News Category
From Date
To Date
Maximum Number of Result

♦️|පානදුර වාදයේ ජයග්‍රහණ මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට් මෙහෙයුම|♦️

Apr 22, 2025 at 07:51 PM
|

නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප‍්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප‍්‍රිය මතවාදයට එහා ගිය ගවේෂණාත්මක අනාවරණයක් ඒ සෑම කෘතියකම පාහේ අඩංගුය. ඔවුන්ගේ සුසංයෝගයෙන් ගොඩගේ ප‍්‍රකාශකයන් ලෙස පළ කළ නවතම කෘතිය පානදුර වාදයේ ජයග‍්‍රහණය මිෂනාරීන්ට පාවා දුන් ඕල්කොට් මෙහෙයුම යි. මේ එහි කතුවරයක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දියෙකු වන නාරද කරුණාතිලක මහතා සමග වටමඩල කළ සාකච්ඡුාවයි. ⭕. අපි දන්නවා එක්දාස් අටසිය හැට හැත්තෑ ගණන්වල බෞද්ධ යතිවරුන්ට පංචමහා වාදයක් කරන්නට සිදු වූ බව. ඉන් අවසන් වාදය වන පානදුරාවාදය ජාත්‍යන්තර වශයෙන් පවා විශේෂ අවධානයකට පාත‍්‍ර වෙනවා. මෙම පංචමහා වාදවලට පාදකවූ පසුබිම කුමක්ද ? වාදය කියන්නෙ ඉන්දියාවේ පැවති බොහෙම ප‍්‍රසිද්ධ සටන් ක‍්‍රමයකටයි. බුදුසසුන ගොඩනැංවු භික්ෂු භික්ෂුණින් අදහස් ප‍්‍රකාශ කරන්න වාදය ප්‍රෙයා්ජනයට ගත් අවස්ථා එමටයි. කුණ්ඩලකේශී නමැති ජෛන භික්ෂුණිය බුදුසසුනට එක්වෙන්නේ වාදයක් හින්දයි. මේක ලේ කෝප කරගෙන දාඩිය මුගුරු දාගෙන කරන දෙයක් නොවෙයි වාදයේදී තර්කයයි වැදගත් වෙන්නෙ. නමුත් ‘මේක අලිය ගිනි පෙට්ටිය නෙමේ හාමුදුරුවනේ අලි දෙන්නනෙක් ඉන්න ගිනිපෙට්ටිය’ වැනි තර්කවලට අවකාශ ලැබුනේ නැහැ. යුදෙව් ක‍්‍රස්තියානි හෝ ඉස්ලාම් සමාජයන්හි මෙවැනි දෙයක් පැවතුනේ නැහැ. මුද්‍රණ කර්මාන්තයේ දියුණුව පොත පත ප‍්‍රකාශවීම හා බටහිර සමාජයේ වෙනස්වීම සමග එම සමාජවලත් ප‍්‍රතිනාදියා කියන දේට කන්දිමේ සිරිත ඇති වුණා. මිෂනාරීන් ලංකාවේ තම ආගම් ප‍්‍රචාරය කරන්න පුළුවන් හැම උපක‍්‍රමයක්ම යොදාගත්තා ඉස්සර ඉඳලම. ඔවුන් ඒ කාලේ පාවිච්චි කළ එක් උපක‍්‍රමයක් තමයි සමාජයේ මහත් පිළිගැනීමට ලක්වෙලා හිටිය භික්ෂු පරපුර නින්දාවට ලක් කිරීම. ඒ සඳහා එක් උපක‍්‍රයක් හැටියට තමයි භික්ෂුන් වහන්සේලාව වාද කරලා පරාජය කිරීමට හිතුවෙ. ඔය වෙනකොට අපේ රට බොහෝම පරාදීන කාලයක් පහුකරලයි තිබුණෙ කියන කාරණෙත් මෙතනදි හිතේ තියාගන්න ඕන. මිෂනාරීන් කළ එක් දෙයක් තමයි බෞද්ධ සංකල්ප හාස්සයට ලක්කිරීම. ඔවුන් ලෝක ගෝලය පෙන්නලා කෝ ඔය කියන, තව්තිසාව, අපාය, මහාමේරුව