News Category
From Date
To Date
Maximum Number of Result

හැමෝම කතාවෙන, විහිළුවක් වගේ පෙනෙන NCL Salten නැවේ කතාව දන්නවද?

May 29, 2025 at 10:19 AM
|

නැවේ නම දන්නේ නැති වුණත් පහල ජායාරූපය දැක්කාම ගොඩක් අය සිද්ධිය දන්නවා. සරලව කතාව දිගහැරියොත් මෙන්න මෙහෙමයි.

NCL Salten කියන නැව නොවේජියානු මුහුදේ Orkanger වරාය දෙසට යාත්‍රා කරමින් තිබු අතර සේවා මුරය භාර නිළධාරියා (Second officer) නින්දට වැටිම නිසා නැව අදාල මාර්ගයෙන් ඉවත් වී  Byneset අසල වෙරළේ ගැටි (Ground) ඇත. 

උපුටා ගැනීමේ ආරම්භය,

" No one was injured when the 11,000-ton ship ran aground, Bente Hetland, chief executive of NCL, the company that chartered the ship, said in a statement Friday. There were 16 crew members on board at the time of the crash — a mix of Norwegians, Lithuanians and Ukrainians and one Russian, she said.

Police are still investigating why the ship ran aground, Hetland said, and have identified one person as a suspect. Police have charged the ship’s second mate — a Ukrainian man in his 30s — with negligent navigation after he told investigators during an interrogation that he had fallen asleep while on duty at the time of the impact at 5:32 a.m. local time, according to the police."

උපුටා ගැනීමේ අවසානය.

උපුටා ගැනීම " The Washigton Post"

මෙහෙම වෙන්න පුළුවන්ද ?

අවාසනාවට වුණත් උත්තරය තමයි ඔව් කියන එක. නමුත් මෙහෙම දෙයක් වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි නැව් වල. මේ ඒ කතාව.

නැවක් මුහුදේ යද්දි ඒක පාලනය කරන්නේ නැවේ උඩම තියෙන Bridge එක නම් වු විශේෂිත කාමරය තුළ ඉදන්. නැවක් හැසිරවීමට ඕන කරන හැම දේම මේ ස්ථානය සතුයි. පැය හතරක සේවා මුරය බැගින් (Watch keeping) සේවා මුර 6ක් දවසකට පවත්වාගෙන යනවා නිළධාරීන් තුන්දෙනෙකු විසින්. පවතින තත්ත්ව යටතේ අවශ්‍යනම් සහයට අමතර Watchman කෙනෙක් ලබා දෙනවා. 

* වර්තමානයේ නැව් වල භාවිතා කරන්නේ ECDIS(Electronic Chart Display and Information System) නම් වූ විශේෂ උපකරණය. ඉස්සර භාවිතා කරපු කඩදාසි මත මුද්‍රිත සිතියම්(Paper chart) වෙනුවට තමයි මේ උපකරණය භාවිතයට ආවේ. මේ උපකරණය පරිඝණකයකට සමානයි. නැව ගමන් කරන්න ඕන මාර්ගය මේ උපකරණය මගින් අපිට අදින්න පුළුවන්. එහෙම අදින කොට අපි ලබා දෙන ආරක්ෂිත දත්ත කිහිපයක් තියෙනවා.

- නැව ගමන් කල යුතු උපරිම වේගය (Maximum Speed)

- මුහුදේ තිබිය යුතු අවම ගැඹුර(Safety depth)

- මාර්ගයේ කොපමණ දුරක් විචලනය විය හැකිද(XTD Limit)

- වෙනත් වස්තුවක් සමග ලං විය හැකි අවම දුර හා ඒ සදහා ගත වන කාලය(CPA/TCPA)

- ඉදිරිය හා අවට අනතුරු කල්තියා හදුනා ගතයුතු දුරවල් හා වේලාවන්(Look-ahead / Look-arround)

මේ වගේ තව ගොඩක් දත්ත මේ උපකරණයට ඇතුළු කරන්න පුළුවන්. මේ එක සිමාවක් හරි ඉක්මවා යන අවස්තාවක මේ උපකරණය ශබ්ධයක්(Alarm) නිකුත් කරමින් ඒ ගැන නිළධාරියාව දැනුවත් කරනවා. හැබැයි මේ උපකරණයේ Silent Mode එක ක්‍රියාත්මක කරලානම් තියෙන්නේ මේ කිසිම Alarm එකක් ඇහෙන්නේ නෑ.

* ඒ වගේම BNWAS(Bridge Navigation Watch Alarm System) නම් විශේෂ උපකරණය හැම මිනිත්තු 12කට වරක්( මේ වෙලාව වෙනස් කරන්න පුළුවන්. නමුත් උපරිම අගය 12) නාද වෙනවා ඒ උපකරණය නැවත Reset කරනකම්. ඒ කියන්නේ අවම වශයෙන් පැයකට පස් සැරයක් ඉන්න නිළධාරියාගේ අවධානය ගන්නවා. මේ Alarm එක අවස්තා හතරකින් යුක්තයි.

