News Category
From Date
To Date
Maximum Number of Result

අපි හැමෝටම අමතක වූ ශ්‍රී ලංකාවේ සැබෑ නිදහස් දිනය..

May 22, 2025 at 01:29 PM
|

👉 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියලා කියනවා. ඔව් ලැබුණා තමයි. හැබැයි අපට 1948 සුද්දාගෙන් ලැබුණේ නාමික මට්ටමේ එහෙමත් නැත්නම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක්. 

👉 ඩොමීනියන් තත්ත්වය කියන එකේ සරල අර්ථය තමයි ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තය යටතේ පවතින ස්වයංපාලන ප්‍රදේශයක් මිස පූර්ණ ස්වාධින රාජ්‍යයක් නෙමෙයි කියන එක. එතකොට මේ ඩොමිනියන් නිදහස කියන එකේ ලක්ෂණ මොනවාද කියලා බලමු. 

👉 පළමු කාරණය තමයි මේ ඩොමීනියන් තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ  රාජ්‍ය නායකයා වුණේ එංගලන්තයේ රජු හෝ රැජිණ මිසක් ලංකාවේ කවුරුවත් නෙමෙයි.  

👉 ඒ අනුව එංගලන්ත රජුගේ නියෝජිතයා ලෙස එංගන්තයේ අනුමැතිය සහිතව අග්‍රාණ්ඩුකාරවරයෙකු පත් කරලා තිබුණා.  

👉 පාර්ලිමේන්තුවක් ලංකා‍වේ ක්‍රියාත්මක වුණත් අපේ මන්ත්‍රීවරු දිවුරුම් දුන්නේ එංගලන්ත රජුගේ නාමයෙන්. 

👉 මේ කාලේ පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත කරගත් පනතක් පවා නීතියක් බවට පත්වීමට නම් අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍යයි.

👉 මහජන ආරක්ෂණ පනත ක්‍රියාත්මක කරලා හදිසි නීතිය පනවපු අවස්ථාවලදී සේනාධිනායකයා වුණේ මේ කියන අග්‍රාණ්ඩුකාරයා. 1958 ජාතිවාදී කොලාහලය වගේ අවස්ථාවලදී අගමැතිටත් ඉහළින් ආණ්ඩුකාරයා කටයුතු කළ බව කියවෙනවා. 

👉 අද ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ මුදුනේ ඇති ධර්ම චක්‍රය වෙනුවට එදා තිබුණේ බි්‍රතාන්‍ය සංකේතවත් වන ඔටුන්නක්. 

👉 ඒ කාලේ අපේ පොලීසි හා හමුදා නිල ඇදුම්වල බි්‍රතාන්‍ය රාජ්‍ය ලාංඡනයත් ගහලා තිබුණා. ඒ කාලේ බාලදක්ෂ ව්‍යාපාරයේ අය දිව්රුම් දුන්නේ බි්‍රතාන්‍ය රජු හෝ රැජිණගේ නාමයෙන්. 

👉 එතකොට මේ කාලේ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මුළුමනින්ම පාහේ එක්සත් රාජධානිය අනුව ගිය එකක් මිස ස්වාධීන එකක් නොවෙයි.

👉 1948 සිට ක්‍රියාත්මක වුණ ව්‍යවස්ථාවත් අපට බි්‍රතාන්‍යයන් විසින්ම හදලා දීපු එකක්.  ඒ තත්ත්වය ඇතුළේ ලංකාවේ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන කිසිම ක්ෂේත්‍රයකට එක්සත් රාජධානියේ බලපෑමෙන් මිදී කටයුතු කරන්න පුළුවන් වුණේ නැහැ. 

👉 ඊළඟට මේ කාලේ ශ්‍රී ලංකාවේ අපරාධ නඩු සම්බන්ධව තීන්දු ගන්නා උපරිමාධිකරණය එහෙම නැත්නම් අවසාන අභියාචනාධිකරණය වූයේ එක්සත් රාජධානියේ ප්‍රිවි කවුන්සිලය. එතකොට මේ කාලේ අධිකරණ ඇමති විදිහට කටයුතු කළෙත් මහජන නියෝජිතයෙකු නොවන සෙනෙට් සභිකයෙක්.

