News Category
From Date
To Date
Maximum Number of Result

මා දන්නා අසෝක රංවල

Apr 21, 2025 at 09:35 AM
|

මා දන්නා අසෝක රංවල
දිගින් දිගටම මුහුණු පොතේ
අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන
සාවද්‍ය තොරතුරු පිලිබදව
ඔහු ගැන සහ ඔහු පක්ෂයට කළ සේවාව ගැන දන්නා කෙනකු හැටියටට නිහඩව සිටීම
ඔහුට කරන අසාධාරණයක් යයිි සිතා මා මෙසේ ලියා තබමි
ඔහු වර්ශ 2000 සිට 2004 දක්වා ප්‍රාදේශී සභා මන්ත්‍රී වරයෙක් ලෙසද
2004සිට 2012 දක්වා පලාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද
ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරමින් තේරී පත් වූ අතර
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත් විය.
ඔහුගේ
බිරිද බොරැල්ල ඍජිවේ ආර්‍යා ළමාරෝහ‍ලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අතර දුව සහ පුතා ද වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් ලෙස මේ වන විට
රජයේ රෝහල වල සේවය කරනු ලබයි.
ඔහු 2022 වර්ෂය වන තෙක්
සපු ගස් කන්ද තෙල් පිරිපහදුවේ
සේවය කොට මේ වනවිට විශ්‍රාම ලබා සිටී
මේ වන විට ඔහුව විවේචනය කරනු ලබන්නේ ඔහුට නිසි අධ්‍යාපන සුදුසු කමක් නොමැතිව
Dr අසෝක රංවල කියා ව්‍යාජ ලෙස පෙනී සිටින තැනැත්තෙකු ලෙසයි.
ඒ සම්බන්ධවද මා දන්නා දේ කෙටියෙන් මෙසේ පහතින් ලියා තබමි
ඔහු කියා තිබෙන පරිදි
ඔහු උසස් පෙළ සමත් වී
කටුබැද්ද පීඨයට ඇතුලු වන්නේ 1979 කාල වකුවානුවේ දීය.
ඔහු ඉගෙන ගන්නේ කෙමිකල් ඉංජිනියරින් බවත් මා දනිමි
දැන් මුහුණු පොතේ ප්‍රශ්නය වී ඇත්තේ කෙමිකල් ඉංජිනියරින් ඉගෙන ගත් ඔහු කෙමිකල් ඉන්ජිනියර් වරයෙකු නොවන්නේ ඇයි.
මේ ගැටලුව ලිහා ගැනීමට නම්
එවකට කටුබැද්ද පීඨය නම් කුමක්ද එහි උගන්වන්නේ මොනවාද ඉගෙන ගත් පසු ලැබෙන්නේ මොන සහතිකයද කියා අපි හඳුනාගත යුතුයි.
යටත් විජිත සමයේ
1890 වර්ශයේ ලංකාවේ ආරම්භ කරන පළවෙනි තාක්ෂණික විද්‍යාලය
මරදාන ටෙක්නිකල් කොලේජය බව ඔබ කවුරුත් අසා ඇත.
1893 අපේ රටේ පලමුවෙන්ම
NDT (National Diploma in Technology )පාඨමාලාව ආරම්භවෙන්නෙ මේ මරදාන ටෙක්නිකල් කොලේජ් එකේය.
එවකට ඒ පාඨමාලාව ට කියන්නෙ
JTO (Junior technical officer course) කියලා. 1960 මේ පාඨමාලාව
තවත් විෂය දැනුමෙන් සන්නද්ධ කරලා කැනේඩියානුය රජයේ ආධාර ඇතිව අරගෙන යනවා
කටුබැද්ද බොල්ගොඩ ගග මායිමේ අක්කර පනහක පමන විශාල භූමික
අලුතෙන් ගොඩනැගිලි ඉදිකරලා අලුත්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක් හැටියට.
ඒ නව ආයතනයට කියන්නේ
Institute of Practical Training (IPT)කියලා.
