බොරු ගොතා කඩුවෙල මහේස්ත්‍රාත්වරිගේ චරිතය ඝාතනය කිරීම...
කඩුවෙල මහේස්ත්‍රාත්වරිය සම්බන්ධ කතාව මුළුමනින්ම ගොතන ලද්දක් බව තතු දත් අය පවසනවා.
ඇය නිල මැදිරියේ වැඩබලන මහෙස්ත්‍රාත් වරයෙක් සමග ලිංගිකව හැසිරුණා කියන්නේ කැලෑ පත්තර ගැසීමට ප්‍රසිද්ධියක් උසුලන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය. එහෙම සම්බන්ධයක් තිබුණත් ඒ වැඩේ කරන්න සෙනග එන යන තව සේවකයන් ඉන්න මහේස්ත්‍රාත් නිල මැදිරිය තෝරා ගන්නේ නැහැ. ඒවාට පෞද්ගලික තැනකට යනවා මිසක්. නඩු කාරයෝ කියන්නේ ඕකට විතරක් මොළේ නැතිව වැඩ කරන අය නෙමෙයි. මෙතැන ජනතාව නොමග යවන්න ගහපු තුරුම්බුව තමයි සේවකයෙක් වීඩියෝ කරලා කියන එක. ඒකත් අමු බොරුවක්. වීඩියෝ කරන්න දොර ජනෙල් ඇරගෙන ඔය වැඩේ කරන්නේ නැහැ. මෙය අසත්‍ය මුසු ගොතන ලද කතාවක් බව හරි පැහැදිලියි.
නමුත් මේ රටේ හරකුන්ට ඕන බොරුවක් කරතියාගෙන දුවන්න ඇති රාජපක්ෂ කෙනෙක් ගාවල තියෙන එක. ඊ නිවුස් මඩ පත්තරකාරයා එම ලිපියේ ඊට අවශ්‍ය නිලය හරියටම අල්ලලා තියෙනවා. ඒ තමයි යෝෂිත රාජපක්ෂට අදාළ නඩු දෙකක් මුලින් ඇහුවේ මේ කඩුවෙල උසාවියේ කියන එක. එහෙම නම් ඉතිං මහේස්ත්‍රාත්වරිය ලිංගිකව හැසිරුණා කියන එකත් මුන්ට බොරු වෙන්න බෑ.
සාමාන්‍යයෙන් මෙවැනි චෝදනාවක් ආවම අධිකරණ සේවා කොමිසම කරන්නේ මහේස්ත්‍රාත්වරියගේ වැඩ තාවකාලිකව අත්හිටවලා පරීක්ෂණයක් පවත්වන එක. දැන් ඒක වෙනවා. මේ බොරුව වැඩිකල් නොයා මහේස්ත්‍රාත්වරිය නිදොස් කොට නිදහස් වෙන බව පැහැදිලියි. හැබැයි මේ රටේ අවිචාර මිනිසුන් නිසා ඇගේ විනාස වූ චරිතයට සාධාරණයක් ඉටු වෙන එකක් නෑ. දැන් ඒ හානිය වෙලා ඉවරයි.
- රත්තනදෙණියේ මේධානන්ද හිමි -
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..