
නොඑන්න ඉඳල ආපු දවසෙ
මැයි 25 වැනිදා,
කොළඹදී .
ප්‍රිය අකුදි ,
හැමදාම මම ලියන දේවලට එබිකම් කරන බිරිඳ මේ ආමන්ත්‍රණය දැකල ඇහුව මැයි 19වැනිදට පස්සෙත් ඔයැයිට එයැයි ප්‍රියද කියල.මම කිව්වා ඇයි හලෝ හැටඅට ලක්ෂෙකට (සොරි,හැටඅට ලක්ෂෙ අඩුකිරීම විසිතුන් ලක්ෂෙකට )ප්‍රිය කෙනාව මටත් ප්‍රිය වුණාම මොකද කියල.
මැයි 19 වැනිදා තමයි නේද මෙයා දවස.සැප්තැම්බර්වල ජනාධිපතිවරණයක් දිනුව ,නොවැම්බර්වල මහා මැතිවරණයක් තුනෙන් දෙකෙන් දිනුව,මැයිවල පළාත්පාලන ඡන්දයක් දිනුව,හැබැයි මැයි 19 තමයි හැබෑම දිනිල්ල දිනුවෙ.ඒක තමයි අකුදිගෙ ට්‍රේඩ් මාක් දිනිල්ල.
තිස් අවුරැදු යුද්දෙ කරේ සාමය වෙනුවෙන් කීම තමයි බොලේ කීම.රජයේ හමුදා නම් යුද්ද කරේ සාමය ඇති කරන්න තමයිනෙ.ඒත් එල්ටීටීඊයත් යුද්ද කරේ සාමය ඇති කරන්න කියන්නෙ ප්‍රභාකරන්වත් කිව්වෙ නැති රැවන් වැකියක්නෙ.ඔයාට කියන්න අකුදි,ඔයැයි එදා කියන තුරැ මං හිතාගෙන හිටියෙ එල්ටීටීඊය යුද්ද කරේ ඊළම දිනාගන්න කියලමනෙ.අම්මපා මගෙත් නොදැනුමක හැටි!බලාගෙන ගියාම කොටි දළදා මාළිගාවටයි,ශ්‍රී මහා බෝධියටයි ගහල තියෙන්නෙත් රටට සාමය උදා කරන්නනෙ.හරිනෙ ,කොටින්ට ඊළම හම්බවුණාම රටට සාමය උදා වෙනවනෙ .
දොස්තර රාමනාදන් අර්චුණා පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ ඔයැයි හමුදාවෙ ඈයින්ට රණවිරුවො කියන්න අකැමැති වුණාට ප්‍රභාකරන් නම් කොටින්ට රණවිරුවො කිව්ව කියල.අර්චුණා මොනව කිව්වත් ඔයැයි එදා කතාවෙදි යුනිෆෝම් අඳින කට්ටියට රණවිරුවො නොකීමෙ නම් කිසිම වැරැද්දක් නෑ ලොක්කා. කප්පම් ගන්න දෙමළ කොල්ලො පැහැර ගත්ත,දෙමළ කෙල්ලො දූෂණය කරපු ,දෙමළ මිනිස්සුන්ගෙ රත්තරන් උස්සපු එවුන්ටත් රණවිරුවො කියන්නෙ අහවල් දේකටද,නේද?හැබැයි ලොක්කා, ඡන්දෙට කලින් නම් ඔයැයිත් එයාලට කිව්වෙ රණවිරුවො කියලනෙ.ඇයි හමුදාවෙන් පැන්ෂන් ගිය කට්ටියට ඔයැයිල කිව්වෙ විශ්‍රාමික රණවිරු සාමූහිකය කියලනෙ.මැයි 19 වැනිදට පස්සෙ ඒක විශ්‍රාමික සොල්දාදු සාමූහිකය වුණැයි?ගණන් ගන්න එපා චීෆ්,නිදොස් කෙනෙක් මෙදියත නැත.
ඔයැයි මැයි 19 එන්නෙ නෑ කියල ආරංචිය ගියාට, පස්සෙන් පහු ආවනෙ.ආවට පස්සෙ ඔයැයිගෙ විදේශ ඇමති කිව්වනෙ කොහොමටත් එන්න තමයි හිටියෙ කියල.ඒ ගමනනෙ දුෂ්ට ජනතාව ඔයැයිගෙ නම නැති ආරාධනා පත්‍රය වයිරල් යවන්න ගත්තෙ.ඔය ගෝලබාලයින්ට කියන්න ලොක්කා හැම රෙද්දම හෝදන්න ලෑස්ති වෙන්න එපා කියල.ලැජ්ජයිනෙ.
ඒක නෙවෙයි.ඔයැයි නොඑන්න ඉඳල එන්න තීරණය කරාම,මම නම් හිතුව,අනේ නෑවිත් හිටිය නම් මීට හොඳයිනෙ කියල හිතෙන විදිහෙ කතාවක් ඇවිල්ල කරයි කියල.බලාගෙන ගියාම මටත් ඔයැයි ගැන හොඳ කියවීමක් තියෙනවනෙ!
මම,
මානි
ප:ලි; තව පොඩි කාරණයක් තියෙනව පැහැදිලි කරගන්න .අපි මීට පස්සෙ කොටින්ට ත්‍රස්තවාදීන් කියල කියන්නෙත් නැත?
- සුන්දර නිහතමානී ද මැල්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
