News Category
From Date
To Date
Maximum Number of Result

විද්‍යාව උඩින් පල්ලෙන් අතගා අවුරුදු සිරිත් විරිත් මිත්‍යා කියන ලිබ්බෝ හා පුනර්භව සංකල්පය, කර්මය, පින් පවු නැතැයි කියන මහණුන් අතර වෙනසක් නැත.

Apr 15, 2025 at 05:55 PM
|

සිංහල හින්දු අවුරුද්ද යනු අප ලෝකයේ පවත්වන සංස්කෘතික උත්සව වලින් තවත් එක් පැරණිතම එකකි. ලංකාව හැරුණුකොට තවත් රටවල් කිහිපයක් ඒ ඒ රටේ සංස්කෘතික සංකල්ප අනුව සමරන මේ අවුරුදු උදාව ගොඩ නැගී තිබෙන්නේ ජෝතිශ්ය විද්යාව පදනම්වය. රාශි චක්රය හරහා සූර්යයා ගේ සාපේක්ෂ චලිතය අනුව ගැට ගැසී ඇති මේ අවුරුදු උදාව, කිසිඳු දියුණු විද්යාත්මක උපකරණයක් නොමැති වූ ඈත අතීතයේ ආරම්භ වීම හා පැවත ඒමම ආශ්චර්යයක් ලෙස දැක්විය හැකිය.
මිනිස් මනසට උපකරණ වල සහය නොමැතිව මොනතරම් පරාසයක් දක්ව විහිදෙන්නට හැකිද යන්නට තවත් එක් උදාහරණයක් ලෙස සිංහල/හින්දු අවුරුදු උත්සවය දැක්විය හැකිය.
නැකැත්, නක්ෂත්රය සමග බැඳුණු විශ්වාසය වර්තමානයේ දී විද්යාත්මක ප්රබෝධය සමහ අර්බුදයට ගියද, එම ශාස්ත්රයන් මගින් සාමාන්ය සම්භාවිතාවෙන් එහා ගිය නිවැරදි පුරෝකතන ලබාදිය හැකිබවක් ඇතැයි ඇතැම් නූතන පර්යේෂණ මගින් පෙන්වා දෙමින් සිටී. මේ පර්යේෂණ වල සාක්ෂි වල තත්වය විවිධ වුවද නක්ෂත්ර විද්යාවන් නිර්දය ලෙස බැහැර කල නොහැකිබව සැබෑවටම විද්යාව ගැන අවබෝධයක් ඇති ප්රජාවගෙ අදහසයි.
නමුත්,
👉යන්තම් විද්යාව ගැන පොතපත කියවූ, මාක්ස්වාදය, භෞතික වාදය එහෙන් මෙහෙන් අතාගාගත් පුද්ගලයන්
👉රටක සංස්කෘතික මූලයන් විනාශකරන්නට හිතාමතාම කටයුතු කරන දේශපාලන සංවිධාන, ආගමික සංවිධාන, බඩගෝස්තරවාදී සංවිධාන හා බැඳුණ පුද්ගලයන්
මේ පැරණි විද්යාමක පද්ධතතීන් නිර්දය ලෙස විවේචනය කරනවා පමණක් නොව, කල් යල් බලා සමාජමාධ්ය වල කෙකරගානවා දැක ගත හැකිය.
ඔවුන්ගේ මූල ගොදුරු වන්නේ, දැනුම, ආකල්ප හා සංස්කෘතික වටිනාකම් වලින් පිරිහී සිටින අලුත් පරපුරේ තරුණ තරුණියන්ය. "පුද්ගලාර්ථය හා මිල මත දුවන" මනසක් ඇති සදාචාරය අයිස්මෙන් මිදුනු මනසක් ඇති පුද්ගලයන් ඉතා පහසුවෙන් ගොදුරු කරගන්නට ඊනීයා ලිබ්බන්ට හැකිය. ශ්රි ලංකා ක්රියාත්මක වන සමාජයේ එවන් ලිබ්බන් බොහොමයක අතර සමාන ලක්ෂණ දැකිය හැකිය.