- පෙර අනතුරු ඇගවීම - අදාල කාලසීමාව(මිනිත්තු 12) අවසානයේ කහපාට කුඩා විදුලි බුබුලක් නිවි නිවි පත්තු වීම.

- පලමු අවස්තාව - පෙර අනතුරු ඇගවීම reset කිරිම තත්පර 15ක් තුල සිදු නොකලහොත් Audible alarm එකක් Bridge එක තුල පමණක් නාද වේ.

- දෙවන අවස්තාව - පලමු අනතුරු ඇගවීම තත්පර 30ක් තුල reset නොකලහොත් අනිත් නිළදාරින්ගේ කාමර තුල ඇති Alarm එක ක්‍රියාත්මක වේ.

- තුන්වන අවස්තාව - දෙවන අනතුරු ඇගවීම තත්පර(90-180) අතර කාලයක් තුල reset නොකිරිමත් සමග මුළු නැව පුරාම General alarm එක ක්‍රියාත්මක වේ. 

(General alarm එක මුළු නැවම අවදි කරන්න තරම් අධික ශබ්ධයකින් යුතුයි)

නැව මුහුදේ ගමන් කරන විට මේ උපකරණය ක්‍රියාත්මක කළයුතු අතර එහි යතුර කපිතාන් භාරයේ තිබිය යුතුයි.

* Radar(ARPA) වලත් ECDIS වල වගේම අනතුරු ඇගවිමේ Alarm පිට කරනවා අවශ්‍ය අවස්ථා වලදි.

* පවත්වාගත යුතු අවම මුහුදු ගැඹුර නැති වේලාවට Echo sounder එක alarm එකක් මගින් ඒ ගැන දැනුම් දෙනවා.

මේ විදිහට බැලුවාම නින්ද ගියත් Alarm වල ශබ්ධයට ඇහැරෙන්න ඕන. ඇහැරුණේ නැත්නම් නැවේ අනිත් අයගෙන් එක්කෙනෙක් හරි ඇහැරෙන්න ඕන. මේ ක්‍රමය හදලා තියෙන්නේ එහෙම. එහෙම වුණේ නෑ කියන්නේ අදාල ගණනය කිරිම් හරියට කරලා නෑ හා/හෝ හරියට දත්ත අදාල උපකරණ වලට ඇතුලත් කරලා නෑ කියන එකයි. නැත්නම් ඒ උපකරණ ක්‍රියත්මක කරලා නෑ කියන එක. පරික්ෂණයකින් පස්සේ හරිම හේතුව හොයා ගනිවී.

ගුවන් යානයක Black box නැතිනම් කළු පෙට්ටිය කියන එක හැමෝම අහලා තියෙනවා. නැවක් තුලත් මේ වගේ උපකරණයක් තියෙනවා VDR(Voyage Data Recorder) කියලා. නැවේ වෙන හැම දෙයක්ම මේ උපකරණය තුල ගබඩා වෙනවා. පරික්ෂණයක් කරන කොට මේ උපකරණයේ ගබඩා වුණ දත්ත අදාල නිළධාරීන් පරික්ෂා කිරීම සිදු කරනවා.

නින්ද යන්න හේතු තියෙන්න පුළුවන්ද?

උත්තරය තමයි ඔව් කියන එක.

* ප්‍රමාණවත් තරම් විවේකයක් නොලැබීම. ලග ලග වරායන් වලට යන්න වුණාම අවශ්‍ය තරම් විවේකයක් නොලැබෙන්න පුළුවන්.

ඒ වගේම කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වුණාම විවේක කාලයේ වුණත් වැඩ කරන්න සිදුවීම.

* සේවා කාලය තුල මත්පැන් පානය කරන්න බැරි වුණත් සමහරවිට මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටියා නම් නිදිමත එන්න පුළුවන්.

* නිළදාරියාගේ නොසැලකිල්ල

මේ වගේ විවිධ හේතු තියෙන්න පුළුවන්.

කොහොම නමුත් Navigation Officer කෙනෙක් කියන්නේ ලොකු වගකීමක්. ඩොලර් මිලියන ගණනක් වටින භාණ්ඩ, ඒ වගේම නැවේ සේවකයන්ගේ ජිවිත, අවට පරිසරයේ ආරක්ෂාව මේ හැම දෙයක්ම තියෙන්නේ රැදිලා තියෙන්නේ ඔහු මත.

 රාත්‍රී මුර සේවයේදී ඔහු පමණයි අවදිව ඉන්නේ. අනිත් හැමෝම ඔහු මත විශ්වාසය තියලා සුව නින්දේ. ඉතිං ඒ විශ්වාසය රකින එක Navigation officer ලා වුණ අපේ වගකීමක්.

© Sailor's Diary 

(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)





සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.