News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යාව උඩින් පල්ලෙන් අතගා අවුරුදු සිරිත් විරිත් මිත්‍යා කියන ලිබ්බෝ හා පුනර්භව සංකල්පය, කර්මය, පින් පවු නැතැයි කියන මහණුන් අතර වෙනසක් නැත.

Apr 15, 2025 at 05:55 PM
|

සිංහල හින්දු අවුරුද්ද යනු අප ලෝකයේ පවත්වන සංස්කෘතික උත්සව වලින් තවත් එක් පැරණිතම එකකි. ලංකාව හැරුණුකොට තවත් රටවල් කිහිපයක් ඒ ඒ රටේ සංස්කෘතික සංකල්ප අනුව සමරන මේ අවුරුදු උදාව ගොඩ නැගී තිබෙන්නේ ජෝතිශ්‍ය විද්‍යාව පදනම්වය. රාශි චක්‍රය හරහා සූර්යයා ගේ සාපේක්ෂ චලිතය අනුව ගැට ගැසී ඇති මේ අවුරුදු උදාව, කිසිඳු දියුණු විද්‍යාත්මක උපකරණයක් නොමැති වූ ඈත අතීතයේ ආරම්භ වීම හා පැවත ඒමම ආශ්චර්යයක් ලෙස දැක්විය හැකිය.
මිනිස් මනසට උපකරණ වල සහය නොමැතිව මොනතරම් පරාසයක් දක්ව විහිදෙන්නට හැකිද යන්නට තවත් එක් උදාහරණයක් ලෙස සිංහල/හින්දු අවුරුදු උත්සවය දැක්විය හැකිය.
නැකැත්, නක්ෂත්‍රය සමග බැඳුණු විශ්වාසය වර්තමානයේ දී විද්‍යාත්මක ප්‍රබෝධය සමහ අර්බුදයට ගියද, එම ශාස්ත්‍රයන් මගින් සාමාන්‍ය සම්භාවිතාවෙන් එහා ගිය නිවැරදි පුරෝකතන ලබාදිය හැකිබවක් ඇතැයි ඇතැම් නූතන පර්යේෂණ මගින් පෙන්වා දෙමින් සිටී. මේ පර්යේෂණ වල සාක්ෂි වල තත්වය විවිධ වුවද නක්ෂත්‍ර විද්‍යාවන් නිර්දය ලෙස බැහැර කල නොහැකිබව සැබෑවටම විද්‍යාව ගැන අවබෝධයක් ඇති ප්‍රජාවගෙ අදහසයි.
නමුත්,
👉යන්තම් විද්‍යාව ගැන පොතපත කියවූ, මාක්ස්වාදය, භෞතික වාදය එහෙන් මෙහෙන් අතාගාගත් පුද්ගලයන්
👉රටක සංස්කෘතික මූලයන් විනාශකරන්නට හිතාමතාම කටයුතු කරන දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන, බඩගෝස්තරවාදී සංවිධාන හා බැඳුණ පුද්ගලයන්
මේ පැරණි විද්‍යාමක පද්ධතතීන් නිර්දය ලෙස විවේචනය කරනවා පමණක් නොව, කල් යල් බලා සමාජමාධ්‍ය වල කෙකරගානවා දැක ගත හැකිය.
ඔවුන්ගේ මූල ගොදුරු වන්නේ, දැනුම, ආකල්ප හා සංස්කෘතික වටිනාකම් වලින් පිරිහී සිටින අලුත් පරපුරේ තරුණ තරුණියන්ය. "පුද්ගලාර්ථය හා මිල මත දුවන" මනසක් ඇති සදාචාරය අයිස්මෙන් මිදුනු මනසක් ඇති පුද්ගලයන් ඉතා පහසුවෙන් ගොදුරු කරගන්නට ඊනීයා ලිබ්බන්ට හැකිය. ශ්‍රි ලංකා ක්‍රියාත්මක වන සමාජයේ එවන් ලිබ්බන් බොහොමයක අතර සමාන ලක්ෂණ දැකිය හැකිය.
පුද්ගලික ව මා දන්නා හා දැක ඇති අයගේ ස්වභාවය අනුව
👉බටහිර රටක/ ඔස්ට්‍රේලියාවේ පදිංචි වී හෝ බොහෝ කාලයක් එවන් රටක ජීවත්වූ අයෙක් වීම
👉බහුතරයක් ක්‍රිස්තියානි ආගමට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉බෙදුම්වාදී අදහස් දරන පැරණි LTTE ඩයස්පොරාවට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉මාක්ස්වාදය කොහෙන් හෝ ගෑවුන දේශපාලන ව්‍යාපාරයක තවමත් සිටීම හෝ අතීතයේ සිටි අයෙක් වීම
👉අවධානය ලබා ගැනීමට ඉතා කැමති හා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැමති අයෙක් වීම
👉 යම් මට්ටමක අධ්‍යාපනයක් ලැබූ හා ජීවත් වෙන්න කරන රැකියාව පැහැදිලි නොවීම.
තවත් අපූරු කාරණාවක් දකින්නට ලැබුණි. ඒ බෞද්ධ භික්ශුවක් ලෙස සිය අනන්‍යතාව පෙන්වන පුද්ගලයෙක්, YouTube නිවේදකයෙක් සමග එක්වී සිදුකරන වැඩසටහන් මාලාවක පළකරන අදහස් වල අඩංගුවයි.
