ඉතිහාසය වෙනස් කර නිහඬව සමුගෙන ගිය ඇය
1962 ජනවාරි 27 වැනිදා මෙරට ඉතිහාසයේ රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත‍්‍රණයක් ඇති විය...
ඉතිහාසය වෙනස් කර නිහඬව සමුගෙන ගිය ඇය..❤️❤️🙏🙏.......
1962 දී මෙරට රාජ්‍ය විරෝධී හමුදා පොලිස් කුමන්ත‍්‍රණයක් සිදුවිය....
එවකට අග‍්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලහත්කාරයෙන් ග‍්‍රහණයට ගෙන මරා දමා කැබිනට් සාමාජිකයන් ද එලෙසින්ම විනාශ කර හෝ රාජ්‍ය බලය අල්ලා ගැනීම කුමන්ත‍්‍රණකරුවන්ගේ අරමුණ විය.....
නිසැකවම සාර්ථක වන්නට තිබූ සහ මෙරට ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට තිබූ එම කුමන්ත‍්‍රණය පරාජය වූයේ එක් සුවිශේෂ කාන්තාවක් නිසාය......
ඇය ,
මෙරට බෞද්ධ පාසල් ඇති කිරීමෙහි පුරෝගාමියෙකු වූ , රිච්මන්ඞ් ආදි ශිෂ්‍යයෙකු වූ ආනන්ද සහ නාලන්දා විදුහල්හි
හිටපු විදුහල්පති වරයෙකු වූ නාලන්දාවේ නිර්මාතෘ වරයා වූ පී ද එස් කුලරත්න මැතිතුමාගේ දියණිය වූ මායා කුලරත්නයි.......
ඉහත සිදුවීම වන විට ඇය විවාහ වී සිටි අතර ඒ පසුකාලයක ශ‍්‍රී ලංකාවේ පොලිස්පති ධුරයට පත්වූ සහ එකල කොළඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටි ස්ටැන්ලි සේනානායක සමගය.....
සිය සැමියාගේ වෙනදාට නොදැක් වුණු නොන්සුන්කමක් දුටු ඇය දිගින් දිගටම ඒ පිළිබඳ සැමියාගෙන් ප‍්‍රශ්න කළාය.,..
අවසානයේ අකමැත්තෙන් එම කුමන්ත‍්‍රණයේ කොටස් කරුවෙකු වී සිටි ස්ටැන්ලි සේනානායක සිය බිරිඳට සිදුවීමට නියමිත භයානක ව්‍යසනය පැවසුවේය......
මායා සේනානායක මොහොතකුදු හෝ පමා නොවී සිය පියා වූ එවකට අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාව සිටි පී ද එස් කුලරත්න මැතිතුමාට මේ භයානක කුමන්ත‍්‍රණය දැනුම් දුන්නාය....
එතුමා ක්ෂණිකවම අග‍්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය...
වහාම ක‍්‍රියාත්මක වූ අග‍්‍රාමාත්‍යවරිය ආරක්ෂක ප‍්‍රධානීන් කැඳවා ඒ වන විටත් ඇරඹී තිබුණු කුමන්ත‍්‍රණය ( ඒ වන විට කුමන්ත‍්‍රණකරුවන් විසින් බද්දේගම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාව සිටි නීල් ද අල්විස් අත්අඩංගුවට ගෙන තිබිණි* ව්‍යර්ථ කිරීමට කටයුතු කරනු ලැබුවාය...
එහිදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයාද ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය.....
ඒ මහා කුමන්ත‍්‍රණයෙන් මෙරට ඉතිහාසය වෙනස් වීමට තිබූ අවස්ථාවකින් ගැලවූයේ මායා කුලරත්න මැතිනියගේ ස්ථානෝචිත ප‍්‍රඥාව සහ කාර්යභාරය නිසාය.....
පී ද එස් කුලරත්න මහතා විවාහ වී තිබුණේ එංගලන්තයේ උපන් ආනන්දයේ ඉගැන්වීම සඳහා පැමිණි හිල්ඩා වෙස්ට් බෲක් මෙනවිය සමගය....
ඇය විවාහයෙන් පසුව හිල්ඩා ගුණරත්න වූවාය..
කුරුණෑගල මලියදේව බාලිකාව සහ පානදුර සුමංගල බාලිකාවේ නිර්මාතෘවරිය ඇයයි....
මායා ඒ විශිෂ්ට මවුපිය දෙපළගේ දියණියයි....
මේ යුගයේ ශ‍්‍රී ලංකාවේ සිටි රූමත්ම කාන්තාව ලෙස සැලසුණේ මායා කුලරත්න සේනානායක බව මතයක් තිබේ.....
එවකට ශ‍්‍රී ලංකාවේ සිටි දක්ෂම චිත‍්‍ර ශිල්පියෙකු වූ මයිෂි ද සිල්වා විසින් සිතුවමට නගන ලද ඇගේ රුව මොනාලිසා චිත‍්‍රයට නොදෙවැනි තරමේ සිතුවමක් විය.....
ඇයගේ සහ ස්ටැන්ලි සේනානායකගේ එක් පුතෙකු වූ අතුල සේනානායක විවාහ වූයේ ලොව විවාහක රූ රැජින රෝසි සේනානායක සමගය....
සමහර විට ඇයගේ නැන්දම්මා ඒ අතීත යුගයේ ලොව රූ රැජින තරගයකට ඉදිරිපත් වූවා නම් ලේලියට කලින් ලෝක රූ රැජින වීමට නැන්දම්මාට ඉඩකඩ බොහෝ දුරට තිබිණි......
කෙසේවෙතත් 2017 වසරේ ජූලි මාසයේ දිවියෙන් සමුගන්නා මායා සේනානායක මැතිණියගේ මරණය මාධ්‍ය වෙතට ගියේ කොළඹ පුරපතිනියගේ නැන්දම්මා වශයෙන් පමණි....
ඒ උදාර කාන්තාව අතීතයේ සිදුකළ ඉතිහාසගත ක‍්‍රියාව ඇය දිවියෙන් සමු ගන්නා මොහොතේ මෙරට කිසිවකුටත් වැදගත්වී නො තිබීම කණගාටුදායක ය....
( ඡුායාරූප සති අග අරුණ පුවත්පත ඇසුරෙනි*
ලාල් ද අල්විස්සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..