
සබරගමුව වෛද්‍ය පීඨයේ තරුණයන්, පාරට ඇද දැමු වයසක ඇත්තෝ
“වෛද්‍ය ක්ෂේත්‍රයෙන් රත්නපුරයට එන කිසිවෙකු ඉන් ආපසු නොයන බව” රත්නපුරයේ ඉතා ප්‍රසිද්ධ කියමනකි.
එයට හේතුව ඔවුන්ට ඉතා උසස් ජීවන තත්ත්වයක් එහිදී හිමි වන විශේෂ තරඟකාරී පෞද්ගලික රෝගී සත්කාර සේවයක් ඇති බවත් නොවේද?
මේ හේතුව නිසාම ඇතැමෙක් රත්නපුරයේ මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වීමට හෝ මහාචාර්ය ඒකක ඉදිවීමට කැමැත්තක් නොමැත.
එහෙත් ඉතා සුළු පිරිසක් හැර සබරගමුව පළාතේ විශාල පිරිසක් රත්නපුර රෝහල දියුණු වී එහි වෛද්‍ය පීඨයක් ඉදිවීම සම්බන්ධයෙන් කැමැත්තෙන් පසුවන්නේ එය ඔවුන්ගේ ජීවිතයට වඩාත් සුව දායක වෙන බැවිනි
මෑතක සිට රත්නපුර ප්‍රදේශයම කලබලකාරී තත්ත්වයක් පැන නැගී ඇත ඒ අන් කිසිවක් නිසා නොව සබරගමුව වෛද්‍ය පීඨය නිසාවෙනි.
එහි මහාචාර්ය ඒකකය ඉදිරි නොවීම සම්බන්ධයෙන් සිසුන් මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත ව සිටි. ඒ හේතුවෙන් දිනපතා විවිධ උද්ඝෝෂණ ද සංවිධානය වෙමින් පවතී
මෙය ඉතා දැඩිව බලපාන්නේ එහි අවසන් වසරේ සිසුන්ට ය
අතිශය තියුණු තරගකාරී විභාගයකින් සමත් ව සබරගමුව වෛද්‍ය පීඨයට තේරුණු සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියාමනයට අනුව අනාගතයේදී ඔවුන්ට උපාධිය ඇතත් පිළිගැනීමට ලක් නොවීමට සිදුවිය හැකි පසුබිමක් පවතීන බැවින් සිසුන් දිනපතා අරගල කරමින් ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ කරුණු සොයා බැලීමේදී පහත සඳහන් කරුණු හේතුවෙන් සබරගමුව වෛද්‍ය පීඨය ඉතා අවාසනාවන්ත තත්වයකට පත්ව ඇත.
මෙම පීඨය ආරම්භ වූයේ රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කරමිනි.
එහෙත් එම හේතුව ඇතැමෙක් රුස්සන්නේ නැත විශේෂයෙන් ප්‍රදේශය ආශ්‍රිත පෞද්ගලික රෝහල් දෙකක සේවාව ඉටු කරනු ලබන වෛද්‍යවරුන් කැමතිම නැත.
සබරගමුව වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය ලෙස වෛද්‍ය නොවන මහාචාර්යවරියක් සිටින අතර ඇයට සබරගමුව වෛද්‍ය පීඨය දියුණු කිරීමේ කිසිදු වුවමනාවක් නැත. වෙනත් අරමුණු ද තිබිය හැක.
ඇය එම පීඨයේ සිසුන් වෙනුවෙන් වැඩ කරන බවක් පෙනෙන්නට නැත.
රත්නපුර ශික්ෂණ රෝහල බාර අධ්‍යක්ෂවරයා ද එවැනි අයෙක් වන අතර මේ දෙදෙනාම පසුගිය 15 වනදා කෝප් කමිටුවේ දී සිසුන් වෙනුවෙන් නොව තම ජාම බේරා ගැනීමට කතා කිරීම ඉන් පැහැදිලි වේ.
වයස හැට හැත්තෑව ඉක්ම වූ තවත් ආචාර්යවරුන් කොටසක් රජයේ සේවයෙන් අනතුරුව පෞද්ගලික වෛද්‍ය පීඨ වල වැඩ කිරීම සඳහා අවශ්‍ය පාර සැකසීම වෙනුවෙන් සබරගමුව වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ඉදිකිරීම මේ වන විටත් අනියම් ආකාරයෙන් වළක්වා ඇති බවද වාර්තා වේ.
මෙහි ඇතැමෙක් මෙම සිසුන්ට විවිධාකාරයේ යෝජනා කරමින් මෙම සිසුන්ගේ ගැටලුව විසඳීම සඳහා නොව අවුල් කිරීම සඳහා ද කටයුතු කරන බව පෙනී යයි.
මීට පෙර යාපනය සහ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨවල මෙවැනිම ගැටලු සහගත තත්ත්වයක් ඇති වූ අතර එම වෛද්‍ය පීඨ වල සිසුන් රජයේ අනෙකුත් වෛද්‍ය පිඨ වලට අනුයුක්ත කර ඉන් අනතුරුව වෛද්‍ය සභාවේ පිළිගැනීමටද ලක්ව ඇතත් සබරගමුවේ සිසුන්ට එවැනි පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීමේදී සිසුන් භේද කර එම උත්සාහය විවිධ බොරු සිසුන්ට යෝජනා කරමින් එය වැළැක්වීමට ඇතැමුන් උත්සාහ ගනිමින් ඇත
කොතලාවල වෛද්‍ය පීඨය පිළිගැනීමට ලක් වන තෙක් එහි සිටි සිසුන් කොළඹ රාගම ජයවර්ධනපුර කරාපිටිය යන වෛද්‍ය පීඨවල ඉගෙන ගත් අතර මහචාර්ය ඒකකයක් නොමැති වීම ඔවුන්ගේ වෛද්‍ය උපාධිය පිළි නොගැනීමට හේතු වූයේ නැත
තවත් පිරිසක් මෙම සිසුන් උපයෝගී කරගනිමින් නඩු මගට බැසීමට ද කටයුතු කරමින් ඇත
එයද විශේෂයෙන් විමසිය යුතු බරපතළ තත්ත්වයකි
රජයේ අනිකුත් වෛද්‍ය පීඨ වලට ඇතුලත්ව එම වෛද්‍ය පීඨයන් හි මහාචාර්ය ඒකක තුළ තම උපාධිය සම්පුර්ණ කර ගැනීමටත් ඉන් අනතුරුව වෛද්‍ය සභාවේ පිළිගැනීමට ලක්වීමටත් සිසුන්ට හැකියාව තිබියදී එම සිසුන්ට වැරදි උපදෙස් දෙමින් ඔවුන් විවිධ අරමුණු වලට ගාල් කරමින් කටයුතු කරමින් ඇති බව මේ අනුව පෙනී යයි.
මේ අතර තාවකාලිකව මහාචාර්ය ඒකකයක් කහවත්ත රෝහල තුළ ඉදි කිරීමට ද යෝජනා වී ඇත.
සබරගමුවේ වෛද්‍ය සිසුන්ට පැහැදිලිව වගකිව යුත්තේ කුමන්ත්‍රණ වලට හසු නොවී රජයේ වෙනත් වෛද්‍ය පීඨවල ට ඇතුළත් ව තම උපාධිය සහ වෛද්‍ය සිහිනය සැබෑ කර ගන්නා ලෙසත් කුමන්ත්‍රණ වලට හසු නොවන ලෙසත් ය.
(විශේෂ වාර්තා කරුවෙකු විසිනි.)
ශ්‍රී රාවණා ලංකා පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
