
දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි... රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ්
දොස්තර ලා සෞඛ්‍යය කාර්ය මන්ඩල වර්ජනය කරලා ඉල්ලන්නේ අලුතින් දෙයක් නොවෙයි මීට පෙර තිබුන දෙයක් අහිමි කරන්න එපා කියලා
ටිකක් දිග වැඩියි කාලේ අරගෙන කියවන්න පාඩු නෑ
අපී සෞඛ්‍යය දර්ශක අතින් දකුණු ආසියානු කලාපයේ අංක 01
ලෝක සෞඛ්‍යය දර්ශක අතර අපි 47 ඉන්දියාව 112 ඇමරිකාව 69
ඒ දත්ත අනුව පේනවා ලොකයේ ලොකුම බලවතා වුනත් පහසුකම් තිබුනත් සෞඛ්‍යය කාර්ය මන්ඩල වල ගුනාත්මක කැපකිරීම් නොවන්න එය කල නොහැකි බව
මේ පුංච් දිවයින වසර 70 ගානක් විනාශ කරා කියල කිව්වත් දේශපාලන බලදාරින් ට විනාශ කරන්න බැරිවුණ එක ක්ශෙත්‍රයක් තමයි අපේ රටේ සෞඛ්‍යය සේවය
ඒක මෙච්චර කල් පවත්වාගෙන එන්න දොස්තර හෙදි සහ සෞඛ්‍යය කාර්ය මන්ඩලයේ සේවය කැප කිරිම තමයි ඉතා ඉහලින් තියෙන්නේ
අනිකාට ලංවෙන්න බැරි කොවිඩ් වසංගතය කාලේ සෞඛ්‍යය කාර්ය මන්ඩල අපේ රටේ ඒ අවදානම අරගෙන ඒ දේ කල බවත් අමතක නොකල යුතුයි
එහෙම ආරක්ෂා කලයුතු සේවය තවදුරටත් ආරක්ෂා කිරිම අප සියලු දෙනාගේ වගකීමක්
නැත්නම් දොස්තරලා හෙදියන් රට ගිහිල්ලා සෞඛ්‍යය දර්ශක කඩා වැටිලා හානි වෙන්නේ අපේ රටේ අහිංසක පුරවැසියන් ගේ ජිවිත ප්‍රතිකාර ගන්න රෝහලට යන්නේ ජීවිතය බේරගන්න නම් එය අනිවාර්යයෙන්ම ආරක්ෂා විය යුතු තැනක්
වෛද්‍යවරුන් කියන්නෙ රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්.
සාමාන්‍යයෙන් විධායක ශ්‍රේණි නිලධාරීන්ට අතිකාල දීමනා (OT) නෑ.
ඒ නිසා වෛද්‍යවරුන්ට අමතර රාජකාරී දීමනාව ලබාදීලා තියෙනවා (EXTRA DUTY ALLOWANCE)
අමතර රාජකාරී දීමනාව ලබා දෙන්නේ, වෛද්‍යවරුන් තමන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව සිදු කරන රාජකාරී වෙනුවෙන්.
වෛද්‍යවරු තමන්ගේ සාමාන්‍ය රාජකාරී වෙලාවෙත් ( 8 - 4), අමතර රාජකාරි කරනවා.
Eg : Administrative work, Teaching, Training, Exam work, Procurement duties, Medicolegal duties etc)
ඊට අමතරව හවස 04න් පස්සෙත් අඛණ්ඩව සේවයේ යෙදෙනවා.
ඒකෙන් තමයි මේ රටේ සමස්ත රෝහල් පද්ධතිය 24 × 7 × 365 අඛණ්ඩව ගුණාත්මක රෝග සත්කාර සේවාවන් පවත්වාගෙන යන්නේ.
අමතර රාජකාරී දීමනා ගෙවන්නෙ, ඒ සේවය වෙනුවෙන්.
හැබැයි මුළු දවස පුරාම වැඩ කරත්, මුළු මාසෙම එක දිගට වැඩ කළත් වෛද්‍යවරයෙක්ට උපරිම ගන්න පුළුවන් මාසෙකට පැය 120යි.
ඒ කියන්නෙ underpaid.
