News Category
From Date
To Date
Maximum Number of Result

හෙලිකොප්ටර් කඩා වැටීම සහ නිසි පුහුණුවේ ඇති වැදගත්කම..

May 11, 2025 at 09:02 AM
|

මම කාලයක් වැඩකරේ Oil & gas ෆීල්ඩ් එකේ. ඒකෙත් වැඩිපුරම වැඩ කරේ මුහුද මැද තියෙන ඔයිල් ඇන්ඩ් ගෑස් ප්ලැට්ෆෝම් (offshore oil and gas platforms) වල. අපි ඒවට යන්න ගොඩක් වෙලාවට භාවිතා කරේ හෙලිකොප්ටර්. ඔය හෙලිකොප්ටරේකට පළමු වතාවට ගොඩවෙන්න කලින් අපි බෝසියැට් (BOSIET - Basic Offshore Safety Induction and Emergency Training ) කියලා ට්‍රේනිං එකක් කරන්න ඕන. ඒකෙදි ගිනි නිවීම, මුහුදේ නොගිලී නොමැරී සිටීමේ ක්‍රම සහ හෙලිකොප්ටරයක් වතුරට කඩා වැටුනොත් බේරෙන විදිය කියලා දෙන HUET ( Helicopter Underwater Escape Training) කියන පුහුණු වීම් කලයුතු වෙනවා. ඒකෙනුත් ඔය HUET ට්‍රේනිං එක ටිකක් අමාරු වගේම ඉතාම වැදගත් එකක් වෙනවා.

HUET ට්‍රේනිං එකේදි කරන්නෙ හෙලිකොප්රයක් විදියටම සෑදූ ආකෘතියකට  ට්‍රේනිං වෙන අයව ඇතුල් කරලා සේෆ්ටි ගියර්ස්, විශේෂයෙන්ම ලයිෆ් ජැකට් එකක් එක්ක  අදාල කවරෝල් ඇඳලා හෙලිකොප්ටරයක යනවා වගේම වාඩිවෙලා සීට් බෙල්ට් දාලා වතුරට අතාරිනවා. 

වතුරට වැටෙනකොට අපි සීට් බෙල්ට් එකේ බක්ල් එකට එක අතකුත් අනික් අත ජනේලයටත් තියාගන්න ඕන. බෙල්ට් එකේ බක්ල් එක හදලා තියෙන්නෙ එක පාරකින් ඇරෙන විදියට. සෑම හෙලිකොප්ටර ජනේලයක්ම හදලා තියෙන්නෙ එක අතකින් තල්ලු කරාම ජනේලෙ ගැලවිලා යන විදියට. මේක අනිවාර්‍ය සේෆ්ටි අංගයක්. 

ඔය පුහුණුවෙදි අපිට කියනවා වතුර පපුවේ මට්ටමට ආවහම හොඳ හුස්මක් අරං ඒක අල්ලං ඉඳලා ඔළුව වතුරේ යටට ගියාම 7ට යනකං ගණින්න කියලා. මෙහෙම කියන්න හේතූවක් 2ක් තියෙනවා. පලවෙනි එක තමා හෙලිකොප්ටරයක එන්ජිම සහ අවරපෙති (propeller - rotating blades) තියෙන්නෙ වහලේ නිසා වැඩි බරක් සහිත කොටස තමා ඒක. ඒ නිසා වතුරට වැටුනාම හෙලිකොප්ටරය යටිකුරු වෙන්න පුලුවන් (capsizing). එහෙම වෙනවනං ඒක වතුරට වැටිලා ඉක්මනින්ම වෙනවා. එහෙම උඩ යට කැරකිලා අවසන් උනාම පලමුව සීට් බෙල්ට් එකේ බල්ක් එක ඇරලා දෙවනුව ජනේලේ තල්ලු කරලා ඇරලා ජනේලෙන් එලියට එන්න ඕන. ඇවිත් ලයිෆ් ජැකට් එක පිම්බෙන නූල ඇඳලා වතුරෙන් උඩට එන්න පුලුවන්. කිසිම වෙලාවක හෙලිකොප්ටරය තුලදි ලයිෆ් ජැකට් එක පුම්බගන්න හොඳ නෑ. එහෙම උනොත් හෙලිකොප්ටරය ඇතුලේ හිරවෙලා ඒකත් එක්කම ගිලිලා යන්න පුලුවන්.

දෙවෙනි කාරණේ තමා හෙලිකොප්ටරය යටිකුරු උනේ නැතත් වතුරට වැටිලත් අවරපෙති කැරකෙන්න පුලුවන්. වතුරට වැටුන ගමන් එලියට ආවොත් ඔලුව නැතුව තමා වතුරෙන් උඩට එන්න වෙන්නෙ. හැබයි වතුරේ ප්‍රතිරෝධය නිසා තප්පර කීපෙකදි පෙති නවතිනවා. ඊට පස්සෙ ආරක්ෂිතව උඩට එන්න පුලුවන්. අපිට පුහුණුව දෙන්නෙ ආකෘතියක නිසා අවස්ථා දෙකකදි වතුරට දානවා. පලවෙනි එක යටිකුරු නොවී එලියට එන්නත් දෙවෙනි එක යටිකුරුවීමකදි එලියට එන්නත් පුහුණු කරන්න.

සාමාන්‍යයෙන් මේ පුහුණුව එක පාරක් කරාම හැමදාටම වලංගු නෑ. අවුරුදු කීපෙකට සැරයක් කරන්න ඕන. ඒවගේම එක රටක එකක් තව රටකට වලංගුත් නෑ. මං අවුරුදු 7කට ආසන්නව offshore oil and gas platform  වල වැඩකරපු කාලේ ඔය පුහුණුව තුන් පාරක් කරා. 

මේ සටහන ලියන්න මූලික හේතුව උනේ ඊයේ ලංකාවේ සිද්දවුන හෙලිකොප්ටර අනතුර. ඒ අනතුරේදිත් යානය වැටිලා තිබ්බෙ ජලාශෙකට. ඒවගේම අනතුරින් පසුව සමහර සෙබලුන් මුදවාගන්න දිය යට කිමිදිලා සීට් බෙල්ට් කපන්න උනා කියලා දැක්කා. ඒක හරිම කණගාටුදායක තත්වයක්. එහෙම වෙන්න බලපාපු කාරණා මොනවද කියලා අපි තවම දන්නෙත් නෑ.

ඒ වගේම අපි කොච්චර පුහුණු උනත් ප්‍රායෝගිකව ඒ පුහුණුව ක්‍රියවේ යොදවන එක ලොකු අභියෝගයක්. පුහුණුවක් වෙලාවකදි අපි දන්නවා වෙන්න යන්නෙ මොකක්ද කියලා. ඒත් අපි හෙලිකොප්ටරේක යද්දි කඩා වැටීම කියන්නෙ බලාපොරොත්තු නොවන අවස්තාවක්. එතනදි අපි ප්‍රථිචාර දක්වන විදිය ගොඩක් වෙනස්. හැබැයි නිසි පුහුණුවක් ලබලා තිබීම හොඳ ප්‍රතිචාරයක් දක්වන්න අනිවාර්‍යෙන්ම උදව් වෙනවා.

(මුහුණු පොතෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.