වගේ ප‍්‍රශ්න අහනව. ඒ වගේම ලෝකේ විවිධ කලාපවල වෙලාවෙ වෙනස්කම් පෙන්නනව. මේවාට උත්තර දෙන්න බොහෝ අයට දැනුම තිබුණේ නෑ. ඇත්තටම ඒ කියන ඇතැම් ප‍්‍රශ්නවලට උත්තර පැරණි පොතපතේ තිබුණත් ඒවා නිවැරදිව එක්තැන් කරගෙන පිළිතුරු දෙන්න හැකියාව ඇති අය හිටියෙ නෑ. ඔය විදිහට හාමුදුරුවරුන්ව අපහසුතාවට පත් කරන්න බද්දේගම විහාරස්ථානයකදි පොඩි හාමුදුරුවරුන් එක්ක තර්කයට ගිය මිෂනාරි කණ්ඩායමක් නිසා තමයි ප‍්‍රසිද්ධ වාද ඇතිවෙන්න මුල පිරුණෙ. මිගෙට්ටුවත්තේ හාමුදුරුවො පැරණි වාද සම්ප‍්‍රදාය පිළිපදිමින් සත්‍යවාදී තර්ක පමණක් භාවිතා කරමින් ජයග‍්‍රහණය ලැබුවා. උන්වහන්සේට බයිබලය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. බටහිර පළවුණු පොතපත පරිශීලනය කරල ලබපු දැනුම තිබුණා. ඒ නිසා මිෂනාරීන්ව පරදවන්න පුළුවන් වුණා. පංචමහා වාද මගින් ප‍්‍රකාශවෙන කාරණා ගණනාවක් තියෙනව. ඒ අතරින් ඉතාම පැහැදිලිව පෙනෙන්නෙ සිංහල බෞද්ධයින් යටත් විජිත පාලනයට දැක්වු අකමැත්ත හා නිදහසට දැක්වු කැමැත්තයි. බිතාන්‍යය පාලනයට යටත්වී හිටියත් ඔවුන් සතුවු ආත්ම ශක්තිය එමගින් පැහැදිලි කෙරෙනව. සංහාර හා පීඩනවලට පත්ව සිංහල බෞද්ධ පාලනය අහිමි වී ගියත් සිංහල බෞද්ධයන්ගේ සම්ප‍්‍රදායික දැනුම හා ඥානය ඔවුන් සමග පැවතුන බව වාද නිසා හෙළි වෙනව. ⭕. මේ පංචමහා වාද අතරින් 1873 පැවති පානදුරාවාදය බෞද්ධයන්ට සුවිශේෂ වන්නේ ඇයි? ජාතියක් වශයෙන් ඉන් අප ලැබූ ජයග‍්‍රහණ මොනවාද? යුරෝපීන්ගේ හිංසාව පිඩාව හා බලයට යටවී හිටියාට සිංහල බෞද්ධයා කියන්නෙ අභිමානවත් මනුස්සයෙක් බව බොහොමයක් සිංහලයින් තේරුම් ගත්තෙ පානදුරා වාදයෙන් පසුවයි. ඒ අභිමානය හා උරුමය වටහා ගැනීම තමා බෞද්ධයා ලැබු ලොකුම ජයග‍්‍රහණය. ඒ ජයග‍්‍රහණයෙන් සිංහල බෞද්ධයාගේ විනාශයට හේතුව වුණා. අතට අහුවන හැම දෙයක්ම විමර්ශනය හා විශ්ලේෂණය යුරෝපය බලවත් වෙන්න ප‍්‍රධාන හේතුවයි. අප විසින් නොකරන එම ක‍්‍රයාව ඔවුන් විසින් පානදුරාවාදයේ පරාජය පිළිබඳවත් සිදු කළා. පානදුරා වාදය අධ්‍යනය කරද්දි සිංහල බෞද්ධයාගේ ප‍්‍රමාණය කුමක්දැයි ඉතා නිවැරදිව සොයා ගන්න යටත් විජිතය පවත්වාගෙන ගිය උගත්තු සහ මිෂනාරින් සමත් වුණා. ඔවුන් කළ යුතු වුයේ ඒ ප‍්‍රමාණය මරා දැමීමයි. සිංහල බෞද්ධයාව විනාශ කිරිමට උපාය මාර්ග සෙවු ඔවුන් ඊට භාවිතා කරපු එක උපායක් තමා උපාය දුතයෙක් යෙදවීම. මෙවැනි උපාය දූතයින් යෙදවීම ලෝක සංග‍්‍රාම කාලවල