News Category
From Date
To Date
Maximum Number of Result

ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම්

Mar 6, 2025 at 09:40 AM
|

තෙල් බෙදාහරින්නන්ගේ ජරමර අස්සේ petroleum එකට අයත් ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම් වෙනවා.
රජයෙන් කිව්වේ ආයතනවල තියෙන වියදම් අධික වාහන විකුණන්න කියලා.ඒ කතාව ඇත්ත. නමුත් මේ විකුණන්න ලෑස්ති කරන්නේ එහෙම වියදම් අධික වාහනද. ඒක තමයි තියෙන ගැටළුව.
වාහනවල maintainence cost එක අධික ද කියලා සොයන්න ක්‍රමවේද තියෙනවා.
ඒ කිසිම ක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව වාහනයේ Number plate එක දිහා බලලා වාහනේ විකුනන්න ලෑස්ති වෙනවා. ඔය Fleet එකේ වියදම් අධිකම වාහන තමයි Hino Prime mover 9 ය. ඒවා දුවන හැම කිලෝ මීටරයකටම පාඩුයි. දුවන හැම කිලෝමීටරයකටම Gearbox repair එනවා.
Spare parts සෑහෙන්න මිල අධිකයි. 2017 brand new මිලදී ගත්ත වාහන වල front windscreen beading එක ලගින් දිරුම් මතුවෙලා . Radiator expansion tank කිලෝමීටර් ලක්ෂ තුනයි දුවන්න පුළුවන්. ඒවා crack වෙනවා . අලුතින් දාන්න එකක් රුපියල් ලක්ෂ 3 ක් වෙනවා. Fleet එකේ අනික් වාහන එක්ක සලකනකොට කල් පැවැත්මත් අඩුයි.
මේ කතා කරන්නේ අවුරුදු නමයක් පෙට්‍රෝලියම් එකේ Automobile function එකේ හිටපු Engineer විදියට.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් අලුතෙන් පත්වුනාම ඒ ආණ්ඩුවට Petroleum එක සම්බන්ධව අභියෝග කීපයක් එනවා.
1. විපක්ෂයෙන් එන බලපෑම්.
2. Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම. ඒකට අදාළ වෙන්නෙ තෙල් බෙදා හරින්නන් සහ පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්.
මේ අය ඔවුන්ගේ වරප්‍රසාද දිනාගන්න අලුත් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා.ඒක සාමාන්‍ය දෙයක්.
මේ ආණ්ඩුවට පෙර අනික් කිසිම ආණ්ඩුවකින් නොතිබිච්ච ප්‍රශ්න ගැටලු ඇතිවී තිබෙනවා.
1. විපක්ෂයෙන් එන දැඩි බලපෑම්.
2. ඇතැම් මාධ්‍ය වලින් එන බලපෑම්.
3.Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම්.
4.තවමත් අනික් පක්ෂ සමග ගණුදෙනු කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් එන බලපෑම්.
5.Petroleum එක ඇතුලේ ඉන්න දූෂිත නිලධාරීන්
මේ ඇතිවන බලපෑම්වලින් බේරීමට petroleum පාලන අධිකාරිය ශක්තිමත් විය යුතුයි.
පළමුව කළ යුත්තේ තම ආයතනය ශක්තිමත් කර ගැනීම. දක්ෂ අවංක මිනිස්සු ළං කර ගැනීම. හැමදේම තමන් දන්නවා කියලා හිතලා වැඩ කරන්න ගියොත් ඇනගන්නවා.
වසර ගණනාවක් පුරාවටම වැරදි මාර්ගයේ ගිය ආයතනයක් තමයි මේ නිවැරදි මාර්ගයට ගන්න හදන්නේ.කෝටි ප්‍රකෝටි ගණන් වංචා වෙච්චි ආයතනයක්.
නමුත් අදටත් සිදු වෙච්ච එක හොරකමක්වත්, මුදල් අවභාවිතා කිරීමක්වත් අල්ලලා නෑ. ඒවා අල්ලනවා වෙනුවට වර්තමාන පාලන අධිකාරිය ඒ හොරකම් අල්ලලා දුන්න මගේ රැකියාව අහිමි කලා. වංචාවට දූෂණයට විරුද්ධව අද හඬ නගන union වල අයට , ආයතනයේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. වර්තමාන පාලන අධිකාරියෙහි මේ දූෂිත පුද්ගලයන් අල්ලන්න කිසිම පියවරක් නොගත්තාට රජයේ ඉහළ තනතුරක් දරන කෙනෙක් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා සිටිනවා. ඒ ගැන මම පසුව සඳහන් කරන්නම්
අපි හන්දියේ තියෙන ෆිල්ම් හෝල් එකෙන් හොඳ සටන් චිත්‍රපටියක් බලලා ඒකෙන් එළියට ආවට පස්සේ ඒ ආපු ගැම්මට හන්දියේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් එකේ විජේ අය්යාගෙන් පරණ ඇරියස් එකකට ගේම ඉල්ලලා හරියන්නෑ. ස්ටෑන්ඩ් එකේ ඔක්කෝගෙන්ම කන්න වෙනවා සුපිරියටම.
