
රාජ්‍ය සේවක පඩි හා මහාචාර්ය ලියනගේ අමරකීර්ති උද්දාමය..
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි. උගත්කම හේතුවෙන්ම ලද මහත් සිවිල් සමාජ බලයක් පරිහරණය කරන නමුදු, මේ උගතුන් පොදු ජනයා පෙළන වත්මන් සමාජ අර්ථ ක්‍රමයේ සාහසික ප්‍රවාහයන්ට එරෙහිව කිසිවක් කිරීමට නොව - එවැන්නක් ගැන සිතීමට පවා බිය වෙති. එනමුත් ඉතා ඉහළ අතිරේක දීමනා, නිදහස් වාහන බලපත්‍ර, නිසරු විදෙස් සංචාර බඳු පොදු ජනයා හට අහිමි ආර්ථිකමය වරදාන ඉදිරියේ දී ඔවුන් ගේ මේ නෝංජල් හා උකටලී ස්වභාවය වහා අතුරුදන් වේ. එබඳු දෑ වෙනුවෙන් - මහජන මුදලින් උගෙන, මහජන මුදලින්ම යැපෙන මේ උගතුන් ඒ ඒ අවස්ථාන්හි දී පවත්නා රජය ට එරෙහිව - 'මහජන මුදලින්' කිසියම් වරදානයක් ලබා ගැනීම වෙනුවෙන් මාරාන්තික සටනක යෙදෙති.
2012 වසරේ දී අපේ සරසවි ඇදුරෝ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් [Gross Domestic Product (GDP)] 6% ක් වෙන් කරන ලෙස ඉල්ලා මහත් උද්ඝෝෂණයක් සිදු කළහ. තෙමසකට වැඩිකලක් සිසුන් වෙත ඉගැන්වීමෙන් වැළකී, වීදි සටන් කළ හ. බැලූ බැල්මට නම් මේ සටන, මෙරට පොදු ජනයා වෙනුවෙන් කෙරූ සටනෙකි. ඉක්බිති රජය එකවැරම මේ සරසවි ඇදුරන් ගේ වැටුප් හා දීමනා තුන් හතර ගුණයකින් ඉහළ දැමූ හ. එවිට ලක්ෂයක් හමාරක් වැටුප් ලැබූ මේ සරසවි ඇදුරන් ගේ මාසික ආදායම, ලක්ෂ හතරහමාරක් පහක් දක්වා ඉහළ නැඟිණ. ඉක්බිති ඔවුන් ගේ සටන නැවතිණ. එදවස ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන්, අපගේ සුවිශේෂී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ මුදල් ප්‍රමාණය, ප්‍රතිශතයක් ලෙස සැළකූ කල, 1.5% ක් පමණ විය. ඉන් දස වසක් ඉක්ම ගිය තැන, එනම් 2022 වසර වන තෙක් ද - එම ප්‍රතිශතය නොවෙනස්ව පැවතිණ. එනමුත් මේ අවනඩුව පිළිබඳව අපේ සරසවි ඇදුරෝ 'මීක්' නොකීහ. අනතුරුව ඉන්ද්‍රජාල මායාකරුවන් බඳු අපේ උසස් මූල්‍ය නිළධාරීන්, කිසියම් විශේෂ ගණනය කිරීම් වැලක් සිදුකොට, 2023 වසරේ දී අදාල ප්‍රතිශතය 8.68 % ක් බවට වාර්තා පිළියෙල කළහ. 2023 වසරේ දී මෙරට නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙළෙහි කිසිදු විශේෂ වෙනසක් සිදු නොවූ බවත්, බංකොලොත් ලංකාවේ පොදු ජනයා ගේ ජීවිතය අවරින් අවරට ඇද වැටුණු බවත්, මෙරට ජීවත් වූ කිසිවෙකුටත් රහසක් නොවේ. මෙබඳු සංඛ්‍යා ලේඛන විජ්ජා මඟින් මෙලොව කිසිදු රටකට ආර්ථික ජයග්‍රහණයන් අත් කර ගත නොහැක. මෙරට පොදු ජනයා දැන් මෙබඳු සංඛ්‍යා ලේඛන විජ්ජා මගින් ප්‍රමෝදයට පත් කොට, කුල්මත් කිරීමට ද නොහැක. මේ මෙරට පොදු ජනයාගේ මුදලින් උගත් විද්‍යාර්ථීන් ගේ පංති ක්‍රියාකාරිත්වය පිළිබඳ, එක් අවාසනාවන්ත හා විළි ලජ්ජාව උපදවන සුළු උදාහරණයක් පමණි.
ලංකාවේ පංති සටන තුළ - මහජන මුදලින් උගෙන, එයින්ම නඩත්තු වන අපේ වෛද්‍යවරුන් ගේ, ඉංජිනේරුවන් ගේ හා රාජ්‍ය පරිපාලන නිළධාරීන් ගේ සැබෑ චර්‍යාව හෙවත් පංති ක්‍රියාකාරිත්වය ද මෙයට කිසිසේත්ම අසමාන නොවේ. ගැඹුරු විශ්ලේෂණකින් නොව, බැලූ බැල්මට වුව, පොදු ජනයා ගේ සාමාන්‍ය දිවිපෙවෙතට වඩා වෙනස් අයුරේ, කිසියම් විනෝදකාමී ජීවිතයක් ගත කිරීමට මහත් සේ ආශා කරන, සිවිල් බලයක් සහිත මේ නිදහස් අධ්‍යාපනයේ උගතුන්, ලංකාවේ පංති සටනේ දී - කිසිවිටෙකත් මෙරට පොදු ජනයා නියෝජනය නොකරති. අවසාන විග්‍රයේ දී ඔවුන් නියෝජනය කරනුයේ, ස්වාර්ථයම අනුදත් මෙරට සාහසික අධිපති පංතිය යි.
(මුහුණුපොතෙන් උපුටාගන්නා ලදී.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
