News Category
From Date
To Date
Maximum Number of Result

මිනිස් අස්ථිවලින් හදන කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් විදෙස් කතුන් සහ මිනිස් අස්ථි මත්ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා යොදාගැනීමේ භයානක පැතිකඩ..

Jun 1, 2025 at 12:09 PM
|

මිනිස් අස්ථි අඩංගු යැයි සඳහන් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 46 ක් සමඟ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ලංකාවෙදි අත් අඩංගුවට ගන්නවා. ඒ මීට දින කිහිපයකට කලින්. ඇය 21 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ‘චාලට් මේයි‘.

ඊට ආසන්න දවසකදි ජෝර්ජියාවෙදි තවත් බ්‍රිතාන්‍ය ජාතික දැරියක් අත් අඩංගුවට පත් වෙනවා ඊට සමාන වෙනත් මත්ද්‍රව්‍ය කිලෝ 14ක් සමඟ. ඇය 18 හැවිරිදි හෙද සිසුවියක වූ ‘බෙලා මේයි‘. 

පහත තියෙන්නෙ ඒ දෙන්නාගෙ ඡායාරූප. මේ මිනිස් අස්ථිවලින් හදන කුෂ්වලට ඇබ්බැහි වූ සියෙරා ලියොන් හි කෙල්ලක් තමයි අනිත් කලු ජාතික ගැහැණු ළමයා.

මේ චාලට් සහ බෙලා අතර තියෙනවා එකම එක පොදු සම්බන්ධයක්. ඒ තමයි මේ දෙන්නාම අදාල මත්ද්‍රව්‍ය තොග රැගෙන එකම දවසෙ එකම ගුවන් තොටුපලකින් තමයි ලංකාවට සහ ජෝර්ජියාවට පිටත්වෙලා තියෙන්නෙ. ඒ තායිලන්තයේ ස්වර්ණභූමි ගුවන් තොටුපලින්.

දැන් දෙන්නාම ඉන්නෙ ලංකාවෙ සහ ජෝර්ජියාවෙ බන්ධනාගාරවල රඳවලා. මේ දෙන්නාටම රටවල් දෙකේ නීති අනුව නම් ආයෙ බ්‍රිතාන්‍යයට යන්න වෙන්නෙ උපරිම අවුරුදු 15ක් හිරේ ඉඳලා තමයි. ඒ මේ දෙන්නා නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය හෝ ජාවාරම් කිරීම කියන චෝදනාවලට වැරදිකරුවන් උනොත්.

ලංකාවෙදි කුෂ් සම්බන්ධ නීතිය තියෙන්නෙ 1929 අංක 17 දරණ විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ පනත ඇතුලේ. කුෂ් කියන්නෙ කංසා පැළැටියෙන් නිස්සාරණය කරන සංඝටක අඩංගු දෙයක් හින්දා මේ පනතේ 28 වගන්තියෙන් එවැනි නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සපුරා තහනම් කරලා තියෙන්නෙ. මෙහි 54 වගන්තිය අනුව මේවා නිෂ්පාදනය, ජාවාරම, ආනයනය හෝ ළඟ තබාගැනීම වරදක්. මේ පනතට අනුව ගංජා කිලෝග්‍රෑමයක් ළඟ තබාගැනීමේදී අවුරුදු 5ක සිරදඬුවමකුත්, මහා පරිමාණ ලෙස කිලෝග්‍රෑම් 100ක් ළඟ තබාගත්තොත් නම් අවුරුදු 15ක සිර දඬුවමකුත් ලැබෙන්න පුලුවන්. ඒ වගේම හෙරොයින් ග්‍රෑම් පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සන්තකයේ තිබුනොත් ලංකාවෙදි මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දෙනවා.

ඒ වගේම සාම්ප්‍රදායිකව කුෂ් නමින් හඳුන්වන මත්ද්‍රව්‍යයට වඩා වෙනස් සින්තටික් නිෂ්පාදනයක් මේක.

ඒත් මේ බ්‍රිතාන්‍ය තරුණියන්ගෙ කුෂ් කතාවෙ ඇතුල් පැත්තෙ මේ සියල්ලට වඩා ඛේදනීය දේවල් දෙකක් තියෙනවා. මේ සටහනේ අරමුණ වෙන්නෙ අන්න ඒ වැදගත් අංශ දෙකට අවධානය යොමු කරන එක.

