ස්ත්‍රී දූෂකයා, අපරාධකරුවා සහ හමුදාව
හැම හමුදාවකටම "හර පද්ධතියක්" තියෙනව. රටින් රටට මේවා සුළු ප්‍රමාණයකින් වෙනස්:-
දේශප්‍රේමය, විනය, පක්ෂපාතීත්වය, අවංකභාවය, ගෞරවය, දැණුම, ධෛර්යය, නිර්භීතකම, සමගිය, කැපවීම.
හමුදාවක පුහුණුව, කාර්‍ය, ප්‍රවේශය, පුද්ගල ආකල්ප, කේන්ද්‍ර වෙන්නේ මේ හරයන් තුලටයි.
මේ හරයන් හමුදාවෙ විතරක් නෙවෙයි, බහුතරයක් පුරවැසියන්ගේ අඩු-වැඩියෙන් පිහිටල තියෙනව. ඔබ හමුදාවට බැඳුනොත් මෙව්ව ඉස්මතු කරවනව විශේෂයෙන්ම පුහුණුවේදී සහ ඉන් පස්සෙ වෘත්තීය ජීවිතයේදී. හැබැයි හැමෝටම ඒක දරාගන්න බෑ. එහෙම අය හමුදාව අතෑරල යනව.
ඒ අයගේ මේ හරයන් ආරෝපණය වෙන්නෙ නෑ.
දැං ඔන්න එහෙම ගියාම එයා තව දුරටත් සෙබලෙක් නෙවෙයි. හමුදාවෙ ඉන්දැද්දිත් මේ හරයන් මූලික හරයන් කර නොගත්තොත් ඔහුත් සෙබලෙක් නෙවෙයි.
අර "චීවරධාරියා" කියන වචනෙන් කියැවෙන්නෙ බුදුන් ගේ මග නොයන පැවිද්දන්ට. ගරුතර මහා සංඝරත්නයට නොවෙයි. අන්න ඒ වගේ.
දැං එහෙව් එකෙක් අපරාධ කලාම, ඒක හමුදාවේ ආභාෂයෙන් කියල හිතන්න, කියන්න තරං ගොබ්බ වෙන්න එපා. එහෙව් එවුං චීවරයක් දරාගෙන සාසනේ හිටියත්, වෛද්‍ය කබායක් දාගෙන ඔපරේෂන් තියටර් එකක හිටියත්, ශිෂ්‍යයො පිරිවරාගත් ඇදුරුතුමෙක් උනත් ඒ හැසිරීම එහෙමමයි. ඒක නිකං මොඩිලිං කරන හැම යුවතියක්ම, එහෙම නැත්තං හැම නිලියක්ම ගණිකාවක් කියනව වගේ නොහොබිනා කතාවක්.
තව ජාන වලින් ගේන කොටසකුත් තියෙනව. ලමාවිය ගතකරපු පරිසරයෙන් ලැබෙන කොටසකුත්
තියෙනව. එව්වට වෘත්තිය වගකියන්න ඕනෙ නෑ සහ වග කියන්නත් බෑ. ඔය අපරාධ කාරයින්ගේ පසුබිම් අධ්‍යයන වාර්තා ටිකක් අරං බැලුවොත් මේ කාරනා පැහැදිලි වෙනව.
ඵනිසා විනයගරුක ත්‍රිවිධ හමුදාවට අගෞරව නොකර දූෂකයාට උපරිම දඩුවමි දිය යුතු අතර මෙවැනි දෑ ඉදිරියට ඇති නොවීමට කළහැකි සියලු දෑ කල යුතුව ඇත.
ඔය මාධ්‍යකරණයේ යෙදෙන හොද සිත් ඇති උදවියත් මේ කාරනා දැනගන්නෝන සහ එහෙම දැන
විශ්‍රාමික හමුදා නිලධාරියෙකුගේ සමාජ මාධ්‍ය ගිණුමකින් උපුටා ගැනීමකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..