News Category
From Date
To Date
Maximum Number of Result

ලෝක බලවතුන් දණ ගැස්වූ රුසියානුවාගේ විශ්මිත මෙහෙයුම

Mar 5, 2025 at 04:23 PM
|

2022 වසරේ පෙබරවාරි මස 24 වෙනිදා ලෝකයට තවත් එක් සාමාන්‍ය බ‍්‍රහස්පතින්දාවක්. මුලූ‍ ලෝකයේම මිනිසුන් සතියේ අවසන් දින දෙකෙහි තමන්ගේ සුපුරුදු රාජකාරී සඳහා සුදානම් වෙමින් හිටියා. නමුත් නැගෙනහිර යුරෝපයට හිරු උදා වන්නට පැයකට කළින් මුලූ‍ ලෝකයම කම්පනයට පත් කළ ප‍්‍රවෘත්තියක් වාර්තා වුණා. රුසියාව විසින් අසල්වැසි යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. රුසියානු මිසයිල යුකේ‍්‍රන භූමියට පහර දීලා. පළමු ජවනිකාව : 2014 වසරේ පෙබරවාරි මස 22 යුකේ‍්‍රනයේ ජනතාව විසින් දියත් කළ කැරැල්ලකට පසුව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වූ එරට පාලනය පෙරළා දැමෙනවා. එම කැරැල්ල පසුපස සිටි අතිදක්ෂ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරිනිය, වික්ටෝරියා නූලන්ඞ් මුල්වී යුකේ‍්‍රනයේ තමන්ට අවශ්‍ය රජයක් පිහිටවනවා. දෙවන ජවනිකාව : සියල්ලන්ගේම සහය මැද විශිෂ්ට මෙහෙයුමකින් යුකේ‍්‍රනයේ බලයට පත් වූ හිටපු විකට නළුවා වොලැදිමියර් සෙලෙන්ස්කි යුකේ‍්‍රනයට නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටිනවා. එයට බටහිර බලවතුන් එකඟත්වය පළ කිරීමට සියල්ල සුදානම්. සැබැවින්ම බටහිර බලවතුන්ට අවශ්‍ය වුණේ තමන්ගේ ප‍්‍රතිවාදියා සහ එදිරිවාදියා වූ රුසියාව වට කරමින් තමන්ගේ (නේටො* කඳවුරු ඉදිකිරීමට සහ මිසයිල ස්ථානගත කිරීමට. රුසියාවට දේශසීමාවෙන් යාවී සිටින යුකේ‍්‍රනය නේටෝ සාමාජිකත්වය ලබා ගත් සැණින් ඒ අරමුණ ඉටුවෙනවා. නේටෝ සාමාජික රටක් ලෙස යුකේ‍්‍රනයේ නේටෝ කඳවුරු ඉදිකෙරෙනවා. එය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප‍්‍රකාශ කළ ලෙසම සිය ප‍්‍රතිවාදියා වූ රුසියාව උපක‍්‍රමශීලිව වට කිරීමක් (ඊදංැා*. ........................ ......................... .......................... රුසියාව විසින් යුකේ‍්‍රනයේ සිදු කළ ආක‍්‍රමණයේ පසුබිම එයයි. පූටින් විසින් විශේෂ හමුදා මෙහෙයුම (ීචැජස්ක ඵසකසඒරහ ධචැර්එසදබ* ලෙස හඳුන්වනු ලැබූ එම මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණු තුනක් තිබුණා. 1* ෘැබ්‘සසෙජ්එසදබ - යුකේ‍්‍රනයේ බලයෙන් සෙලෙන්ස්කි ඉවත් කිරීම. 2* ෘැපසකසඒරසි්එසදබ - යුකේ‍්‍රනයේ හමුදා බලය අස්ථාවර කිරීම. 3* භැමඑර්කසඑහ - රාජ්‍යතාන්ත‍්‍රිකව අපක්ෂපාතී යුකේ‍්‍රනයක්. යුද්ධයේ පළමු සතිය තුළදීම රුසියාව ජයග‍්‍රහණ රැසක් ලැබුවා. යුකේ‍්‍රනයේ වැදගත් නගර ගණනාවක් අල්ලා ගත්තා. යුකේ‍්‍රන අගනගරයට පවා බොහෝ ආසන්න වී සිටියා. එම අවස්ථාවේ පූටින් විශේෂ ප‍්‍රකාශයක් කළා. ඔහු යුකේ‍්‍රනයට සාම සාකච්ඡුා සඳහා ආරාධනා කළා. ඔහුට යුකේ‍්‍රන භූමිය අවශ්‍ය වුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ ඉහත ඉලක්ක සැපිරීම පමණයි. විශේෂයෙන්ම නේටෝ සාමාජිකත්වය ලබා නොගන්නා බවට සහතිකයක් පමණයි. බටහිර බලවතුන් සෙලෙන්ස්කිට බලපෑම් කළේ ඒ අවස්ථාවේදීයි. කිසිම විටෙක සාම සාකච්ඡුා සඳහා නොයන ලෙසත්, රුසියාව සමග යුද්ධ කරන ලෙසත් බටහිර බලවතුන් යුකේ‍්‍රනයට උපදෙස් දුන්නා. ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය සියලූම දෑ ලබා දීමට ඔවුන් පොරොන්දු වුණා. සැබවින්ම මෙය ඔවුන්ට ස්වර්ණමය අවස්ථාවක්. රුසියාව දුර්වල කිරීමට මේ යුද්ධය භාවිතා කිරීමට ඔවුන් සැලසුම් කර තිබුණා. එම නිසා ඔවුන්ට මේ රූකඩ යුද්ධය (ඡුරදංහ අ්ර* අවශ්‍ය වුණා. එය නැවතීම සහ සාමය උදාවීම ඔවුන්ගේ සැලසුම් කඩවීමක්. රුසියාව පරාජය කිරීමට බටහිර බලවතුන් සතුව උපක‍්‍රම තුනක් තිබුණා. 1* රුසියාවේ ආර්ථිකය බිඳ දැමීම. 2* නේටෝ යුද උපකරණ වලින් රුසියානු හමුදා පාලනය කිරිම. 3* රාජ්‍යතාන්ත‍්‍රිකව රුසියාව හුදෙකලා (ෂිදක්එැ* කිරීම. ඔවුන්ට එම ඉලක්ක ඉටු කරගැනීමට හැකි වුණාද ? ඔබ හිතන්න අප වැනි රටකට, බටහිර රටක් එක් සම්භාදයක් පැනවුවහොත් අපගේ ආර්ථිකයට කුමක් සිදුවේද ? අප වැට්ටවීමට ඔවුන්ට ඨීඡු බදු සහනය ඉවත් කිරීම ප‍්‍රමාණවත්. ඇමෙරිකාව සහ බටහිර යුරෝපය රුසියාවට සම්භාදක 24,000 ක් පැනෙව්වා. ඔව්! ඔබ කියවූවා නිවැරදියි. සම්භාදක 24,000 ක්. එමගින් ඔවුන් බලාපොරොත්තු වූයේ රුසියාවේ ආර්ථිකය කඩා බිඳ දමා, ජන ජීවිතය අසීරු කොට, අභ්‍යන්තර අරගලයක් ඇතිකර පූටින් පාලනය පෙරලා දැමීමට. ආහාර සහ වෙනත් අවශ්‍යතා නැති තැන ජනතාව කැරළි ගසන බව බටහිර හොඳින් දන්නවා. මේ සම්භාදක පනවමින් ජෝ බයිඩන් සිදු කළ කතාවේ ඔහු සඳහන් කළා රූබලය (රුසියාවේ මුදල් ඒකකය* රබල් (ඍමඉඉකැ - සුන්බුන්* බවට පත්කරන බව. නමුත් යුද්ධය ආරම්භ කරන මොහොතේ ඩොලරයක වටිනාකම රූබල් 85 යි. වසර තුනකට පසුව අද රූබල් 90 යි. ඒ අනුව බටහිර බලවතුන් සාර්ථක වී නොමැති බව පැහැදිලියි. දෙවැන්න, රුසියානු හමුදා නැවතීම. නේටො සහය මැද පවා යුකේ‍්‍රන හමුදා පරාජය කරමින් භූමියේ 1/5 ක කොටසක බලය තහවුරු කර ගැනීමට රුසියාව සමත් වෙලා. බටහිර දෙවැනි සැලසුමත් අසාර්ථක වුණේ එහෙමයි. තෙවැන්න, රුසියාව රාජ්‍යතාන්ත‍්‍රිකව හුදෙකලා කිරීම. යුද්ධය ආරම්භ වූ පසු පූටින් අෆ‍්‍රිකානු නායකයන්ගේ සමුලූ‍වක් මොස්කව් නුවර පැවැත්වූවා. මෝදි සහ චීන ජනාධිපති ෂී ජිං පිං සමග රාජ්‍යතාන්ත‍්‍රික හමු සංවිධානය කළා. ඉරානය සමග සමීපව වැඩ කළා. එමෙන්ම ඩොලරයට ප‍්‍රති විරුද්ධව ගොඩනැගූ බි‍්‍රක්ස් සංධානයෙත් රුසියාව තීරණාත්මක සාධකයක්. ඒ අනුව පූටින් රාජ්‍යතාන්ත‍්‍රිකව හුදෙකලා කිරීමේ සැලසුමෙන් ද බටහිර අසමත්. පූටින් මේ උගුල් වලින් ජයගත්තේ කොහොමද ? පළමුවැන්න, ඔහු නිරතුරුවම න්‍යෂ්ටික පෙරහුරු පැවැත්වුවා. සිය න්‍යෂ්ටික ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කළා. එමගින් බටහිර රටවල් යුද්ධය සෘජුව මැදිහත් වීම අධෛර්ය කළා. ඒ අනුව බටහිර බලවතුන් පවා යුකේ‍්‍රනයට උපදෙස් දුන්නේ රුසියාවෙන් ආරක්ෂා වීමට පමණයි. රුසියාවට පහර දීමේ විකල්පය ඔවුන් ඉවත් කර තැබුවා. දෙවැන්න, පූටින් ඉතා හොඳින් රුසියාවේ ආර්ථිකය හැසිරවූවා. මෙතරම් සම්භාදක මැද පවා රුසියානු ආර්ථිකය නඩත්තු කිරීම විශ්ම කර්ම ක‍්‍රියාවක්. පූටින් එය නිවැරදිව කළා. බටහිර විසින් රුසියාවේ තෙල් සහ ගෑස් මිලට ගැනීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඔහු පෙරදිග දෙසට හැරුණා. අද චීනය සහ ඉන්දියාව රුසියානු තෙල් සහ ගෑස් මිලට ගන්නවා. එය විශිෂ්ට උපක‍්‍රමයක්. වඩා වැදගත් තෙවැන්න, ඔහු කිසිම විටෙක බටහිර බලවතුන්ට තමන් ‘නරක‘ පාර්ශවය ලෙස ලේබල් කිරීමට ඉඩ දුන්නේ නැහැ. යුද්ධය ආරම්භයේදී බටහිර මාධ්‍ය පූටින් ‘නරක‘ පුද්ගලයා ලෙස සමාජගත කිරීමට විශාල මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කළා. එහි අරමුණ රුසියාවට එරෙහිව ජන මතය ගොඩනැංවීම. ඉන්පසුව රුසියාවට එරෙහිව වඩා දරුණු ක‍්‍රියාමාර්ග වලට යෑමට පවා ඔවුන්ට හැකියි. බටහිර සදාම් හුසේන් ට කළේ එය. ගඩාෆි ට කළේ එය. නමුත් පූටින් සෑම විටකම ජනතාව ආමන්ත‍්‍රණය කරමින් සිය අවශ්‍යතාවය සන්නිවේදනය කළා. එනම් ඔහුට අවශ්‍ය නේටෝ සාමාජිකත්වය ලබා නොගත්, මැදිහත් අසල්වාසීන් බව කිව්වා. බටහිර ජනතාව පූටින් වැළඳගත්තා. ප‍්‍රධාන මාධ්‍ය සහ සෙසු සියලූම සමාජ මාධ්‍ය පූටින්ට එරෙහි තැනක සිටියත් අදහස් නියාමනය නොකරන ට්විටර් (ඞ* වෙබ් අඩවිය නිසා බටහිර ජනතාවට විකල්ප අදහස් ප‍්‍රකාශ කිරීමට වේදිකාවක් හැදුණා. සැබැවින්ම අද බොහෝ බටහිර රටවල ජනතාව සිය නායකයන්ට වඩා පූටින්ට ගෞරව කරනවා. ඒ බව ඔවුන්ගේ සමාජජාලා කියවීම් ඔස්සේ දැකගත හැකියි. බටහිරට පූටින් ‘නරක‘ / ‘ඒකාධිපති ආක‍්‍රමණිකයා‘ කිරීමට නොහැකි වුණා. පසුගිය වසර තුනක පූටින් මේ දාම් ක‍්‍රීඩාව කළ අයුරු බැලූ‍වහොත් ඔහු සෑම පියවරක්ම ඉතාම තීක්ෂණ බුද්ධියෙන් තැබූ අයුරු පෙනෙනවා. ලෝකයේ බලවත්ම කඳවුරට එරෙහිව ආර්ථික සහ මිලිටරි යුද්ධයකින් ස්ථාවර ව සිටීම පහසු නැහැ. එය ආශ්චර්යයක්. පූටින් එය සිදු කර තිබෙනවා. මේ වසර තුන ඉතිහාසයේ ලියැවෙන දාක, ඉදිරි පරම්පරාවන් මේ විශ්වකර්ම මෙහෙයුම දශක ගණනක් යනතුරු අධ්‍යනය කරාවි. උපුටා ගැනීමකි. සටහන - Ireshan Siriwardhana -

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.