News Category
From Date
To Date
Maximum Number of Result

ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම්

Mar 6, 2025 at 09:40 AM
|

තෙල් බෙදාහරින්නන්ගේ ජරමර අස්සේ petroleum එකට අයත් ධාවනය කළ හැකි තත්ත්වයේ තිබෙන UD Nissan bowser 5 ක් විකුණන්න සූදානම් වෙනවා.
රජයෙන් කිව්වේ ආයතනවල තියෙන වියදම් අධික වාහන විකුණන්න කියලා.ඒ කතාව ඇත්ත. නමුත් මේ විකුණන්න ලෑස්ති කරන්නේ එහෙම වියදම් අධික වාහනද. ඒක තමයි තියෙන ගැටළුව.
වාහනවල maintainence cost එක අධික ද කියලා සොයන්න ක්රමවේද තියෙනවා.
ඒ කිසිම ක්රමයක් භාවිතා කරන්නේ නැතුව වාහනයේ Number plate එක දිහා බලලා වාහනේ විකුනන්න ලෑස්ති වෙනවා. ඔය Fleet එකේ වියදම් අධිකම වාහන තමයි Hino Prime mover 9 ය. ඒවා දුවන හැම කිලෝ මීටරයකටම පාඩුයි. දුවන හැම කිලෝමීටරයකටම Gearbox repair එනවා.
Spare parts සෑහෙන්න මිල අධිකයි. 2017 brand new මිලදී ගත්ත වාහන වල front windscreen beading එක ලගින් දිරුම් මතුවෙලා . Radiator expansion tank කිලෝමීටර් ලක්ෂ තුනයි දුවන්න පුළුවන්. ඒවා crack වෙනවා . අලුතින් දාන්න එකක් රුපියල් ලක්ෂ 3 ක් වෙනවා. Fleet එකේ අනික් වාහන එක්ක සලකනකොට කල් පැවැත්මත් අඩුයි.
මේ කතා කරන්නේ අවුරුදු නමයක් පෙට්රෝලියම් එකේ Automobile function එකේ හිටපු Engineer විදියට.
සාමාන්යයෙන් ආණ්ඩුවක් අලුතෙන් පත්වුනාම ඒ ආණ්ඩුවට Petroleum එක සම්බන්ධව අභියෝග කීපයක් එනවා.
1. විපක්ෂයෙන් එන බලපෑම්.
2. Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම. ඒකට අදාළ වෙන්නෙ තෙල් බෙදා හරින්නන් සහ පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්.
මේ අය ඔවුන්ගේ වරප්රසාද දිනාගන්න අලුත් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරනවා.ඒක සාමාන්ය දෙයක්.
මේ ආණ්ඩුවට පෙර අනික් කිසිම ආණ්ඩුවකින් නොතිබිච්ච ප්රශ්න ගැටලු ඇතිවී තිබෙනවා.
1. විපක්ෂයෙන් එන දැඩි බලපෑම්.
2. ඇතැම් මාධ්ය වලින් එන බලපෑම්.
3.Petroleum එක හා සම්බන්ධව ගණුදෙනු කරන අනික් පාර්ශ්ව වල බලපෑම්.
4.තවමත් අනික් පක්ෂ සමග ගණුදෙනු කරන රාජ්ය නිලධාරීන්ගෙන් එන බලපෑම්.
5.Petroleum එක ඇතුලේ ඉන්න දූෂිත නිලධාරීන්
මේ ඇතිවන බලපෑම්වලින් බේරීමට petroleum පාලන අධිකාරිය ශක්තිමත් විය යුතුයි.
පළමුව කළ යුත්තේ තම ආයතනය ශක්තිමත් කර ගැනීම. දක්ෂ අවංක මිනිස්සු ළං කර ගැනීම. හැමදේම තමන් දන්නවා කියලා හිතලා වැඩ කරන්න ගියොත් ඇනගන්නවා.
වසර ගණනාවක් පුරාවටම වැරදි මාර්ගයේ ගිය ආයතනයක් තමයි මේ නිවැරදි මාර්ගයට ගන්න හදන්නේ.කෝටි ප්රකෝටි ගණන් වංචා වෙච්චි ආයතනයක්.
නමුත් අදටත් සිදු වෙච්ච එක හොරකමක්වත්, මුදල් අවභාවිතා කිරීමක්වත් අල්ලලා නෑ. ඒවා අල්ලනවා වෙනුවට වර්තමාන පාලන අධිකාරිය ඒ හොරකම් අල්ලලා දුන්න මගේ රැකියාව අහිමි කලා. වංචාවට දූෂණයට විරුද්ධව අද හඬ නගන union වල අයට , ආයතනයේ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නේ නෑ. වර්තමාන පාලන අධිකාරියෙහි මේ දූෂිත පුද්ගලයන් අල්ලන්න කිසිම පියවරක් නොගත්තාට රජයේ ඉහළ තනතුරක් දරන කෙනෙක් මේ පිළිබඳව ක්රියාමාර්ග ගනිමින් සිටිනවා සිටිනවා. ඒ ගැන මම පසුව සඳහන් කරන්නම්
අපි හන්දියේ තියෙන ෆිල්ම් හෝල් එකෙන් හොඳ සටන් චිත්රපටියක් බලලා ඒකෙන් එළියට ආවට පස්සේ ඒ ආපු ගැම්මට හන්දියේ ත්රිවිල් ස්ටෑන්ඩ් එකේ විජේ අය්යාගෙන් පරණ ඇරියස් එකකට ගේම ඉල්ලලා හරියන්නෑ. ස්ටෑන්ඩ් එකේ ඔක්කෝගෙන්ම කන්න වෙනවා සුපිරියටම.
ඊයේ පෙරේදා තෙල් බෙදා හරින්නන් රටේ ලොකු කලබලයක් ඇතිකරා.
ඒ එන්නේ කසකාරයා පෙරහැර තාම ආවේ නෑ.
හැබැයි පෙරහැර මග එනවා.
රටේ මිනිස්සුන්ට ප්රශ්න තියෙනවා ඒක අපි පිළිගන්නවා. පුද්ගලික ටැංකි රථ හිමිකරුවන්ටත් ප්රශ්න තියෙනවා. කොයි වෙලාවේ හරි එයාලගේ ප්රශ්නත් එයාලා කියනවා. ඊට අමතරව පහුගිය රජය කාලේ දුම්රිය මගින් තෙල් බෙදා හරින්න සැලසුම් කරා.ඒක ඉතාමත් ලාභදායකයි. නමුත් අපට ප්රමාණවත් දුම්රිය ඉන්ජින් නැහැ. ඒ සඳහා පෙට්රෝලියම් එකේ වියදමින් දුම්රිය එන්ජින් ගන්න සැලසුම් කරා. නමුත් ක්රියාත්මක කරන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි මේක කරන්න පුළුවන් වුනොත් Transport cost එක සැහෙන්න අඩුකර ගන්න පුළුවන්. ඒ සහනය ජනතාවට දෙන්න පුළුවන්.
වර්තමාන රජයත් මේ ප්රශ්නයට අත දානවා.ඒ අතදාපු දවසට පුද්ගලික ටැංකි රථ හිමිකරුවන් එළියට බහිනවා.
අන්න එදාට Petroleum එකට අයත් Bowser fleet එකේ වටිනාකම දැනෙන්න ගන්නවා. එදාට තමයි මම මේ කියන කතාව මතක් වෙන්නේ. අදට ධාවනය කරන්න පුළුවන් Bowser තියෙන්නේ 143 යි. ඒකෙනුත් තව තව කීපයක් අයින් කරනවා කියන්නේ කොතනින්ද නතර වෙන්න යන්නේ.
2023 අග භාගයේදීත් ඔය වගේම Bowser විකුණන්න සැලසුම් කරා.ඒකට මම සම්පූර්ණයෙන් විරුද්ධ උනා. ඒකට අයත් වුණේ 48 සහ 226 - xxxx කාණ්ඩයට අයත් UD Nissan bowser .
මම ඇහුවා ඉහළ නිලධාරීන්ගෙන් ඇයි ඔය bowser විකුණන්නේ කියලා. එයාල දුන්න උත්තරේ තමයි මේවා දුවන්න රියදුරන් කැමති නෑ කියලා. මං එතකොට ඇහුවා මේ ආයතනය පාලනය කරන්නේ ඔයාලාද රියදුරන් ද කියලා. එතනින් බවුසර් විකුණන එක නතර වුණා. හැබැයි ඔය bowser දුවන්න බෑ කියලා කිව්වේ රියදුරන් නෙමෙයි. නිලධාරීන් තමයි.
