ඇමති පෝල්රාජ්ට උත්තරයක්..
දැරියක් දූෂණය වී පසුව දිවිනසාගත් සිදුවීම සම්බන්ධයෙන් ඇමතිනි සරෝජා සාවිත්‍රි පොල්රාජ් විසින් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශය ගැන සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි විරෝධයක් මතුව තිබේ.
පහත දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් මුහුණුපොතේ සදහන්ව තිබූ සටහනකි..
අති උතුම් ළමා කටයුතු ඇමති පෝල්රාජ්,
පුංචි දැරිවියක් ගුරෙක් අතින් දූෂණය වෙනව...ඒ ළමයට පාසලෙන් අස්වෙන තැනට වැඩ සිදු වෙනව...ඒ ළමයව ටියුෂන් පංතියකදි තව ගුරෙක් ලැජ්ජ කරල අසරණ කරනව...මානසිකව වට්ටනව...මේ පුංචි කෙල්ල වේදනාව දරාගන්න බැරුව තට්ටු හයකින් බිමට පැනල මැරෙනව...
මොන කරුම රටක්ද මේ...
මොන මිනිස්සුද මේ රටේ ඉන්නෙ...
ඒකට ළමා හා කාන්තා කටයුතු ඇමතිගෙ උත්තරේ මොකක්ද ?
පෙත්සමක් ලියාගෙන එන්න කිව්වලු...
මේක මේ ළමයෙක් ඉස්කෝලෙකට ගන්න බෑ කීව වගේ ප්‍රශ්නයක්ද ?
පුංචි ළමයෙක්ට මෙහෙම දරුණු අපරාධයක් වුණාම පෙත්සම් ලියාගෙන දෙමව්පියන් තමන්ගෙ ලඟට එන්න ඕනෙ නෑ නෝනේ...
මම නං ඇමති මම යනව දෙමව්පියන්ගෙ කකුල් දෙක ලඟට...මේ මහ වැරැද්ද කරපු කාලකණ්ණින්ට පණිවිඩයක් දෙනව අපි ඉන්නෙ මැරුණත් ළමය ලඟ මිසක් තොපි එක්ක නෙවෙයි කියල...ජනතා නියෝජිතයො කියන්නෙ එහෙම මිනිස්සු...
නෙද්දකින් ඔබතුමියන් වගෙ ඇමතිල...
ලැජ්ජයි !
-ලක්මාල් කුලසේකර


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..