මීට වඩා වැඩිපුර වැඩ කරන අය ඕනි තරම් ඉන්නවා ඒ වුනත් ගෙවන්නේ 120 යි
මේ කරලා තියෙන්නේ ඒකත් downgrade කරපු එක.
PH/Sunday payment එකත් එහෙමයි. නිවාඩු දවසේ රෝහල් ටික වහන්නෙ නැතුව දුවන්නේ වෛද්‍යවරු වැඩ කරන නිසා
මාසෙ කොච්චර PH වැඩ කළත් ගෙවන්නේ දින තුනකට විතරයි
අමතර රාජකාරී දීමනාව විදියට පැයකට ගෙවන්නේ, මූලික වැටුපේ මධ්‍ය අගයෙන් 1/80ක්.
මේ පාර අයවැයෙන් ඒක 1/120ක් කරලා.
50% අඩු කරලා.
PH/Sunday payment එක දවසට මූලික වැටුපෙන් 1/20ක්.
ඒක 1/30ක් කරලා
මේ කරල තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ සේවාව අවතක්සේරු කිරීමක්.
ඒ විතරක් නෙවෙයි පැය 24 ම වැඩ කරන සීමාවාසික දොස්තර ට ගෙවන්නේ මුලු මාසේටම රුපියල් 54000 /= ඒවාට අතිරේක/අතිකාල දීමනා ඇතුලත් නෑ
මේකෙන් දෙන පණිවිඩය හවස හතරෙන් පස්සේ රෝහල් ටික වැඩ කරන්න එපා කියලද.
නිවාඩු දවසට ඉරිදට පෝය දවසට රෝහල් ටික වහල දාන්න කියලද
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනිත් කණ්ඩායම් වලත් දීමනා කප්පාදුවක් කරලා
මේ විදියේ දීමනා කප්පාදුවක් කරලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විතරයි
ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවට මේ අත තියලා තියෙන්නේ
ඉතිහාසයේ කවදාවත් නොවුනු විදියට වෛද්‍යවරු මේ රට අතෑරලා යන වෙලාවක, රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා වෙනුවට, මේකෙන් වෙලා තියෙන්නෙ වෛද්‍යවරුන් තවත් බලාපොරොත්තු කඩවීමකට ලක්වෙලා
මේ කියන්නේ වෛද්‍යවරුන්ට මේ රටේ ඉන්න ඕනෙ නෑ කියලද
වෛද්‍යවරුන් මේ ඉල්ලන්නේ අමුතු දෙයක් නෙමෙයි. තියෙන එකක් වැඩි කරන්න කියලා නෙමෙයි.
මේ වෙනකන් තිබුණ දෙයක් ඒ විදිහටම පවත්වාගෙන යන්න කියලා
එනිසා වෛද්‍යවරුන්ට කරලා තියෙන අසාධාරණය නිවැරදි කරන්න, වහාම මේ තීරණය වෙනස් කරලා අමතර රාජකාරි දීමනාවේ පැයක අගය 1/80 සහ PH/Sunday daily payment දිනක අගය 1/20 බවට පත් කරන්න කියන ඉල්ලීම තමයි වෛද්‍යවරුන් ඉල්ලන්නේ
මේ අර්බුදය ආන්ඩුවේ උවමනාවක් ද නැතහොත් ආන්ඩුව අන්දවලා මුදල් අමාත්‍යාංශයේ ,මහ බැංකුවේ ඉන්න ආර්ථික ගාතකයින්ගේ වැඩක් ද ???? යන්නත් ප්‍රශ්නයක් ??
හැබයි සෞඛ්‍යය ඇමති කියන්නේ මුලික වැටුප වැඩිවුනාම අනිකුත් දිමනා වැඩිවෙනවා කියලා 🙃 එහෙනම් මෙහෙම කොහමද වුනේ කියල පැහදිලි කරන්න ඕනේ.
ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය වෘත්තිය සමිතියේ සබාපති පවා කියන්නේත් ඒ දීමනා කප්පාදු නොකර ලබාදිය යුතුයි කියලා
දැන් කාටද වැරදිලා තියෙන්නේ යන්නත් ප්‍රශ්නයක්
රට පාලනය කරන්නේ මහ බංකුවේ එවුන් නෙවෙයි නේහ් ☝️
මහජන යුතුකමක් වශයෙන් ලියා තබමි .
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
