
සමාජවාදයට පාර සෙවු පැරණි ජවිපේ අද දේදුනු මාලිමාව ඉදිරියේ දණ ගසා ඇත - නුවන් බැල්ලන්තුඩාව
ජනාධිපතිවරයාත් ඔහුගේ මාලිමා ඩෝබි වරුන්ටත් අපේ රට ඓතිහාසික රාජ්‍යයක් බව පිළිගැනීමට හීනමානයක් ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සමග අදවන විට ගැටුම පවතින්නෙ පැරණි ජවිපෙ තුළ වු මාක්ස්වාදි භෞතිකවාදය නොව හරිනිලා සමග ජවිපේ ආක්‍රමණය කල නියෝ ලිබරල් නිරාගමික සමලිංගික මතවාදයයි. ජවිපේ ජනප්‍රිය පැවත්ම රැඳි පවතින්නේ මාලිමාව තුළයි. ජාතික විමුක්ති අරගලය ඔස්සෙ සමාජවාදයට පාර සෙවු පැරණි ජවිපේ අද දේදුනු මාලිමාව ඉදිරියේ දණ ගසා ඇත.
ජේ.ආර් -රනිල් විවෘත ආර්ථිකයේ මෙන්ම එයින් ජනිත එන්ජීඕ සංස්කෘතියේ ද අද දවසේ වාහකයා අනුර-හරිනිගේ මාලිමාවයි. එහි චින්තනය නියෝජනය කරන්නේ ශ්‍රිමහා බෝධිය අසල අඩියක් ගහන්න කතා කරන ඩබ්ලිවු ජයසිරිලාගේ සමනලි ෆොන්සේකා සහ ජගත් මණුවර්ණ ලා විසිනි. බෝගහ තවත් ගහක්ද අහන, පිළිම වැදීම ග්‍රෝත්‍රිකයැයි කියන පාර්ලිමේන්‍තුව මාලිමා උද්ධච්ච බලයේ වියරුව බිමල් රත්නායක වැනි අයගේ කුරුවල් ඔළුගෙඩ් විසින් මාලිමාව ජනවරමේ මුල් උදුරා දමා ඇත.
මහින්දාගමනයේදි මුලු සිරිලකම බුදුදහම වැලඳ ගන්නේ දෙවනපෑතිස් රජු විසින් බුදු දහම පිළිගෙන වැළදගැනීම සමගයි. එය රාජ්‍යත්වය සමග බැදුනකි. රජුගේ සමිපතම ඥාතිවරයකු වන අරිට්ඨ කුමරු භික්ෂුත්වය ලබා ගැනිමෙන් රජු ජනතාවට පණිවිඩයක් ලබාදි තිබේ. එතැක් පටන් රජු බුද්ධාගමේ ආරක්ෂකයා වෙයි. සිංහල අළුත් අවුරුද්ද අපේ කෘෂි ආර්ථික ජිවිතයේ ප්‍රමුඛ සංස්කෘතික මංගල්‍යයයි. රජු ඊට පසුපසින් සිට නායකත්වය දෙනබව ජනතාවට ශක්තිමත්ව සංනිවේදනය කරන්නේ රාජ්‍ය උත්සවය මගිනි. නව ලිබරල්වාදය සමග යුරෝපයේ ඇතිවු පුද්ගලවාදයේ උරුමයක් වු ආගමක් ඇදහීමට ඇති පුද්ගලික අයිතියට බුදු දහමට රාජ්‍යය තුල ඇති ඓතිහාසික පදනම පාවාදීමට අනුර කුමාරට බලයක් නැත. සිංහල අළුත් අවුරුද්ද ඔහුගේ පෞද්ගලික අභිමතයක් නොවේ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරිම රාජ්‍යයේ උත්තුංග අරමුණ කර ගත් මේ රටේ අද ඒ බලය නියෝජනය කරන ජනාධිපතිවරයාට හෝ එහි අභිනියෝජිතයා වන බුද්ධ ශාසන ඇමති හිනිඳුම සෙනෙවිට දේදුනු සමාජයකට ආවැඩිමට අයිතියක් නැත. ඉස්තාර් වලට තෛයිපෝංගල් වලට ජනාධිපති මන්දිරයෙ ඇරෙන දොරවල් සිංහල අළුත් අවුරුද්දට වසා දමන්නට මෙරට රාජ්‍ය නායකයාට වරමක් නැත.
ඊනියා ශ්‍රි ලංකා දිනය වෙනුවෙන් මිලියන 300ක් වෙන් කරන ආණ්ඩුව නන්දිකඩාල් කළපුවේ ත්‍රස්තවාදය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන බිමල් රත්නායකලාට උතුරේ සිංහල ජනතාව පදිංචි කිරිම ගැන වචනයක් කතා කරන්නට කොන්දක් නැත.
ජනාධිපතිවරයාට පවුලක් සිටිනබව ඔහුම ප්‍රකාශකර සිටියි. ඔහුගේ බිරිඳ කවරෙක් වුවක් ඔහුගේ දේශපාලන ගමනෙ කැපකිරිම් සියල්ල වෙනුවෙන් ඇය යෝධ ශක්තියක් වන්නට ඇත. හරිනිලා කතා කරන බිරිඳකගේ මිලක් ලබානොදෙන කාන්තා මෙහෙවරේ වටිනාකම අපේ ජනාධිපතිවරයාගෙ බිරිඳට අහිමි වන්නේ ඇයි. ඇය කවරෙක් වුවත් පවුල තුළ ඇය වෙනුවෙන් පෙනි සිටින්නට කොන්දක් ස්වාමිපුරුෂයා ලෙස ජනාධිපතිට නැත්නම් ජාතියට පියකු වශයෙන් ඒ නායකත්වය ඔහු ලබාදෙන්නේ කෙසේද?
ජයමංගල ගාථා කියලා රට හැදුනද මීට කලින් රාජ්‍ය නායකයෝ අවුරුදු කාලා රට ගොඩදැම්මද වගේ ගොන් තර්ක ගේන මාලිමාව ටිපර් මඩබලකාය වහල් කුලිහේවායන් රාජපක්ෂලාට ගහන ගමන් සිංහල බෞද්ධත්වයට ගහන්නේ සුද්දට කරන්න බැරි වුන දේ කරන්න ඔවුන් යොදා ගන්නා බව නොදැනය. මාලිමාවේ ලස්කිරිඤ්ඤා කුළි නඩය තමන්ගෙ දරුවන් දෙමාපියන්ට නොසලකන , ඕපපාතික සෝම්බිවරුන් වුන විට ක අද ඔවුන් කරන සංස්කෘතික හෝදා පාළුවේ තරම දැන ගනු ඇත. දූෂණයට එරෙහි ඊනීයා විරෝධය, බොරුව, ප්‍රෝඩාව සහ වෛරය සමහර කාලවල මාකර්ට් උනාට සිංහල බෞද්ධත්වයේ ඓතිහාසිකවගකීමට උරදීමට නොහැකි නායකයන්ට මේ පොළව මත පැවත්මක් නැතිබව අපි සපථ කරමු.
නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