මේ අතරතුර රට තුළ සිදුවෙමින් පවතින සංවර්ධන හා නිෂ්පාදන කටයුතු වෙනුවෙන්
අත්‍යාවශ්‍ය සේවාවක්වූ
තාක්ෂණික හා ඉංජිනේරු විෂය පණ ගන්වන්න
1961 එවකට රජය පත් කරනවා තාක්ෂණික අධ්‍යාපනය ස්ථාවර කරන්න කොමිෂන් සභාවක්
මේ කොමිෂන් සභාවෙන් ලංකාවේ ඉස්සෙල්ලම ඉංජිනේරු පීඨයක් පටන් ගන්නවා 1963 පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙ.
මේ කොමිෂන් සභාවේ නිර්දේශ මත
Istitute of Practical Training Katubadda අද්‍යාපන ආයතනය
එහි උගැන්වෙන
විෂය මාලා නව ලොවට අවශ්‍ය තාක්ෂණය සපය හැකි ආකාරයෙන් යලිත් වරක් උසස් කොට
එහි තිබුණ භෞතික සම්පත්ම භාවිතා කරලා සංවර්ධනය කරලා
UNESCO ආධාර යටතේ 1966 එම ස්ථානයේම අලුතින් බිහි කරනවා
Ceylon College of Technology Katubedda යන නමින්.
ඊට වසර පහකට හයකට පසුව
පත්වන නව ජනරජය විසින්
පනවන 1972 university act no1
යටතේ ඉතා සීඝ්‍රයෙන් සංවර්ධනය වී අත්‍යවශ්‍ය ආයතනයක් බවට හඳුනාගෙන තිබුණා Ceylon College of Technology අධ්‍යාපන ආයතනය අයෙත් පාරක් පරිවර්තනය කරනවා
Katubedda Campus(කටුබැද්ධ පීඨය) යන නමින්.
ඉන්පසු ස්වාධීන ආයතනයක් ලෙස තාක්ෂණික ශිල්පීන් සඳහා උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා ආරම්භ කරන මෙම නව අද්‍යාපන ආයතනය
1974 දී Applied Science විශයත්
Ruber හා textile තාක්ශනික විශයත්
Meritime enjineering Country and City planning පාඨමාලා සහිත උගැන්වීම් කටයුතුත් ආරම්භකරනු ලැබුවා.
මෙහිදී අපට හොදින් මතක තබාගත යුතු කාරණාවව වන්නේ Ruber,Chemical,Textile engineering
උගන්වූවාට ඉගෙන ගත්තාට
තවමත් එය Diploma දාරීන් බිහිකරන පාඨමාලා පමණක් බවත් උපාධි හෝ පශ්චාත් උපාධි ලබාදෙන පාඨමාලා බවට එම තාක්ශනික පාඨමාලා කටුබැද්ද කැම්පස් යන ආයතනය තුල සංවර්ධනය නොවී ඇති බවත්.
ඉන්පසු 1977 පත් වූ නව රජය විසින්
ස්ථාපිත කරන 1978 act no 16 /139(1) විශ්ව විද්‍යාල නව අධ්‍යාපන පනත යටතේ
Katubedda Campus එක
මොරටුව විශ්ව විද්‍යාලය
(University of Moratuwa) නමින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනවා.
මෙම නව විශ්ව විද්‍යාලයේ
Physical and Applied Science ඒකාබද්ධ කොට
Faculty of Engineering ස්ථාපිත කරන්නේනේ 1983 වසරේ
1977 නව රජය විසින් සම්මත කරගන්නා 1978 act 16 අනුව
කටුබැද්ද කැම්පස් මොරටුව විශ්ව විද්‍යාලය ලෙස
පරිවර්තනය වන සංක්‍රාන්ති සමයේ
එනම් 1979 තමයි
අසෝක රංවල විශ්ව විද්‍යාලයට ප්‍රවේශ වෙන්නෙ
Chemical engineering ඉගෙන ගෙන
ලබා ගැනීමට හැකියාව තිබුණේ Diploma සහතිකයක් මිස
Chemical egineer නම් 1983න්
පසුව බිහි කරන ශිෂ්‍යයන්ට ලැබෙන උපාධි සහතිකය නොවන බව මෙම කියවන ඔබට පැහැදිලි වියයුතුය.