උක්ත භික්ෂුව ඔහු රාජකීය පණ්ඩිත කෙනෙකු ලෙස හුවා දක්වන අතර, විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්ය වරයකු ලෙස යම් කලක් සේවය කල ඇති බව කියා සිටී. ත්‍රිපිටකය ගැන ව්‍යක්ත කෙල පැමිණි දැනුමක් ඇති අයෙක් ලෙස අදහස් පලකරන උන්වහන්සේ බොහෝ සූත්‍ර ඔහුට අවශ්‍ය පරිදි අර්ථ දක්වන බවක් පෙනෙන්නට තිබේ.
උන්වහන්සේ පල කරන අදහස් වලට පිළිතුරු බොහොමයක් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ලබාදෙන අයුරුද YouTube වලම දැකිය හැකිය. එහිදී උක්ත භික්ෂුව ත්‍රිපිටක සාක්ෂි ලෙස දක්වන සූත්‍ර හා අර්ථකථන මොන තරම් විකෘති ආකරයකින් සිදුකොට ඇති බවද යන්න ඉතා හොඳට පෙනීයයි.
🤣🤣හාස්‍යජනකම කාරණය වන්නේ, පුනර්භවය හා සංසාර ගමන ගැන උන්වහන්සේ පළකරන අදහස් වලට නූතන විද්‍යාව භාවිතා කරන ආකාරයි. "සේපියන්" පොත හා එහෙන් මෙහෙන් කියවා ලබාගත් විද්‍යාත්මක මූලාශ්‍ර මත උන්වහන්සේ පුනර්භවය හෝ අනන්ත සංසාරගමනක් ( බුදුන් අසංඛ්‍ය කල්ප ගාණක් පෙරුම්පුරන්නට මානව පරිනාම කතාව දිග මදි කියා කියයි) තිබිය නොහැකි බව කියයි. අතීත භවයක් නැත්නම් අනාගත භවයක්ද නැතැයි කියයි.
උන්වහන්සේ ට කාලාවකාශය ,කොන්ටම් භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය පොඩ්ඩක් කියා දීමට තුබුනානම් අනන්ත සංසාරය හෝ පුනර්භවය ඇත්තක් හෝ බොරුවක් උවද ඒවා උන්වහන්සේ දන්න විද්‍යාවෙන් නැහැයි කීමට නොහැකි බව තේරුම් ගන්නවා ඇත. 🔭
🧬නොදන්න ජාන විද්‍යාවක් යොදාගෙන කර්ම ඵල නැතැයි කියයි. ජානවල වෙනස්කම් හා ආවේනිය සිදුවීම 100% නූතන විද්‍යාවෙන් පැහැදිලි කරගෙන නොමැතිබව උන්වහන්සේ නොදන්නවා විය හැක. 🧬
බුදුන් වහන්සේ යනු නිකම්ම මිනිසෙක් ලෙස දක්වා සිටී. ඇත්ත බුදුන් යනු මනුස්සයෙක් තමයි. හැබැයි උන්වහන්සේ ආශ්චර්යයවත් මනුස්සයෙක්. රටක නායකයෙක්, ලෝක නායකයෙක්, ලෝකය පුරාම කීර්තිය පැතිරෙන් ක්‍රීඩකයෙක්, කලාකාරයෙක්, දාර්ශනිකයෙක් කියන්නෙ නිකන්ම මනුශ්‍යයෙක් නොවේ ආශ්චර්යයක් ඇති පුද්ගලයෙක්. ඒ තරම් ගෞරවයක්වත් තමන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයාට ලබාදීමට නොහැකි නම් තමා මානයෙන් මොන තරම් ඇඳගෙන ඉන්න කෙනෙක්ද?
🛠️ඉතා පැහැදිලිව එම භික්ෂුව ගෙන එන අදහස් පරණ මාක්ස්වාදියෙක් කියන අදහස් වලට අනන්‍යවන්නේ උන්වහ්සේට පරණ මාක්ස්වාදියෙක්ට වඩා පාලි හා ත්‍රිපිටක දැනුම ඇති නිසා පමණි. නමුත් පළකරන අදහස් වල අවසන් සාරය එකයි.
ධර්ම අවබෝධය ගැන ඉතාම වැදගත් තැනක් වන සංස්කාර දුක විස්තර කිරීමට දහම්පාසල් පොතේ එන විග්‍රහයටත් වඩා අඩු විග්‍රහයක් උන්වහන්සේට තිබීම මෙන්ම, ගැඹුරු බෞද්ධ දාර්ශනික කාරණා බාහිර වචනපද විග්‍රයෙන් කරන්නට යෑම උන්වහන්සේ ඉන්න තත්වය හොඳින් පෙන්වා දෙන්නකි. එය අවදානෙ හිඟන සාමාන්‍ය ලිබ්බෙක් මට්ටමෙන් එහා නොවන බවට හොඳ සාක්ෂියකි.
බෞද්ධයන් කලයුතු වන්නේ ඉතා විමසීමෙන් මේ දේවල් ගැන සොයා බලා තීරණ ගැනීමයි
නවීන විද්‍යාවේ කිසිම තැනක පුනර්භවය හෝ කර්ම සංකල්ප බොරු කියා කියන්නට සාක්ෂි ලැබී නැත. ඒ ගැන කැමති ඕනෑම කෙනෙකුට ඒවා තහවුරු කෙරෙන පැත්තටද කෙරුණ පර්යේෂණ බොහොමයක් සොයාගත හැක.
තමන්ට ඇති අවබෝධය හා දැනුමේ මට්ටමට අදහස් පල කිරීමට ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත. හැබැයි ඒ දේ තමයි හරි කියා තහවුරු කිරීමට කිසිවෙකුට හැකියාවක් හෝ අයිතියක් නැත.
සමාජයේ ප්‍රගමනයට වැදගත් වන්නේ හරවත් ශාස්ත්‍රීය සංවාදය. ඒ සඳහා සමාජයේ පුගලයන් සමතුන් විය යුතුය.
වෛද්‍ය රුවන් ජයසූරිය

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.