දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි... රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ්
දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි මීට පෙර තිබුන දෙයක් අහිමි කරන්න එපා කියලා
ටිකක් දිග වැඩියි කාලේ අරගෙන කියවන්න පාඩු නෑ
අපී සෞඛ්‍යය දර්ශක අතින් දකුණු ආසියානු කලාපයේ අංක 01
ලෝක සෞඛ්‍යය දර්ශක අතර අපි 47 ඉන්දියාව 112 ඇමරිකාව 69
ඒ දත්ත අනුව පේනවා ලොකයේ ලොකුම බලවතා වුනත් පහසුකම් තිබුනත් සෞඛ්‍යය කාර්ය මන්ඩල වල ගුනාත්මක කැපකිරීම් නොවන්න එය කල නොහැකි බව
මේ පුංච් දිවයින වසර 70 ගානක් විනාශ කරා කියල කිව්වත් දේශපාලන බලදාරින් ට විනාශ කරන්න බැරිවුණ එක ක්ශෙත්‍රයක් තමයි අපේ රටේ සෞඛ්‍යය සේවය
ඒක මෙච්චර කල් පවත්වාගෙන එන්න දොස්තර හෙදි සහ සෞඛ්‍යය කාර්ය මන්ඩලයේ සේවය කැප කිරිම තමයි ඉතා ඉහලින් තියෙන්නේ
අනිකාට ලංවෙන්න බැරි කොවිඩ් වසංගතය කාලේ සෞඛ්‍යය කාර්ය මන්ඩල අපේ රටේ ඒ අවදානම අරගෙන ඒ දේ කල බවත් අමතක නොකල යුතුයි
එහෙම ආරක්ෂා කලයුතු සේවය තවදුරටත් ආරක්ෂා කිරිම අප සියලු දෙනාගේ වගකීමක්
නැත්නම් දොස්තරලා හෙදියන් රට ගිහිල්ලා සෞඛ්‍යය දර්ශක කඩා වැටිලා හානි වෙන්නේ අපේ රටේ අහිංසක පුරවැසියන් ගේ ජිවිත ප්‍රතිකාර ගන්න රෝහලට යන්නේ ජීවිතය බේරගන්න නම් එය අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතු තැනක්
වෛද්‍යවරුන් කියන්නෙ රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්.
සාමාන්‍යයෙන් විධායක ශ්‍රේණි නිලධාරීන්ට අතිකාල දීමනා (OT) නෑ.
ඒ නිසා වෛද්‍යවරුන්ට අමතර රාජකාරී දීමනාව ලබාදීලා තියෙනවා (EXTRA DUTY ALLOWANCE)
අමතර රාජකාරී දීමනාව ලබා දෙන්නේ, වෛද්‍යවරුන් තමන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව සිදු කරන රාජකාරී වෙනුවෙන්.
වෛද්‍යවරු තමන්ගේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙත් ( 8 - 4), අමතර රාජකාරි කරනවා.
Eg : Administrative work, Teaching, Training, Exam work, Procurement duties, Medicolegal duties etc)
ඊට අමතරව හවස 04න් පස්සෙත් අඛණ්ඩව සේවයේ යෙදෙනවා.
ඒකෙන් තමයි මේ රටේ සමස්ත රෝහල් පද්ධතිය 24 × 7 × 365 අඛණ්ඩව ගුණාත්මක රෝග සත්කාර සේවාවන් පවත්වාගෙන යන්නේ.
අමතර රාජකාරී දීමනා ගෙවන්නෙ, ඒ සේවය වෙනුවෙන්.
හැබැයි මුළු දවස පුරාම වැඩ කරත්, මුළු මාසෙම එක දිගට වැඩ කළත් වෛද්‍යවරයෙක්ට උපරිම ගන්න පුළුවන් මාසෙකට පැය 120යි.
ඒ කියන්නෙ underpaid.
මීට වඩා වැඩිපුර වැඩ කරන අය ඕනි තරම් ඉන්නවා ඒ වුනත් ගෙවන්නේ 120 යි
මේ කරලා තියෙන්නේ ඒකත් downgrade කරපු එක.