පුද්ගලික ව මා දන්නා හා දැක ඇති අයගේ ස්වභාවය අනුව
👉බටහිර රටක/ ඔස්ට්රේලියාවේ පදිංචි වී හෝ බොහෝ කාලයක් එවන් රටක ජීවත්වූ අයෙක් වීම
👉බහුතරයක් ක්රිස්තියානි ආගමට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉බෙදුම්වාදී අදහස් දරන පැරණි LTTE ඩයස්පොරාවට කොහෙන් හෝ සම්බන්ධ වීම
👉මාක්ස්වාදය කොහෙන් හෝ ගෑවුන දේශපාලන ව්යාපාරයක තවමත් සිටීම හෝ අතීතයේ සිටි අයෙක් වීම
👉අවධානය ලබා ගැනීමට ඉතා කැමති හා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැමති අයෙක් වීම
👉 යම් මට්ටමක අධ්යාපනයක් ලැබූ හා ජීවත් වෙන්න කරන රැකියාව පැහැදිලි නොවීම.
තවත් අපූරු කාරණාවක් දකින්නට ලැබුණි. ඒ බෞද්ධ භික්ශුවක් ලෙස සිය අනන්යතාව පෙන්වන පුද්ගලයෙක්, YouTube නිවේදකයෙක් සමග එක්වී සිදුකරන වැඩසටහන් මාලාවක පළකරන අදහස් වල අඩංගුවයි.
උක්ත භික්ෂුව ඔහු රාජකීය පණ්ඩිත කෙනෙකු ලෙස හුවා දක්වන අතර, විශ්වවිද්යාලයක බාහිර කථිකාචාර්ය වරයකු ලෙස යම් කලක් සේවය කල ඇති බව කියා සිටී. ත්රිපිටකය ගැන ව්යක්ත කෙල පැමිණි දැනුමක් ඇති අයෙක් ලෙස අදහස් පලකරන උන්වහන්සේ බොහෝ සූත්ර ඔහුට අවශ්ය පරිදි අර්ථ දක්වන බවක් පෙනෙන්නට තිබේ.
උන්වහන්සේ පල කරන අදහස් වලට පිළිතුරු බොහොමයක් අනෙකුත් භික්ෂුන් වහන්සේලා ලබාදෙන අයුරුද YouTube වලම දැකිය හැකිය. එහිදී උක්ත භික්ෂුව ත්රිපිටක සාක්ෂි ලෙස දක්වන සූත්ර හා අර්ථකථන මොන තරම් විකෘති ආකරයකින් සිදුකොට ඇති බවද යන්න ඉතා හොඳට පෙනීයයි.
🤣🤣හාස්යජනකම කාරණය වන්නේ, පුනර්භවය හා සංසාර ගමන ගැන උන්වහන්සේ පළකරන අදහස් වලට නූතන විද්යාව භාවිතා කරන ආකාරයි. "සේපියන්" පොත හා එහෙන් මෙහෙන් කියවා ලබාගත් විද්යාත්මක මූලාශ්ර මත උන්වහන්සේ පුනර්භවය හෝ අනන්ත සංසාරගමනක් ( බුදුන් අසංඛ්ය කල්ප ගාණක් පෙරුම්පුරන්නට මානව පරිනාම කතාව දිග මදි කියා කියයි) තිබිය නොහැකි බව කියයි. අතීත භවයක් නැත්නම් අනාගත භවයක්ද නැතැයි කියයි.
උන්වහන්සේ ට කාලාවකාශය ,කොන්ටම් භෞතික විද්යාව, සාපේක්ෂතාවාදය පොඩ්ඩක් කියා දීමට තුබුනානම් අනන්ත සංසාරය හෝ පුනර්භවය ඇත්තක් හෝ බොරුවක් උවද ඒවා උන්වහන්සේ දන්න විද්යාවෙන් නැහැයි කීමට නොහැකි බව තේරුම් ගන්නවා ඇත. 🔭
