
හැමෝම කතාවෙන, විහිළුවක් වගේ පෙනෙන NCL Salten නැවේ කතාව දන්නවද?
නැවේ නම දන්නේ නැති වුණත් පහල ජායාරූපය දැක්කාම ගොඩක් අය සිද්ධිය දන්නවා. සරලව කතාව දිගහැරියොත් මෙන්න මෙහෙමයි.
NCL Salten කියන නැව නොවේජියානු මුහුදේ Orkanger වරාය දෙසට යාත්‍රා කරමින් තිබු අතර සේවා මුරය භාර නිළධාරියා (Second officer) නින්දට වැටිම නිසා නැව අදාල මාර්ගයෙන් ඉවත් වී Byneset අසල වෙරළේ ගැටි (Ground) ඇත.
උපුටා ගැනීමේ ආරම්භය,
" No one was injured when the 11,000-ton ship ran aground, Bente Hetland, chief executive of NCL, the company that chartered the ship, said in a statement Friday. There were 16 crew members on board at the time of the crash — a mix of Norwegians, Lithuanians and Ukrainians and one Russian, she said.
Police are still investigating why the ship ran aground, Hetland said, and have identified one person as a suspect. Police have charged the ship’s second mate — a Ukrainian man in his 30s — with negligent navigation after he told investigators during an interrogation that he had fallen asleep while on duty at the time of the impact at 5:32 a.m. local time, according to the police."
උපුටා ගැනීමේ අවසානය.
උපුටා ගැනීම " The Washigton Post"
මෙහෙම වෙන්න පුළුවන්ද ?
අවාසනාවට වුණත් උත්තරය තමයි ඔව් කියන එක. නමුත් මෙහෙම දෙයක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි නැව් වල. මේ ඒ කතාව.
නැවක් මුහුදේ යද්දි ඒක පාලනය කරන්නේ නැවේ උඩම තියෙන Bridge එක නම් වු විශේෂිත කාමරය තුළ ඉදන්. නැවක් හැසිරවීමට ඕන කරන හැම දේම මේ ස්ථානය සතුයි. පැය හතරක සේවා මුරය බැගින් (Watch keeping) සේවා මුර 6ක් දවසකට පවත්වාගෙන යනවා නිළධාරීන් තුන්දෙනෙකු විසින්. පවතින තත්ත්ව යටතේ අවශ්‍යනම් සහයට අමතර Watchman කෙනෙක් ලබා දෙනවා.
* වර්තමානයේ නැව් වල භාවිතා කරන්නේ ECDIS(Electronic Chart Display and Information System) නම් වූ විශේෂ උපකරණය. ඉස්සර භාවිතා කරපු කඩදාසි මත මුද්‍රිත සිතියම්(Paper chart) වෙනුවට තමයි මේ උපකරණය භාවිතයට ආවේ. මේ උපකරණය පරිඝණකයකට සමානයි. නැව ගමන් කරන්න ඕන මාර්ගය මේ උපකරණය මගින් අපිට අදින්න පුළුවන්. එහෙම අදින කොට අපි ලබා දෙන ආරක්ෂිත දත්ත කිහිපයක් තියෙනවා.
- නැව ගමන් කල යුතු උපරිම වේගය (Maximum Speed)
- මුහුදේ තිබිය යුතු අවම ගැඹුර(Safety depth)
- මාර්ගයේ කොපමණ දුරක් විචලනය විය හැකිද(XTD Limit)
- වෙනත් වස්තුවක් සමග ලං විය හැකි අවම දුර හා ඒ සදහා ගත වන කාලය(CPA/TCPA)
- ඉදිරිය හා අවට අනතුරු කල්තියා හදුනා ගතයුතු දුරවල් හා වේලාවන්(Look-ahead / Look-arround)
මේ වගේ තව ගොඩක් දත්ත මේ උපකරණයට ඇතුළු කරන්න පුළුවන්. මේ එක සිමාවක් හරි ඉක්මවා යන අවස්තාවක මේ උපකරණය ශබ්ධයක්(Alarm) නිකුත් කරමින් ඒ ගැන නිළධාරියාව දැනුවත් කරනවා. හැබැයි මේ උපකරණයේ Silent Mode එක ක්‍රියාත්මක කරලානම් තියෙන්නේ මේ කිසිම Alarm එකක් ඇහෙන්නේ නෑ.
* ඒ වගේම BNWAS(Bridge Navigation Watch Alarm System) නම් විශේෂ උපකරණය හැම මිනිත්තු 12කට වරක්( මේ වෙලාව වෙනස් කරන්න පුළුවන්. නමුත් උපරිම අගය 12) නාද වෙනවා ඒ උපකරණය නැවත Reset කරනකම්. ඒ කියන්නේ අවම වශයෙන් පැයකට පස් සැරයක් ඉන්න නිළධාරියාගේ අවධානය ගන්නවා. මේ Alarm එක අවස්තා හතරකින් යුක්තයි.
