රණවිරුවො සොල්දාදුවො කිරීම සැලසුම් සහගත ප්‍රොජෙක්ට් එකක්...
රණවිරු දිනයට පසුදා ජනාධිපතිතුමාගෙ නිල ෆේස්බුක් ගිණුමෙ "සෙබළු " කියලා කීප සැරයක්ම රණවිරුවන්ව ආමන්ත්‍රනය කරනවා..
(ඒක ලියන්නෙ අනුර නොවන නිසා මම මුලින්ම හිතුවා ඒක ඒ ලියන එකාගෙ පෞද්ගලික සිතුවිල්ලක් කියලා)
ඊටපස්සේ රණවිරු සැමරුමට බලෙන් දක්කගෙන ගිය ජනාධිපතිවරයා තමන්ගෙ කතාවෙ කිසිම තැනක රණ විරුවො කියන වචනය නොකියන්න පරිස්සම් වෙනවා..
එදාම රෑ දෙරණ 360° ට එන විජිත හේරත්ගෙන් කලිඳු මේ පිළිබඳව විමසුවාම ඔහු රණවිරුවන්ව ආමන්ත්‍රනය කරන්නෙ " සොල්දාදුවන්" කියලා.
ඊටපස්සේ දවසෙ පාර්ලිමේන්තුවෙදි තාක්ෂණ ඇමතිද කවුද කියනවා " යුධ වැදුනු උතුරේ තරුණයන් සහ දකුනේ තරුණයන් දෙගොල්ලම මිය ගියා කියලා" ඒ කිසිම මොහොතක ඔවුන් රණවිරුවන් කියන වචනය පාවිච්චි කරේ නෑ. එමෙන්ම ඔහු සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීයාට සහ රණවිරුවන් සම තැන තියලා කතා කරා.
ඊයෙ පාර්ලිමේන්තුවෙ කතා කරපු තවත් මාලිමාවෙ මන්ත්‍රීවරියක් ( ඇත්තටම මට මාලිමාවෙ ඉන්න පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ නමි මතක නෑ. මම විතරක් නෙවේ ඒ අයව ඇඟේ හැප්පුනත් දන්නෙ නෑ කියලා ලාල්කාන්තත් කිව්වනෙ. නොකියා කිව්වෙ මේ රැල්ලට ආව පොල් කෝම්බ කියලා) " යුද්ධයෙන් පීඩා විඳින දකුණෙ සොල්දාදුවන්ගෙ අම්මලා වගේම උතුරෙ තරුණයන්ගෙ අම්මලත් දුක් විඳිනවා" කිව්වා.
කිසිම තැනකදි කිසිම විදියකින් රණවිරුවන් කියන වචනය නොකියන්න අනුර සහ ආණ්ඩුව උත්සාහ කරනවා.
එක්කො මේ අය ජනාධිපතිවරයාගෙ අදහස ආරක්ෂා කරන්න සාමුහික වගකීම රකින්න තමන්ගෙ හෘදසාක්ෂිය පාවලා දෙනවා. නැත්නම් සැලසුම් සහගතව රණවිරුවන් සොල්දාදුවන් කරන ප්‍රොජෙක්ට් එකක් යනවා. මට හිතෙන්නෙ ඕකෙන් දෙවෙනි එක වෙන්න තියෙන බර වැඩියි.
මෙතන තියෙන ගැටළුව " රණවිරුවන්" කියන වචනය නෙවෙයි. ආණ්ඩුවට මේ රටේ මිනිස්සු ගැන තියෙන සහකම්පනය සහ හැඟීම තමයි ඒ උද්දච්චකම ඇතුළේ තියෙන්නෙ.
ඉන්දියාවේ හින්දු ආගමික අගමැති මෝදි ජය ශ්‍රී මහා බෝධියට හිස තියලා නමස්කාර කරනකොට ලෝකෙ තියෙන එකම සිංහල බෞද්ධ රටේ ජනාධිපතිවරයා එතන අත් බැඳගෙන හිටගෙන බලාගෙන ඉන්නවා.
සියුම්ව නිරීක්ෂණය කරොත් මේ හැම දෙයක්ම එකිනෙකට බද්ධ වෙච්ච සිදුවීම්..
අනිත් එක රණවිරුවො, බෞද්ධාගම, රට, ජාතිය කියන්නෙ රාජපක්ෂලාගෙ බූදලයක් කියන මානසිකත්වයෙන් අනුරලා දැන්වත් මිදෙන්න ඕන. රාජපක්ෂලාගෙ තියෙන විශේෂත්වය රාජපක්ෂලාගෙ ලේ වල ඒ හැඟීම තිබුණා කියලා රටට, ජාතියට ආගමට වෛර කරලා වැඩක් නෑ.
දැන් ඔය සෙබළු කියන කටින්ම තමයි මීට මාස හය හතකට කලින් මැතිවරණ වේදිකාවල අනුරලා කට පුරවලා රණ විරුවො කිව්වෙත්. දැන් ඉන්න සහ විශ්‍රාමික සෙබළු බහුතරයක් චන්දෙ දැම්මෙ මාලිමාවට සහ අනුරට. එදා උන් රණවිරුවන් වෙන්නයි අද සාමාන්‍ය සෙබළු වෙන තරමටම අවස්ථාවාදී වෙන්න එපා.
ඊයෙත්, අදත්, හෙටත් රටේ සැබෑ ආරක්ෂකයන් වන සෙබළුන්ට රණ විරුවො කිව්වාට කටට පණුවො ගහන්නෙ නෑ. තමන්ගෙ යහපත වෙනුවෙන් නොව පොදු ජනතාවගෙ යහපත වෙනුවෙන් තම දිවි දෙවෙනි කොට සටන් කරපු නිසා තමයි උන් රණවිරුවො වෙන්නෙ. උන් පඩියට වැඩ කරපු සාමාන්‍ය සෙබළු නෙවෙයි.
මේ ඉස්සරහට එන ලොකු ඩයස්පෝරා ප්‍රොජෙක්ට් එකක ආරම්භය විතරයි. අනුරලා ආර්ථික වශයෙන් බිඳ වට්ටවන රට කවදා හරි ගොඩ ගන්න පුළුවන් වෙයි. ඒත් අනුර සහ ආණ්ඩුව සමාජීය වශයෙන් සහ සංස්කෘතිමය වශයෙන් බිඳ වට්ටන මේ රාජ්‍ය ගොඩනංවන්නට යලි කවදාවත් නොහැකි වේවි..
- නිලන්ත සත්සර ගමගේ ✍️
( සරත් ෆොන්සේකා හිරේ දානකොට උඹලාගෙ රණවිරු ගාය කොහෙද තිබ්බෙ වගෙ ගොං කමෙන්ටු මට අදාල නැත. මොකද එදත් ඒ වෙනුවෙන් මම විරුද්ධ වූ නිසාය. මගේ මතය වූයේ සරත් ෆොන්සේකා වරදක් කරා නම් ඔහුව වරදකරු කරාට කම් නැත එහෙත් ඔහුට එක දවසක්වත් ජම්පර් නොඅන්දවා ඔහුට ජනාධිපති සමාව දිය යුතුව තිබ්බා කියන මතයයි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..