විශේෂයෙන්ම බි‍්‍රතාන්‍යයින් භාවිතා කරල තියෙනවා. වියට්නාම් යුද්ධයෙන් පසුව ඇමරිකාවෙ හොලිවුඕකාරයො හදපු ‘රම්බෝ’ වැනි චිත‍්‍රපටි වලින් කියන්නෙත් මෙවැනි උපාය දූතයින් ගැන තමා. ⭕. ඕල්කට් පැමිණ පරම විඥානාර්ථ සමාගම පිහිටුවාගෙන එම ජයග‍්‍රහණයන් සැලසුම් සහගතව වෙනතකට හැරවුයේ කෙසේද ? ඔබලා මෙය හදුන්වන්නේ ඕල්කට් මෙහෙයුම වශයෙන්. මේ මෙහෙයුම පිලිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද ? පෘතුගාලයේ මනුවෙල් රජ්ජුරුවො ප‍්‍රැන්සිස්කෝද අල්මේදා නැමැති වංශාධිපතියා ඉන්දියාවේ ප‍්‍රතිරාජයා වශයෙන් පත්කෙරුවා. ඔහු නියෝජිතයෙක්. ඕල්කොට් ඉන්දියාවට එවපු කෙනෙක් පෙනෙන්න නැහැ. ආවෙ ඇයි කියල කිසිම කෙනෙක් දන්නෙ නැහැ. සමහර ඕල්කොට්වාදින් ඔහු ඇමරිකාවේදි ෙ:රවාදි බුදුදහම ඉගෙන ගත්ත සිංහල බෞද්ධයන්ගේ උපකාරයට ලංකාවට ආව ආදි රැවටිලි කතාන්දර ගොතල තියෙනව. ඒවා අමු පච. ඕල්කොට් තමිල්නාඩුවේ අද්යර්හි සමාගමේ මුලස්ථානය පිහිටුවල ලංකාවට පැමිණ බෞද්ධයෙක් වශයෙන් රඟපෑමක් කෙරුව. ඉන්දියාවෙදි ඔහු හින්දු බැතිමතෙක් විදියට රඟපෑව. ඔහු සුදු මිනිහෙක් නිසා හැමෝම රැවැටුණා. සිංහල බෞද්ධයා ශක්තිමත් කිරීමට ඉංග‍්‍රිසි පාසැල් හදමු කියල ඔහු සිංහල බෞද්ධ නායකයින්ව පෙලඹෙව්වා. එම කටයුත්ත සඳහා සිංහල බෞද්ධයන්ගේ මුදල් යොදවා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ගත්තා. ඒ සමාගම හරහා අපේ සාම්ප‍්‍රදායික අධ්‍යාපනය අතුරුදහන් කළා. ⭕. හෙන්රි ස්ටීල් ඕල්කට් කියන්නේ කවුද? ඔහුගේ පසුබිම මොකක්ද? ඔහු ලංකාවට එන්න මාර්ගය පාදා ගන්නේ කෙසේද ? හෙන්රි ස්ටිල් ඕල්කොට්ගේ භාර්යාව එමලි මෝගන් අධිකරණය හමුවේ කියා ඇත්තේ ඔහු පවුල් ජීවිතයකට නොගැලපෙන බේබද්දෙක් සහ ස්ත‍්‍රී ලෝලයෙක් බවයි. තමා යුද්ධ හමුදාවේ සිටියදී වැරදිකර ඇතැයි ඕල්කොට් එතනදි පිළිගත්තා. බ්ලැවට්ස්කි මැතිනියගේ ප‍්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ ඔහු ඇයව රැවටූ බවයි. ඉන්දියාවේ දී ඕල්කොට්ව පිළිගත් ආර්ය සමාජ්හි නායක දයානන්ද සරස්වති ‘වංචාකාරි තියෝසොපි නායකයින්ට හසුවෙන්ඩ එපා’ කියල සාමාජිකයින්ට කිව්වා. බ්ලැවට්ස්කි වගේම ඕල්කොටුත් මහත්මාවරු තමාට සම්බන්ධයි කිව්වා. මේ මහත්මාවරුත් ‘වංචාකරන්ඩ එපා’ කියල ඔහුට අවවාද කරන අවස්ථා සඳහන් වෙනවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ ඕල්කොට් කෙරෙහි සැක පහළ කළා. උන්වහන්සේ පරමවිඥානාර්ථ සමාගමේ මුදල් වංචා ගැන ඕල්කොට්ගෙන් ප‍්‍රශ්න කළාම පහුවදා උත්තර දෙන්නම් කියලා රටෙන් පැනලා ගියා. ඕල්කොට්ගේ භාෂා පරිවර්තකයෙක් වශයෙන් කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා ඕල්කොට් ප‍්‍රයෝගකාරයෙක් බව ලියා තියෙනවා. ඕල්කොට්ගේ දික්කසාද නඩුවට පෙනි සිටි ඔහු සමග නිව්යෝක් තියෝසොපි සොසයිටියේ සම සභාපති ධුරය දැරූ නීතිඥ විලියම් ජජ් පවා ඕල්කොට් වංචාකරයෙක් බව කිව්වා. ඔහු සංගමයේ මුදල් වංචා කළ බවත් පසුව ඒවා බි‍්‍රතාන්‍ය රජයට අයත් වුණ බවත් ජජ් පෙන්වා දුන්නා. ඒ වුණාට ඔහුගේ නිමක් නැති ගුණ ගයනා පිරිසක් ලංකාවෙ එදත් හිටිය. අදත් ඉන්නවා. හෙලේනා බ්ලැවට්ස්කි මහත්මිය රුසියාවේ ප‍්‍රභු පවුලකට සම්බන්ධ කාන්තාවක්. ඇය ගුප්ත විද්‍යාව කළ බව බොහෝම ප‍්‍රසිද්ධයි. ඉන්දියාවට පැමිණි ඇය ගැන බි‍්‍රතාන්‍ය පාලකයින් සැක කෙරුවා. ඇමරිකාවට පැමිණි ඇය ගැන රහස් පොලිසිය හොයා බැලූ‍වාදැයි අප දන්නෙ නැහැ. හැබැයි පුවත්පතක විශේෂාංග ලිපි ලියන්නෙක් වශයෙන් කටයුතු කළ ඕල්කොට් ඇයව සොයා ගියා. ඕල්කොට් ගුප්ත විද්‍යාව ගැන බොහෝම උනන්දු කෙනෙක්. ඒ වගේම පෞද්ගලික රහස් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය හිටපු හමුදා නිලධාරියෙක්. ඒබ‍්‍රහම් ලින්කන්ගේ ඝාතකයින් සොයන්ඩත් ඕල්කොට් සේවාදායකයෙක් වුණා. ඇමරිකාව රහස් ඔත්තු සේවා කටයුතු සඳහා ගුප්ත විද්‍යාව දැන සිටි අය යොදාගත් බවට සාක්කි තියෙනවා. ඔවුන් අදත් ඒ කාරිය කරන බවයි පැවසෙන්නේ. ඕල්කොට්ගේ දිනපොතේ සටහනින් පැහැදිලි වෙන්නෙ හෙලේනා බ්ලැවට්ස්කි හමුවිමට ගිය අවස්ථාවෙත් ඇය හා නොදොඩා රහස් පරික්ෂකයෙක් වශයෙන් බොහෝ වේලාවක් ඇයව නිරික්ෂණය කරපු බවයි.බ්ලැවට්ස්කි තමාගේ අනියම් පුරුෂයා අතහැර ඕල්කොට් සමග එකතුවු පසුව නිව්යෝක්වල පදිංචි වී තියෝසොපි සමාජය පිහිටෙව්වා. පසුව ඇමරිකාවේ වැඩ වෙනත් අයට භාරදී ඉන්දියාවට ආවා. ⭕. තියෝසොපි සමාජයේ සම සභාපති තනතුරක් ඕල්කට් ද දැරුවා. මේ දෙදෙනාම බෞද්ධ සමාජයේ ගෞරවයට පාත‍්‍ර වූ චරිත දෙකක්. මේ අය අතර තිබුනේ මොනවගේ සම්බන්ධයක් ද? එමෙන්ම තියෝසොපි සමාජයේ ස්වභාවය හා අරමුණ කුමක් ද ? ඕල්කොට් බ්ලැවට්ස්කි දෙදෙනා මුලික වෙලයි නිව්යෝක් තියෝසොපි සොසයිටිය හැදුවෙ. තියෝසොපි සමාජයේ අරමුණ ජාති වර්ණ භේදවලින් තොරව ආගම් අදහන සහ නොඅදහන ලෝක වැසියන් එකමුතු කිරීම නොහොත් විශ්ව සහෝදරත්වය ගොඩ නැගීම බවයි තියෝසොපි ව්‍යවස්ථාවෙන් කියන්නේ. මේක අමුලික