News Category
From Date
To Date
Maximum Number of Result

කඳුළට වැසෙන යාඤාවේ විලාපය... කූටව ක්‍රියාත්මක කරන ආගමික ආක්‍රමණයක්‌...!!

Feb 27, 2025 at 11:01 PM
|

අනවරාග‍්‍ර සංසාරයේ සැරිසරන සත්ත්වයා ඒ ඒ ආත්මවලදී තම මවුපියන් මියගිය විට හැඬූ කඳුළු මහා සාගරයටත් වැඩි බව කියැවේ. සමහරු දුකටත් හඬති, සතුටටත් හඬති. තක්කඩිකමට වංචාවට කඳුළු හෙළන්නොත් දුලභ නොවෙති. එහෙත් අද අපේ අවධානය යොමු කරන්නේ දෑසින් රූරා වැටෙන කඳුළු ගැන නොවේ. ඇන්ටන් චාල්ස් තෝමස් සහෝදරතුමා විසින් පවත්වන කඳුළ ගැන කතා කරන්නටය. මොහු කතෝලික පූජකවරයෙක් නම් නොවේ. කාලයක් කිතුදන පුබුදුවේ ඔස්කා අබේරත්න පියතුමා මාර්ගයෙන් දේවධර්මය ඉගෙන සංගීතය යොදා ගනිමින් කුඩා යාච්ඤා මෙහෙයවූ තැනැත්තෙකි. මීගමුවේ පුවත් පළ කරන මීපුර නිව්ස් වෙබ් අඩවිය අනුව මේ සහෝදරතුමාගේ පියා ක‍්‍රිස්තියානි වන අතර මව මුස්ලිම් වේ. පසුගිය කාලය පුරාම රට පුරා කඳුළ වැඩසටහන් පැවැත්විණි. හමුදා වෙබ් අඩවියේ පළව තිබුණේ මීට සති කිහිපයකට පෙර කිළිනොච්චියේ පැවති කඳුළ වැඩසටහන නැරඹීමට පන්දහසක පිරිසක් සහභාගි වූ බවයි. හමුදාවේ උත්සව පැවැත්වෙන විටත් චාල්ස් සහෝදරතුමා ඉදිරි පෙළ ආසනයක දක්නට ලැබෙයි. මොහු විශේෂ බලවන්තයෙක්ද? කඳුළ හරහා සිදුකරන්නේ කවරක්ද? මෙය සැබැවින්ම කූටව ක‍්‍රියාත්මක කරන ආගමික ආක‍්‍රමණයකි. මොහු සිංහල බෞද්ධ දරුවන්ගේ පාසල්වලට ගොස් බොදු ගීත ඇසුරින් බුද්ධාගම උගන්වන්නට සැරසේ. මොහුගේ වැසඩහටන් යූ ටියුබය හරහා නැරඹිය හැක. ”සකල සතට බොදු බැතියෙන් නමදින දුර හැර හැම බේදේ සුගත තථාගත ලෝක තිවංකර සම්බුදු සිරිපාදේ” ගීතයට විවිධ විග‍්‍රහ දෙමින් බෞද්ධ දර්ශනය උගන්වන වීඩියෝවක් පසුගිය දිනෙක දුටුවෙමි. කරුණාරත්න අබේසේකර මහතා මේ ගීය ලිව්වේ බුද්ධ දර්ශනය ඉගැන්වීමට නොවේ. නමුත් චාල්ස් සහෝදරතුමා මේ හරහා අලූ‍ත් අර්ථකථන දෙමින් බුද්ධාගම උගන්වයි. මොහුගෙන් බණ අසන්නේ කුමකටද? මොහු කවරෙක්ද? බුද්ධ දර්ශනය ගැන දැනගැනීමට ත‍්‍රිපිටකය හැදෑරිය යුතුය. එහෙත් අප පාස්ටර්ගෙන් බණ අසන්නේ කුමකටද? සමහර භික්ෂුන් වහන්සේලාත් මොහුට රුචි වී ඇති බව නම් පැහැදිලිය. බෞද්ධයන්ට ගීත කියා දෙන ගමන් සිංහල බෞද්ධයන් කියා කොටසක් නැති බව ද මොහු කියයි. මොහුගේ කූට ව්‍යායාමය වැටහෙන්නේ එවිටය. සිංහල බෞද්ධයන් කඳුළට යටකිරීමේ කුමන්ත‍්‍රණය හෙළිවන්නේ එවිටය. සමහර අඳබාලයන්ටත් චාල්ස් සහෝදරතුමා තරම් වීරයෙක් නැත. එක් අවස්ථාවක ඔහු තුන් හෙළේ යන්න අන්තවාදී බව කියයි. තුන් හෙළේ යන්නෙන් අදහස් වන්නේ මෙරට සියලූ‍ ජාතීන් බව අමුතු ධර්මයක් දෙසයි. මෙය අමුතුම තක්කඩිකමකි. රුහුණු පිහිටි මායා නම් තුන් හෙළය ගැන සහෝදරතුමා දන්නේ නැද්ද? නැත්නම් ඕනෑකමින් වෙනත් අර්ථ ලබා දෙයි. ඒ හරහා සිංහල බෞද්ධ අනන්‍යතාවට පහර දෙයි. මේ ගැන කිසිත් නොදන්නා දරුවෝ දැෑස් දල්වා මේ ප‍්‍රසංගය බලා සිටිති. ගුරුවරුන් ද චාල්ස්ගේ කටහඬට වශී වී ඇත. මොවුනට මේ ආක‍්‍රමණය නොදැනේ. මේ කඳුළ ප‍්‍රසංගය සෑමවිටම ඉලක්ක කරන්නේ බෞද්ධයන්ටය. සමහර හිමිවරු මේ ප‍්‍රසංගය පැවැත්වීමට පෙර කඳුළ අගයති. ”හපොයි මෙවැනි විපතක්?” ලංකාවේ බුදුන් ඉපදුනා යැයි විශ්වාස කරන බෞද්ධයන් කණ්ඩායමක් ද බිහිව ඇති සමයක චාල්ස්ගෙන් බුද්ධාගම සංගීතය හරහා ප‍්‍රගුණ කිරීමට තවත් කොටසක් සැදී පැහැදී සිටිති. ජේතවනාරාමයට ගල් ගසා වඳුරන්ගෙන් බණ ඇසීම ගැන අප අසා ඇත්තේ අද ඊයේ නම් නොවේ. මොහුගේ තවත් වීඩියෝවක අමුතු කතාවක් කියයි. සිංහල ස්ත‍්‍රීන් මේ කතාව ඇසිපිය නොහෙළා බලා සිටිති. එයින් පවසන්නේ කුමක්ද? තමන්ගේ දරුවා ලබාදුන්නේ දෙවියන් වහන්සේ බවයි. විවාහ වී වසර පහක් ගිය ද තමන්ගේ බිරියට දරුවෙක් නොලැබුණු බවත් කළ පරීක්‍ෂණවලදී තමන්ගේ සරුභාවය ගැන ප‍්‍රශ්නයක් ඇති බව හෙළි වූ බවත් මේ සහෝදරතුමා කියයි. නමුත් හදිසියේම මොහුගේ බිරිය ගැබ්ගෙන ඇත. ඒ දරුවා දෙවියන්ගේ පරිත්‍යාගයක් බව මොහු නොකියා කියයි. දෙවියන්ගෙන් දරුවන් ලබන කෙනාගෙන් අපි සම්බුදු සිරිපාදේ විග‍්‍රහ අසන්නෙමු. බුද්ධ දර්ශනය ගැන නව අර්ථකථන අසන්නෙමු. මෙතුමා සංගීතය යොදාගෙන කතෝලික බැතිමතුන් එක්කරගෙන යාච්ඤා පැවැත්වූවාට අපට කිසිම ප‍්‍රශ්නයක් නැත. නමුත් මොහු බුද්ධාගම ගැන කියන්නට එන්නේ කවර හේතුව නිසාද? මෙය බුදුන්ගේ දහම විකෘති කිරීමකි. එම නිසා මේ ඊනියා කඳුළට එරෙහි විය යුතුය. මෙය බරපතළ අනතුරකි. විශේෂයෙන් මේ ප‍්‍රසංගය හරහා ඉලක්ක කරන්නේ බෞද්ධ පාසල් වීම විශේෂත්වයකි. බුද්ධාගමට අර්ථකථන දීමට පාස්ටර්වරයකු අවශ්‍ය වන්නේ නැත. මෙය සැබැවින්ම විකෘති අදහස් ප‍්‍රකාශ කිරීමකි. සංගීතයට රැවටී සාතන්ගේ බණ ඇසීම වැනිය. පසුගිය ඔක්තෝබර් 04 වැනිදා මතුගමදී පවත්වන්නට සූදානම් කර තිබූ කඳුළ වැඩසටහන නතර කර දැමුණේ ප‍්‍රදේශයේ මහා සංඝරත්නයේ බරපතළ විරෝධය නිසාය. මතුගම සිංහ සමාජය විසින් මෙම ප‍්‍රසංගය පැවැත්වීමට තීරණය කර තිබුණ ද මෙයට එරෙහිව ප‍්‍රදේශයේ බෞද්ධ සංවිධාන කළුතර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර තිබිණි. ඒ අනුව දෙපාර්ශ්වයේම එකඟතාව මත කඳුළ අතහැර දමා තිබිණි. මතුගමින් කඳුළ පිස දැම්ම ද යළිත් කොතැනකින් හෝ මතුවිය හැක. මතුගම ප‍්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ක‍්‍රියාකාරීන් ද මේ කඳුළ හරහා එන ඉවැන්ජලිකල් ආක‍්‍රමණය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම පැසසිය යුත්තකි. නිහඬව සිටියහොත් මොහු රුවන්වැලිසෑ පුදබිම තුළත් ‘කඳුළ’ පවත්වා ඒ ශුද්ධ භූමිය ද මිත්‍යාදෘෂ්ටික අදහස්වලින් අපවිත‍්‍ර කරනු ඇත. ඔළුව අතගාමින් සිංහල බෞද්ධ මනසට ටොකු අනිනු ඇත. ජාතියට ආගමට හිතැති බලවේග සියල්ලම එක් වී කඳුළට වැසුණු ආගමික ආක‍්‍රමණය වටහාගත යුතුය. නැත්නම් ඒ යාච්ඤාවේ සංගීතයෙන් ඔබ මෝහනය වනු ඇත. -- චතුර පමුණුව උපුටා ගැනීම දිවයින ඉරිදා සංග‍්‍රහය.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප්‍රිය මතවාදයට එහා ගිය
මා දන්නා අසෝක රංවල දිගින් දිගටම මුහුණු පොතේ අශෝක රංවල සහෝදරයා ගැන ලියැවෙන කියවෙන

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.