ඊයේ පෙරේදා තෙල් බෙදා හරින්නන් රටේ ලොකු කලබලයක් ඇතිකරා.
ඒ එන්නේ කසකාරයා පෙරහැර තාම ආවේ නෑ.
හැබැයි පෙරහැර මග එනවා.
රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ඒක අපි පිළිගන්නවා. පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්ටත් ප්‍රශ්න තියෙනවා. කොයි වෙලාවේ හරි එයාලගේ ප්‍රශ්නත් එයාලා කියනවා. ඊට අමතරව පහුගිය රජය කාලේ දුම්රිය මගින් තෙල් බෙදා හරින්න සැලසුම් කරා.ඒක ඉතාමත් ලාභදායකයි. නමුත් අපට ප්‍රමාණවත් දුම්රිය ඉන්ජින් නැහැ. ඒ සඳහා පෙට්‍රෝලියම් එකේ වියදමින් දුම්රිය එන්ජින් ගන්න සැලසුම් කරා. නමුත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් වුනොත් Transport cost එක සැහෙන්න අඩුකර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.
වර්තමාන රජයත් මේ ප්‍රශ්නයට අත දානවා.ඒ අතදාපු දවසට පුද්ගලික ටැංකි රථ හිමිකරුවන් එළියට බහිනවා.
අන්න එදාට Petroleum එකට අයත් Bowser fleet එකේ වටිනාකම දැනෙන්න ගන්නවා. එදාට තමයි මම මේ කියන කතාව මතක් වෙන්නේ. අදට ධාවනය කරන්න පුළුවන් Bowser තියෙන්නේ 143 යි. ඒකෙනුත් තව තව කීපයක් අයින් කරනවා කියන්නේ කොතනින්ද නතර වෙන්න යන්නේ.
2023 අග භාගයේදීත් ඔය වගේම Bowser විකුණන්න සැලසුම් කරා.ඒකට මම සම්පූර්ණයෙන් විරුද්ධ උනා. ඒකට අයත් වුණේ 48 සහ 226 - xxxx කාණ්ඩයට අයත් UD Nissan bowser .
මම ඇහුවා ඉහළ නිලධාරීන්ගෙන් ඇයි ඔය bowser විකුණන්නේ කියලා. එයාල දුන්න උත්තරේ තමයි මේවා දුවන්න රියදුරන් කැමති නෑ කියලා. මං එතකොට ඇහුවා මේ ආයතනය පාලනය කරන්නේ ඔයාලාද රියදුරන් ද කියලා. එතනින් බවුසර් විකුණන එක නතර වුණා. හැබැයි ඔය bowser දුවන්න බෑ කියලා කිව්වේ රියදුරන් නෙමෙයි. නිලධාරීන් තමයි.
.............
ඔය ඇතැම් Bowser දුවන්න බෑ කියන එක පිටිපස්සේ සැඟවිච්ච කාරණාවක් තියෙනවා. 2022 වසරේදී අපි Petroleum එකට අයත් සියලුම bowser වලට gps unit සවිකරා. හැබැයි එතනදි කන්චන විජේසේකර අමාත්‍යවරයාටත් ,එවකට හිටපු සභාපතිතුමාටත්, ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ කෙලින් තීරණ ගත්තට. අපි හොඳ දේට හොඳයි කියල කියන්න ඕනේ.
මොකද ඒක වලක්වන්න සෑහෙන්න අයගෙන් බලපෑම් ආවා. මාව GPS team එකෙන් අයින් කලා. ඊට පස්සේ Audit manager ඉල්ලීම මත සභාපතිතුමාගේ නියෝගයෙන් මාව නැවතත් Team එකට ගත්තා.
Petroleum එක ඇතුලේ රියදුරන් සහා රිය සහායකයන් වර්ග දෙකක් ඉන්නවා.
බහුතරයක් ඉන්නේ අවංක රියදුරන් සහ සහායකයන්. සුළුතරයක් ඉන්නවා running tank එකෙන් ඩීසල් හොරකම් කරන අය. මේක බොහොම සරුවට මේ අය කරගෙන ගියා. GPS හයි කරාට පස්සේ මේක කරන්න බැරි වුණා. හොරකම් කරන්නේ නැති රියදුරන්ට මේක කිසිම ප්‍රශ්නයක් නෑ.ඒ අය අදටත් Bowser ධාවනය කරනවා. අර හොරකම් කරන කෙනෙකුට සමහර පරණ bowser හම්බුනාම නොයෙක් ලෙඩ කියලා දුවන්න බෑ කියනවා.
2023 ද ඔය ප්‍රශ්නෙ ආවම ඔය වාහන ටික අපි ගරාජ් එකට ගෙන්නුවා. වාහන ටික අපි සම්පූර්ණයෙන් පරික්ෂා කරා.කිසිම Repair එකක් කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඔය වාහන අපි අපේ Test drivers ලා යොදා ගෙන test run දිව්වා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ.
මේ බලධාරීන් කරන්න ඕනේ මේ ආණ්ඩුව ඉදිරි ගමනක් යන්න නම් Petroleum එක ශක්තිමත් කරන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ bowser fleet එක ශක්තිමත් කරගන්න වෙනවා.