ප්‍රෝඩාවක්. මොකද මේ සමාජය පිහිටුවන කාලයේත් අද වගේම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම්. බයිබලය සහ කුරානය වැනි ආගමික ග‍්‍රන්තයක උගන්වන දේ පිළිපදින අය තමා අදහන මැවුම්කාර දෙවියා හැර වෙනත් ආගමක් අදහන අය පිළිබද සහෝදරත්වයෙන් බැලීමට අවකාශයක් ලැබෙන්නේ නෑ. මෙය බෞද්ධ සමාජයක් නොවෙයි. මෙහි ප‍්‍රාරම්භකයින් අතර එකම බෞද්ධයෙක්වත් නැහැ. එක්කෝ යුදෙව්වො නැතිනම් ක‍්‍රිස්තියානිකාරයො. මලවුන් සහ භුත ලෝකය පිළිබඳ විශ්වාසය ඇත්තන් මේ ආගම් දෙකේම ඉන්නව. අන්න එහෙම පිරිසක් තමා තියෝසොපි සමාජයේ පළමුවැනි සාමාජිකයින් පිරිස. මේ අය බුදුදහම හින්දු ආගම ආදි ආගම් ගැන සාකච්ඡුා කෙරුවෙ ඒ ආගම් භුතයින් අදහන ආගම් කියා හිතලයි. ⭕. ඔබ සඳහන් කළා ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගම හරහා ආරම්භ කළ පාසැල් නිසා අපේ සම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය බිඳවැටුන බව. නමුත් මෙරට බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ඕල්කට්තුමා අදටත් සමහරු මහා ඉහළින් අගය කරනවා. මේ පාසැල් බිහිකිරීමේ යටි අරමුණ කුමක්ද ? ඒ තුළින් පසුකාලීනව ඔබ දකින සමාජ ඛේදවාචකය කුමක් ද ? ලංකාව කියන්නෙ බොහෝම උසස් අධ්‍යාපනයක් පැවති රටක්. විදේශිකයන් පවා ඉගෙනුමට මෙහි ආවා. පෘතුගීසි දේවගැතිවරුන් සියලූ‍ම පිරිවෙන් විනාශකළ පසුවත් යළි සිංහල බෞද්ධ අධ්‍යාපනය ගොඩනැංවීමට සිංහලයින්ට හැකිවුණා. ඕල්කොට් ලංකාවට එන කාලෙත් ලංකාවෙ සිංහල බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමයක් පැවතුණා. පන්සල්වල අධ්‍යාපන ආයතන දහසකට වැඩි සංඛ්‍යාවක් තිබිල තියෙනව. ආණ්ඩුවෙ ආධාර නොලැබුනාට පන්සල් මූලික වී මෙම අධ්‍යාපනය පවත්වාගෙන ගියා. ඒකෙන් තමා හාමුදුරුවරු හැදුවෙ. වෙද පරපුර හැදුවෙ. ජාතියට ඇල්මැති රටවාසින් බිහිකෙරුවෙ. කොළඹ පරමවිඥානාර්ථ සමාගම කියන්නෙ පාසල් ව්‍යාපාරයක් ඇරඹු සමාගමකටයි. මෙමගින් ඇරඹු පාසැල්වලට ආණ්ඩුවෙන් මුදල් ලබාගන්න හැකිවුණා. ආණ්ඩුවේ අධ්‍යාපනය සමාගමේ පාසැල් මගින් දෙනවාද කියල පරික්ෂා කරමිනුයි ඉංග‍්‍රිසි ආණ්ඩුව ආධාර කෙරුවෙ. එම නිසා පරම විඥානාර්ථ පාසල්වලින් බුද්ධාගමට කුඩම්මාගේ සැලකිලි ලැබෙද්දි ආණඩුව සතුටු වුණා. පරම විඥානාර්ථ සමාගම ආදර්ශයට ගත් භික්ෂුණ් වහන්සේලා සෑහෙන පිරිසක් පන්සල් අධ්‍යාපනය පැත්තකට දමා ආණ්ඩුවේ ආධාර ලබන පාසැල් ආරම්භ කළා. රටට දැයට ආගමට ආදරයක් නැති නිකම්මු බෝවෙන්න පාර කැපුනේ ඒ අධ්‍යාපනයෙන්. ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ දොස්තර එස්.ඒ වික‍්‍රමසිංහ පරම වීඥානාර්ථ සමාගමේ ලේකම් ධුරය දැරුවා. කොමියුනිස්ට් පක්ෂයක නායකයෙකුට බෞද්ධයෙක් වෙන්න පුලූ‍වන්ද? වික‍්‍රමසිංහ මහත්තයල සමග සමසමාජ ව්‍යාපාරය කරපු ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තව කලක් සමාගමේ ලේකම් ධුරය දැරුවා. අදිකාරම් බෞද්ධයෙක් නොවෙයි. ඔහු ක‍්‍රිෂ්ණ මුර්ති වාදියෙක්. තියෝසොපි සොසයිටිය, අද්යර් මූලස්ථානය කරගෙන බයිබලයේ සඳහන් වෙන ගැලවුම්කරුවා නිර්මාණය කරගැනීමට සිසුන් පිරිසක් පුහුණු කළා. එයින් අවසානයට තෝරාගත් සිසුවා තමයි ක‍්‍රිෂ්ණමුර්ති කියන්නෙ. ක‍්‍රිෂ්ණමුර්ති වාදියෙක් වු අදිකාරම් කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කරමින් පන්සිල් නොගැනීමේ නව සම්ප‍්‍රදායක් බිහිකළා. ජීවිතයට ‘පන්සිල් එක වරක් ගත්තාම හොඳටම ඇති සිල්පද කැඩුවොත් විතරයි ආයෙත් සමාදන් වෙන්ඩ ඕනෑ’ කියල ඔහු අපුරු තර්කයක් ඉදිරිපත් කෙරුව. එමනිසා මෙම විදුහලේ උගත් හෝ ඉගැන්නු කිසිවෙක් පාසැලේ කිසිම කටයුත්කදි පන්සිල් ගත්තෙ නැහැ. කොළඹ ආනන්ද විදුහලේ පළමුවැනි විදුහල්පති ලේඕබිටර් පෙරලා එංගන්තයට ගිය පසුව බිෂොප් තනතුර යළි භාරගෙන ලිබර්ල් ක‍්‍රිස්තියානි ව්‍යාපාරයක් ආරම්භ කළා. එංගලන්තයේ ඉගෙනීිම කරපු පී. ද ඇස් කුලරත්න මහතා ඉංග‍්‍රිසි කාන්තාවක් සමග විවාහ වී එහෙදි දේවස්ථානයට ගියා. මිෂනාරි හා මුස්ලිම් පාසැල් ඕනෑ තරම් තියෙද්දි ඔහු ආනන්දයේ ඉගැන්විමට මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ගුරුවරු අරගත්තා. මේවා යට තිබුණු මොළ හේදීමේ කුමන්ත‍්‍රණ කතාව කියන්න මෙවැනි සාකච්ඡුාවක් ප‍්‍රමාණවත් නැහැ. රට, ජාතිය, ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක් බෝ වීමට මේ පාසැල්වලින් විශාල පිටුබලයක් ලැබුණා. ධර්මපාලතුමා එදා කිව්වා අනාගතේ ඉතිරි වෙන්නේ එහෙම කළු සුද්දෝ ටිකක් බව. අද ඒක මොනතරම් දුරට ඇත්ත වෙලා තියෙනවද? අද මේ ඕල්කට් බෞද්ධයන් වූ කළු සුද්දන් සිංහල බෞද්ධ සංස්කෘතියට සිදුකරන හානිය සුළුපටු නෑ. ⭕. නමුත් ධර්මපාලතුමා මෙන්ම එකළ සිටි ප‍්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් පවා ඕල්කට්ගේ පරම විඥානාර්ථ සමාගමට උදව් කළා. පසුව ඔවුන් විරසක වීමට හේතුව කුමක් ද ? ඊළගට ධර්මපාලතුමා ගැන ඔබේ හදුනාගැනීම කුමක් ද ? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො සහ ධර්මපාලතුමා ඕල්කොට් සමග මත ගැටුමක් ඇතිකර ගත්තෙ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ වැඩ පිළිවෙලින් සිංහල බෞද්ධයා නැතිවෙන බව වටහාගත් හින්දයි. පරම විඥානාර්ථ පාසැල්වලින් දෙන අධ්‍යාපනය ගැන විවේචනය කළ ධර්මපාලතුමා මෙම පාසැල්වලින් බෞද්ධ දරු දැරියන්ට උගන්වන සිරිත් විරිත් ගැන අප‍්‍රසාදය ප‍්‍රකාශ කෙරුවා. මේ පාසල්වල බුදු දහම ඉගැන්වීමට තැනක් නොදීම ගැනත් ධර්මපාලතුමා විරෝධය පළ කළා. ඕල්කොට් පරම විඥානාර්ථ සමාගම යටතේ ධනය රැස්කරන බව ගුණානන්ද හාමුදුරුවො තේරුම් ගත්තා. සමාගමේ ආදායම් වියදම් හෙළි කරන්නැයි ගුණනානන්ද හාමුදුරුවො ප‍්‍රසිද්ධ සභාවකදි ඕල්කොට්ගෙ මුණටම කිව්වා.හොඳයි කියා ඕල්කොට් ඉන්දියාවට පැනලා ගියා. මේ සිද්ධියෙන් වැඩි කලක් ගතවෙන්න පෙර ඉතාම අඩු වයසින් ගුණානන්ද හාමුදරුවො අපවත් වුණා. ඉංග‍්‍රිසි පාලකයො ධර්මපාලතුමාව ඉන්දියාවෙ හිරකළා. ධර්මපාලතුමා ඇත්තටම ජාතියේ පියා වශයෙන් හැඳින්වීමයි නිවැරදි. ජාතිය, ආගම, රටේ කර්මාන්ත, වතුවගාව ඇතුළු ආර්ථිකය, ඇවතුම් පැවතුම් ආදි වශයෙන් පුළුල් පරාසයක් පුරා එතුමාගේ අවධානය යොමු වුණා. එතුමාට ජාතිවාදී චෝදනා එල්ල කරන බොහෝ දෙනා, රටේ කර්මාන්ත දියුණුවට එතුමා ගත්ත වෙහෙස දන්නෙ නැහැ. පියාගේ මුදලින් ශිෂ්‍යත්ව පිහිටුවල, පුද්ගලයින් විදේශවලට යවා කර්මාන්ත දැනුම දීලා මෙහේ ගෙන්නුවේ ආර්ථික සමෘද්ධියෙන් තොර නිදහසක් නැති බව අවබෝධ කරගෙන හිටිය නිසයි. එතුමා දොස් කිව්වේ සිංහලයින්ට මිසක් අන්‍ය ජාතිකයන්ට නොවෙයි. මරක්කලයා, හම්බයා, බෙංගාලියා, දෙමළ වැනි වචන ඒ කාලේ සාමාන්‍ය වචන. ඒවා අපහාසාත්මකව පාවිච්චි කළ ඒවා නෙවෙයි. හම්බ කියන වචනය පාවිච්චි කළේ වෙනමම මුස්ලිම් කණ්ඩායමකට. 1915 කෝලාහය ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මේවා දැනගන්න පුළුවනි. ධර්මපාලතුමා ඇති කළ ජාතික ආගමික ප‍්‍රබෝධය තක්කඩි දේශපාලකයො කොල්ලකෑව එකයි වුණේ. මේ දේශපාලකයොම තමයි ධර්මපාලතුමාව පහළට දාලා ඕල්කොට්ව ඉස්සුවේ. ඒ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ සහයෝගය ගන්න. ⭕. ඕල්කට් චින්තනයෙන් පන්නරය ලැබූ අය එකල මෙන්ම පසුකාලීනව ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ජීවන සමාජ මෙහෙවර යටපත් කිරීමට කටයුතු කලේ කොයි ආකාරයෙන් ද ? ඕල්කොට් චින්තකයෙක් නෙමෙයි. ඔහුට