එක තමයි මේ දිනවල බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ මාධ්‍ය විසින් කියනවා ලංකාවෙ සහ ජෝර්ජියාවෙ බන්ධනාගාරවල අවම මානව හිමිකම් සහිත තත්ත්වයවත් නැති බව. මේක ඇත්තටම ජාත්‍යන්තර අපරාධකරුවන්ට අලුත් තත්ත්වයක්. මොකද ඇත්තටම අපේ බන්ධනාගාර කියන්නෙ සෙනඟ පිරී ඉතිරී ගිය, පෞද්ගලිකත්වය අහිමි, කැරලි ගහන, මිනිස්සු මැරෙන තැනක්. ඉතින් චාලට් සහ බෙලා දෙන්නාම ඉන්නෙ ඉතා පහළ ජීවන තත්ත්වයක මේ වෙද්දි. චාලට් කියලා තිබුනා ලංකාවෙ මීගමු බන්ධනාගාරයේදි බාල්දියකින් නාන්න හුරුවීම අපහසු බව. ඒ වගේම දවස් දෙකකින් ඇය කාලා නෑ. කෑමවල මිරිස් වැඩි හින්දා. මුලු බන්ධනාගාරෙටම හිටපු ඉංග්‍රීසි කතාකල හැකි එකම රැඳවියක ඇයට බිස්කට් පැකට් එකක් දීලා තිබුනා. හැබැයි ජෝර්ජියාවෙ බෙලා ඉන්නෙ ඊටත් වඩා අන්ත තත්ත්වෙක.

දෙවැනි භයානක කතාව තමයි මේ මත්ද්‍රව්‍යවල මිනිස් අස්ථි අන්තර්ගත වීම පිළිබඳව වන කතිකාව. එක අතකින් ඒක මේ සබ්ස්ටන්ස් එක ව්‍යාප්ත කිරීමේ උපක්‍රමික ප්‍රචාරණයක්. නමුත් ඒක පිටුපස තියෙන්නෙ අතිශය කෘෘර සිදුවීම් පෙලක්.

මේ මිනිස් අස්ථි මුහු කරලා හදන කෘත්‍රිම කුෂ් මත්ද්‍රව්‍යය වැඩිපුර ප්‍රචලිත වෙලා තියෙන්නෙ බටහිර අප්‍රිකානු කළාපයේ. මේ කලාපයේ තියෙන ප්‍රමුඛ රටක් වූ සියෙරා ලියොන් හි ජනාධිපතිවරයා වූ ‘ජුලියස් මාඩා‘ පසුගිය අප්‍රේල් මාසෙදි රටතුළ ජාතික වශයෙන් හදිසි තත්ත්වයක් නිවේදනය කෙරුවා. ඒ මේ කුෂ් මත්ද්‍රව්‍ය උවදුරෙන් එක්වරම මිනිස්සු මැරෙන්න පටන්ගත් හින්දා. එරට වෛද්‍යවරු කියන්නෙ මේ මත්ද්‍රව්‍ය නිසා ශරීර ඉන්ද්‍රියන් අක්‍රිය වීමක් සිදුවීමෙන් මේ මරණ සිදුවන බව. හැබැයි හදිසි තත්ත්වයට මූලික හේතුවක් උනේ සියෙරා ලියොන් හි තරුණයින් සිය ගණන් රටපුරා තිබුනු සොහොන් බිම් හාරන්න පටන් ගැනීම. ඒ වළදැමූ මිනිස් සිරුරු ගොඩගෙන එහි අස්ථි ගලවා කුෂ් හදන්න. දැන් එරට සොහොන්බිම්වලට විශේෂ පොලිස් ආරක්ෂාවක් දාලා තියෙන්නෙ. මෙහෙම හදපු සින්තටික් කුෂ් (අධිකරණ වාර්ථාකරුවන් සහ මාධ්‍ය මේ වචනය තමයි අදාල සබ්ස්ටන්ස් එක සඳහා නිළ වශයෙන් භාවිත කරන්නෙ) ලෝකය පුරා බෙදාහැරීමේ ජාලයන් අප්‍රිකාව පුරා ක්‍රියාත්මක බවයි වාර්තාකරුවන් කියන්නෙ.