- පෙර අනතුරු ඇගවීම - අදාල කාලසීමාව(මිනිත්තු 12) අවසානයේ කහපාට කුඩා විදුලි බුබුලක් නිවි නිවි පත්තු වීම.
- පලමු අවස්තාව - පෙර අනතුරු ඇගවීම reset කිරිම තත්පර 15ක් තුල සිදු නොකලහොත් Audible alarm එකක් Bridge එක තුල පමණක් නාද වේ.
- දෙවන අවස්තාව - පලමු අනතුරු ඇගවීම තත්පර 30ක් තුල reset නොකලහොත් අනිත් නිළදාරින්ගේ කාමර තුල ඇති Alarm එක ක්‍රියාත්මක වේ.
- තුන්වන අවස්තාව - දෙවන අනතුරු ඇගවීම තත්පර(90-180) අතර කාලයක් තුල reset නොකිරිමත් සමග මුළු නැව පුරාම General alarm එක ක්‍රියාත්මක වේ.
(General alarm එක මුළු නැවම අවදි කරන්න තරම් අධික ශබ්ධයකින් යුතුයි)
නැව මුහුදේ ගමන් කරන විට මේ උපකරණය ක්‍රියාත්මක කළයුතු අතර එහි යතුර කපිතාන් භාරයේ තිබිය යුතුයි.
* Radar(ARPA) වලත් ECDIS වල වගේම අනතුරු ඇගවිමේ Alarm පිට කරනවා අවශ්‍ය අවස්ථා වලදි.
* පවත්වාගත යුතු අවම මුහුදු ගැඹුර නැති වේලාවට Echo sounder එක alarm එකක් මගින් ඒ ගැන දැනුම් දෙනවා.
මේ විදිහට බැලුවාම නින්ද ගියත් Alarm වල ශබ්ධයට ඇහැරෙන්න ඕන. ඇහැරුණේ නැත්නම් නැවේ අනිත් අයගෙන් එක්කෙනෙක් හරි ඇහැරෙන්න ඕන. මේ ක්‍රමය හදලා තියෙන්නේ එහෙම. එහෙම වුණේ නෑ කියන්නේ අදාල ගණනය කිරිම් හරියට කරලා නෑ හා/හෝ හරියට දත්ත අදාල උපකරණ වලට ඇතුලත් කරලා නෑ කියන එකයි. නැත්නම් ඒ උපකරණ ක්‍රියත්මක කරලා නෑ කියන එක. පරික්ෂණයකින් පස්සේ හරිම හේතුව හොයා ගනිවී.
ගුවන් යානයක Black box නැතිනම් කළු පෙට්ටිය කියන එක හැමෝම අහලා තියෙනවා. නැවක් තුලත් මේ වගේ උපකරණයක් තියෙනවා VDR(Voyage Data Recorder) කියලා. නැවේ වෙන හැම දෙයක්ම මේ උපකරණය තුල ගබඩා වෙනවා. පරික්ෂණයක් කරන කොට මේ උපකරණයේ ගබඩා වුණ දත්ත අදාල නිළධාරීන් පරික්ෂා කිරීම සිදු කරනවා.
නින්ද යන්න හේතු තියෙන්න පුළුවන්ද?
උත්තරය තමයි ඔව් කියන එක.
* ප්‍රමාණවත් තරම් විවේකයක් නොලැබීම. ලග ලග වරායන් වලට යන්න වුණාම අවශ්‍ය තරම් විවේකයක් නොලැබෙන්න පුළුවන්.
ඒ වගේම කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වුණාම විවේක කාලයේ වුණත් වැඩ කරන්න සිදුවීම.
* සේවා කාලය තුල මත්පැන් පානය කරන්න බැරි වුණත් සමහරවිට මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියා නම් නිදිමත එන්න පුළුවන්.
* නිළදාරියාගේ නොසැලකිල්ල
මේ වගේ විවිධ හේතු තියෙන්න පුළුවන්.
කොහොම නමුත් Navigation Officer කෙනෙක් කියන්නේ ලොකු වගකීමක්. ඩොලර් මිලියන ගණනක් වටින භාණ්ඩ, ඒ වගේම නැවේ සේවකයන්ගේ ජිවිත, අවට පරිසරයේ ආරක්ෂාව මේ හැම දෙයක්ම තියෙන්නේ රැදිලා තියෙන්නේ ඔහු මත.
රාත්‍රී මුර සේවයේදී ඔහු පමණයි අවදිව ඉන්නේ. අනිත් හැමෝම ඔහු මත විශ්වාසය තියලා සුව නින්දේ. ඉතිං ඒ විශ්වාසය රකින එක Navigation officer ලා වුණ අපේ වගකීමක්.
© Sailor's Diary
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