චින්තනයක් නැහැ. ඔහු ඉංග‍්‍රිසි ආණ්ඩුවට හා එමගින් යටත් විජිතවාදයට සේවය කෙරුව. ක‍්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරයට වුවමනා වැඩ කොටස ඕනැවටත් වඩා හොඳට ඉටු කෙරුවා. එමනිසා ධර්මපාලතුමා ඇරඹු බෞද්ධ පුනර්ජිවන ව්‍යාපාරය වනසන්න තවදුරටත් විදේශිකයින් හෝ මිෂනාරින් වුවමනා වුනේ නැහැ. ධර්මපාලතුමා ජිවත් වු සමයේ විසු ඞී.බී ජයතිලක චරිතය නිදසුනට ගන්න. පන්සල් ඇසුරු කළ ධර්මපාලතුමාව යම් යම් තැන්වල ඇබිත්තයා වශයෙන් හැඳින්වු අය ඉන්නවා. ජයතිලක ඉංග‍්‍රිසි ආණ්ඩුවට ආවඩමින් ධර්මපාලතුමාට පහර දුන්නා. ධර්මපාලතුමා මුලික වී ඇරඹු අමද්‍යප ව්‍යාපාරය වැනි ජාතික සංවිධානවල බලය අල්ලාගෛන ඒවා අකර්මන්‍ය කළා. ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර යටපත් කිරිමේ කටයුතු තාමත් සිදුවෙනවා. ඕල්කොට් වර්ණනා කිරිමේ පරමාර්ථයෙන් මෑතකදි ලියවුන ‘යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට්’ කියන පොත නිදසුනට ගන්න. මේ පොතේ නම් සඳහන් කරමින් ධර්මපාලතුමාට හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ඉතාම කැත විදිහට පහර ගහනවා. ගුණානන්ද හාමුදුරුවන්ගේ කුලය හා උපන් ගම ඉස්සරහට දාලා උන්වන්සේ ඕල්කොට්ට විරුද්ධ වුණේ ඒ ජන්ම ගති නිසා කියල අන්තිම පහත් කතා ලියනවා. මේ පොතට රාජ්‍ය සම්මාන ලැබෙනවා. සමස්ත බෞද්ධ මහා සම්මේලනයෙන් සම්මාන ලැබෙනවා. අර වගේ කුණු කතා තියෙන පොතකට සම්මාන දෙන්න තරම් මේ රටේ උගත්තු පිරිහිලා. ඔන්න ඕක තමා ඕල්කොට් තහවුරු කළ යටත් විජිත අධ්‍යාපනයෙන් බිහිකරපු උගතුන්ගෙන් සිදුවන්නේ. විශ්වවිද්‍යාලවලින් එළියට එන බහුතරයක් විශේෂයෙන්ම කලා අංශවලින් ‘ගුරා ගිලපු ගෝලයො’. අනික් අතට ගුරාගෙ මතයට විරුද්ධ අලූ‍ත් මතවාදයක් ඉදිරිපත් කරන්න හැදුවොත් උපාධිය වතුරෙ. ගුරාගෙ මතයම තමයි ඉදිරියටත් පවතින්න ඕන. උපාධි ගැහුවත් නැතත් මෙම අධ්‍යාපනයෙන් හදන්නෙ හා හැදෙන්නෙීබෆලෝ සෝල්ජර්ස්ලා’ පමණයි. ♦️සංවාදය♦️ ©රත්තනදෙණියේ මේධානන්ද හිමි 2018 අපේ‍්‍රල් 20 දිවයින (http://divaina.com/.../vishesha.../10394-2018-04-19-10-58-24)

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
මා දන්නා අසෝක රංවල දිගින් දිගටම මුහුණු පොතේ අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන
ජේසු නිකායික පූජකයෙකු වූ අන්දෝ පල්මිරෝ මෙසේ පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.