ලංකාවෙදි අහුවුනු චාලට් මහේස්ත්‍රාත් අධිකරණයේදි කියලා තිබුනා ඇය කලින් දවසෙ බෑග් එක හදලා නයිට් අවුට් එකකට ගිහින් ඇවිත් ලංකාවට එන්න ගුවන්යානයට නැග්ගා මිසක් ආයෙත් බෑග් චෙක් කෙරුවෙ නැති බව. ඇය කියන්නෙ තමන්ගෙ බෑග් එක කවුරුන් හෝ මාරු කරලා කියලා. ඒ කවුද යන්න ඇයට හිතාගන්න පුලුවන් කියලාත් ඇය කියනවා. ජෝර්ජියාවෙදි හසුවුනු බෙලා නම් උසාවියෙදි කරලා තිබුනෙ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු නොදී නිහඬව හිටපු එක. ඒක නීත්‍යානුකූල හිමිකමක්. කොහොම උනත් මේ දෙන්නාම අදාල සිදුවීම්වලට පෙර සමාජ මාධ්‍යයන්වල අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් පෙන්නුම් කළ අය. සිය පවුල්වලින් දුරස්ව සිටි අය. විශේෂයෙන්ම බෙලා විසින් හෙද සිසුවියකට තිබිය නොහැකි තරම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරමින් ටික් ටොක් වීඩියෝ නිර්මාණය කර තිබූ බව කියැවුනා.

දැන් මේ දෙන්නාගෙම ගෙවල්වල අය බ්‍රිතාන්‍ය බළධාරීන්ට මේ ප්‍රශ්නයට මැදිහත්වෙන්න බල කරනවා.

අපි ඉන්නෙ අප්‍රිකාවෙ කෙල්ලො කොල්ලො සොහොන් හාරලා මිනිස් අස්ථිවලින් මත්ද්‍රව්‍ය හදන්න උත්සාහ කරන ලෝකෙක. ඒවා ආසියාවෙ බැංකොක් වලට එනකන් එනවා. එතැනින් බ්‍රිතාන්‍ය ගුවන් සේවිකාවන් හෝ හෙදියන් අතට හිතාමතාම හෝ අත්වැරැද්දෙන් පත්වෙනවා. උන් ඉන්නෙ තාම ටීනේජ් වයසට ආසන්න මායිම්වල. ඒවා ලංකාවට වගේම යුරෝපයේ ජෝජියාවටත් යනවා. මේ හැමදේම පිටුපස නීතිය හඹාගෙන ගියහම ඒ ජීවිතවල හොඳම කාලෙ එකපාරම නතර වෙනවා. කවදාහරි කවුරු හෝ හොයාගත්තොත් මියගිය අස්ථිවලට වඩා ජීවී අස්ථි මේ වැඩේට හොඳයි කියලා? ඒ ගැන හිතනකොට නීතිය ලිලිපුට්ටෙක් බවට පත්වෙනවා.

(ඡායාරූපවල ඉන්නෙ 18 හැවිරිදි බෙලා, 21 හැවිරිදි චාලට් සහ සියෙරා ලියොන් හි මිනිස් අස්ථි අන්තර්ගත යැයි කියන කුෂ් විශේෂයට ඇබ්බැහි වූ 26 හැවිරිදි සයිනබ්. මේ තුන්දෙනාම ගැහැණු ළමුන්. පෞද්ගලිකත්වයට තවදුරටත් හානියක් නැති නිසයි මේ ඡායාරූප දාන්නෙ. මොකද දැනටමත් වැරැද්දේ වගකීම මේ තරුණ ජීවිතවලින් බොහෝ ඈතට ගිහින් තියෙන්නෙ. ඇත්තටම මේ අය වින්දිතයො)

Ref: BBC, Dailymail UK, Daily News LK, විෂ වර්ග අබිං හා අන්තරායදායක ඖෂධ ආඥා පනත, The Guardians.

- Nuwan Ishara Mahagamage -




සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.