ලංකාවේ මිනිස්සු තරම් ජීවිත සංකීර්ණ කරගත්ත අය තව රටවල ඉන්නවද....
බහුතරය වර්තමාන මොහොතේ සුන්දරත්වය විදින්න දන් නැහැ, එක්කො වැලලූන අතීතයක එල්ලිලා ඩිප්‍රෙශන් කියයි, නැත්තම් තාම එන්න හිතලවත් නැති අනාගතයක් ගැන වොරි වෙලා කාන්සාව කියයි. ඇත්තටම ලන්කාවෙ මිනිස්සු තරම් දේවල් වල එල්ලිලා ඇලිල ඉන්න තරම් මිනිස්සු ලෝකෙ තව ඉන්නවද? බිම් අන්ගලක ඉදල මීට අවුරුදු ගානකට කලින් කෙනෙක් කළ සුලූ මදි පුන්චිකමක් බදාගෙන කොච්චර තමන්ගෙ ඊගෝව පරිස්සම් කරන්න ට‍්‍රයි කරනවද? ඒ ඔක්කොටම වඩා තමන් දන් නැහැ තමන්ට ඕනෙ මොනවද කියල, තමන්ගෙ අනාගතේ තීරණය කරන්නෙ එක්කො කාලෙන් කාලෙට එන රැල්ලක්, නැත්තම් එක එක ඒව ඔලූවට දාන නෑදෑයෙක් මිත්යෙක් කියල හිතන් ඉන්න එකෙක්..... තමන් හදන නිවසෙ ප‍්‍රමාණය, ගන්න වාහනේ තීරණය කරන්නෙ තමන්ගෙ බජට් එක නෙමෙයි රටේ ලෝකෙ මිනිස්සු.... තමන් ළමයි හදන්න ඕනෙද නැද්ද, ළමයි කී දෙනෙක් හදන්න ඕනෙද කියල තීරණය කරන්නෙ වෙන මිනිස්සු, නැත්තම් සමාජය, කොටින් තමන් කසාදයක් බදින්න ඕනෙද නැද්ද කියන කාරනේ පවා තීරණය කරන්නෙ ඒ විදියට, තමන්ගෙ සතුට මොකද්ද කියල තමන්ට තීරණයක් ගන්න නිර්භීතකමක් නැහැ. ඔහෙ යනවා.....
අඩු තරමින් තමන්ගෙ ගෑණිට මිනිහට ආදරේ කරන්න ඕනෙ විදිය තීරණය කරන්නෙත් තමන් නෙමෙයි, එක්කො ඩ‍්‍රාමා එකක්, නැත්තම් මොකක් හරි මොඩර්න් ට‍්‍රනේඞ් එකක්, නැත්තම් මොකෙක්ගෙ හරි ගොබ්බ පොතක්.....බෞද්ධකම තීරණය කරන්නෙ කරන පින්කමට වියදම් කරන ප‍්‍රමාණය මත, 84000ක් අහවල් එක පූජ කලා, කඨිනෙ මෙහෙම කලා, අහවල් ප‍්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ ගෙනත් බනක් කියෙව්වා..... ඔච්චරයි. චතුරාර්ය සත්ය කියන්නෙ මොකද්ද ඇහුවොත් කියාගන්න බැහැ. අඩු ගානෙ බෞද්ධ දර්ශනයෙ අරමුණ මොකද්ද කියල ඇහුවොත් කියාගන්න බැහැ. බෞද්ධ දර්ශනයෙ එන සරලත්වය, මමත්වය අත් හැරීම මේ දේවල් ලාවටවත් ගෝචර වෙන් නැහැ. ළමයින්ගෙ ඉලක්ක තීරණය කරන්නෙ ඌ ඉපදුන දක්ශතාවය නෙමෙයි තුන්වෙනි ලෝකෙ රටවල පිළිගන්න ජොබ් කීපයක් අතර උන් දෝලනය වෙනවා. උන් ඇතුලෙ ජීවත් වෙන කළාකාරයො අධ්යාපන ක‍්‍රමයෙන්ම මරල දානවා....
පේ‍්‍රමය, විවාහය, ජීවිතය, මානව සබ්දතා මේ තරම් සන්කීර්ණ කරගත්ත මිනිස්සු ඉන්න තව රටක් තියෙනවද....
කවදා හරි නිදහසේ පැත්තකට වෙලා තමන්ට ඇත්තටම ඕනෙ මොන දේද කියල හිතන්න පුලූවන් දවසට, ඒ දේ ඕනෙ ඇත්තටම මටමද නැත්තම් වෙන කෙනෙක්ටද කියල තමන්ට හිතන්න පුලූවන් උන දවසක, අතීතය, අනාගතය කියන සිරගෙවල් වලින් උන් මිදුන දවසක, තමන්ගෙ ඊගෝව දිනවන්නම උත්සහ නොකර ලෝකෙට සමාව දෙන්න පුලූවන් උන දවසක, ඒ ඔක්කොමත් එක්ක තමන් තමන්ට සමාව දෙන්න පුලූවන් ස්ව ආත්ම පේ‍්‍රමයක් දැනුන දවසක අඩු තරමින් තමන් තමන්ට බොරු කරන එක නැවැත්තුවොත්..... මේ මිනිස්සු නිදහස් වෙයි......
සටහන- දුලිත කසුන්
මාතර - matara උපුටා ගැනීම ෆෙස්බුක් පිටුවෙන් සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..