.............
ඔය ඇතැම් Bowser දුවන්න බෑ කියන එක පිටිපස්සේ සැඟවිච්ච කාරණාවක් තියෙනවා. 2022 වසරේදී අපි Petroleum එකට අයත් සියලුම bowser වලට gps unit සවිකරා. හැබැයි එතනදි කන්චන විජේසේකර අමාත්යවරයාටත් ,එවකට හිටපු සභාපතිතුමාටත්, ඉන්දික අනුරුද්ධ අමාත්යවරයාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ කෙලින් තීරණ ගත්තට. අපි හොඳ දේට හොඳයි කියල කියන්න ඕනේ.
මොකද ඒක වලක්වන්න සෑහෙන්න අයගෙන් බලපෑම් ආවා. මාව GPS team එකෙන් අයින් කලා. ඊට පස්සේ Audit manager ඉල්ලීම මත සභාපතිතුමාගේ නියෝගයෙන් මාව නැවතත් Team එකට ගත්තා.
Petroleum එක ඇතුලේ රියදුරන් සහා රිය සහායකයන් වර්ග දෙකක් ඉන්නවා.
බහුතරයක් ඉන්නේ අවංක රියදුරන් සහ සහායකයන්. සුළුතරයක් ඉන්නවා running tank එකෙන් ඩීසල් හොරකම් කරන අය. මේක බොහොම සරුවට මේ අය කරගෙන ගියා. GPS හයි කරාට පස්සේ මේක කරන්න බැරි වුණා. හොරකම් කරන්නේ නැති රියදුරන්ට මේක කිසිම ප්රශ්නයක් නෑ.ඒ අය අදටත් Bowser ධාවනය කරනවා. අර හොරකම් කරන කෙනෙකුට සමහර පරණ bowser හම්බුනාම නොයෙක් ලෙඩ කියලා දුවන්න බෑ කියනවා.
2023 ද ඔය ප්රශ්නෙ ආවම ඔය වාහන ටික අපි ගරාජ් එකට ගෙන්නුවා. වාහන ටික අපි සම්පූර්ණයෙන් පරික්ෂා කරා.කිසිම Repair එකක් කරන්න අවශ්යතාවයක් තිබුණේ නෑ. ඔය වාහන අපි අපේ Test drivers ලා යොදා ගෙන test run දිව්වා. කිසිම ප්රශ්නයක් තිබුණේ නෑ.
මේ බලධාරීන් කරන්න ඕනේ මේ ආණ්ඩුව ඉදිරි ගමනක් යන්න නම් Petroleum එක ශක්තිමත් කරන්න නම් ඉස්සෙල්ලාම තමන්ගේ bowser fleet එක ශක්තිමත් කරගන්න වෙනවා.
ඔය 48 ,266 කියන bowser UD NISSAN 450 වර්ගයට අයත්. මේවායේ එන්ජින් කිසිම ප්රශ්නයක් නැතුව කිලෝ මීටර් ලක්ෂ දහයක් දුවන්න පුළුවන්.
දැන් මේවා හැම එකක්ම කිලෝමීටර ලක්ෂ දහය දුවලා මීටරේ බින්දුව වෙලා ආයිත් දුවන ඒවා. මේ හැම එකකම වගේ Engine overhaul , Gear box overhaul කරලා තියෙන්නේ. මේ හැම එකකම Chassis විතරයි japan වලින් ආපු එකකට තියෙන්නේ. ඉතිරි සියලුම spare parts මාරු වෙලා තියෙන්නේ.
මේ හින්දා Petroleum එකට හොද strategic plan එකක් තියෙන්න ඕනේ.
Distribution function එකට, Automobile function එකට හොද Strategic plans තියෙන්න ඕනේ. නැතිනම් ඇණගන්නවා සුපිරි ඇණ ගැනිල්ලක්. හැබැයි ඒ ඇණගැහිල්ල නතර වෙන්නේ රටේ මහජනතාව ආයිත් තෙල් පෝලිම්වල තියලා.
