බටලන්දෙන් ඔබ්බට... මහාචාර්ය අතුල සුමතිපාල
මේ දිනවල බටලන්ද යලි කරලියට ඇවිත් තිබේන හෙයින් ඒ ගැන කතා කරන්න මට යුතු කමක් වගකීමක් වගේම අයිතියක් ද ඇති බව මගේ අදහසයි.
බටලන්ද හා වැඩියෙන්ම බැදුන නම නීතිඥ විජේදාස ලියනාරච්චි ය. විජේදාස සහෝදරයව මම හදුනන්නේ නීතිඥයෙක් වෙන්නටත් බොහෝ කලකට පෙර පංචිකාවත්ත පක්ෂ කාර්යාලයේදී ඉද හිට මුණ ගැහුනු සමයේ සිටය. ඔහු මට වැඩියෙන්ම ලංව කටයූතු කරන්නේ 1979 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී ය. එවකට මම වෛද්‍ය ශිෂ්‍යයෙක්මි.
මම, නිහාල් අබේසිංහ හා දර්ශන වීරසේන ඒ දිනවල ගාල්ලේ පදිංචි වෙලා චන්දෙට වැඩ කලා. ගාල්ලේ ප‍්‍රධාන පක්ෂ කාර්යාලය පිහිට තිබුනේ ගිංතොට අපේ තාත්තගේ මහා ගෙදර. චන්දයේ ප‍්‍රධාන කථිකයකු වූනු විජේදාස සහෝදරය නැවතිලා හිටියේත් එහෙ. මට ඔහු අවසාන වතාවට මුණ ගැහුනේ 1988 ජුලි 19වන දින මාව පැහැර ගැනීමට සති දෙකකට පමණ පෙර ය. ඒ් දින රෝගාතුරව සිටි ඔහුගේ මෑණියන් මහ රෝහලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලූවේය.
මව සුවවී නැවත නිවසට යන විට එවකට මා වෛද්‍ය වෘත්තියේ රාජකාරියට මෙන්ම යම් ආකාරයක පක්ෂයේ සම්බන්ධිකරණ කටයුතු සදහා යොදාගත් වෝඞ් පෙදෙසේ පෞද්ගලික රෝහලට පැමිණි ඔහු මට ස්තූති කර ගියාය.
මා පැහැර ගත් පසුව අප වෙනුවෙන් කල නීති කෘත්‍යයන් වලිදී ද ඔහු උසාවියට පැමිණ ඒවා ගැන සොයා බැලූ බව මට මගේ පියාත් බිරිදත් කියා ඇත.
ගම්පහ වදකගාරයෙන් සපුගස්කන්ද පොලිසියට මා ගෙනගිය පසුව ඒහි පැමිණි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා මගෙන් විමසුවේ ” විජේදාස ලියනාරච්චි අවසාන වතාවට මුණගැහුනේ කවද ද? කුමකට ද? කියා ය. ඒ වන විට විජේදාස සහෝදරයා මරා දමා තිබිණි. ඒ නිසා මා සත්‍ය කතාව ඔහුට පැවසීය. ඒවිට පොලිස්පතිවරයා කියා සිටියේ ඔහු ද කිවේ ද ඒ ටිකම යන්නයි. ඔහු මොනතරම් දේවල් රැක තිබුන ද යන්න ට එය ම සාක්කියකි.
බටලන්ද ගැන කතා කල යුතුය. ක‍්‍රියා කල යුතුය. එහෙත් ඉන් ඔබ්බට කතා කල යුතු වදකාගාර බොහෝ ඇත.
1987 නොවැම්බර 13 පැහැර ගෙන ගොස් මරා දැමු සත්‍යපාල වන්නිගම ගේ කතාවද විජේදාස සහෝදරගේ කතාවට සමානය. 1983 නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස ජවිපෙ තහනමින් පසු ( ඇයි මම එහෙම කියන්නේ? 1983 වන විට ජවිපෙ තහනම් කලේ අල්පෙනෙත්තක් හෝ එකතු නොකළ අවදියක* ඔහු, මම, පක්ෂ ලේකම් ලයනල් බෝපගේ, වත්මන් ජාතික ජනබලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ, භාන්ඩාගරික සෝමරත්න කලූආරච්චි, පසුකලෙක ජවිපෙ මන්ත‍්‍රීවරයකු වූ විජිත රණවීර ඉංජිනේරුවන් වූ ලලිත් චන්ද්‍රසිරි හා විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු 13 දෙනෙකු හතර වන තට්ටුවේ රදවා සිටියේය.