මීට අමතරව එවකට රුසියානු රජයේ ආධාර මත ඉන්දියාව ලංකාව ඇතුළු රටවල් කිහිපයක නිෂ්පාදන හා සේවා ආයතන තුළ පවත්වාගෙන යනු ලැබූ ඉතා ඉහළ ගුණාත්මක අගයක් සහිත Ceylon Petroluim ආයතනය තුළ ලබාදෙනු ලැබූ
වසර හතරක තෙල් පිරිපහ දුව සම්බන්ධ ලොව ඉතාම වටිනා තාක්ෂණික පාඨමාලාවද ඔහු සාර්ථකව නිමවා ලොව ඕනෑම රටක
අදටත් ඕනෑම තෙල් පිරි පහදු ආයතනයක් පිළිගන්නා තාක්ෂණික සහායතිකයද ලබාගෙන තියෙනවා.
දවල් කාලේ තමන්ගේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබන මොහු රාත්‍රී කාලයේදී නිදි වරාගෙන වසර හතරක් තිස්සේ මෙම තාක්ෂණික පාඨමාලාවද හදාරනු ලැබුවා.
රටේ පවතින භීෂණය හමුවේ 1989 ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන්
තාවකාලි නිවාඩු ලබා ගන්නා මොහු අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට ගොස් 1994 වන විට ජපානයේ ඉහළ තාක්ෂණික විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ජීව රසායනය සම්බන්ධයෙන්ද ආචාර්‍ය වරයෙකු ලෙස තම දැනුම සන්නද්ධ කරගන්නා අශෝක රන්වල සහෝදරයා
1994 සිට 2000දක්වා
එම ජපානයේ තමන් ඉගෙනුම ලැබූ ආචාර්යවරුන් සමඟ එකව ලංකාවේද තම පරීක්ෂණ කටයුතුයි
මහ වැන මැද දවල් රෑ නොබලා වෙහෙස මහන්සිව සිදු කරනු ලැබූ ආකාරය මා හොදින් දන්නවා.
එසේ ඔහු උගෙන ගන්නා ලද
ජීව රසායන තාක්ෂණය මගින්
මේ වන විටත් එප්පාවල පොස්පේට් නිදියේ පොස්පේට්
ජෛව පොස්පේට් පොහොර ලෙස නිෂ්පාදනය කොට
අම්පාර කුරුණෑගල අනුරාධපුර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක්
ගොවි මහතුන්ට වී වගාව සහ අනෙකුත් බෝග වගා කටයුතු සඳහා ලබා දෙනු ලබනවා.
ඔහු රටට වැදගත් වැඩදායී උගතෙක්
ඔහු වැනි අහිසකයින්
විවේචනය කිරීමම
කාලය කා දමන අනුවන ක්‍රියාවක් සේ මා දකිනවා.
ජීවිතයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී
එම පාර්ලිමේන්තුවේ
කතානායක දූරය හෙබවීමට
ඔහුට ලැබුණේ ඔහුගේ නිරහංකාර අහිංසක වැදගත් මහත්මා ප්‍රතිපත්ති අනුර කුමාර දිසානායක
ජනාධිපතු තුමා හොඳින් දන්නා නිසා වෙන්න පුලුවන්.
සාමාන්‍ය ජීවිතයේද කපටි කමින් වංචාවෙන් නොමේරූ ඔහු
කථානායක තොප්පිය
ගෙල වටේ ඔතා ගැනීම තුල
අපට පෙන්වා දෙන්නේ
ඔහුගේ අවංක භාවය ඔහුගේ ක්‍රියාව තුළ ඕනවටත් වඩා පවතින බවත්
වචනයෙන් හෝ ඇඳුමෙන්
ඔහුට අපිව අන්දන්නට හෝ රවටන්නට
හැකියාවක් හෝ උවමනාවක් නොමැති බවත්ය
ඔබට සුබ දවසක්.

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.