරදි උපදෙස් දෙමින් ඔවුන් විවිධ අරමුණු වලට ගාල් කරමින් කටයුතු කරමින් ඇති බව මේ අනුව පෙනී යයි.
මේ අතර තාවකාලිකව මහාචාර්ය ඒකකයක් කහවත්ත රෝහල තුළ ඉදි කිරීමට ද යෝජනා වී ඇත.
සබරගමුවේ වෛද්‍ය සිසුන්ට පැහැදිලිව වගකිව යුත්තේ කුමන්ත්‍රණ වලට හසු නොවී රජයේ වෙනත් වෛද්‍ය පීඨවල ට ඇතුළත් ව තම උපාධිය සහ වෛද්‍ය සිහිනය සැබෑ කර ගන්නා ලෙසත් කුමන්ත්‍රණ වලට හසු නොවන ලෙසත් ය.
(විශේෂ වාර්තා කරුවෙකු විසිනි.)
ශ්‍රී රාවණා ලංකා පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?