නොඑන්න ඉඳල ආපු දවසෙ
මැයි 25 වැනිදා,
කොළඹදී .
ප්‍රිය අකුදි ,
හැමදාම මම ලියන දේවලට එබිකම් කරන බිරිඳ මේ ආමන්ත්‍රණය දැකල ඇහුව මැයි 19වැනිදට පස්සෙත් ඔයැයිට එයැයි ප්‍රියද කියල.මම කිව්වා ඇයි හලෝ හැටඅට ලක්ෂෙකට (සොරි,හැටඅට ලක්ෂෙ අඩුකිරීම විසිතුන් ලක්ෂෙකට )ප්‍රිය කෙනාව මටත් ප්‍රිය වුණාම මොකද කියල.
මැයි 19 වැනිදා තමයි නේද මෙයා දවස.සැප්තැම්බර්වල ජනාධිපතිවරණයක් දිනුව ,නොවැම්බර්වල මහා මැතිවරණයක් තුනෙන් දෙකෙන් දිනුව,මැයිවල පළාත්පාලන ඡන්දයක් දිනුව,හැබැයි මැයි 19 තමයි හැබෑම දිනිල්ල දිනුවෙ.ඒක තමයි අකුදිගෙ ට්‍රේඩ් මාක් දිනිල්ල.
තිස් අවුරැදු යුද්දෙ කරේ සාමය වෙනුවෙන් කීම තමයි බොලේ කීම.රජයේ හමුදා නම් යුද්ද කරේ සාමය ඇති කරන්න තමයිනෙ.ඒත් එල්ටීටීඊයත් යුද්ද කරේ සාමය ඇති කරන්න කියන්නෙ ප්‍රභාකරන්වත් කිව්වෙ නැති රැවන් වැකියක්නෙ.ඔයාට කියන්න අකුදි,ඔයැයි එදා කියන තුරැ මං හිතාගෙන හිටියෙ එල්ටීටීඊය යුද්ද කරේ ඊළම දිනාගන්න කියලමනෙ.අම්මපා මගෙත් නොදැනුමක හැටි!බලාගෙන ගියාම කොටි දළදා මාළිගාවටයි,ශ්‍රී මහා බෝධියටයි ගහල තියෙන්නෙත් රටට සාමය උදා කරන්නනෙ.හරිනෙ ,කොටින්ට ඊළම හම්බවුණාම රටට සාමය උදා වෙනවනෙ .
දොස්තර රාමනාදන් අර්චුණා පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ ඔයැයි හමුදාවෙ ඈයින්ට රණවිරුවො කියන්න අකැමැති වුණාට ප්‍රභාකරන් නම් කොටින්ට රණවිරුවො කිව්ව කියල.අර්චුණා මොනව කිව්වත් ඔයැයි එදා කතාවෙදි යුනිෆෝම් අඳින කට්ටියට රණවිරුවො නොකීමෙ නම් කිසිම වැරැද්දක් නෑ ලොක්කා. කප්පම් ගන්න දෙමළ කොල්ලො පැහැර ගත්ත,දෙමළ කෙල්ලො දූෂණය කරපු ,දෙමළ මිනිස්සුන්ගෙ රත්තරන් උස්සපු එවුන්ටත් රණවිරුවො කියන්නෙ අහවල් දේකටද,නේද?හැබැයි ලොක්කා, ඡන්දෙට කලින් නම් ඔයැයිත් එයාලට කිව්වෙ රණවිරුවො කියලනෙ.ඇයි හමුදාවෙන් පැන්ෂන් ගිය කට්ටියට ඔයැයිල කිව්වෙ විශ්‍රාමික රණවිරු සාමූහිකය කියලනෙ.මැයි 19 වැනිදට පස්සෙ ඒක විශ්‍රාමික සොල්දාදු සාමූහිකය වුණැයි?ගණන් ගන්න එපා චීෆ්,නිදොස් කෙනෙක් මෙදියත නැත.
ඔයැයි මැයි 19 එන්නෙ නෑ කියල ආරංචිය ගියාට, පස්සෙන් පහු ආවනෙ.ආවට පස්සෙ ඔයැයිගෙ විදේශ ඇමති කිව්වනෙ කොහොමටත් එන්න තමයි හිටියෙ කියල.ඒ ගමනනෙ දුෂ්ට ජනතාව ඔයැයිගෙ නම නැති ආරාධනා පත්‍රය වයිරල් යවන්න ගත්තෙ.ඔය ගෝලබාලයින්ට කියන්න ලොක්කා හැම රෙද්දම හෝදන්න ලෑස්ති වෙන්න එපා කියල.ලැජ්ජයිනෙ.
ඒක නෙවෙයි.ඔයැයි නොඑන්න ඉඳල එන්න තීරණය කරාම,මම නම් හිතුව,අනේ නෑවිත් හිටිය නම් මීට හොඳයිනෙ කියල හිතෙන විදිහෙ කතාවක් ඇවිල්ල කරයි කියල.බලාගෙන ගියාම මටත් ඔයැයි ගැන හොඳ කියවීමක් තියෙනවනෙ!
මම,
මානි
ප:ලි; තව පොඩි කාරණයක් තියෙනව පැහැදිලි කරගන්න .අපි මීට පස්සෙ කොටින්ට ත්‍රස්තවාදීන් කියල කියන්නෙත් නැත?
- සුන්දර නිහතමානී ද මැල්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..