👉 1962 සිරිමාවෝ මැතිනියගේ කාලේ ලංකාවේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් දියත් වුණා. එතකොට මේ කුමන්ත්‍රණයේ සැකකරුවන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වැරදිකරුවෝ කළා. හැබැයි මේ වරදකරුවන්ට එංගලන්තයේ ප්‍රිවි කවුන්සිලය මඟින් නිදහස ලබාදුන්නා. ඉතින් මේක ඒ කාලේ ලංකාවට අධිකරණ ස්වාධීනත්වයක් තිබුණේ නෑ කියන එක පිළිගන්න හොඳම අවස්ථාවක්. 

👉 ඒ වගේම ඒ කාලේ අපේ සිංහල භාෂාවට, බුදු දහමට හා දේශීයත්වයට කිසිදු තැනක් රටේ තිබුණේ නෑ. මේ කාලේ රටේ ඉහළ තනතුරු, බලතල වැඩි ප්‍රමාණයක් හිමි වෙලා තිබුණේ ඉංග්‍රීසීන්ගේ ආගම, භාෂාව, සංස්කෘතිය වැලඳගත් අයට. 

👉 ඒ වගේම මේ කාලය වෙද්දි කටුනායක ගුවන් තොටුපල, ත්‍රිකුණාමල වරාය හා ත්‍රිකුණාමලයේ නාවික කඳවුර තිබුණේ බි්‍රතාන්‍ය භාරයේ. මේ නිසාම අපේ රටේ පාලකයන්ගේ අනුදැනුමකින් තොරව මේ ස්ථාන යුද කටයුතු සඳහා භාවිත කිරීමට ඔවුන්ට නිදහස තිබුණා. 

👉 ඊළගට 1971දි ජවිපෙ මූලිකත්වයෙන් සන්නද්ධ අරගලයක් දියත් වූ මොහොතේ ඔවුන්ට එල්ල වූ චෝදනාව තමයි බි්‍රතාන්‍ය රැජිණට එරෙහිව කැරළි ගැහුවා කියන එක. 

👉 ඉතින් ඔන්න ඕක තමයි ඩොමීනියන් නිදහසේ තත්ත්වය. 

👉 ඊට අවුරුදු විසි හතරක් ගත වුණාට පස්සේ 1972 මැයි 22 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමගි පෙරමුනු රජය නව ජන රජ ව්‍යවස්ථාවක් සම්මත කරගන්නවා. ඇත්තටම ඒ ව්‍යවස්ථාවෙන් පසුව තමයි ලංකාව අර එංගලන්තය එක්ක තිබුණු බැදීම්වලින් නිදහස් වෙලා පූර්ණ ස්වාධීන ජනරජයක් බවට පත් වෙන්නේ. 

👉 හැබැයි ඊට කලින් 1956 සිදුවූ බල පෙරළියෙන් පස්සේ බණ්ඩාරනායක මහත්තයා අපේ ජාතික ස්වාධිනත්වයට අදාළ ක්‍රියාමාර්ග කීපයක් අරගන්නවා. 

👉 කටුනායක ගුවන් තොටුපල, කොළඹ වරාය හා ත්‍රිකුණාමලයේ බි්‍රතාන්‍ය යුද කඳවුරු රජයට පවරා ගැනීම, සංස්කෘතික අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම, එතෙක් රාජ්‍ය භාෂාව ලෙස පැවති ඉංග්‍රීසිය වෙනුවට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම, මේ අතරින් කීපයක්. 

👉 ඉතින් ඔය විදිහට මේ බණ්ඩාරනායක පාලන සමය තුළ රටේ ස්වාධිනත්වයට අදාළ යම් යම් තීරණ ගත්තාට පූර්ණ නිදහස කියන එක දිනාගන්න පුළුවන් වුණේ නෑ. 

