ෆොන්සේකා පාවිච්චි කිරීම..
2010 ජනාධිපතිවරණය එවකට විපක්ෂයට මුහුණ දෙන්න අපහසුම වූ මැතිවරණවලින් එකක්.
30 වසරක ත්‍රස්තවාදී ම්ලේච්ච යුද්ධය අවසන් කරලා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ වනවිට දේශපාලන ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිටියේ.
ලබන්නට නියමිත නියත පරාජය හමුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිවරණය මග හරින්න විදියක් සොයමින් හිටියෙ.
කොහොමත්ම ජනාධිපතිවරණය තමන්ට මුහුණ දෙන්න අමාරුම මැතිවරණය වන ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ඊටත් වඩා අර්බුධයක...
2005 කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය,පරාජය කළ හැකිය කියන මතය සමාජගත කරමින් ජන මනස් වල ඉහලින් හිටපු ජවිපෙ 2008-2009 වෙනකොට යුද්ධයේ කකුලෙන් ඇදලා එය පරාජය වේයැයි ප්‍රාර්ථනා කරමින් ඉන්න තැනට දේශපාලනිකව විතැන් වෙලා හිටියේ..
යුද්ධයේ අවසාන මොහොතේ විපක්ෂය සමග එකතු වෙලා අයවැය පරාජය කරලා ආණ්ඩුව වට්ටලා , රට පුරා වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරලා ආණ්ඩුව බිද වට්ටන්නත් දරපු උත්සාහය වියර්ථ වුනේ නැත්නම් බොහෝ දුරට අද යුධ ජයග්‍රහණයක් සමරන්න නොලැබෙන්න තිබුනා.ඒ වෙනුවට තවමත් සිය දහස් ගණනින් මරා ගන්න යුද්ධයෙන් රටම ගිනිගනිමින් තියෙන්න ඉඩ තිබුනා..
2010 වෙද්දි එජාපය කොයි තරම් එපා වෙලා හිටියද,ජවිපෙ ඊට සමානව ඔවුන්ට යන්තම් හරි චන්දයක් තිබූ ප්‍රදේශවලින් ප්‍රතික්ෂේප වෙමින් තිබුනෙ.
ඒ අසීරු මොහොත පන්නගන්න ඔවුන්ට අපූරු පිලිතුරක් කවුරුන් හෝ හොයල දීලා තිබුනා.
ඒ යුද්ධයේ යුධහමුදාව මෙහෙයවපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා.
ඔහු ඒ වෙද්දි සේනාධිනායකයගෙන් බිදවලා ඒ කටයුත්තට ඒ වෙද්දිම සූදානම් කරල තිබුනෙ.
ජනතා විමුක්ති පෙරමුණ ෆොන්සේකාගේ හමුදා ඇදුමට මුවා වෙලා ඒ අසීරු දේශපාලන මොහොත පන්නගත්තා.
ෆොන්සේකා මහතා චන්ද ලක්ෂ 20කින් පරාජය වුනා...පරාජයෙන් ටික කලකට පසුව ජවිපෙ ලාල් කන්ත වැනි අය තහවුරු කළා ෆොන්සේකා දානකොටම ඔහු පරාජය වෙන බව ඔවුන් දැන සිටියා කියලා...
ඒ අතීත කතාව...
මේ වර්තමාන කතාව.
රණවිරු විජයග්‍රහණ සැමරුම ජවිපෙ 2009 ඉදලම නොයෙක් නොයෙක් හේතු දක්වමින් මග හරිමින් ආවේ.
මෙවරත් ජනාධිපතිවරයා රණවිරු විජයග්‍රහණ සැමරුම ට සහභාගී නොවන බව ප්‍රසිද්ධියේ කියලා දැන් නැවත සහභාගී වන බව කියනවා.
ඒ ඒ ගැන සමාජ මාධ්‍යවලින් පටන් ගත්ත පසුව හැම තැනටම විහිදිලා ගිය දැඩි විරෝධයක් එල්ල වුනාට පස්සෙ..ඔවුනට චන්දය දුන් කොටස් පවා එයට විරෝධය පළ කළා. යුධ ජයග්‍රහණයෙන් දේශපාලනිකව අවතැන් වුනු (ජවිපෙ වචනවලින්ම කිව්වොත් ) ද්‍රෝහී රාජ්‍ය නොවන කල්ලි වල මතයට අනුව මෙහෙයවෙන කොටස් පමණක් එය ජයග්‍රහණ සැමරුමේ තීව්‍රතාවය අඩු කරන ඉදිරිගාමී පියවරක් විදියට අගය කරමින් සිටියා..
කෙසේ හෝ අද ජනාධිපතිවරයා විජයග්‍රහණ සැමරුමට සහභාගී වෙනවා.ඒ සරත් ෆොන්සේකා ඉදිරියෙන් තබාගෙන බව ඔහු අද මාධ්‍ය වෙත දක්වපු අදහස්වලින් පේනවා. අද බොහෝ විට ජනාධිපතිවරයාගේ කතාව සරත් ෆොන්සේකා
වටා කැරකෙන්න ඉඩ තිබෙනවා..
මේ 2010 ජනධිපතිවරණයේදී කළ දේම නැවත සිදු වීමක් නෙවෙයි ද??
- යටියන ප්‍රදීප් කුමාර
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..