🧬නොදන්න ජාන විද්යාවක් යොදාගෙන කර්ම ඵල නැතැයි කියයි. ජානවල වෙනස්කම් හා ආවේනිය සිදුවීම 100% නූතන විද්යාවෙන් පැහැදිලි කරගෙන නොමැතිබව උන්වහන්සේ නොදන්නවා විය හැක. 🧬
බුදුන් වහන්සේ යනු නිකම්ම මිනිසෙක් ලෙස දක්වා සිටී. ඇත්ත බුදුන් යනු මනුස්සයෙක් තමයි. හැබැයි උන්වහන්සේ ආශ්චර්යයවත් මනුස්සයෙක්. රටක නායකයෙක්, ලෝක නායකයෙක්, ලෝකය පුරාම කීර්තිය පැතිරෙන් ක්රීඩකයෙක්, කලාකාරයෙක්, දාර්ශනිකයෙක් කියන්නෙ නිකන්ම මනුශ්යයෙක් නොවේ ආශ්චර්යයක් ඇති පුද්ගලයෙක්. ඒ තරම් ගෞරවයක්වත් තමන්ගේ ආධ්යාත්මික ගුරුවරයාට ලබාදීමට නොහැකි නම් තමා මානයෙන් මොන තරම් ඇඳගෙන ඉන්න කෙනෙක්ද?
🛠️ඉතා පැහැදිලිව එම භික්ෂුව ගෙන එන අදහස් පරණ මාක්ස්වාදියෙක් කියන අදහස් වලට අනන්යවන්නේ උන්වහ්සේට පරණ මාක්ස්වාදියෙක්ට වඩා පාලි හා ත්රිපිටක දැනුම ඇති නිසා පමණි. නමුත් පළකරන අදහස් වල අවසන් සාරය එකයි.
ධර්ම අවබෝධය ගැන ඉතාම වැදගත් තැනක් වන සංස්කාර දුක විස්තර කිරීමට දහම්පාසල් පොතේ එන විග්රහයටත් වඩා අඩු විග්රහයක් උන්වහන්සේට තිබීම මෙන්ම, ගැඹුරු බෞද්ධ දාර්ශනික කාරණා බාහිර වචනපද විග්රයෙන් කරන්නට යෑම උන්වහන්සේ ඉන්න තත්වය හොඳින් පෙන්වා දෙන්නකි. එය අවදානෙ හිඟන සාමාන්ය ලිබ්බෙක් මට්ටමෙන් එහා නොවන බවට හොඳ සාක්ෂියකි.
බෞද්ධයන් කලයුතු වන්නේ ඉතා විමසීමෙන් මේ දේවල් ගැන සොයා බලා තීරණ ගැනීමයි
නවීන විද්යාවේ කිසිම තැනක පුනර්භවය හෝ කර්ම සංකල්ප බොරු කියා කියන්නට සාක්ෂි ලැබී නැත. ඒ ගැන කැමති ඕනෑම කෙනෙකුට ඒවා තහවුරු කෙරෙන පැත්තටද කෙරුණ පර්යේෂණ බොහොමයක් සොයාගත හැක.
තමන්ට ඇති අවබෝධය හා දැනුමේ මට්ටමට අදහස් පල කිරීමට ඕනෑම කෙනෙක්ට අයිතියක් ඇත. හැබැයි ඒ දේ තමයි හරි කියා තහවුරු කිරීමට කිසිවෙකුට හැකියාවක් හෝ අයිතියක් නැත.
සමාජයේ ප්‍රගමනයට වැදගත් වන්නේ හරවත් ශාස්ත්රීය සංවාදය. ඒ සඳහා සමාජයේ පුගලයන් සමතුන් විය යුතුය.
වෛද්‍ය රුවන් ජයසූරිය

සම්බන්ධිත පුවත් | Related News

බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප්‍රිය මතවාදයට එහා ගිය

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.