PH/Sunday payment එකත් එහෙමයි. නිවාඩු දවසේ රෝහල් ටික වහන්නෙ නැතුව දුවන්නේ වෛද්‍යවරු වැඩ කරන නිසා
මාසෙ කොච්චර PH වැඩ කළත් ගෙවන්නේ දින තුනකට විතරයි
අමතර රාජකාරී දීමනාව විදියට පැයකට ගෙවන්නේ, මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80ක්.
මේ පාර අයවැයෙන් ඒක 1/120ක් කරලා.
50% අඩු කරලා.
PH/Sunday payment එක දවසට මූලික වැටුපෙන් 1/20ක්.
ඒක 1/30ක් කරලා
මේ කරල තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ සේවාව අවතක්සේරු කිරීමක්.
ඒ විතරක් නෙවෙයි පැය 24 ම වැඩ කරන සීමාවාසික දොස්තර ට ගෙවන්නේ මුලු මාසේටම රුපියල් 54000 /= ඒවාට අතිරේක/අතිකාල දීමනා ඇතුලත් නෑ
මේකෙන් දෙන පණිවිඩය හවස හතරෙන් පස්සේ රෝහල් ටික වැඩ කරන්න එපා කියලද.
නිවාඩු දවසට ඉරිදට පෝය දවසට රෝහල් ටික වහල දාන්න කියලද
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිත් කණ්ඩායම් වලත් දීමනා කප්පාදුවක් කරලා
මේ විදියේ දීමනා කප්පාදුවක් කරලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරයි
ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවට මේ අත තියලා තියෙන්නේ
ඉතිහාසයේ කවදාවත් නොවුනු විදියට වෛද්‍යවරු මේ රට අතෑරලා යන වෙලාවක, රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා වෙනුවට, මේකෙන් වෙලා තියෙන්නෙ වෛද්‍යවරුන් තවත් බලාපොරොත්තු කඩවීමකට ලක්වෙලා
මේ කියන්නේ වෛද්‍යවරුන්ට මේ රටේ ඉන්න ඕනෙ නෑ කියලද
වෛද්‍යවරුන් මේ ඉල්ලන්නේ අමුතු දෙයක් නෙමෙයි. තියෙන එකක් වැඩි කරන්න කියලා නෙමෙයි.
මේ වෙනකන් තිබුණ දෙයක් ඒ විදිහටම පවත්වාගෙන යන්න කියලා
එනිසා වෛද්‍යවරුන්ට කරලා තියෙන අසාධාරණය නිවැරදි කරන්න, වහාම මේ තීරණය වෙනස් කරලා අමතර රාජකාරි දීමනාවේ පැයක අගය 1/80 සහ PH/Sunday daily payment දිනක අගය 1/20 බවට පත් කරන්න කියන ඉල්ලීම තමයි වෛද්‍යවරුන් ඉල්ලන්නේ
මේ අර්බුදය ආන්ඩුවේ උවමනාවක් ද නැතහොත් ආන්ඩුව අන්දවලා මුදල් අමාත්‍යාංශයේ ,මහ බැංකුවේ ඉන්න ආර්ථික ගාතකයින්ගේ වැඩක් ද ???? යන්නත් ප්‍රශ්නයක් ??
හැබයි සෞඛ්‍යය ඇමති කියන්නේ මුලික වැටුප වැඩිවුනාම අනිකුත් දිමනා වැඩිවෙනවා කියලා 🙃 එහෙනම් මෙහෙම කොහමද වුනේ කියල පැහදිලි කරන්න ඕනේ.
ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය වෘත්තිය සමිතියේ සබාපති පවා කියන්නේත් ඒ දීමනා කප්පාදු නොකර ලබාදිය යුතුයි කියලා
දැන් කාටද වැරදිලා තියෙන්නේ යන්නත් ප්‍රශ්නයක්
රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ් ☝️
මහජන යුතුකමක් වශයෙන් ලියා තබමි .
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..