
සෞම්‍යගේ පශ්චාත් අස්පර්ශය..
මාලිනි ෆොන්සේකාගේ මළගෙදර දී සෞම්‍ය ලියනගේ කරපු කඨෝර කතාව ගැන ලොකු සද්දයක් ඇතිවුණා. සෞම්‍ය එහෙම කතාවක් කළේ ඔහු අපේ මිනිස්සුන්ගේ භාෂාව දන්නේ නැති හින්දා කියලා මම නම් හිතන්නේ නෑ. ඔහු දක්ෂ නළුවෙක්. ඉතින් "මහාචාර්ය" චරිතයකට රඟපාද්දි එහෙම කඨෝර වචන සෙට් එකක් පාවිච්චි කරන්න ඕන කියලා ඔහු හිතන්න ඇතිි. කොහොම හරි ඒ රඟපෑමට "ජනප්‍රිය නළුවා" සම්මානය දිනාගන්න බැරිවෙච්ච බවක් තමයි පේන්නේ.
මෙහෙම මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි කතා කියන්නේ "වම්මු" කියලා වම - දකුණ මාරුවෙච්ච හාදයෙක් කියලා තියෙනවා දැක්කා. දේශපාලනිකව "වම" කියලා කියන්නේ ම ජනතාවත් එක්ක, ජනතාවගේ පැත්තේ ඉන්නවා කියන එක. ප්‍රංශ විප්ලවයෙන් පස්සේ තමයි මේ වම - දකුණ හැඳින්වීම ඒ විදිහට භාවිතාවට ආවේ.
ජනතාවගේ භාෂාව පුරුදුවෙලා නැති අයටත් ජනතාව එක්ක ඉන්න පුළුවන්. හැබැයි එහෙම අය ඒ වැඩේ කරන්නේ තමන්ගේ නොහැකියාව පිළි ඇරැගෙන.
හොඳට ජනතාවගේ භාෂාව කතා කරන්න පුළුවන්කම තියාගෙන යම් කෙනෙක් ජනතාවට තේරුම්ගන්න බැරි බහුභූත කියවනවා නම් ඒක පැහැදිළිව ම රඟපෑමක්. ඒක කීයටවත් ජනතාවගේ (වමේ) උගතෙක් කරන කතාවක් නෙවෙයි.
මොන විදිහකින් හරි තමන් ජනතාවගෙන් ඈත්වෙච්ච කෙනෙක් කියලා කවුරු හරි පෙන්නනවා නම් ඒ "වමෙක්" නෙවෙයි. තමන් "වමේ" කියලා එහෙම අයට කියන්න පුළුවන්. ඒ ගැන අපි කලබලවෙන්න ඕන නෑ. බොරුකාරයන්ට කියන්න බැරි දෙයක් නෑ. එහෙම බොරුකාරයෙක් නළුවෙකුත් වෙනවා නම් ඒ පුද්ගලයාට ලොකු සද්දයක් ඇති කරන්න පුළුවන්. හැබැයි ඒක තවත් රඟපෑමක් විතරයි.
ඉතින් මම ආයෙත් කියන්නම්. ජනතාවගේ භාෂාව හොඳින් දැනගෙන බහුභූත මහප්‍රාණ කියවන එවුන් වමේ අය නෙවෙයි. වමේ අය ජනතාවගේ භාෂාව කතා කරනවා. ජනතාවගේ භාෂාව ඉගෙනගන්නවා. ජනතාවත් එක්ක ඉන්නවා.
එච්චරයි!
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