ඔය 48 ,266 කියන bowser UD NISSAN 450 වර්ගයට අයත්. මේවායේ එන්ජින් කිසිම ප්‍රශ්නයක් නැතුව කිලෝ මීටර් ලක්ෂ දහයක් දුවන්න පුළුවන්.
දැන් මේවා හැම එකක්ම කිලෝමීටර ලක්ෂ දහය දුවලා මීටරේ බින්දුව වෙලා ආයිත් දුවන ඒවා. මේ හැම එකකම වගේ Engine overhaul , Gear box overhaul කරලා තියෙන්නේ. මේ හැම එකකම Chassis විතරයි japan වලින් ආපු එකකට තියෙන්නේ. ඉතිරි සියලුම spare parts මාරු වෙලා තියෙන්නේ.
මේ හින්දා Petroleum එකට හොද strategic plan එකක් තියෙන්න ඕනේ.
Distribution function එකට, Automobile function එකට හොද Strategic plans තියෙන්න ඕනේ. නැතිනම් ඇණගන්නවා සුපිරි ඇණ ගැනිල්ලක්. හැබැයි ඒ ඇණගැහිල්ල නතර වෙන්නේ රටේ මහජනතාව ආයිත් තෙල් පෝලිම්වල තියලා.
හැබැයි ඉතින් ඔය ඇතුලේ ඉන්න දූෂිත පුද්ගලයොත් එක්ක ප්ලෑන් හදලා වැඩක් නෑ.දේශපාලන බලයෙන් රැකියාවලට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරුව නිකම්ම ඉඳලා දේශපාලන බලයෙන් ප්‍රමෝෂන් ගත්ත අයත් එක්ක ප්ලෑන් හදලා වැඩකුත් නෑ.
ඔය පෙට්‍රෝලියම් එකේ Bowser fleet එක අනාගතයට ගැලපෙන විදියට කොහොමද manage කරන්නේ කියලා මීට කලින් මම ලිපියකින් කිව්වා. ඒ ලිපියේ තියෙන දේවල් කරනවානම් රජයට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න. එහෙම කිව්වේ අනාගතය මට පේන හින්දා.
මේ රටේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ දූෂිත දේශපාලනයෙන් පීඩා වින්දා.ඒ හින්දා තමයි මිනිස්සු මේ රජය පත් කළේ.හැබැයි මේ රජය වැටුණොත් ආයේ එන්නේ දූෂිත දේශපාලනයක්.
නමුත් රජයේ ඉන්න මේ වගේ නිලධාරීන් හින්දා මේ රජය අපහසුතාවයට පත් වෙනවා.
මේ රජය පත් කරන්න අපි කටයුතු කළා වගේම මේ රජයේ අඩුපාඩු පෙන්නලා දෙන්නත් අපිට අයිතියක් තියෙනවා. ඒ කරන්නේ මේ ආණ්ඩුව වැටිලා නැවතත් දූෂිත රජයක් පත්වීම වැළක්වන්න. මොකද ඊළඟට එන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා.
අවසානය කියන්න තව දෙයක් තියෙනවා මීට කලින් වාහන විකුණන්න යනකොට ටැංකි වල lid ඇරලා ඒවා වලට වතුර පිරෙන්න ඉඩ හැරියා ඊට පස්සේ ටැංකි මලකඩ කාලා කියලා කිව්වා.. Bowser වල job update කලා engine repair කියලා. Engine under compressions කියලා බොරු reports හැදුවා. හොදට තියෙන turbo ගලෝලා දාලා turbo replacement ඕනේ කියලා කිව්වා. ඒව කරපු එවුන් තාම ඔතන ඉන්නවා. උන්ට හැබැයි ලබන ආත්මෙ ටෙක් එකක අතුගාන්නවත් හම්බවෙන්නේ නෑ. ඒවා ජාතික අපරාධ.
හොඳ දාවන තත්ත්වය තිබ්බ වාහන වාහන වල කොටස් ගලෝගෙන දිරන්න අත ඇරියා. හැබැයි මේ Bowser 5 ට ඒ දේ කරන්න එපා. ඔය වාහන දිහා බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.විශේෂයෙන් මම බලාගෙන ඉන්නවා.
ඒ වගේම හොඳට දුවන්න තියෙන වාහන ටික විකුණලා දාලා අලුතින් වාහන ගන්න අදහස් කරගෙන ඉන්නවනම් ඒ ගැනත් දෙපාරක් හිතන්න. මොකද Scania ,Hino වලට වෙච්ච දේ තමයි ආයිත් වෙන්නේ.
ඒ නිසා කරුණාකර මේ විනාශය නවත්වන්න.
ස්තූතියි,
Former Automobile Engineer- Ceylon Petroleum Storage Terminals Ltd
Eng. GM Nuwan N Wijerathna.
B.Tech (Eng) Automobile Engineering (Hons)(OUSL), AMIE(SL), AMIAE (S.L), AE(ECSL), AMIMechE, SLESA, AUR31116

උපුටා ගැනීම:- Nuwan Wijerathna  ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.