
රණවිරුවො සොල්දාදුවො කිරීම සැලසුම් සහගත ප්‍රොජෙක්ට් එකක්...
රණවිරු දිනයට පසුදා ජනාධිපතිතුමාගෙ නිල ෆේස්බුක් ගිණුමෙ "සෙබළු " කියලා කීප සැරයක්ම රණවිරුවන්ව ආමන්ත්‍රනය කරනවා..
(ඒක ලියන්නෙ අනුර නොවන නිසා මම මුලින්ම හිතුවා ඒක ඒ ලියන එකාගෙ පෞද්ගලික සිතුවිල්ලක් කියලා)
ඊටපස්සේ රණවිරු සැමරුමට බලෙන් දක්කගෙන ගිය ජනාධිපතිවරයා තමන්ගෙ කතාවෙ කිසිම තැනක රණ විරුවො කියන වචනය නොකියන්න පරිස්සම් වෙනවා..
එදාම රෑ දෙරණ 360° ට එන විජිත හේරත්ගෙන් කලිඳු මේ පිළිබඳව විමසුවාම ඔහු රණවිරුවන්ව ආමන්ත්‍රනය කරන්නෙ " සොල්දාදුවන්" කියලා.
ඊටපස්සේ දවසෙ පාර්ලිමේන්තුවෙදි තාක්ෂණ ඇමතිද කවුද කියනවා " යුධ වැදුනු උතුරේ තරුණයන් සහ දකුනේ තරුණයන් දෙගොල්ලම මිය ගියා කියලා" ඒ කිසිම මොහොතක ඔවුන් රණවිරුවන් කියන වචනය පාවිච්චි කරේ නෑ. එමෙන්ම ඔහු සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීයාට සහ රණවිරුවන් සම තැන තියලා කතා කරා.
ඊයෙ පාර්ලිමේන්තුවෙ කතා කරපු තවත් මාලිමාවෙ මන්ත්‍රීවරියක් ( ඇත්තටම මට මාලිමාවෙ ඉන්න පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ නමි මතක නෑ. මම විතරක් නෙවේ ඒ අයව ඇඟේ හැප්පුනත් දන්නෙ නෑ කියලා ලාල්කාන්තත් කිව්වනෙ. නොකියා කිව්වෙ මේ රැල්ලට ආව පොල් කෝම්බ කියලා) " යුද්ධයෙන් පීඩා විඳින දකුණෙ සොල්දාදුවන්ගෙ අම්මලා වගේම උතුරෙ තරුණයන්ගෙ අම්මලත් දුක් විඳිනවා" කිව්වා.
කිසිම තැනකදි කිසිම විදියකින් රණවිරුවන් කියන වචනය නොකියන්න අනුර සහ ආණ්ඩුව උත්සාහ කරනවා.
එක්කො මේ අය ජනාධිපතිවරයාගෙ අදහස ආරක්ෂා කරන්න සාමුහික වගකීම රකින්න තමන්ගෙ හෘදසාක්ෂිය පාවලා දෙනවා. නැත්නම් සැලසුම් සහගතව රණවිරුවන් සොල්දාදුවන් කරන ප්‍රොජෙක්ට් එකක් යනවා. මට හිතෙන්නෙ ඕකෙන් දෙවෙනි එක වෙන්න තියෙන බර වැඩියි.
මෙතන තියෙන ගැටළුව " රණවිරුවන්" කියන වචනය නෙවෙයි. ආණ්ඩුවට මේ රටේ මිනිස්සු ගැන තියෙන සහකම්පනය සහ හැඟීම තමයි ඒ උද්දච්චකම ඇතුළේ තියෙන්නෙ.
ඉන්දියාවේ හින්දු ආගමික අගමැති මෝදි ජය ශ්‍රී මහා බෝධියට හිස තියලා නමස්කාර කරනකොට ලෝකෙ තියෙන එකම සිංහල බෞද්ධ රටේ ජනාධිපතිවරයා එතන අත් බැඳගෙන හිටගෙන බලාගෙන ඉන්නවා.
සියුම්ව නිරීක්ෂණය කරොත් මේ හැම දෙයක්ම එකිනෙකට බද්ධ වෙච්ච සිදුවීම්..
අනිත් එක රණවිරුවො, බෞද්ධාගම, රට, ජාතිය කියන්නෙ රාජපක්ෂලාගෙ බූදලයක් කියන මානසිකත්වයෙන් අනුරලා දැන්වත් මිදෙන්න ඕන. රාජපක්ෂලාගෙ තියෙන විශේෂත්වය රාජපක්ෂලාගෙ ලේ වල ඒ හැඟීම තිබුණා කියලා රටට, ජාතියට ආගමට වෛර කරලා වැඩක් නෑ.
දැන් ඔය සෙබළු කියන කටින්ම තමයි මීට මාස හය හතකට කලින් මැතිවරණ වේදිකාවල අනුරලා කට පුරවලා රණ විරුවො කිව්වෙත්. දැන් ඉන්න සහ විශ්‍රාමික සෙබළු බහුතරයක් චන්දෙ දැම්මෙ මාලිමාවට සහ අනුරට. එදා උන් රණවිරුවන් වෙන්නයි අද සාමාන්‍ය සෙබළු වෙන තරමටම අවස්ථාවාදී වෙන්න එපා.
ඊයෙත්, අදත්, හෙටත් රටේ සැබෑ ආරක්ෂකයන් වන සෙබළුන්ට රණ විරුවො කිව්වාට කටට පණුවො ගහන්නෙ නෑ. තමන්ගෙ යහපත වෙනුවෙන් නොව පොදු ජනතාවගෙ යහපත වෙනුවෙන් තම දිවි දෙවෙනි කොට සටන් කරපු නිසා තමයි උන් රණවිරුවො වෙන්නෙ. උන් පඩියට වැඩ කරපු සාමාන්‍ය සෙබළු නෙවෙයි.
මේ ඉස්සරහට එන ලොකු ඩයස්පෝරා ප්‍රොජෙක්ට් එකක ආරම්භය විතරයි. අනුරලා ආර්ථික වශයෙන් බිඳ වට්ටවන රට කවදා හරි ගොඩ ගන්න පුළුවන් වෙයි. ඒත් අනුර සහ ආණ්ඩුව සමාජීය වශයෙන් සහ සංස්කෘතිමය වශයෙන් බිඳ වට්ටන මේ රාජ්‍ය ගොඩනංවන්නට යලි කවදාවත් නොහැකි වේවි..
- නිලන්ත සත්සර ගමගේ ✍️
( සරත් ෆොන්සේකා හිරේ දානකොට උඹලාගෙ රණවිරු ගාය කොහෙද තිබ්බෙ වගෙ ගොං කමෙන්ටු මට අදාල නැත. මොකද එදත් ඒ වෙනුවෙන් මම විරුද්ධ වූ නිසාය. මගේ මතය වූයේ සරත් ෆොන්සේකා වරදක් කරා නම් ඔහුව වරදකරු කරාට කම් නැත එහෙත් ඔහුට එක දවසක්වත් ජම්පර් නොඅන්දවා ඔහුට ජනාධිපති සමාව දිය යුතුව තිබ්බා කියන මතයයි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