👉 ඉතින් ඔහොම කාලය ගත වෙලා 1970 මහ මැතිවරණය එළැඹෙනවා. ඒ මැතිවරණයේදි සිරිමාවෝ මැතිනිය මැතිවරණ පොරොන්දුවක් විදිහටම කියපු දෙයක් තමයි අපිට තුනෙන් දෙකේ බලය ලබා දුන්නොත් ලංකාව පූර්ණ ස්වාධීන ජන රජයක් බවට පත් කරන, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා කියන එක. 

👉 ඉතින් ඒ මොහොතේ රටේ ජනතාව ඒක ඉහළින් පිළිගත්තා. ඒ අනුව 1970 මැයි 27 වැනිදා පැවති මහ මැතිවරණයේදී ආසන 168න් 116ක්, ඒ කියන්නේ තුනෙන් දෙකේ බලයක් සමගි පෙරමුණට හිමි වෙනවා.

👉 ඒ අනුව තමයි ඊට වසර දෙකකට පස්සේ 1972 මැයි 22 වැනිදා නව ජන රජ ව්‍යවස්ථාව සම්මත වෙලා ලංකාව පූර්ණ ස්වාධීන ජන රජයක් වෙන්නේ. 

👉 ඉන්දියාව 1947 අගෝස්තු 15 වැනිදා ඩොමීනියන් නිදහස ලබාගත්තා. ඊට අවුරුදු තුනකට පස්සේ 1950 ජනවාරි 26 වැනිදා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. 

👉 බුරුමය 1947 පෙබරවාරි 12 ඩොමීනියන් නිදහස ලබාගත්තා. ඊට අවුරුද්දකට පස්සේ 1948 ජනවාරි 6 වැනිදා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. 

👉 හැබැයි ලංකාවට මේ පූර්ණ ස්වාධීන රාජ්‍යයක තත්ත්වය දිනාගන්න 1948 ඉදන් 1972 දක්වා අවුරුදු විසි හතරක දිග කාලයක් ගත වුණා. 

👉 ඉතින් මේකට හේතුව ඇහුවොත් මේකට හේතුව වෙන මුකුත් නෙමෙයි අපේ දේශපාලනඥයන් අතර තිබූ කුලල් කා ගැනීම, පොදු ජාතික වැදගත්කමක් තියන දෙයක් වෙනුවෙන්වත් එකට එකතු වෙන්න බැරි වුණ එක. 

👉 හැබැයි ඉන්දියාව වගේ රටවල අපටත් වඩා වාද බේද බෙදීම් තිබුණත් ඔවුන් පොදු ජාතික අරමුණුවලදී එක රටක් එක ජාතියක් විදිහට කල්පනා කරලා තීන්දු තීරණ ගත්තා. 

👉 මේ අනුව ඔබට පැහැදිලි ඇති අපේ සැබෑ නිදහස් දිනය පෙබරවාරි හතර නොවෙයි මැයි විසි දෙක විය යුත්තේ ඇයි කියන එක. 

👉 ඇත්තටම 1972 ලංකාව ජන රජයක් බවට පත්වූ දිනය අපි අපේ නිදහස් දිනය ලෙස සමරපු කාලයක් තිබුණා. 

👉 ඒ තමයි 1972 සිට 1977 දක්වා ගත වූ කාලය. ඒ කාලේ පෙබරවාරි 4 නොවෙයි මැයි 22 තමයි අපේ ජාතික නිදහස් දිනය විදිහට අපි සැමරුවේ. 

👉 හැබැයි 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට ඒමෙන් පසුව ජේආර් තමන්ගේ අධිරාජ්‍ය ගැති බව ප්‍රකට කරමින් නැවත අපේ නිදහස් දිනය 1948 පෙබරවාරි හතර බවට පත් කරනවා. 

👉 මේ නිසාම අදටත් අපි හුග දෙනෙකුට විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාවට මේ ජනරජ දිනය හා එහි වැදගත්කම ගැන වැඩි අවබෝධයක් නැහැ. 

👉 ජන රජ දිනයේ වැදගත්කම කියන එක අපේ ඉතිහාසයෙන් සැගවී ගිය කාරණයක්. 

ඉසුරු ප්‍රසංග 

(ඡායාරූපයේ දැක්වෙන්නේ 1972 මැයි 22 වැනිදා ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ අවස්ථාවය.)

සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.