1983 දෙසැම්බරයේ නිදහස් වුවාට පසුව ලලිත්, විජිත, මම හා වන්නිගම බොහෝ ලගින් කටයුතු කල අතර යටිබිම් ගත නොවීය. වන්නිගමගේ සහෝදරයාගේ මවද රෝගාතුරව මහා රෝහලට ඇතුල් කර ගැනීමට ඔහු මගේ උදව් ඉල්ලූවේය. අම්ම සනීප වෙලා ඇය හම්බන්තොට දබරැල්ල, කාරියමඩිත්තට වාහනයකින් ගෙන යාමට ලොකු මුදලක් ඉල්ලූ නිසා මමත් මගේ බිරිදත් වන්නිගම හා ඔහුගේ මව එහි ගෙන ගියේ මගේ රථයෙනි. වන්නිගම මරාදැමුවේ ඊට මාසයකට පමණ පසුව ය. වන්නිගම කට ඇරියේ නම් මා පැහැර ගැනීමට තවත් මාස හත අටක් ගත වන්නේ නැත.
ඒ වගේම 1990 දී පක්ෂය නැවත ගොඩනැගීමට මම, කිතුලේගොඩ මෙන්ම තවත් අය සමග දඩි කැපවීමකින් මැදිහත් වූ භාෂා ගණනාවක් කතා කල තරු පහේ හෝටල් කළමණාකරුවෙකු වූ කොළොන්නාවේ වීතානගේ සහෝදරයා පැහැර ගෙන ගොස් දස වද දුන්නේ බටලන්ද වධකාගාරයේදී ය. මරා දැමුවේ ගම්පහ වදකගරයේදීය.
වීතානගේ සහෝදරයා ව දස වධ දී මරා දැමිම, ඇසි දුටු ජීවමාන සාක්ෂි කරුවක් ඒ කාලයේ ලේඛන ගත කල තොරතුරුද අදටත් අප සතුය. එහි සදහන් ව ඇති අයුරෙන් ඔහු ද කෙල බිදක් වත් හැලූවේ නැත.
මා රදවා සිටියේ ගම්පහ පොලිසියට අයත් වධකාගාරයකය. බටලන්දට සාපේක්ෂව එහි දී දුන් වද බන්ධන අඩු බව මා අසා ඇත. එහෙත් මා විදි වද බන්ධන වල බරපතල කම දන්නා මට විජේදාස සහෝදරයා, වන්නිගම සහෝදරයා, විතානගේ සහෝදරයා මොනතරම් බරපතල වද හිංසා ඉවසන්නට ඇත්දැයි සිතා ගැනීමට පුළුවන.
මා මෙහි සටහන් තැබුවේ අදට අදාළ සිදුවීම් කීපයක් පමණකි. එහෙත් මේ ලියමන අවසාන කිරීමට පෙර තැබිය යුතු අත්‍යවශ්‍ය සටහනක් ඇත. ඒ් 1987-90 සන්නද්ධ නැගිටීමේ මුල් වරද කරුවන් ජවිපෙ නොවන බවයි.
1976 හදිසි නිතිය ඉවත් වීමෙන් පසු නිත්‍යානුකුල දේශපාලනයට ජවිපෙ පැමිණියාට පසුව 1983 තහනම දක්වම නිරායුධ ජවිපෙට එරෙහිව මර්ධනය මෙහෙයවූ අයුරු, 1984 දී ජවිපෙ පළමු සමාජිකයා මරා දැමු අයුරු, 1997 දක්වාම එම මර්ධනය තීව‍්‍ර කල අයුරු ඉතිහාසයේ සිදුවූ අයුරින්ම සටහන් කිරීමේ වගකීම අහම්බෙන් ඉතිරි වූ අපට පැහැර හැරිය නොහැකි වගකීමකි.
කවුරුන් අකමැති වුවත් තවත් එක සත්‍යයක් සටහන් කල යුතුමය. සන්නද්ද අරගලයට් අද ලෝකයේ කිසිදු තැනක් නැත. අද එය සේවය කරන්නේ රටවල් කැබලි කර වෙන් කිරීමටය. ප‍්‍රතිගමිත්වයටය. එහෙත් එදා 1988 දී ජවිපෙ යුද ගත්තේ රටේ ඒකීය භාවය රැකීමටය. එම සන්නද්ධ නැගිටීම නොවන්නට මේ රට දෙකඩ වන්නේ එදා ය.
ඒ නිසා එම ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු ලෙසකට නොපැකිළෙමි.
ජවිපෙට පමණක් නොව අනෙක් සියලූ පක්ෂ අඩු වැඩි මට්ටමින් මර්ධනය කල අයුරු, උතුරට, දකුණට භීෂණ නිර්මාණය කල අයුරු කරලියට ගෙන යුතුව ඇත. එහෙත් ඒ වෛරය වැපිරීමට නොව ඉතිහාසය නැවත වතාවක් නිර්මාණය වීමට ඉඩ නොදීම සදහා පාඩම් ඉගෙනීමටය යන්න තරයේම අවධාරණය කරමින් මෙම සටහන අවසන් කරමි.
ජවිපෙට එරෙහිව දියත් කල මර්ධනයෙන් අහම්බෙන් ඉතිරි වූ මම
මහාචාර්ය අතුල සුමතිපාල
2025-03-12සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..