'ෆ' අක්ෂරය හඳුන්වාදී වසර 114 ක්
'ෆ' අක්ෂරය හඳුන්වාදී වසර 114 ක්
හෙළ බසට "ෆ" එකතු කළ විද්වතාණෝ
හෙළ බසට "ෆ" ශබ්දය නැඟීමට අක්ෂරයක් නොමැති වූ නිසා "ප" අක්ෂරය මත ඉංග්‍රීසි හෝඩියේ"F” අකුර රදවා "ෆ" අක්ෂරය හඳුන්වා දුන්නේ මීට වසර 114 කට ඉහතදී 1896 "ඥානදර්ශනය"සඟරාවේ මංගල කලාපයේය. ඔහු නමින් බලපිටිය වලව්වේ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර විජය ශ්‍රී වර්ධන වාසල මුදලිතුමාය. ජ'මන් ජාතික විල්හෙල්ම් ගයිගර් මහතා පවසා ඇත්තේ ලංකාවේ පමණක් නොව යුරෝපයේ පවා එවන් පුළුල් භාෂා ඥානයක් ඇති අයෙකු සොයා ගැනීමට අපහසු බවයි.
1860 ජූනි මස 14 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ග්‍රාමයෙහි තිරිමාදුර බස්තියන් මැන්දිස් මුදලිතුමාට සහ අසේයා ද සොයිසා මැතිණියට දාව තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර උපත ලැබීය. හෙතෙම බලපිටියේ රංදොඹේ වෙස්ලියන් විද්‍යලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීය. පාසලේ සෑම අංශයකින්ම විශිෂ්ඨ ලෙස දස්කම් පෙන් වූ හෙතෙම ඉංග්‍රීසි ආණ්ඩුවේ ලිපිකාර විභාගයෙන් ඉහළින්ම සමත් විය. අවුරුදු 20 දී ඒජන්ත කාර්‍යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ හෙතෙම ඒ අතරතුර වස්කඩුව ශ්‍රී සුභූති නාහිමියන් යටතේ පාලි,සංස්කෘත භාෂා හදරන්නට විය.1901 වර්ෂයේදී හෙතෙම "විජය ශ්‍රී වර්ධන " යන ගරු නාමයක් සහිත මුදලිදු පදවියෙන් පිදුම් ලැබීය.
යුරෝපීය ඇදුම් ආයිත්තම් අගය නොකළ හෙතෙම සිය බොදු පිළිවෙත් වෙනස් නොකළේය. භාෂා පරිවර්තකයෙක් ලෙස සේවය කළ ඔහු සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, මැලේ, ප්‍රංශ, ලතින්, ජර්මන් සහ ග්‍රීක් යන භාෂාවන් හී ප්‍රවීණයෙක් විය.
සිංහල ශබ්දකෝෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මෙතුමා ඉංග්‍රීසි-සිංහල, සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂ දෙකෙහී ආදි කතෘ ද විය. මෙම කෘති දෙක 1905 දී එළි දැක්වූ අතර 1915දී වචන 20,000 ක එකතුවක් ඇති සිංහල -ඉංග්‍රීසි ශබ්දකෝෂය ලියා අවසන් කළේය.
සිංහල බසට සාහිත්‍යයට බුදු දහමට අනගි මෙහෙවරක් කළ තිරිමාදුර එබ්‍රාහිම් මැන්දිස් ගුණසේකර 1931 පෙබරවාරි 9 වන දින සදහටම දෙනෙත් පියා ගත්තේය.
වත්මනේ ඔහු විසින් සිදු කළ ඒ අප්‍රමාණ සේවය අගය නොකිරීම කණගාටුවට කරුණකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..