හැබැයි ඉතින් ඔය ඇතුලේ ඉන්න දූෂිත පුද්ගලයොත් එක්ක ප්ලෑන් හදලා වැඩක් නෑ.දේශපාලන බලයෙන් රැකියාවලට ඇවිල්ලා කිසිම වැඩක් කරගන්න බැරුව නිකම්ම ඉඳලා දේශපාලන බලයෙන් ප්රමෝෂන් ගත්ත අයත් එක්ක ප්ලෑන් හදලා වැඩකුත් නෑ.
ඔය පෙට්රෝලියම් එකේ Bowser fleet එක අනාගතයට ගැලපෙන විදියට කොහොමද manage කරන්නේ කියලා මීට කලින් මම ලිපියකින් කිව්වා. ඒ ලිපියේ තියෙන දේවල් කරනවානම් රජයට පුළුවන් කොන්ද කෙලින් තියාගෙන ඉන්න. එහෙම කිව්වේ අනාගතය මට පේන හින්දා.
මේ රටේ මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ දූෂිත දේශපාලනයෙන් පීඩා වින්දා.ඒ හින්දා තමයි මිනිස්සු මේ රජය පත් කළේ.හැබැයි මේ රජය වැටුණොත් ආයේ එන්නේ දූෂිත දේශපාලනයක්.
නමුත් රජයේ ඉන්න මේ වගේ නිලධාරීන් හින්දා මේ රජය අපහසුතාවයට පත් වෙනවා.
මේ රජය පත් කරන්න අපි කටයුතු කළා වගේම මේ රජයේ අඩුපාඩු පෙන්නලා දෙන්නත් අපිට අයිතියක් තියෙනවා. ඒ කරන්නේ මේ ආණ්ඩුව වැටිලා නැවතත් දූෂිත රජයක් පත්වීම වැළක්වන්න. මොකද ඊළඟට එන්නේ කවුද කියලා අපි හොඳටම දන්නවා.
අවසානය කියන්න තව දෙයක් තියෙනවා මීට කලින් වාහන විකුණන්න යනකොට ටැංකි වල lid ඇරලා ඒවා වලට වතුර පිරෙන්න ඉඩ හැරියා ඊට පස්සේ ටැංකි මලකඩ කාලා කියලා කිව්වා.. Bowser වල job update කලා engine repair කියලා. Engine under compressions කියලා බොරු reports හැදුවා. හොදට තියෙන turbo ගලෝලා දාලා turbo replacement ඕනේ කියලා කිව්වා. ඒව කරපු එවුන් තාම ඔතන ඉන්නවා. උන්ට හැබැයි ලබන ආත්මෙ ටෙක් එකක අතුගාන්නවත් හම්බවෙන්නේ නෑ. ඒවා ජාතික අපරාධ.
හොඳ දාවන තත්ත්වය තිබ්බ වාහන වාහන වල කොටස් ගලෝගෙන දිරන්න අත ඇරියා. හැබැයි මේ Bowser 5 ට ඒ දේ කරන්න එපා. ඔය වාහන දිහා බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.විශේෂයෙන් මම බලාගෙන ඉන්නවා.
ඒ වගේම හොඳට දුවන්න තියෙන වාහන ටික විකුණලා දාලා අලුතින් වාහන ගන්න අදහස් කරගෙන ඉන්නවනම් ඒ ගැනත් දෙපාරක් හිතන්න. මොකද Scania ,Hino වලට වෙච්ච දේ තමයි ආයිත් වෙන්නේ.
ඒ නිසා කරුණාකර මේ විනාශය නවත්වන්න.
ස්තූතියි,
Former Automobile Engineer- Ceylon Petroleum Storage Terminals Ltd
Eng. GM Nuwan N Wijerathna.
B.Tech (Eng) Automobile Engineering (Hons)(OUSL), AMIE(SL), AMIAE (S.L), AE(ECSL), AMIMechE, SLESA, AUR31116

උපුටා ගැනීම:- Nuwan Wijerathna  ෆේස්බුක් පිටුවෙන් 

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප්‍රිය මතවාදයට එහා ගිය
මා දන්නා අසෝක රංවල දිගින් දිගටම මුහුණු පොතේ අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.